දෝන කුසුමාවතී – සත්වන කොටස


අවුරුදු දෙකක්ම ගෙවිලා ගියා. ගොළුබෙළි වේගෙන්. රස්සාවක් නැති මිනිහෙකුට අවුරුදු දෙකක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද ? රස්සාවකුත් නැතුව බින්න බැහැපු මිනිහෙකුට තව කොහොමට හිටීද ?

පෑලිස් වත්තේ කිතුල් ගස් දෙකක් මැද්ද. පැණි සහ හකුරු වලට කියල. ඊට අමතරව ටිකක් පැහෙන්ටත් ඇරිය.
” පුතේ යමුද වත්ත පල්ලෙහට ටිකකට. ඔය ඩිංගිත්තක් ගත්තට අපා ගත වෙන්නෙ නෑ”
විල්සන් තම මාමණ්ඩියත් සමඟ දොඩමළු උනා. ජාතක කතා – අභිධර්මය වගේ දේවල් එක්ක. මතේ ටිකක් අඩු උනාම කුසුමාවතීගේ කොණ්ඩෙ කරල් දෙකක් වෙන්ට ගොතලා; සිරිමල්ගෙ බණ්ඩියට හාදුවක් දීල රත්තරං දත යාන්තමට පෙනෙන විදියට හිනා උනා.
කුසුමාවතීට රා ගඳ වැදිලා.
” එච්චරයි දැන් අඩු”

මාමණ්ඩි එහෙම උනාට නැන්දම්මා – බේබි නෝනාගෙන් කිසි බුරුලක් ලැබුනේ නැහැ විල්සන්ට. සමහරදාට කම්මැලිකමේ ඉන්ටම බැරි උනාම විල්සන් යනව වත්ත පහලට උදළු කෙටියත් අරන්. ඒත් බේබිනෝනගෙ අවසරයක් නැතිව වත්තේ තුත්තිරි ගහක්වත් අල්ලන්ට තහනම් විල්සන්ට.

කුසුමාවතීල ගනු දෙනු කෙරුවේ බක්කර කඩෙත් එක්ක. දැනට අවුරුදු කීපයකට ඉස්සර නම් ගනු-දෙනු තිබුණා. දැන් නම් ගනු විතරයි. බක්කර කඩේ අයිතිකාරයා රත්නපාල. අවිවාහකයෙක්. මනමාලයෙක්. කුකුළෙක්.
” කුසුමේ.. පොතේ ගාන වැඩි වේගෙන යනවා. කවදද මේවා ගෙවන්නේ. මාත් බඩු ගන්නේ සල්ලි වලට”
” අනේ මුදලාලි.. සේරම එක පාරට ගෙවල දාන්නම්. අපේ එක්කෙනාට ඇරියස් හම්බු උනාම”
” උඹේ මහ අමුතු පාටක් තියෙන්නෙ. විල්සන්කාරය නං පිං කඳක්”
” අනේ එයාගෙ පින !”
” ඇයි මොකද ?” රත්නපාල ටිකක් කිට්ටු වෙලා ඇහුවා.
” එයාට මෙන්න වගේ අසනීපයක් තියෙන්නෙ” කුසුමාවතී රිවිදින පත්තරේ කොටසක් නියපොත්තෙන් රවුම් කරල පෙන්නුවා.

” හෙට මං වරුවෙන් වහනවා.. බඩු ගේන්ට යන්ට තියෙනවා. බබාට හෙම මොකවත් ගේන්න ඕන නම් මට පුළුවන් ගෙනත් දෙන්න.”

කුසුමාවතීට තේරුම් ගියා රත්නපාල මොකාටද එන්නේ කියල.
” මට පුළුවන් නම් හැලිබොරේන්ජ් එකක් ගෙනල්ල දෙන්න. ගාන පොතටම දාන්න”
” මට ඕක තේරෙන්නෙ නෑ. කොලේක ලියා ගෙන වරෙන්. හෙට 11 ට විතර”

රත්නපාල කඩේ වහලා.. තව එක ලෑල්ලයි වහන්න තියෙන්නේ. කුසුමාවතී රිංගුවා කඩේ ඇතුලට.
රත්නපාලට නින්දක් ගියා. ජීවිතේට එහෙම සැප නින්දක් නිදා ගෙන නැතුව ඇති.

” අම්ම්ප.. උඹ තමයි ගෑණි.. වරෙං මාත් එක්ක. අපි පැනල යමු. ඔවු. ඇත්තටම.. පොඩි එකත් අරං වරෙන්..”

