රහස් කුමන්ත්‍රණය හෙවත් No Loose Ends !


ස්ථානය:
ශ්‍රී ලංකා හමුදා අණ දෙන මූලස්තානය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා සුව පහසු පැද්දෙන පුටුවක හිඳිමින් , සුරතල් පූස් පැටියාගේ ලොම් පිරුණු ගෙල පිටු පස සෙමෙන් පිරි මදියි.
gta
දුරකතනය ගෙන කමාණ්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රධානියාට හදිසි ඇමතුමක් දෙයි.

” හලෝ.. කමාණ්ඩර්.. අද හවස මාව හමුවෙන්න පුළුවන්ද ?” පහට විතර..”
කමාණ්ඩර් ජගත් සල්ගාදු: ” සත්තකින්ම සර්.. කොහේදීද?… හරි .. OK සර්.. අද හවස පහට වෝටර්ස් එජ් එකේදී…
හෝටලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට මදක් ඈතින් එළිමහනක පුටු දෙකක්. ටීපෝවක්. ඒ මත බියර් බෝතල් දෙකක්.උස වීදුරු බඳුන් දෙකක්. කජු මද පිරවූ බඳුනක්ද වේ.
තරමක් ඈතින් ආරක්ෂක නිලධාරින් යැයි සිතිය හැකි කීප දෙනෙක් හොර ගල් අහුලමින් සිටී.
” Good Evening සර්..”
” Good Evening.. පොඩි වැඩක්… කවුද අපට විශ්වාස..? දක්ෂ..”?
” සර්.. කපිල තිලකරත්න.. කුරුණෑගල මිනිහෙක්..පරම්පරාවම ශ්‍රී ලංකා බලකණු.. අවංක නිලධාරියෙක්. පහු ගිය කාලෙ මෝටාර් කෑල්ලක් වැදිල තුවාල වෙලත් හිටියා.”
” මට මිනිහගෙ ෆයිල් එක එවනව.. හෙටම.. මේක දන්නෙ අපි දෙන්න විතරයි”
” රයිට් සර්”

ස්ථානය:
කුරුණෑගල.. කපිල තිලකරත්නගෙ නිවස.
වේලාව උදේ දහයට පමණ
ඒයි.. කපිල… මේ ඔයාට රාසේපී ලියුමක්. කඩන්නද?”
” මෙහාට ගේනව”
” මට මිනිස්ට්‍රි එකට එන්න කියල තියෙන්නෙ හෙට උදේ දහයට.. මොකද දන්නෙ නෑ”
” මොකටද ? දැන් යුද්දෙත් ඉවරයි නෙ… අපිට තව මොනවත් ලැබෙන්න තියෙනවද දන්නෙ නැහැ. ඔන්න කුණු කන්දල් නම් බාර ගන්න එපා. අසනීපයි… ඩයබිටිස්.. හයි බ්ලඩ් ප්‍රෙෂර් කියල මග අරින්න, ඕන නම් මම අපේ දොස්තර අයියට කියල සහතිකයක් අරන් දෙන්නම්..”
මට අරකි පේන්න බෑ. ඔයාට වඩා රෑන්ක් එකෙනුත් අඩුයි ඒකිගෙ මිනිහ.. දෙමළුන්ගෙ සේප්පු සුද්ද කරල මාලිගා හැදුව. පොලේ යන්නෙත් රත්තරං පොරව ගෙන. ඔයාට කොහේ හරි ඇම්බැසඩර් පෝස්ට් එකක් වත් දෙන්නද දන්නෙ නෑ”

ස්ථානය:
හමුදා අණ දෙන මූලස්ථානය

ජගත් සල්ගාදු:
” ආ කපිල නේද ? කොහොමද ? සනීපද දැන්? මම තමුන්ගෙ ෆයිල් එක චෙක් කලා. තුවාල වුනේ කොහොමද ?”

