මොකක්ද මේ සන්නිවේදනය කියන්නේ ? සද්දේ හැටියට නම් මහ බැරෑරුම් දෙයක් වගේ.
ඒකනේ ඒකට වෙනම ඇමතිවරු එහෙමත් පත් කෙරෙන්නේ. හැබැයි බැරෑරුම් කම තියෙන්නෙ සද්දේ විතරයි. අපි සන්නිවේදනය කරන්න පටන් ගත්තේ ගල් ගෙවල ඉන්න කාලෙ ඉඳල.
සන්නිවේදනය යනු අදහස් හුවමාරුවයි.
සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන අදහස් හුවමාරුවයි.
සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන සපලදායී අදහස් හුවමාරුවයි.
අදහස් වාචිකම විය යුතුද ? කොහෙත්ම නැත. ඒවා වාචික , ලිඛිත හෝ අභිනයක් හෝ
ඇඟවීමක් විය හැක. උදා :- මම ඉස්සර උඩහ ගෙදර කෙල්ලට අඬ ගහන්නෙ ඔළුවෙන්.
දෙදෙනෙක් සිටිය යුතුමද ? අනිවාර්යයෙන්ම. තනිවම සන්නිවේදනය කරන අයට කියන්නේ
පිස්සෝ , උන්මත්තකයෝ කියල. ” මම ඔයාට ආදරෙයි” මේත් සන්නිවේදනයක්.. එය කාට හරි ඇසිය යුතුය. නැත්නම් සපල දායක වන්නේ නැහැ. ගුරුවරුන්ද කරන්නේ සන්නිවේදනයකි. එනම් ගුරුන් දන්නා දේ සිසුන්ට කියා දීමයි.
” ළමායී….., තමන් කියන දේට කිසිවෙක් ඇහුම් කන් නොදෙන බව දැන දැනත් දිගටම කතා
කරන පුද්ගලයාට කියන තනි වචනය කුමක්ද ?” ගුරුවරයෙක් තම පන්තියේ ළමයින්ගෙන්
එහෙම ප්‍රශ්නයක් ඇහුවා.
පන්තියේ සිටි කට හැකරයා; ” සමා වෙන්න සර්… ඒ වචනය – ගුරුවරයා-”
ගුරුවරයා උගන්වන විට සිසුන් ඇහුම් කන් නොදේ නම් එතන සපලදායක සන්නිවේදනයක්
නැත. විරැකියාව නිසා මීට කලකට පෙර දිවි නසා ගත් මගේ පාසල් මිතුරා වන තිලක්
අභයටද එලෙස සපල දායක සන්නිවේදනයක් සිදුවී නැත.
ඉස්සරම කාලේ සන්නිවේදනය සිදුවුයේ ” හූ” වකිනි. ඒ ගොයම් කැපීමකට , කොළ මිටි
බැඳීමකට , කොළ පෑගීමකට , වහල සෙවිලි කිරීමකට කෙරෙන ආරාධනාවක්.
රජ කාලයේ , පණිවිඩය තල් පතක ලියා , හීයකට තබා වෙලා දුන්නෙන් විදීමෙන්ද
සන්නිවේදනය සිදු කර ඇත. ඊට පසු අණ බෙර මගින්… කුරුල්ලන් මගින්..
අපේ උරුමයන් වන සැලලිහිණි සංදේශය , පරෙවි සංදේශ, ගිරා සංදේශය
ඊට උදාහරණය.
සැළ ලිහිණි සංදේශයේ සන්නිවේදනය සිදුවන්නේ තොටගමුවේ රාහුල හිමියන් සහ
විභීෂණ දෙවියන් අතරය. පණිවිඩය ගෙන යන්නේ සැළලිහිණියෙකි. පණිවිඩය ,
දරුවන් නොමැති උලකුඩය දේවියට පුත් රුවනක් ලබා ගැනීමට යැවෙන පෙත්සමකි.
ගම්වල ගෑණු සන්නිවේදනයේ අති දක්ෂයින්ය. හැම ගමකම පාහේ මැගිලින් නැන්දා කෙනෙක් ,
සොබනි අක්කා කෙනෙක් සිටී. උන් දවස පුරාම සන්නිවේදනය සිදු කරයි. ඒ කෙනෙක්
දෙන්නෙක් අතරද ?..එය සපලදායක වේද ? හැන්දෑයාමයේ ගමේ දෙගොල්ලක් අතර
සිදුවන වචන හුවමාරුව , බැන අඬ ගැසීම සපලදායක වූ සන්නිවේදනයේ
ප්‍රතිපලයයි.
එකිනෙකට යාබද ගෙවල් දෙකකි. දෙගොල්ල නයි වයිරය.
” තාත්තේ.. මම දැක්ක අල්ලපු ගෙදර ගෑනි වෙන මිනිහෙක් එක්ක බයිස්කෝප් බලන්න ගිහින් ඉන්නව. හොඳ වැඩක් කරන්න ඕන.. කොහොමද මේක ගමේ අයට කියන්නෙ?”
