Singlish


Netflix එකේ හොඳ චිත්‍රපටියක් හම්බ උනා. Spanglish .. අවුරුදු 20 ක් විතර පරණයි. මට නම් අළුත්. ඇඩම් සැන්ඩ්ලර් රඟපාන. Comedy යටතේ තමා වර්ගීකරණය කර තිබුනේ. එහෙත් ඒකේ කොමඩියකට එහා ගිය දෙයක් මා නම් දුටුවා. ඇමරිකාව සහ මෙක්සිකෝව කියන්නේ එකම භුමියේ තිබෙන දේශසීමා වැටකින් වෙන්වුනු රටවල් දෙකක්.
මෙක්සිකෝව කියන්නේ ලස්සන ඉපැරණි සංස්කෘතියක් ඇති අපමණ සම්පත් වලින් පිරුණු එහෙත් ලංකාව වාගේ දූෂිතයන්ගෙන් පිරි රටක්. හැම මැක්සිකානුවෙක්ම බලන්නේ කෙසේ හෝ ඇමරිකාවට පැන ගන්න. මෙක්සිකන්වරුන්ගේ භාෂාව ස්පැනිශ්. ඇමරිකන්වරුන්ගේ භාෂාව ඉන්ග්ලිශ්. දේශ සීමාවෙන් ඇමරිකාවට හොරෙන් ඇතුලු වූ තරුණ අම්මා කෙනෙක් සහ දියණියක් මුහුන දෙන ගැටලු රැසක් සහිත ලස්සන කතාවක් ස්පැන්ග්ලිශ්.
සින්ග්ලිශ් කියන්නේ නාගරික හෝ නාගරික වෙන්න දඟලන අය සිංහල සහ ඉංග්‍රීසි අමු අමුවේ මිශ්‍ර කර කතාකරන භාෂාවයි. දැන් විවිධ රූපවාහිනී නාලිකාවල කිසි හිරිකිතයක් නැතිව සින්ග්ලිශ් යොදා ගන්නවා. හැබැයි ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රික් , කොම්පියුටර් සම්බන්ධයෙන් කතා කරන විට එම වචන වලට ගැලපෙන සිංහල වචන වල හිග කම නිසා එහෙම සින්ග්ලිශ් යොදා ගත්තත් වරදක් කියන්න බෑ.

සමහර සිංහල වචන තියෙනවා ඒවා කොහොම හැදුනද කියා හිතා ගන්න බැරි. උදා.. අපි කෙල්ලන්ට බඩුව කියල කියනව. දවසක් මම බස් නැවතුම්පලක හිටි ඉතා ලස්සන තරුණ කෙල්ලක් දිහා බලන් හිටියා ඇයට නොදැනෙන්න. මා අසල සිටි මා ටිකක් හඳුනන සුද්දෙකුත් ඒ ලස්සන කෙල්ලත් , මා ඇය දිහා බලාන ඉන්න හැටිත් දැක මගෙන් අහනවා, “good material..haa ?”
material කියන්නෙත් බඩුව කියනා එකටයි.
සමහර වචන තියෙනවා කෙලින්ම වෙනත් භාෂාවකට හරවන්න අමාරු , පැහැදිලි අර්තයක් දෙන්න බැරි.. උදා..
මන්ත්‍ර, නිර්වාණ, කර්ම , සන්සාර, පන්ඩිට්.. මේවා සිංහල වාගේ පෙනුනත් සංස්කෘත වචන. නිර්වාණ කියන එක ලේසියෙන් විස්තර කරන්න බැරි නිසා ඉංග්‍රීසියෙනුත් Nirwana විදියටම භාවිතා කරනවා. සුද්දෙකුට මොකක් හරි හදිසි විපතක් උනොත් bad karma කියල කියනවා.