” මෝටාර් කෑල්ලකට සර්.. මාස 6 ක් විතර හොස්පිටල් එකේ හිටිය දැන් හොඳයි”

” තමුසෙල තමා ඇත්තටම යුද්දෙ දිනුවෙ.. තමුන් වැනි අවංක නිලධාරීන්ට අපි සලකනව මදි. අපි තීරණය කලා යුද්ද කාලෙ සක්‍රීය සේවයේ හිටි අය ගෙන් කීප දෙනෙක් තෝරල පිට රටවල අපේ එම්බසි වල තාවකාලිකව සේවයට යවන්ට. රට තොට බලා ගන්ටත් එක්ක. හැබැයි ප්‍රශ්නෙ තමුන්ට විතරයි යන්න වෙන්නෙ. පවුලටම යන්න බෑ”

” කොච්චර කාලෙකටද සර්?”
” මාස හයකට.. මම තමුසෙව යවනව වොෂින්ටන් වල අපේ තානාපති කාර්යාලයට. ලබන මාසෙ යන්න ලෑස්ති වෙනව. එතන සේවකයන්ට ආරක්ෂක උපක්‍රම.. ගිනි නිවන හැටි.. ප්‍රතමාධාර.. හදිසි ආපදාවකදි ක්‍රියා කරන හැටි වගේ දේවල් කියල දීල ඊට අමතරව ඔෆීස් එකේ වැඩටත් උදව් වෙනව”

මීට හරියටම මාස හයකට පෙර ඇමරිකාවේ වොෂින්ටන් කිට්ටුව කුඩා නගරයක් වන Flushing හි ජීවත් වන තිලක් වීරසිංහ ඉලක්කයට වෙඩි තැබීමේ සමාජයක සාමාජිකත්වය ලබා ගත්ත. කලකට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් වරයෙකු වූ ඔහු පසුව විශ්‍රාම ගෙන දැනට වොෂින්ග්ටන් වල ජීවත් වෙනව. නීතිය පිළිබඳ ඔහුගේම කුඩා සමාගමක් ඔහු සතු උනා. එය ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක්.

වොෂින්ග්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙනෙක් , මෙලෙස තානාපති සේවයට අළුතින් ආ කපිල තිලකරත්න රැගෙන යන්න ගුවන් තොටුපලට ඇවිත් හිටියා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බැහැරව මෙසේ පිටින් එන ” පැරචුට්ටන්” ගැන තානාපති කාර්යාලයේ අනෙක් සේවකයන් අතර පහන් හැඟීමක් තිබුනේ නැහැ.

කෙසේ වෙතත් යුද්ද කාලේ කල වීර ක්‍රියාකාරකම් .. සමහර විට අතිනුත් දාල කියල කපිල ඉක්මණින්ම අනික් අයගේ හිත දිනා ගත්තා.

කාර්යාලයේ කරන්ට එතරම් දෙයක් තිබුනේ නැහැ. ඒත් උදේ දහයටයි.. හවස තුනටයි කාර්යාල කාර්ය සහායක නිමල් දයාසිරි හැමෝටම තේ හැදුව. ඉඳල හිටල ලංකාවෙන් ලැබුනු කිරි ටොපි කෑල්ලක් වගේ කැවිල්ලකුත් තිබුනා. ප්‍රචාරක හා වාණිජ්‍ය පිළිබඳ නිලධාරියා වූ ගාමිණී නිදි කිරමින් හිටියා. ලංකා ආණ්ඩුවෙන් ගෙවන වැටුප මදි නිසා ඔහු අමතර රෑ රස්සාවක් කලා.

තිලක් වීරසිංහ හා දැන් ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කා ඉස්සර ගජ මිතුරන්. එකම රෑන්ක් එකේ. තිලක්ගෙ බිරිඳ ඒ කාලෙ හොඳ හැඩ වැඩ ඇති කාන්තාවක්. රටේ පැවැති යුදමය වාතාවරණය නිසා තිලක් ගෙදර පැමිනියේ මාස කීපයකට සැරයක්.
සැමියා ගෙදර නැති තරුණ කාන්තාවකගෙ හිත හරියටම නූල කැඩුනු සරුංගලයක් වාගේ.
ඇගේ හිතත් ඉබාගාතෙ එහෙම පාවෙලා ගිහින් එක්තරා මානවකයෙකුගෙ දෙපා මුල නතර උනා.
එහෙත් ඔවුනට තහනම් ගහේ ගෙඩි කන්න වූයේ ඉතාමත් සුළු කාලයක්.