කුසුමාවතියි විල්සනුයි නිදා ගත්තු කාමරේම ජනේලෙ අයිනට වෙන්ට පොඩි බූරු ඇඳකට මෙට්ටයක් දාල සිරිමල්ට නිදා ගන්න හදල තිබුණෙ. කුසුමාවතිගෙයි විල්සන්ගෙයි කායික සම්බන්ධතා දැන් නැත්තටම නැති තරම්. ඉඳල හිටලවත් එහෙං මෙහෙං අත පත ගෑවොත්..
” අනේ මේ.. මං අවුස්සල තියල බාගෙට නවත්තන්නෙ නැතුව නිදා ගන්න පැත්තකට වෙල”
කුසුමාවතිගෙ වචන පිහි පාරවල් වගේ.
” ඔය මොන කසාය බෙහෙත් බිව්වත් ඕක දැන් හරියන්නෙ නෑ. සුරුට්ටු ගන්දස්තාරෙ ඊට එහා”

බාලන් දවසක් ආව කුසුමාවතිලැයි ගෙදර. කුසුමාවතිගෙ දෑස් නොගැටෙන්න වග බලා ගත්ත. සිරිමල් බාලන් දිහා හැරි හැරී බැලුව. හුරතලේට හිනා උනා. ආයෙමත් දොර මුල්ලට ගිහින් මුකුලු කලා.
බාලන් දෑත දිගු කලා සිරිමල් වඩා ගන්න. ” චූටි මහත්තයා…”
සිරිමල් කිසි බයක් නැතුව බාලන්ගෙ ඔඩොක්කුවට පැන්න.
” පුදුමෙනුත් පුදුමයි.. ඔය ළමය එහෙම ලේසියෙන් කෙනෙක් ළඟට යන්නෙ නෑ”
බේබි නෝන එහෙම කීවා.

සිරිමල්ට අවුරුදු තුන වෙද්දි විල්සන්ට රැකියාව ලැබුණා. ඒ ස්තාන මාරුවකුත් එක්ක. දඹුල්ලට. මැලේරියා රජදහනක්. කුසුමාවතිලගෙ ගෙදර ඉඳල උදේ හවා යන්න එන්න බැරි නිසා විල්සන් දඹුල්ල ටවුමට කිට්ටුවෙන් කාමරයක් කුලියට ගත්ත.

විල්සන් සුමාන දෙකකින් ගෙදර ආවෙ නැහැ. 25 වෙනිදම එයි පඩිත් අරන්. කුසුමාවතී හිතුවා.

වෙලාව රෑ 10 ට විතර ඇති. අන්තිම බස් එකත් ගියා. ගේ ළඟ හෝල්ට් එකේ නැවැත්තුව. කුසුමාවතී හිතුවෙ විල්සන් ආවා කියල.
නෑ. කිසි හැල හොල්මනක් නෑ. සිරිමල්ට නින්ද ගිහින්. කවුදෝ ජනේලෙට නිය පිටින් තට්ටු කරන හඬක්. කුසුමාවතී ජනේලෙ ළඟට ගියා.
“කුසුම්……” මේ ලයනල්. චුට්ටකට ජනේලේ අරින්න.” කුසුමාවතීට ආයෙ නැතිවෙන්න අමුතු දෙයක් නෑ. ජනේලෙ ඇරුනා.
” කුසුම්..මට ඔයා නොදැක ඉන්න බෑ. ජනෙල් කූරු අතරින් දෑත යැවූ ලයනල් කුසුමාවතිගෙ අල්ලන්න පුළුවන් හැම දෙයක්ම අත ගෑවා.
” මං උඩුගොඩ බස් එකේ වැඩ කරන්නෙ. අම්මලාගෙ වදේට මං බැන්දා. මං ඉන්නෙ අපායක. දරුවො දෙන්නෙක් ඉන්නවා. මට ඕන ඔයත් එක්ක ටිකක් කතා කරන්න. ටිකක් එළියට එන්න.
” කවුරුවත් දකී..?”

සිරිමල්ට ඇහැරුනා. සිරිමල් පොඩි එකා උනත් මොකක් හරි අවැඩක් මෙතන සිදුවන බව ඌට තේරුනා. අඬන්න පටන් ගත්තා.
” යන්න.. දැන් යන්න.. පස්සෙ හම්බු වෙමු”
” අනේ කුසුම්..”
“යන්න කිව්වම අහලා. දරුවා අඬනවා. ඔයාගෙ දරුවො විතරද දරුවෝ?  පිං සිද්ධ වෙයි යන්න”

කුසුමාවතී හඬ නොනැගෙන්න ජනෙල් පියන වසා දැම්මා.

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to දෝන කුසුමාවතී – සත්වන කොටස

  1. logu mazgāšana පවසයි:

    It’s awesome to go to see this website and reading the views of all friends regarding this article, while I am also eager
    of getting experience.

  2. Sumith Niriella පවසයි:

    විවාහය කොහොමත් ව්‍යාජයි; කෘත්‍රීමයි. අවදානම් වුනත් ඔය විදිය හොඳයි; රහයි

  3. Mundeer පවසයි:

    කොමෙන්ට් දැම්මෙ නැති උනාට හැමදාම කතාව කියවනව .
    සිත් ඇදගන්නා රචනා ශයිලියක්.
    සුබ පැතුම්.

  4. rangi පවසයි:

    කතාව එන්න එන්න නොහිතුව පැත්තකට යනවා වගේනේ.

    මොනවා වුනත් කුසුමාවතී ගැන දුකක් කණගාටුවක් වගේ හැඟීමක් මට නම් තියෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )