වසර 4 කට වරක් අනිවාර්යයෙන්ම පැවැත්වෙන , ලොව ප්‍රබලම , විශාල රටක ජනාධිපතිවරයා
තෝරා ගැනීමට මා ඇතුළු මගේ පවුලේ අයටද ඇරයුම් කර ඇත. එය ඉතා භාරදූර වගකීමක් බව මගේ ඇඟට දැනේ. ඒ සමඟම සියුම් අහිංසක ආඩම්බරයක්ද ඇතිවේ.
මාසයකට පමණ පෙර සාම්පල් බැලට් පත්‍රිකාවක් තැපැලෙන් ලැබුනි. ජනාධිපතිවරයාට අමතරව , සම්මත කර ගත යුතු තවත් යෝජනා කීපයකටද අප ඡන්දය පාවිච්චි කළ යුතුය.
ප්‍රධාන තරඟය ඇත්තේ ඩිමොක්රැටික් පක්ෂයේ ඔබාමා සහ රිපබ්ලිකන් පක්ෂයේ රොම්නි අතරය. තවත් ස්වාධීන තරඟ කරුවන් කීප දෙනෙකුන්ද වේ. මැතිවරණයට පෙර ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ දෙදෙනාගේම වාද විවාද රැසක්ම විය. දෙදෙනා එකම වේදිකාවක හිඳ ඉතා සුහදශීලිව කළ විවාදයන්ද විය.
මිලියන 240 ක පමණ ජනගහණයක් ඇති රටක , මැතිවරණ නීති කඩ කිරීම් එකක්වත් මේ වන විට වාර්තා වී නැත. පොස්ටර් ගැලවීම් , විරුද්ධ පාක්ෂිකයනට හිරිහැර කිරීම් , ගෙවල් ගිනි තැබීම් එකක්වත් නැත. කෙටියෙන්ම කියනවා නම් 6 වනදා වන තුරුම කිසිම මැතිවරණ කාළගුණයක් නොවීය.
සැක්‍රමැන්ටෝහි ජීවත්වන මගේ වැඩුමළ් දියණිය ඡන්දය සඳහා ඒ පළාතේම ලියා පදිංචි වී ඇත.
” තාත්ති.. ඔබාමට vote කරන්න” 5 දා හවස ඈ මට දුරකතනයෙන් කීවාය.
ගියවර 2008 දීද මම ඔබාමාට ඡන්දය දුන්නේ නැත. ඇමරිකාවේ මිනීමරුවන් , මංකොල්ලකරුවන් , ස්ත්‍රී දූෂකයන් , හිඟන්නන් , කුඩුකාරයන් බොහොමයක් කල්ලන්ය. ඔබාමාද කල්ලෙකි. කළුපාට කැතය. නපුරුය.
2008 ජයග්රහනයෙන් පසුව ඔබාමා ඇඟට වැදෙන කතාවක් කොට , රටේ ඉන්නා සියළුම දක්ෂයින් , නොබෙල් ත්‍යාගලාභීන් , විද්‍යාඥයන් , විශේෂඥයන් තම උපදේශකයන් කර ගත්තේ හරියට මහින්ද වාගේමය. ඒත් කළ දෙයක් නැත. කරන්නට දෙයක් නැත. ඒ තරමටම රට ප්‍රපාතයට වැටී ඇත. ව්‍යාපාර වැසී ගෙන යයි. බැංකු බිඳ වැටෙයි. රැකියා වියුක්තිය ඉහළ යයි. ඉරාන්කාරයාත් , උතුරු කොරියන්කාරයාත් කොකා පෙන්නද්දී නිහඬවම ඉන්නට සිදුව ඇත.
” තාත්ති…Pro: 34 ගැන මොකද හිතන්නෙ ?” එනම් මරණ දඬුවම තවදුරටත් ක්‍රියාත්මක කරනවාද , ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙනවාද යන්නට මහජන කැමැත්ත විචාරීමය.
” මරණ දඬුවම අනිවාර්යයි.. එහෙම නැත්නම් රටේ මිනීමැරුම් වැඩි වෙයි. පේනවාද ලංකාවට වෙලා තියෙන දේ. ?”
” තාත්ති මිනී මරන්නේ මානසික අසහන කාරයෝ. උන්ට මරණ දඬුවම සිම්පල්”
” වයස අවුරුදු 20 ක කෙනෙකුට මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නොත් මොකද වෙන්නෙ? මිනිහ අවුරුදු 40 ක් ජීවත් උනොත් , අපි අපේ ටැක්ස් සල්ලි වලින් මිනිහට අවුරුදු 40 ක්ම කන්න දෙන්න වෙනව නේද ? මරණ දඬුවම දුන්නම කීයක් ඉතුරු වෙනවද ?”