පිළියන්දල හන්දියේ බෝම්බයක් පිපිරුනා. බස් බෝම්බයක්. මිනිස් සිරුරු කොටස් ඒ මේ අත විසිරුනා. තිලක් වීරසිංහගේ බිරිඳගේ පෙම්වතාත් ඊට ගොදුරු උනා. බාගෙට පිළිස්සුනු ඔහුගේ සිරුර හඳුනා ගන්නට ඔහුගේ ළඟම නෑදෑයන්ට පුළුවන් වුනේ පසෙක වැටී තිබුණු ඔහුගේ ජාතික හැඳුනුම් පත නිසයි.
මේ නාට්‍යය රඟ දක්වන්නට උදව් වුනේ දැනට ආරක්ෂක අමත්‍යාංශයේ ඉහළ නිලයක් දරන තිලක්ගේ මිතුරාමයි.

තිලක් වීරසිංහ හැමදාම පාක් එකේ ඇවිදින්න යනව. බඩ ටිකක් අඩු කරගන්නයි. කොලෙස්ටරෝල් බස්ස ගන්නයි. හදිසියේම ඔහුගේ ජංහම දුර කතනයට ඇමතුමක් ආවා. කෝල් එක ලංකාවෙන්.
” හප්පට සිරි ගජ කිව්වලු.. කොච්චර කාලෙකට පස්සෙද ? ඉතින්.. ඉතින්.. මොනවද අපෙන් කෙරෙන්න ඕන?”

” Short & Sweet.. මට උඹෙන් උදව්වක් ඕන. කෙනෙක් අයින් කරන්න වෙනව හෙට අනිද්දම. .. නෑ උඹට කිසි දෙයක් කරන්න නෑ. මම කෙනෙක් එවලයි තියෙන්නෙ… එහෙනං වැඩේ ලස්සනට කරපන්… අං කොං තියා ගන්න එපා. No Loose Ends.

තිලක් වීරසිංහට ලංකාවෙන් ආ හාදයා ඉක්මණටම හමුවෙන්න ඕන කලා. වොෂින්ග්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසළ පිහිටි ස්ටාර්බක්ස් එකට ගිය ඔහු කෝපි එකක රස බැලුවා. පැය ගණන් ගත කරන්න ඕන වුනේ නෑ. ලංකාවෙ ඔෆීස් ඇරෙන්නේ හවස 4.30 ට නේ. වොෂින්ටනයේත් වෙලාව හවස 4.30 වෙන විට ලාංකික – ඉන්දියන් පෙනුම ඇති එකා දෙන්නා එළියට ඇදෙන්න පටන් ගත්තා.
” හරි අරයා තමයි හාදයා. ආමි කට් එක.. හොඳ උස මහත පෙනුම”.

තිලක් වීරසිංහ හරියටම අහම්බෙන් වූ සිදු වීමක් වගේ රඟපාමින්..ඔහු ඉදිරියට ගියා.
” I guess you are a Sri Lankan”
” ඔව් .. මම ලංකාවෙ.. මිස්ටර් කවුද ? එම්බසිය නම් වහලා. මම මගෙ යාළුවෙක් එක්ක ඉන්නෙ. ගෙදර යන්න මගෙ බස් එක තව ටිකකින් එනවා.”
” පිස්සුද ? නගින්න කාර් එකට මම ගෙනිහින් දාන්නම්. මට ඩිරෙක්ෂන් කියන්න”

” ඔයා ලංකාවෙ ආමි එකේ හරි පොලිසියේ හරි වැඩ කළාද? මට නිකමට එහෙම හිතුන”

” හරි මම සිංහ රෙජිමන්ට් එකේ. මාස හයකට එම්බසියේ වැඩකට එව්වා. තව මාසෙකින් ආපහු යනවා”
” නවතින්න එහෙම හිතක් නැද්ද ? මේක ජීවත් වෙන්න හොඳ රටක්”

” වෙලාවක අපේ ගෙදර එන්න. රෑ කෑමකට වගේ. මම එන්නම් එක්ක යන්න. ලංකාවට යන කොට මගෙ පොඩි පාර්සලයක් තියෙනව .. ගෙනියන්න පුළුවන්ද කරදරයක් නැත්නම්”

ඊ ළඟ සතියේ සෙනසුරාදා හවසක කපිල , තිලක් ගේ නිවසේදී හමු උනා.

