සාමණේර කතා වස්තුව- අවසන් කොටස


මහණෙනි, පුරෝකථනයක් කළ නොහැකි වූද , කලින් දැනුම් දීමකින් තොරව ඉතා වේගයෙන් වෙනස් වන ප්‍රපඤයන් දෙකකි.
එනම් ස්ත්‍රිය සහ කාලගුණයයි.
-බුදුන් වහන්සේ-

ජයන්ති කීවේ මුසාවක් විය නොහැකිද ? ඇත්තටම ඇය තමා නිසා ගැබ් ගෙන ඇද්ද ?
ඒක එහෙම නම් ඇය එලෙස කරන්නේ තමා අයිති කර ගැනීමේ චේතනාවෙන්ම පමණක් විය නොහැකිද ?
කොහොම හරි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ ඇයට කණ් දී ඈත් සමඟ පදවියේ යාම බව සෝරත හිමියන් තීරණය කලා. සියල්ල සිදුවන්නේ සිදුවිය යුතු ආකාරයටය.

මේ තත්වයට මුහුණ දීම සඳහා සෝරත හිමියන් කලින්ම සූදානම් වී තිබුණා. සුදු අත්කොට කමිසයකින් සහ කාකි පාට දිගු කළිසමකින් සැරසුනු සෝරත හිමියන් තමන්ට අත්‍යවශ්‍ය විය හැකි ලිපි ලේඛණ පමණක් අඩංගු බෑගයද රැගෙන
තම හිතවතෙකුගේ නිවසේ සිට කොළඹ ආවා. ජයන්තිද ලා පැහැ බ්ලවුසයකින් සහ රැලි සායකින් සැරසී සිටියා. ඈ අතද ගමන් බෑගයක් තිබුණා. ඔවුන් දෙදෙනාම වවුනියා යන පුද්ගලික බසයට ගොඩ උනා.


ජීවන මේ ගමන සංසාරේ
යාවී නම් අන්ධකාරේ
නොලැබ ආලෝකේ
යා හැකිදෝ සොයා මාර්ගේ…ගීතය වාදනය උනා. ඒ ගීතය ඒ වෙලාවට සුදුසුම ගීතයක් බව දෙන්නාම අදහස් කරන්නට ඇත.

පැය ගණනක විඩා බර ගමනකින් පසුව ජෝඩුව නැන්දලාගේ ගෙදරට ළඟා උනා. නැන්දා විතරයි ගෙදර හිටියෙ.
අපි යාළු වෙලා අවුරුද්දක් විතර. මම කලින් බැඳපු කෙනෙක් නිසා මෙයාලයි ගෙදරින් විරුද්ධ උනා. ඒ නිසා අපි හොරෙන් බැඳල මෙහේ ආවා. අපිට ටික කාලයක් ඉන්න පුළුවන් නේද?
රෑ කෑම වෙලාවෙදි මාමත් එකතු උනා.
කැත්තෙ උදැල්ලෙ වැඩ නම් බැරුව ඇති. හොඳ තැනක සැපට හැදුනු කෙනෙක් වගේ. රස්සාවක් හොයා ගන්නකං මගේ කඩේ වැඩ කරන්න පුළුවන්. මමත් කෙනෙක් හොය හොය හිටියෙ.
මාමෙ මෙයා උපාධිකාරයෙක්. අපි ටික කාලයක් ඉඳල ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා.
එහෙමද?

මමත් මේ පුළුවන් කමකට කරනවා නෙවෙයි. කුඹුරු කරනවාට වඩා ලාබයි කඩෙන් හාල් ගේන එක. හැමදේම ගණන්.
මම පොහොර වලට, බෙහෙත් වලට යන වියදමයි, වැඩ කුලියයි දෙන්නම් මට අස්වැන්නෙන් බාගයක් දෙන්න පුළුවන්ද ?

ආරියදාස හේරත්.. උසස් පෙළ හොඳම ප්‍රතිපල සඳහා ..
විචිත්‍ර ධර්ම කතිකයෙකු වූ සෝරත හිමියන් ටවුමේ පටන් ගත්තු උසස් පෙළට ආර්තික විද්‍යාව සහ සිංහළ පංති ඉතා වේගයෙන් පළාතේ ජනප්‍රිය උනා.
අළුතින් ඉදිවන තම නව නිවහනේ වැඩ කටයුතු බැලීමට අරියදාස තම බිරියත් කැටිව එහි ගියා.
පදවිය වැව පීරා ගෙන ආ උණුසුම් වා රැල්ලක් ජයන්තිගේ කෙස් වැටිය අවුල් කලා. ගරා වැටුනු ගඩොල් කාමරේ හිල් අස්සෙන් ඇය ස්නානය කරන දෙස බලා අපරිමිත සතුටක් ලැබූ ඇගේ රූප කායත් පිට පිටම දරුවන් තිදෙනෙකු වැදීමෙන් පසුව දැන් ගරා වැටෙමින් තිබේ.

ආදරය යනු කුමක්ද ? වයස අවුරුදු 12 , 13 වන වෙනකොට ඕනෑම අයෙකුගේ ශරීරයේ රසායනික වෙනස්වීම නිසා ඇතිවන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් මිස කල්ප ගණන් පතා ගෙන එන පාරමිතාවක් නොවේ එය.
පිරිමියෙකුට නම් කෙල්ලකගේ දනිස්සෙන් උඩ ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට ඇතිවන කුතුහලය මෙලෙස පෙර’පර දෙදිග කවීන් විවිධ නම් වලින් වර්ණනා කරයි. ඒ කුතුහලය අවසන් වූ විට ඉතිරිවන්නේ නිකම්ම නිකම් පංචස්කන්ධයක් පමණය.

මොකද කල්පනා කරන්නේ ? ආයෙත් සිවුරු දාගන්න හිතුනද ?
අපි ලබන සති අන්තයේ ගෙදර යමුද ?
යල කන්නෙ සාර්තක උනා. අවුරුදු 5 කට පස්සෙ ආරියදාස හේරත් සහ ජයන්ති තම කුඩා පිරිමි දරුවන් තිදෙනාද සමඟ උපන් ගම් රට බලා ගියා.

අවසානයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to සාමණේර කතා වස්තුව- අවසන් කොටස

  1. Sarath Perera පවසයි:

    Sadu.Sadu.Kathawa iwara wenne podi dharma kallakuth ekkama wageyi.Hondayi.Kathawa lassanayi.

  2. Jagath Pathirana පවසයි:

    නපුංසකයෙක් වීම ඉතා අමාරු දෙයක් කියලා බයිබලයේ තියෙනවා.
    නපුංසකවීම වැඩිහිටියෙක් ගතයුතු තීරණයක්.
    කුඩා දරුවෙක් නපුංසක කිරීම ලොකු වරදක්.

    බුද්ධාගම සඳහා හොඳම විසඳුව ගණින්නාන්සේ සම්ප්‍රදාය නැවත ඇතිකිරීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න