” මිනී මැරූ කෙනෙකුට දෙන දඬුවම මරණය නම් , ගෙයක් බිඳල හොරකම් කළ කෙනෙකුට දෙන දඬුවම ඒ මිනිහගේ ගේ බිඳවල බඩු හොරකම් කරවන එකද ? ස්ත්‍රී දූෂකයෙකුට දෙන දඬුවම , ඒ මිනිහගේ අම්මා , අක්කා , නංගී හෝ බිරිඳ දූෂණය කරවන එකද?”
උපාධිය සඳහා සයිකොලොජි ඉගෙන ගන්නා ඈ සමඟ මම වාදයට නොයමි.
අද 6 වන දා…මගේ බාල දුවත් කෙටි නිවාඩුවකට ගෙදර ඇවිත්. ඇයටත් මේදා පාර ඡන්දෙ තියෙනව. අපි තුන් දෙනාම ඡන්ද පොළට ගියේ හවස 7.15 ට විතර. වැඩ ඇරිල ගෙදර යන ගමන්ම. රෑ 8 වන තුරු ඡන්දෙ දාන්න පුළුවන්.
” මචං දැනටමත් ඔබාම දිනල” යාළුවෙක් මට කෝල් කළා.
ඡන්ද පොළ අවට කුළු පොලු කාරයන් නැත. තුවක්කු කාරයන් නැත. පාට කැප් තොප්පි දමා ගත් මැරයන් නැත. පොලිස්කාරයෙක් පේන තෙක් මානෙක නැත.
” ඔන්න එනව පොලිස් කාර් එකක්” එයත් අප පහු කර ගෙන ගියා. ඌත් ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන එකෙක්ද කොහෙද. ඡන්ද මධ්‍යස්තානය භාරව ස්වේච්ඡාවෙන් වැඩ කරන හැට පැනපු ගැහැණුන් හා මිනිසුන් සිනාමුසු මුහුණින් බලා හිඳී.
ඡන්ද ලැයිස්තුවේ එකම තැන අපි හතර දෙනාගේම නම් එක පොදියට අප එන තුරු බලා හිඳී. වෙනත් අය ඒවා පාවිච්චි කර නැත.
ඔබට උදව් අවශ්‍යද?” ඡන්ද පත්‍රිකාව මා අතට දී එක නිලධාරියෙක් ඇසීය. මම “නැහැ” කීවෙමි.
දැනටමත් ඔබාම දිනල නම් රොම්නිට ගහල වැඩක්යැ. නොදන්නා යකාට වඩා දන්න යකා හොඳයි. ඔන්න ඔහෙ ඔබාමටම ගහල දානව.
විනාඩි දෙකකින් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දැමුවා. I Voted ස්ටිකරය කම්සයේ උඩින්ම අලවා ගත්තා.
කිවිසුම් යන්ට එන කලෙක මෙන් නැහැයේ දැවිල්ලක් ඇති විය.
ඇඬුම් යන්ට එන කල මෙන් ඇස් කොනට කඳුළි බිඳුවක් එකතු විය.
කුඩා විදුලි සැරයක් වැදුනු කලෙක මෙන් හිරි වැටීමක් ඇති විය.
ඒ ; ප්‍රබල රාජ්‍යයක ජනාධිපති තෝරා ගැනීමට මාත් හවුල්කාරයෙක් උනා නේදැයි යන අහිංසක ආඩම්බරය නිසාද ;
නැතහොත් ; අනේ මගේ රටෙත් මෙවන් මහත්මා මැතිවරණයක් දකින්නේ කවදාද යන දුකට ද ; සමහර විට ඒ දෙකටම විය හැක.
ඇමරිකන් ව්‍යවස්තාවට අනුව ඔබාමාට නැවත වරක් තරඟ කළ නොහැක. හිතවත් ඔබාමා….මේ අවුරුදු හතරේදීවත් මොනව හරි කර ගම්මු නේද ? අපට නැතත් කමක් නෑ… තවමත් සාමාන්‍ය ජීවිත ගත කරන ඔබේ පවුලේ අයටවත්….