තිලක්ගේ නිවස පිහිටා තිබුනේ ටිකක් පිටිසරට වෙන්ට. ධනවතුන්ට පමණක් සීමාවූ තට්ටු නිවාස සීයක් දෙසීයක් විතර එම භූමි බාගයේ පිහිටා තිබුනා. ඇතුළු වෙන තැනත් ආරක්ෂක නිලධාරියෙක්. රහස් අංකයක් එබුවාමයි ගේට්ටුව ඇරෙන්නේ. නිවසේ පිටතට වඩා ඇතුළත ආකර්ශනීයයි. වෙස් මුහුණු , සේසත් , ඇත් දළ නිවසට ප්‍රෞඩ බවක් එක් කලා.

” අපි මොනව හරි බීලම කතා කරමු නේද ? බියර්.. ජොනී වෝකර්.. රෙඩ් ලේබල්..?”

” මගේ විනෝදාංශෙ තමා ඉලක්කයට වෙඩි තියන එක. මෙහේ ක්ලබ් එකක් තියෙනවා. මම ඒකෙ සාමාජිකයෙක්.

5805858_orig
මේ තියෙන්න බඩුව.. ලේටස්ට්ම ස්නයිපර් ගන් එක. හැතැප්ම දෙකක් ඇතුළත නිවැරදි ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්. කපිලට ආසයි නම් දවසක දාමු ප්‍රැක්ටිස් පාරක්.

කපිල එංගලන්තයේ වෙම්බ්ලි සමාගමේ නිෂ්පාදිත අළුත්ම අළුත් තුවක්කුව අතට ගත්තේ පූජා භාණ්ඩයක් අල්ලනවා වාගෙයි.

” කපිල .. මට පොඩි උදව්වක් කරන්න ඕන. මම ඒකට හොඳට ගෙවනවා..ගෙනියන්න සල්ලිත් ඕන වෙනව නේද? ඔයාටයි, ගෙදර කට්ටියටයි මෙහේ එන්න වුනත් මම උදව් කරන්නම්.”

” මොකද්ද වැඩේ?”

” මේක මගේ පෞද්ගලික දේකටත් වඩා රටට කරන සේවයක්.. මම ඩොලර් 25000 ක් දෙනවා. 10000 ක් ඇඩ්වාන්ස්. ඉතිරිය වැඩේ කලාම”
” කාව හරි මරන්නද ….?
” දැනට ඉතිරි වෙලා ඉන්න කොටි නායකයෙක් මෙහේ ඉන්නවා. මිනිහගෙ නම විෂුවනාදන්.. මගේ හොඳ යාළුවෙක්. මිනිහ මගේ බිස්නස් වලට පාඩු කරනවා. මගෙ ක්ලය්න්ට්ස්ල අල්ල ගන්නවා. ඒ විතරක් නෙවේ ලංකාවෙ ආණ්ඩුව ගැන වැරදි දේවල් පතුරුවනවා.

මට මිනිහව අයින් කරන්න ඕන.

“……………….”

” මේකයි ප්ලෑන.. ඔබට වීසා තියෙන්නේ තව සති දෙකකටයි. ඔබ මෙහෙන් පිට වෙන්න ඕන. ඉරිදා රෑ ෆ්ලයිට් එකේ. සෙනසුරාදා උදේ 10 ට අපේ පොඩි කොමියුනිටියි මීටින්ග් එකක් තියෙනවා. මිනිහා එතනට එනවා. මිනිහට කතාවකුත් කරන්න තියෙනවා. මමත් එතන ඉන්නවා.”
” ඉතින්?”
” ටාගට් එක ගන්න ලේසි තැනක් තියෙනවා. කෑම්පින්ග් සයිට් එකක්… දැන් සීතල නිසා කෑම්පින්ග් කරන්න කවුරුවත් එන්නෙ නෑ. මම හරි ලස්සනට ප්ලෑන් කරල තියෙන්නෙ. ඒක ටිකක් ඕපන් ඒරියා එකක්. මීටින් එක තියෙන්නේ ඔය කියන තැන ඉඳල යාර 2000 ක් ඈතින් . ඔයා වෙඩි තියන්න ඕන පිටි පස්සෙනුයි. ඔය කෑම්පින්ග් සයිට් එකේ පරණ ට්‍රී හවුස් කීපයක් තියෙනවා.”