ටිකක් Mud – මඩ ගෑවුනාට අපි ගොවිතැනට ආසයි. හේන් ගොවිතැනට හෝ කුඹුරු මඩ ගොවිතැනට. හේනක් නම්, බිම එලි කර, අනවශ්‍ය දැව දඬු පුලුස්සල, වැට බැඳ, බිම සකස් කිරීමට වගේම මඩ ගොවිතැනේදී , නියර රැස , නියර බැඳ , කඩාඬු බැඳ, බිම් නගා, සී සා, වතුර බැඳ වැපිරීම දක්වා ක්‍රියාවලියට අස්වැද්දුම කියලා කියනවා. මෙය ඉංග්‍රීසියෙන් විස්තර කරනවා නම් bringing of land under cultivation කියන එකට එච්චර බර අරුතක් නොදෙන asweddumization කියන වචනය වැඩිය භාවිතා නොකලත් එහෙම වචනයක් තියෙනවා.

ඉතින් අර වාගේ ලස්සන බඩුවක් – මැටීරියල් එකක් දැක්කම පිරිමි අපි කරන්නේ මනසින් ඇයව නිර්වස්ත්‍ර nude -නියුඩ් කරන එකයි. නියුඩ් කරන්නේ ඇඳුම් ගැලවීමෙන්.
මම පරණ කෙටි කතාවක කියවා තිබෙනවා…. අවාසනාවකට ලේඛකයා මතක නැත. ඉස්සර ආණ්ඩුවේ ඉහළ නිලයක් තිබුණා DRO කියල. ගැමියන් කීවේ ඩීයාරො උන්නාන්සෙ කියල. මේ ජරා, වැඩකට නැති පළාත් සභා එන්න කලින් ඒ. ගමේ සාමාන්‍ය පවුලක පිරිමි දරුවෙක් හොඳින් ඉගෙන ගෙන , විශ්ව විද්‍යාලයට ගොස් DRO කෙනෙක් වෙලා උපන් ගම්පළාතටම එනවා. ගමේ කෝපි කඩේ ගැමියන් දෙදෙනෙක් අළුත් ඩීයාරෝ උන්නාන්සේ ගැන මෙහෙම කතා වෙනවා.
” ඕකා දැන් ඔහොම උනාට මං ඌ දන්නෙ හොටු පෙර පෙර නියුඩෙන් ඇවිදින කාලේ ඉඳල” කියල. නියුඩෙන් කියන්නේ හෙලිකොට්ටෙන්.. ඇඳුම් නැතිව.

වී ඇටයක රළු පිට පොත්තක් තියෙනවා. ඒක ඇතුලේ තමා හාල් ඇටේ තියෙන්නේ . වී පොත්තයි ,හාල් ඇටෙයි අතර මැද තුනී සිවියක් තියෙනවා. ඒ නිවුඩ්ඩයි (Bran). වී පොත්ත ගැලෙවුවාම නියුඩ්ඩ පේනවා. කාගේ හරි ඇඳුම් ගැලෙව්වාමත්, නියුඩ්. කෝමද ඒක ?

ඉතින් කාන්තාවකගේ නම් නියුඩ්ඩ දැක්කාම හූකින් hooking කරන්න හිතෙනවා. ඒ කියන්නේ ඇයත් සමඟ ලිංගිකව හැසිරෙන්න. සුද්ද සිංහලෙන් කිව්වොත් හු**න්න. Carry කියන්නේ යමක් ඔසවා ගෙන යන එකට. අර ගෙන යන එකට.
සිංහලෙන් කැරි කිව්වොත් අමු කුණුහරපයක්. ඒත් එහෙම නෑ කැරි කියන්නේ sperm ශුක්‍රාණු. ඒවත් කරන්නේ අර ගෙන යන එක. මොනවද අරන් යන්නේ. ජීවිතයක්. ප්‍රාණයක්.
ඉතින් hooking කරන කොට carry ගියාම කාන්තාව බඩ වෙනවා. ගම්වල ගෑණු කියන්නේ “එයා බඩින්” කියල. budding කියන්නේ අංකුරණය කියන එක. ඇය මිනිස් අංකුරයක් දරා ගෙන ඉන්නවා.

කෙල්ලක් බඩ කරන එක හොඳ වැඩක්ද ? Nah… ඒකත් නෑ කියල කියන්න පුළුවන්. පොඩි කොල්ලෙක් එහෙම කලා නම් ඌ attaboy කෙනෙක් නැත්නම් ඇට්ටරයෙක්,

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Responses to Singlish

ප්‍රතිචාරයක් ලබාදෙන්න