මේ මියුරු ගීතය ඔබාමාට උපහාරයක් වේවා. ! 🙂
නිහාල් , ලංකාවේ වෙනස , අපි කතිර ගහල එනවා ….පස්සේ සරමේ පස්ස අත ගාල බලපුවාම තමයි හිල් වෙච්ච් තැන් පෙනෙන්නේ …
හැබැයි මට තේරුන විදියට , ඇත්තටම සමහර ප්‍රාන්ත වල චන්ද කිසිම බලපෑමක් නෑ නේද අවසන් තීරණයට? ….ප්රජාතන්ත්රවාදයේ ආශ්චර්ය ?
ආශ්චර්යය කිව්වම මතක් උනේ ……. දැක්කද වැඩේ …යන්න මාපියේ , ෆෙරාරි එකෙන් රට වටේ ……
ඇල්කෙමියත් කියල තිබුනා. ඇඟේ ලේ කෝප වෙන නිසා හරියට කියෙව්වෙ නෑ,. ඇත්තටම කාගෙද ඒක ?
මමත් බලං හිටියෙ ඔබාමා දිනනකල්… මොකද රොම්නි දිනුවානම් විදෙස් රටවලින් ඇමරිකාවට එන්නවුන් හට යම් හෝ සම්බාධක පැනවේයයි කියා මට ඔහුගේ කතා වලින් ඒත්තු ගිය නිසා.. මම ඉගෙනුම ලබන ආයතනයෙන් ඡන්ද ප්‍රතිඵල කල්තියා අනුමාන කිරීමට ට්විටර් දත්ත මත පදනම්වූ වෙබ් මෘදුකාංගයක් නිර්මාණය කලා.. අපිටනම් කලින්ම ඒත්තු ගියා ඔබාමා දිනන වග… මෙහි මා ඇතුලුව ලාංකිකයන් හයදෙනෙකු පමන ඉගෙනුම ලබනවා.. නිහාල් අයියා ඔහායො පැතතට එනවනම් කියන්න.. අපිට හමුවන්න… අවශයනම් වෙබ් මෘදුකාංගය වෙත පහත යොමුවෙන් පිවිසෙන්න…
http://twitris.knoesis.org/election/sentiment/
තෑන්ක්ස් ගිවින්ග් නිවාඩුවට රෙඩ්වුඩ්ස් යන්නයි හිතා ගෙන හිටියේ. පස්සෙ ඒක වෙනස් උනා. ඔහායො වල මගෙත් යාළුවෙක් ඉන්නවා. ක්ලීව්ලන්ඩ්වල.අපි පස්සෙ හමු වෙමු. මේක ලස්සන රටක්. මංමුලා නොවී මෙයින් උපරිම ප්‍රයෝජන ගෙන උසස් ජීවන තත්වයක් ඇති කර ගන්නා ලෙස වැඩිහිටියෙක් වශයෙන් ඔබට කියනවා.
නිහාල් අයියා මට මේ දෙන දෙවැනි අවවාදය කියුවොත් මම හරි… රට ගිය ඇත්තෝහි මා පලකල කමෙන්ටුවකට පිළිතුරු ලෙස තමයි ඔබ මට මුලින්ම අවවාදයක් දුන්නේ.. නමුත් මා කියවූ එම ලිපිය මෙහි ඇති ලිපියට වඩා පැරණි වියයුතුයි යන්න මාගේ හැගීමයි.. මොකද මම එය කියනවවිට මෙරටට පැමිණ නැහැ.. නමුත් මෙහි ඇති ලිපිය ලියවී ඇති කාලය වනවිට මම මෙහි පැමිණයි සිටියේ… ඔබගේ අවවාදය පිලිගනිමි… ක්ලීව්ලන්ඩ් මට බොහො ඈතයි.. මම ඉන්නේ ඩේටන් කිට්ටුව ෆෙයාබෝන් වල… ක්ලීව්ලන්ඩ් කට්ටිය හමුවෙනවා අපේ වාර්ෂික ක්‍රිකට් තරගයේදී… නිහාල් අයියාගේ යාළුවා ක්‍රිකට් ගහනවනම් මට බොහෝවිට හමුවෙලා ඇති.. දැන් ඉතින් යාළුවො දෙන්නෙක්ම ඉන්න එකේ මේ පැත්තෙ ඇවිත් ගියොත් නරකද? 🙂 අපිනම් තැන්ක්ස් ගිවින්ග් නිවාඩුවට කොහේවත් යැවෙන එකක් නැහැ, මොකද මට තවම ලයිසන් නැති නිසා… 🙂
Kiwwa wage danna yaka hondai nopenena deviyanta wada kiyala maath, ape mahaththaya th Obamata vote Kara. Habai Ithin anthima mohotha wenakam balana hitiya kawuda ape state eka dinuwe kiyala…. Yaantham pahu wenida dutuwa Obama dinala……:)
Monawa unath oba kiwwa wage chande danna giyama danuna wenaskam bohomai. Ape state eke 3a.m. Wenakam vote karala minissu. “Voting is worth Waiting” kiwwa wage,,, habai harima samakami.
E unata man dakapu ekama de thamai. Mr.Romeny ge banners vitharai Pre. Obamage eka banner ekakwath na:( okkoma ussala….
Balana immu me para wath deyak karanakam……
තාම සිංහළෙන් ටයිප් කරන්න බැරිද ? මේ පහත ලින්ක් එකට ගිහින් බලන්න. පුරුදු උනාම ලේසියි.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
wow… That’s amazing. But how do you copy and paste it here?
By the way, do you know that we are trying to bring W. D. Amaradewa Shooreen in March in Los Angeles? I know you will be very interested to hear that.
කොපි කරන්න සොයා ගතිමි ස්තුතියි.
මේ අවුරුදු 4 තුලනම් සුළු වශයෙන් හෝ දැනෙන යමක් ඔබාමා කරාවි.එයින් සෞක්‍යය,සංක්රමිකයන්ගේ වීසා ප්රශ්නය සහ රැකියා ප්‍රශ්නවලට යම්තාක් දුරට විසදුමක් දෙනු ඇතැයි කියල මට හිතෙනවා.
So Mr. Nihal. You & your family are no longer Sri Lankans. Yo people are Americans. So behave like them. Don’t try to give your opinions about Sri Lanka. You are no longer belongs to our soil. Cheers !! Finally you won achieved your American Dream !!
Even though you change your citizenship, you can’t change your blood. It is always Sri Lankan blood. I know a lot of narrow minded people like Jay in Sri Lanka. Sometimes you have to get out of the country, to appreciate it more.
Jay,
It doesn’t matter if you are a citizen of another country to give opinions about Sri Lankans. There are Sri Lankans with not even GC become Americanize in two weeks after they step into US.
But, Just apply the same logic to Basil and Gota (Green Card Holders) and Jaliya W, (SL Ambassador to US – US citizen, who’s children even can’t speak Sinhalese) and tell me what do you think.
ඇල්කෙමියා සහ සලු.. මා වෙනුවෙන් කතා කලාට ස්තූතියි.
Jay ;
ඇල්කෙමියා කිව්ව වගේ මෙහේ විතරක් නෙවේ වෙනත් බටහිර රටවලට ගිහින් සති කීපයක් ඇතුළත් භාෂාව අමතක කරන අය ඉන්නවා. කරුමෙට මේ අසනීපය තියෙන්නෙ සිංහලයන්ට.
මගේ දරුවන් මේ මෑතක් වන තුරු දහම් පාසල් ගියා. වෙසක් එකට භක්ති ගී කිව්වා. ලාංකිකයන්ගේ මඟුල් වලට ජයමංගල ගාථා කිව්වා. පහුගිය යුද්ධ කාලේ මෙහේ තිබුනු හැම විරෝධතා ව්යාපරයකටම මගේත් සහභාගි උනා.
මම හද්දා පිටිසර ගමක කෙනෙක්. මගෙන් ඒ සුවඳ කවදාවත් මැකෙන එකක් නැහැ.
කෙටියෙන්ම කියනවා නම් නන්දා මාලිනි කියනව වගේ;
” හීනෙන් මගෙ රටේ නිදියමි හැම රෑම”
මම දීල තියෙන එකම opinion එක ” ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය” යන එක නේද ?
තාත්ත දුව දූෂනය කරනව. පළාත් සභා මන්ත්‍රීල පොඩි කෙල්ලන් උස්සනව. රටේ නීතියක් නෑ. මිනිස්සු නීතියට භය නෑ. මම අත් දෙකම උස්සල කියනව ආගම යකාට දාල නැවතත් මරණ දඬුවම ඇති කළ යුතුය කියල. ටික කලකට හරි.
නිහාල් අය්යේ, හීනෙන් මගේ රටේ නිදියමි කියන සින්දුවේ මුල මොකද්ද කියනවද කරුණාකරලා? අහන්න ආසයි
විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ
http://www.infolanka.com/miyuru_gee/rrr/r274.ram
thankooooooooooooo
Thankooooo
දැන් පිටරටවල් එක්ක යුද්ධ නොකරන එක ලොකු දෙයක්. ඒවගේමයි අනවශ්‍ය ලෙස දෙන සහනාධාර.
ඇමෙරිකාවේ පවතින්නේ සුවිශේෂී ඡන්ද ක්රමයකි. ඒ අනුව ජනාධිපතිවරණයකදී, ඇමෙරිකානු ඡන්දදායකයෝ ඍජුවම තම ජනාධිපතිවරයා තේරීමට ඡන්දය ප්‍රකාශ නොකරති.
ඡන්දදායකයකු ජනාධිපතිවරණයකදී තමා කැමති අපේක්ෂකයාට ඡන්දය දුන් විට, ඇත්තෙන් ම ඔහු හෝ ඇය හෝ කරන්නේ තම ජනපදයේ ඡන්ද වරම හිමි කර දෙන පුද්ගලයන් සංඛ්‍යාව එනම් ‘ඡන්ද ගණය’ තෝරා දීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමයි. ඉලෙක්ට්‍රෝරල් කොලේජ් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ඡන්ද ගණයයි.
මේක තේරුනේ නැනේ…:(
මමත් ඒ ගැන දන්නෙ නැහැ. බලමු අපේ අරුණි මොනවත් කියයිද කියල.
ඔබාමා දිනපු එකට මාත් සතුටුයි. වැඩියෙන්ම කලු හන්දා වෙන්ට ඇති. කලුමත් නෑනේ. හොඳ පාට. 🙂
මේ දවස්වල ඇමරිකාවේ ජන්ද වැඩ දිහා බලාගෙන ඉන්නකොට හිතුනු ඒවා මම අරුණිගේ බ්ලොග් එකේ අද උදේ දැම්මා.
මෙන්න මේවා තමා මට හිතුනේ.
තාම ඒ රටේ ප්රජාතන්ත්රවාදය තියෙනබව
මිනිසුන් විනීතව හැසිරෙන්ට දන්නාබව
ඇමෙරිකානු මිනිසුන්ගේ ලෝකය ඇමරිකාව බව
ඇමරිකානුන් වීම ගැන එයාලා ගොඩක් ආඩම්බරවෙනබව.
බටහිර රටක කලු පුද්ගලයෙක් නායකයාවෙන්නේ ඇමරිකාවේ පමනක් බව
ඔය නිහාල් කියන හැඟීම් මටත් තියනවා. ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය කොහේ හරි ඇහෙද්දි මගේ ඇස් වලට කඳුලු එනවා. විශේෂයෙන් ලංකාවත් එක්ක ක්‍රිකට් ගහද්දි…හී හී…
ප්‍රවීනා.. මෙහේ හැමදාම කොහේ හරි වෙඩි තැබීමක් ආරංචි වෙනවා. නොයෙකුත් අපරාධ වෙනවා. ඒත් රටේ විශාලත්වය හා ජනගහනයේ ප්‍රමාණයත් එක්ක බලනකොට ඒවා ඉතාම සුළුයි. ඒවගේද අපේ රටේ තිස් පැයම බණ කියන ,බණ අහන රටේ ?
ජනාධිපති ඔබාමා හරි රොම්නි හරි වීම ඇමරිකාවේ සමස්ත ඉරණම උඩු යටි කර අනිත් පැත්තට පෙරළන්න තරම් දෙයක් නොවෙයි නේද?නමුත් නෝත්රඩාමුස් කියන අනාවැකි කරුගේ පොත ගැන විවරණ සපයපු කෙනෙක් කියලා තිබුනෙ නම් ඔබාමා එක් ධූර කාලයක් හිමි හෙවත් මෙවර ඡන්දයෙන් පරදින බවක් ඒ අනාවැකිවල කියවෙනවා කියලා.හැබැයි දැං ඒ අනාවැකියත් බොරු වෙලා හින්දා ඒ අනාවැකිය පත්තරේට දාපු එකාවත් හොයාගන්න නැතුව ඇති.(බහු බූත ලියන බ්ලොග් වලට comment බර ගණනින් වැටෙද්දි වැඩකට ඇති දෙයක් ලියපුවාම comment කරන්න එකෙක්වත් නෑ නේද????)
ඊයේ මේ ලිපිය 398 දෙනෙක් කියවා තිබෙනවා. කමෙන්ට්ස් කීයද තියෙන්නේ ? මම කමෙන්ට්ස් බලා ගෙන නෙවේ ලියන්නේ. හිතට යමක් ආවා.. ලිව්වා. මමත් ඔය වරදම කරනවා.. අනිත් අය ලියන ඒවා කියවනවා. කමෙන්ට් කරන්නෙ නැහැ. සමහර ලිපි ඉතා ඉහළ තත්වයේ තියෙන නිර්මාණ.. ඒවට මොනව කියල කමෙන්ට් කරන්නද කියල හිතා ගන්න බෑ.