” මම කොහොමද මිනිහ අඳුර ගන්නෙ?”
” ඇජෙන්ඩා එකේ හැටියට පළමු කතාව මේයර්ගෙ. මිනිහ සුද්දෙක්. ඊ ළඟ කතාව මිනිහගෙ. ඒක වෙනස් වෙන්නෙ නෑ.”
” අනික් එක සිකුරාදා වෙන කොට ලංකාවට යන්න අවශ්‍ය සියළුම දේවල් ලෑස්තිවෙලා තියෙන්න ඕන. කට්ටියට බායි කියල. අං කොං තියා ගන්න බෑ. මතකයිනෙ No Loose Ends.”
” අපි හමු උන විත්තිය වෙන කවුරුවත් දන්නෙ නෑ නේද ? දින පොත් එහෙම තියෙනවා නම් පුච්චල දාන්න. සිගරට් බට් එහෙ මෙහෙ දාන්න එපා. චුයින්ගම් කාල බිම දාන්න එපා. බස් ටිකට්.. කිසිම ලියවිල්ලක් ගේන්න බෑ. ටැක්සියක එන්න මං කියන තැනට. මට කෝල්ස් දෙන්න එපා..
මෙන්න සල්ලි මෙතන 10000 ක් තියෙනවා”

අපි මෙහෙම හිතමු. ෂොට් එක අනුව උණ්ඩය ආ දිශාව හොයා ගන්න පුළුවන්. එච්චර දුරක් shoot කරන්න පුළුවන් මොන විදියේ තුවක්කුවකින්ද කියල හොයා ගන්න පුළුවන්. ඊ ළඟට මෑතකදී ඒ වගේ තුවක්කුවක් මිළදී ගත්තේ කවුද කියල හොයා ගන්න පුළුවන්. අනික ඔබ ඉලක්කයට වෙඩි තියන්න දක්ෂ කෙනෙක්. සැකය නිකම්ම ඔබ සොයා ගෙන එනව නේද ?”

ඔව් හොඳ අනුමානයක්. මතක තියා ගන්න මමත් වේදිකාව උඩ ඒ වෙලාවට. මම කලින් කිව්වනේ. අනික මේක අන්ඩර්වර්ල්ඩ් එකෙන් කෑෂ් දීල ගත්තු එකක්. කොහේවත් රේකෝඩ් එකක් නෑ. අනික ෂොට් එකේ ප්‍රබල කම නිසා පිටු පසින් වෙඩි තිබ්බාම ඉස්සරහ පැත්තෙන් පිට වෙනව. ඉස්සෙල්ලාම බලන්නේ ඉස්සරහ පැත්ත ගැනයි. හරියටම උණ්ඩය ආ දිශාව හොයා ගන්න කොට ඔබ ඇමරිකන් ගුවන් සීමාව පහු කරල ඉවරයි.

” තව එකක්. ඔබලා අතර අමනාපයක් ඇති බව දන්න කවුරු හරි ඉන්නවද?”

” අපි අතර කිසිම අමනාපයක් නෑ”

ඒ සෙනසුරාදා උදෑසන වෙනදාට වඩා අමුතු එකක් කියල දැනුනේ කපිල තිලකරත්නටත් , තිලක් වීරසිංහටත් විතරමය.

ලංකාවේ වැවෙන දේවදාර වැනි ගස් කීපයක් එකතු කර ලෑලි වලින් හැදූ ට්‍රී හවුස් කීපයක්ම තැන් තැන් වල තිබුනා. ටිකක් පරණ පාටයි. ටිකක් තද ශීතල කාළගුණය නිසා අවට පාළු ගතියක් තිබුනා. මිනිස් පුළුටක් පෙනෙන තෙක් මානෙක නැහැ. ගහේ මුල සිටම අතු බෙදිල තිබුන නිසා ට්‍රී හවුස් එකට නැග ගන්න එක එතරම් අමාරු නැහැ. මේ වගේ වැඩ ඕන තරම් කරල පළපුරුදු තිබුනත් ග්ලවුස් දාගෙන වැඩ කරන එක තමා අමාරු. ඒත් ලූස් එන්ඩ්ස් තියා ගෙන බැහැනේ.

