පොඩි හාමුදුරුවෝ – අවසන් කොටස


“මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න එපා. නම කියල කතා කරන්න.. ටික දවසක් යනකොට සේරම හරි යයි”

තරමක් කලබල සහිත වීදියක  කෙළවරේ වයලට් අක්කගෙ ගෙදර තිබුනේ. එහේ හිටියේ එයයි , එයාගෙ මහත්තයයි.. එකම දුව ජයන්තියි , තව බෝඩිම් කාරයෙකුයි.. ගෙදර පිටින් නම් එතරම් ආටෝප නැති උනාට ඇතුළ හොඳයි,  සායි බාබා අදහන  බෞද්ධයන්.  . ඒ තමයි සිරිමල්ගෙ නවාතැන.
ගෙදර හැමෝම වැඩට ගියා. එහෙමත් දවසක තමයි කට්ටිය එකට මුණ ගැහෙන්නෙ.  කෙනෙක් රෑ වැඩ. දවල්ට නිදි.  දවල් වැඩ අය රෑට නිදි. සෙනසුරාදා – ඉරිද කියලවත් වෙනසක් නෑ.

සිරිමල් දවස් පහක් වැඩ කළා. කොමියුනිටි කොලේජ් එකට බැඳිල ඉංග්‍රීසි හා  නර්සිං කෝස් එකකුත් කළා . නර්ස්ලට මෙහෙ හොඳට ගෙවනවා.

වයලට් අක්කගෙ හිත ඉක්මණටම සිරිමල් කෙරෙහි පැහැදුනා.. එයාගේ සන්සුන් ගති පැවතුම් නිසා.
” මං සිරිමල් ගෙන් අහන්නමයි හිටියෙ.. මං හොඳ තැන්පත් කෙනෙක් හොයනව අපේ දුවට.. සිරිමල් කැමති නම්.. ඔයා ගේ ගොඩක් ප්‍රශ්න විසඳෙයි. අවුරුද්දක් ඇතුළත ග්‍රීන් කාඩ් හදා ගන්න පුළුවන්. ”
සාලෙ පරණ පින්තූරයක් එල්ලල තිබුණ . ඒ වප් මගුල. එදා තමා බමුණන්  කාල වාක්‍ය කීවේ සුදොවුන් රජතුමාට..” ඔබේ පුතා ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙයි.. මහණ වුනොත් බුදු වෙයි” කියල
අනාරාධනාත්මකවම තම දෙපතුළ ළඟට එන මේ වාසනාව කුමක්දැයි සිරිමල් විපිළිසර උනා.

ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිරිමල් – ජයන්ති  විවා මඟුල සිදු උනා. ජයන්ති නමට තිබූ අපාර්ට්මන්ට් එකකකට නව යුවළ පදිංචියට ගියා.

රස්නෙ කාලවල් , ශීත කාලවල් කීපයක්ම ගෙවී ඉවර උනා.

සිරිමල් නමට ලංකාවෙන් ලිපියක්. එවා තිබුණේ පන්සලේ කිරිබණ්ඩා මාමා.

තෙරුවන් බෙලෙන් සැප ලැබේවා,
පොඩි හාමුදුරුවන් වෙත ඉතා හදිසියෙන්ය ,  ලොකු හාමුදුරුවෝ හදිසියේ අපවත් උනා. උත්තරානන්ද හාමුදුරුවොත් ආ ගිය අතක් නෑ. වහාම පැමිණ පන්සලේ බාරකාරත්වය ගන්න.
මේ වගට හිතයිසී  , කිරි බණ්ඩා….

” මිස්ටර්  ජාගොඩ… මම අර දවසක් අරන් තිබ්බ ඇඳුම් පාර්සලේ තවම තියෙනවද ?”
“අර මොකෝ.. ආයෙම ගිහිගේ එපා වෙලාද ?”

” නෑ  මම ලංකාවට යනව. ආ විදියටම යන්න ඕන. නැත්නම් ප්‍රශ්න ගොඩයි”

” ඔයා ඉක්මණටම ආපහු එනව නේද ? මටත් එන්න තිබුන… ඒත් දැන්මම දුර ගමන් හොඳ නෑ”

චන්න ඇමතිය , කන්තක අසුත් සමඟ එළියේ බලන් ඉන්නව. හඳ ලොකුවට රවුමට පායල තිබුන. යශෝධරා , අළුත උපන් කුමරා තුරුල් කර ගෙන නිදි.. එහෙම පින්තූරෙකුත් සාලෙ එල්ලල තිබුන.

” නෑ… එහෙම නං මම ගමන කල් දානව……” සිරිමල් තීරණාත්මකව කිව්ව.

ඉවරයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

පොඩි හාමුදුරුවෝ – අවසන් කොටස සදහා ප්‍රතිචාර 17ක් දක්වා ඇත

  1. Kamal පවසයි:

    GURUSINGHE – NIHAL – Beloved husband of J Antonette Irangani Gurusinghe (Ranjani), darling father of Nihal (Marine Engineer), Dr Jude (Australia), Ranjan, Maurice (Merchant Ship’s Captain), Dr. Ajith (UK), beloved father-in-law of Renuka, Dr. Deepa (Australia), Dilrukshi and Dr. Anusha (UK), darling grandfather of Anjali, Sonali,Liza, Dhanushka, Udara, Gihan, Anjaline and Anjalo, loving son of the late Arnold Gurusinghe and Lenie Gurusinghe, brother of Maurice, the late Leela, Kamala (Australia), Irangani (Ira), the late Piyasiri, Nimala, Premalatha (Chutti) and the late Malani, passed away on 13th August 2013. Cortege leaves residence No. 6, Senevirathne Road, Palliyawatte at 3.30 p.m. on Saturday 17th August, burial at Palliyawatte Cemetery, Palliyawatte. 179143

    What is this ?………

  2. නිර්නාමික පවසයි:

    ලස්සනට ගලපලා ලියපු කතාවක්. පරිච්චේදයක් අරන් ලියන්න ඕන දේවල් එක පේලියකින් ලියල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )