ගීත කතන්දරය සහ යුග දෙකක වෙනස


ගීතයක් යනු කුමක්ද ? යම් පදවැලකට සංගීතය මුසු කළ විට එයට ගීතයකැයි කියා කියත්.
අප ගීත සාහිත්‍යයේ එන බොහොමයක් ගීත උත්තර භාරත රාග ස්පර්ශ කල ඒවායි. එවන් රාග 83 ක් යැයි මා කියවා ඇත.
රාගයක් යනු කුමක්ද ?.. කාලය-වේලාව-අවස්තාව අනුව යම් කෙනෙකුගේ භාවයන් වෙනස් කරන ශබ්ද ඛණ්ඩයක් රාගයක් ලෙස හැඳින්වේ. මෙම රාග දවසේ විවිධ වේලාවන්ට අනුරූපිතය.
උදා: හිරු බැස කිය කල මිහිරි ලෙස වැයෙන – නිති විඳිමෝ අප යමන් රාග රස.
මේ අනුව යමන් රාගය ගැලපෙන්නේ දවසේ සවස් කාලයටය. සංගීතය ගැන මෙලෝ හසරක් නොදත් අයෙකුට වුවද මෙය තේරුම් ගත හැකිය.
හිමිදිරි පාන්දර එම්. එස්. ගේ බයිලාවක් අහන්න පුළුවන්ද ?
ගීතයක් ජනප්‍රිය වන්නේ කෙසේද ?

  • ගායකයෙක් නොවන අයෙකුට වුවද යම් ගීතයක් තාලයට ගායනා කල් හැකි නම්;
  • හක්ක කඩා නොගෙන, ගිරිය පුප්පා නොගෙන , බෙල්ලේ නහර වැල් මතු කර නොගෙන පහසුවෙන් ගායනා කල හැකි නම්;
  • කිසිම සංගීත භාණ්ඩයක් නැතිව නැතිව ගයන්න හැකි නම්; එවන් ගීත ඉතා පහසුවෙන් සහ වේගයෙන් ජනතාව අතරට යයි. එසේම දශක ගණනාවක් වුවත් මිනිසුන්ගේ හිත් තුළ රඳා පවතී.
    උදා: මීට වසර 70 කට පමණ පෙර මොහිදීන් බෙග් ගැයූ බුද්ධං සරණං ගච්චාමී අදටත් අප අතර ජනප්‍රියය.
    මෙසේ ගැයෙන ගී රස 9 කට බෙදා වෙන් කළ හැකි යයි භරත මුණි පවසයි. ශෘංගාර ,හාස්‍ය, කරුණා, රෞද්‍ර ,වීර,භයංකාර,බීභත්ස, අද්භූත සහ ශාන්ත ඒ රස 9 යි.
    ගීතයකට කළ නොහැක්කේ කුමක්ද ? මිනිසා ඇඬවීමට, කෝප ගැන්වීමට , ප්‍රභෝධමත් කිරීමට, සිනා ගැන්වීමට මෙන්ම කාමයෙන් මත් කිරීමටද ගීතයකට පුළුවන.
    උකුල ලැම විල – මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් බිඳ
    අමරදේවයන් ගයන මෙම ගීතයෙන් කියැවෙන්නේ පා සළඹ සැලෙන හඬින් පවා ඇගේ සියළු සළි පිලි ඉවත් කර ඇයව මනසින් නිරුවත් කළ හැකි බව නේද ?
    ශෘංගාර රසයට කදිම උදාහරණයකි එය.
    රාධා-ක්‍රිෂ්ණා පැරණි පෙම් යුවලක්. ඔවුන් දෙදෙනා හෝපළු වනපෙත කම්පනය කරමින් පෙම් කෙළියේ යෙදෙයි.
    මල් පෙති පොඩි වී ඉකිලන මේ හෝ පළු යහන් තලාවේ
    සඳ දිය මිණි මෙවුලට වැටිලා
    දෑස නිලංකාරයි රාධා…ක්‍රිෂ්ණා කියයි
    මේ මොනවද කියන්නේ ? අමු කුණුහරුප නේද ? මගේ දෑස නිලංකාර වෙනව. මට අපහසුයි. උඹේ ඔය මිණිමෙවුල.. (මිණිමෙවුල කියන්නේ තරුණ කාන්තාවන් ඉණට පහලින් පැළඳි ආභරණයක්) දැනට රාධාගේ සිරුරේ ඉතිරිව ඇත්තේ මිණිමෙවුල පමණි. ඔන්න ඕකත් ගලවල දාපං කියල නේද මේ නොකියා කියන්නේ.
    උඹට කැමති දෙයක් කර ගනින් .. මම ඇස් වහ ගෙන ඉන්නම්,
    ගිලිහී ගිය දෙන් මිණි කැට දෑස වසා ගන්නම් ක්‍රිෂ්ණා.. රාධා කියයි. කෙතරම් අපූරුද?

මේ ගීතයත් අසා බලන්න.
වෙරළු මල්. මෙ ගීතයේ මියුසික් වීඩියෝව මා දුටුවා. බාගෙට ඇඳ ගත්තු මරඟනන් ටිකක් ඇඹරෙනව.

ගායකයා වෙරළු මල් සලන්න කතා කරනව.
වෙරළු මල් වලට ඇත්තේ ගැහැණු පිරිමි අයට හුරු පුරුදු දුර්ගන්ධයක්. ඒවා ශුක්‍රාණු- පිරිමි බීජ වල සුවඳයි. ඒවායේ ඇත්තේ අවර්ණ වායුවක් වන නයිට්‍රස් ඔක්සයිඩ් වල සුවඳයි.
මා සමඟ සේවය කරණ මයිකල් ටොරෙස් තරුණ මැක්සිකන් ජාතිකයෙක්. මගේ මිත්‍රයෙක්.
මිනිහා අවුරුද්දකට දෙපාරක් මැක්සිකෝ යනව. ඒ හැම වෙලාවෙම කියන්නේ ” going to release my nitrous ” කියලාය. එනම් ඔහු තුළ ඇති නයිට්‍රස් නිදහස් කරන්න යන බවකි. මැක්සිකෝවෙ කෙල්ලො මාර ලස්සනයි. එ වගේම ලාබයි- ගොඩ පණහයි. ඇමරිකාවෙ වගේ තද නීති නෑ.
sperm පිට වන විට , එ වැඩේ සාර්තකයි නම් පිරිමියාට තදින් සිනහ යයි. සමහර විට ඒ නිසා වෙන්නැති නයිටර්ස් ඔක්සයිඩ් වලට හිනා වායුව කියල කියන්නෙත්.
වෙරලු මල් ගීතයෙන් කියැවෙන්නේ වරෙල්ලා වෙරලු මල් සලපල්ලා.. කියලද? වෙරළු මල් ගීතය මා ඉහතින් කී රස 9 න් කුමන රසයට අයත් වේ දැයි කවුරු හරි මට ලියා එවන්න. මට නම් නොතේරේ.
අමරසිරි පීරිස් / වසන්තා තිලකාංගනී ගයන හිම දිය වී හිමාලයේ ගීතයෙන් සහ වෙරළු මල් ගීතයෙන් කියැවෙන්නේ යුග දෙකක වෙනසද ? එහෙම නැත්නම් සිංහල ගීත සාහිත්‍යය අනතුරේ බවද ?

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ගීත කතන්දරය සහ යුග දෙකක වෙනස

  1. කදිම සටහනක්!
    බොල් වී තමයි දැන් ඉහළට ඇවිත් තියෙන්නෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න