ට්‍රී හවුස් එකට ගොඩ වුනු කපිල දුර දක්නය අතට ගෙන අවට පිරික්සුව. කිසිම හැල හොල්මනක් නෑ. ගහ කොළ නිසලයි. කෑලි අටකින් යුක්ත ස්නයිපර් ගන් එක ගානට සෙට් කරන්න කපිලට ගියේ විනාඩි 5 කටත් අඩු කාලයක්.

ට්‍රී හවුස් එකේ ඉඳන් ඉතා පැහැදිලි ඉලක්කයක්. වාහු පීඩනයත් නෝමල්. හුළඟත් නෑ. වේදිකාව මත කළු කොන්ඩා දෙකක් සහිත දෙදෙනෙකුත් සුදු කොණ්ඩයක් සහිත කෙනෙකුත් වාඩි වී සිටියා. ගන් එකට සවි කල දුරේක්ෂයෙන් ඉතා පැහැදිලි දසුනක් ලබා දුන් නිසා කළු කොණ්ඩා දෙක කාගේද කියා හඳුනා ගන්න පුළුවන් උනා

ඔහු මුලින්ම ඉලක්කය ගත්තේ සුදු ජාතිකයාට. සුදු හා අලු මිශ්‍ර කෙස් ගස් පැත්තකට පීරා හිබුනා. ඔහු මදක් තට්ටය පෑදුනු කෙනෙක්. සන්යිපර් ගන් එකට සවි කල ටෙලස්කෝපයේ කුරුස ලකුන හරියටම ඔහුගෙ ගෙල පිටු පස. විනාඩි තුනකින් පමන ඔහු කතාව ඉවර කලා.
ඊ ළඟ කතිකයා හරියටම මේයර් කතා කල තැනටම ඇවිත් දෑත් ඔසවා පිරිසට ආචාර කලා. ඔහු යමක් කියන්න ඇති.” ගුඩ් මෝනින්ග් ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්” කියා විය යුතුය.

තප්පර කීපයයි. ” හි…ස්” කියා සද්දයක් කොහෙන්දෝ ආවා. කතිකයා ඇලවී බිම වැටුනා.

දීර්ග සුසුමක් හෙලූ කපිල ඉතා පරිස්සමට තුවක්කුවේ කෑලි ගැලෙව්වා. තමා සිටි අවට එකම බැල්මකින් ස්කෑන් පාරක් දැම්මා. නෑ .. No Loose Ends”

කපිල ගසෙන් බැස ගුරු පාර දිගේ ඉදිරියට තරමක් වේගයෙන් ගමන් කලා. ඉදිරියට ඇදෙන ගමන්ම ගුරු පාරට සමාන්තරව ගලා ගිය Flushing. ගඟට තුවක්කුවේ කෑලි තැන්තැන් වලදී විසි කලා. රහස් සැඟවුනා. ඈතින් පොලිස් සයිරන් හඬක් හා ඇම්බියුලන්ස් එකක් යන හඬ ඇහුනා.

කපිලට බායි කියන්ට ගුවන් තොට පලට කීප දෙනෙක් ඇවිත් හිටියා. හදිසියේම බේස් බෝල් කැප් එකක් හා කළු ජැකට්ටුවක් පැලඳි මැදි වයසෙ කෙනෙක්..

” මේ කට්ටිය ලංකාවට යන්ටද ? මම මේ හදිසි ලියුමක් යවා ගන්න තියෙනවා. මගෙ යාළුවෙකුත් අද එනව කීව අද .. මට පේන්නෙ මිනිහට මාව අමතක වෙලා ඇතුලට ගිහින් වගේ”

” ආ.. සුළු දෙයක් .. මම ඕක ගෙනි යන්නම් .. තැපැල් කරන්නද තියෙන්නෙ?” එහෙම ඇහුවෙ කපිල.
” අනේ හොඳයි.. ගොඩක් ස්තූතියි. මෙන්න මගේ කාඩ් එක. අවශ්‍ය වුනොත් කතා කරන්න”

-මේ ලියුම් කවරය ඔබට. ඉතිරි මුදල එහි ඇති. ඔබ කලේ රටටත් ජාතියටත් සේවයක්” කාඩ් එකේ එහෙම ලියල තිබුනා-

කපිලගේ ගුවන් ගමන වැටී තිබුනේ තායිපේ , ක්වාලාලම්පූර් සහ මාලේ හරහා.
එය පැය 17 ක දිග ගුවන් ගමනක්. එක දිගට නිදා ගන්නට වෑයම් කළත් නින්ද ඔහු කරා ආවේ නැහැ.
මැලේසියාවෙ ක්වාලාලම්පූර් ගුවන් තොටේදී ඔහුට පැය 3 ක් ගත කරන්න සිදු උනා .

tv news

කපිල පිළි ගන්න ඔහුගේ බිරිඳ කුලී රියකින් කටුනායකට ඇවිත් හිටියා.

