කෙළ කෝටියක් විදුලි බුබුළුය
තොරණ් රාජයන්ය
කූඩු රාජයන්ය
එව-කව-බොව
බලෙන් කන්ට බොන්ට දෙන
දන්සැල්ය
සල්පිල්ය
ගී ගැයුම්ය
ඔළු බක්කන්ය
පැලුණු සායවල්
ඇළුනු කළිසම් කකුල් ය
පාරේ යන
තණහා- රතී- රඟාලාය
ම’සිත නො පහන්ය
මට ඇත්තේ මේ මැටි පහන පමණක්ය
ම’සිත පහන් වේ.
ඒ පිනේ බලයෙන්
කතන්දර – බතී
ඔබා- රන්ජා-සලූ
ප්රවීනා – දුකා- ඔබා
ඇතුළු මෙකී නොකී
සියල්ලන් සමග
එකම නුවරක ඉපිද
එකම දම් සභා මණ්ඩපයකදී
එකම බුදු කෙනෙකුගෙන් බණ අසා
එකටම නිවන් යන්නට හැකිවේවා
ප්රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)
esema wewaai pathami…..kaalekata passe me paththe godawenna puluwan une….
සාදු! සාදු! සාදු!
මටත් ඔබ එක්කම නිවන් යන්ට ලැබේවා කියලා හිතීමත් සතුටක් නිහාල්. ඇත්තටම බුදු කෙනෙක් දැකලා, එයාගෙන් බණ අහලා, කට්ටියටම නිවන් යන්ට ලැබේවා කියලා මාත් ප්රාර්ථනා කරනවා…
නිහාල්ට සහ පවුලේ සැමට සුබ වෙසක්!!!
(හිත හිතා හිටියේ මොකෝ සද්දයක් නැත්තේ කියලා )
කටිට්ය එක්ක එකට බණ අහන්න වගේ………….. 😀 වෙසක් කියන්නෙ තවත් ප්රීති උත්සවයක් විතරයි. ඒකනේ ප්රීති වෙසක් කියන්නේ….
පැතුමත් හොඳයි. ගෙතුමත් හොඳයි.
ප්රීති වෙසක්!
සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.
ප්රීති වෙසක් නිහාල්…..හුඟකාලෙකින්…..
විවේක අඩුයි. වයස වැඩියි. ඒකයි ලියන්නෙ නැත්තෙ. ඔබටත් ,ඕනය මල්ලිටත් හැප්පි හැප්පි වෙසක්.
ශ්රී ලංකා විත්ති කියල පත්තරයක් කරනවා මගෙ යාළුවෙක්. මේකයි ලින්ක් එක .www.lankavithth.us
කියවල බලන්න
http://www.lankaviththi.us
එකටම බැරි උනොත් එක හමාරටවත් නිවන් යන්න ලැබේවා !!