කුලී රිය ජා ඇල හන්දියෙන් හරවනවාත් සමඟම වේගයෙන් පැමිනි මෝටර් සයිකලයක් ඉදිරිපස හරස් කර නැවැත්තුවා. දෙන්නෙක්. දෙන්නාම මුහුන වැහෙන හෙල්මට් දාල.
” මහත්තයා… නෝන ඉස්සරහ වීරයෙක් වෙන්නෙ නැතුව ගන්නව මෙහාට සල්ලි “

කපිල එකෙක් සමග පොර බැදුවා. අනිකා කපිලගේ බිරිඳ අල්ලා සිර කර ගෙන සිටියා.
ඔහු වහාම බඩතුරෙන් පිස්තොලයක් ගෙන කපිලට වෙඩි තිබ්බ.. ”
” හරි සල්ලි ටික ගනින්. ඉක්මණ් කරපන්…”

කෙටි නිවාඩුවකට ඇමරිකාවට ගොස් ආ , මේජර් කපිල තිලකරත්න නාඳුනන තුවක්කු කරුවෙකුට බිලි. සල්ලිත් රැගෙන මිනී මරුවෝ පලා යති..

මිනී මරුවන් සොයා පොළිස් වළල්ලක්.

dinamina

පත්තරවල එක දිගට ප්‍රවෘත්ති පළ උනා.

මිනී මරුවා පාතාලයේ කෙරුමෙකු වූ මාළු නිහාල්.

රහස් පොළිසිය මාළු නිහාල් අත් අඩංගුවට ගත්තා. එහිදී අති වූ උණුසුම් තත්වයකදී මිනී මරුවා මෙල්ල කර ගැනීමට පොලිසියට අවම බලය පාවිච්චි කිරීමට සිදු උනා.මාළු නිහාල් අත් අඩංගුවෙන් පැන යාමට තැත් කිරීමේදි පොළිස් වෙඩි පහරකින් මිය යයි.

පුවත් පත් වල පළ වුනා

(මෙහි එන සියළු චරිත හා සිද්ධීන් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)

No Loose Ends

This entry was posted in Uncategorized. Bookmark the permalink.

30 Responses to රහස් කුමන්ත්‍රණය හෙවත් No Loose Ends !

  1. Get the facts පවසයි:

    Hello, its nice piece of writing concerning media print, we all be aware of media is a wonderful source of information.

  2. නිර්නාමික පවසයි:

    amsing story.i like it.thats film plot.

  3. Asoka Weerasinghe පවසයි:

    මෙම කතාව චිත්‍රපටයක් සදහා ඉතාම හොදයි.ඔබේ මෙම කථාව චිත්‍රපටයක් සදහා අවසර
    ලබාදීමට කැමතිද?එසේ කැමති නම් මගේ පහත සදහන් විද්‍යුත් ලිපිනයට ඔබ සමග සාකච්ඡා
    කර ගැනීම සදහා සම්භන්ධ කර ගැනීමට හැකි ක්‍රමයක් දන්වන්නේ නම් ඛෙහෙවින්
    ස්තූතිවන්ත වෙමි.asoka.veediyabandara@gmail.com

  4. බණ්ඩා පවසයි:

    අගනා ප්‍රබන්ධයක්, මෙහි වරදකරුවන් සොයා යන කතාවක් මා නිර්මාණය කලොත් ඔබගේ අමනාපයක් නැතැයි හිතනවා…. කරුණාකර ප්‍රතිචාර දක්වන්න. ඔබගේ e-mail ලිපිනය සොයාගැනීමට උත්සහ කලත් නොහැකිවිය.

  5. නිර්නාමික පවසයි:

    What happened to Yatharthavadiya?

ප්‍රතිචාරයක් ලබාදෙන්න