” කියාපන් උඹලගෙ අම්මත් එක්ක”
” මේක ඉක්මණට පැතිරෙන්න ඕන”
” එහෙමනම් කා එක්කවත් කියන්න එපා කියල කියපන්”
හූවෙන්.. හීයෙන්….බෙරෙන් ඇරඹි මේ සන්නිවේදනයේ කතන්දරය ගතවූ විසි වසර තුළ
අති විශාල වෙනස්කම් වලට බඳුන් වී ඇත. හැතැප්ම ලක්ෂ ගාණක් ඈත අභ්‍යවකාශයේ
ඉන්නා කෙනෙක් සමඟ සජීවීව කතා කළ හැක. ටෙලිෆෝන්, වීඩියෝෆෝන් , ටෙලෙක්ස් , ෆැක්ස් , ඊ මේල් , sms , ටෙක්ස්ට් ,ස්කයිප්………
මේ සපලදායි අදහස් හුවමාරුව ගැන වූ කෙටි විහිළු කතා තුනකි.
1…ගමේ ඉස්කෝලෙට අළුතෙන් ආ තරුණ ගුරුවරිය ශාරීරික සවුක්කිය ගැන පන්තියේ ළමුන්ට විස්තර කරයි. එහි ඇති වැදගත්කම ගැන කියා දෙයි.
” ළමායි.. අපි හැමෝම වැසිකිළි ගිහින් ආවාම අත් දෙක සබන් දාල හොඳට හෝදන්න ඕන
තේරුණාද ?”
” ටීචර්.. අත් දෙක විතරක් සේදුවාම ඇද්ද ?”
ගුරුවරිය සපලදායක ලෙස සන්නිවේදනය කර නැත.
2. තම හිතවත් ලිපිකරුවා උදේ වරුවේ ඈණුම් අරිමින් අලසව ඉන්නවා දකින ලොක්කා
ඔහුට මෙසේ කියයි. ” අයිසේ.. තමුසෙට කම්මැලිද ? මටත් තියෙනවා සමහරදාට ඔය
ලෙඩේ. දන්නවද මම මොකද කරන්නෙ කියල ? ලන්ච් වෙලාවෙ ගෙදර යනව. වයිෆ් එක්ක
සෙක්ස් පාරක් දානව. ඔය ඈලි මෑලි ගතියට නියම බේත.. ඕන්නම් මම තමුසෙට පැය
දෙකක ෂෝට් ලීව් ඇපෲව් කරන්නම්..තමුසෙත් කරල බලනවකො..”
පැය කීපයකට පසු ලිපිකරුවා මහත් ප්‍රබෝධයකින් සිටිනු දකින ලොක්කා,”
කොහොමද දැන්.. ලෙඩේ සනීපයි නේද ?”
” ඔව් සර්.. ඒක නෙවේ.. සර්ට ලස්සන ගෙදරක් තියෙනවනේ”
ලිපිකරුවා ලොක්කගේ ගෙදර ගොස් ඇත. සන්නිවේදනය සපලදායකව නොකළ
ලොක්කා අනා ගෙන ඇත.
3. කන්තෝරුවේ ටයිපිස්ට් මිසී, සුරංගනී , පියන් අමතා , ” මේ….. රණසිංහ එළියට යනව නම් මට මස් එකකුයි.. රෝස් පාන් දෙකකුයි ගේනවද ? මෙන්න සල්ලි.. ආ.. බැරි වෙලාවත් රෝස් පාන් තිබුනෙ නැත්නම් කේක් කෑල්ලක් ගේන්න.. හොඳේ…”
රණසිංහ මුලින්ම කෑම දෙන පැන්ට්‍රියට ගොස් කුඩා පොලිතින් බෑග් එකකට මස් එකක් ගත්තේය. ඊළඟට රෝස් පාන් තියෙන කවුන්ටරයට ගියේය. මළා… රෝස් පාන් නැත.. කේක් කෑල්ලක් ගත්තේය.
සුරංගනී මිස් මස් හොදිත් එක්ක කෙක් කන්න ඇති නේද ?
නියම ලිවීමේ ශෛලියක්
අර විහිළු කතා තුන නම් නියමයි
//උදා :- මම ඉස්සර උඩහ ගෙදර කෙල්ලට අඬ ගහන්නෙ ඔළුවෙන්.//
මං හිතං හිටියෙ බෝ හගක් කියල
බෝ පැළයක් වගෙ හිටි මම නරකට යොමු වූයේ බ්ලොග් කෙරුවාව නිසාය. 🙂
‘මේ ඇහුනද ද?’
ඒ අපේ අප්පච්චි අම්මට සන්නිවේදනය කරපු හැටි! දැන් කාලේ ඒ සිස්ටම් එක හරියන්නෑ.
මේ ඇහුණද ? ආමන්ත්රණයට මම නම් තවම කැමතියි.
කීකරු කම,යටහත්කම, විශ්වාසවන්ත බව, ගෞරවය හා ආදරය මිශ්‍රවූ ආමන්ත්‍රණයක් එය.
දැන් නම් සන්නිවේදනයට තියෙන ජාති හෆ‍්ෆා කියල වැඩක නැ. එදා ඉදන් මේ කියන මාතෘකාව දියුණු වෙනවා හැමදම. නවතින් නැ ඒක. වැදගත් ලිපියක්..
ස්තූතියි කියෙව්වාට හා ප්‍රතිචාරයට.
//ඉස්සරම කාලේ සන්නිවේදනය සිදුවුයේ ” හූ” වකිනි.//
මේ ක්‍රමයේ තාමත් වෙනසක් දකින්ට නෑ. ඕනිම දේකට කට්ටිය තාමත් හූ කියාගත්ත ගමන් තමයි.
මොනවා උනත් නිහාල්ගේ සන්නිවේදනය හොඳයි. ඒ හන්දා සන්නිවේදනය යනු කුමක්ද කියා හොඳින් තේරුම්ගත්තා.
සන්නිවේදනය තේරුම් කරන්ට හදන කෙනා කවුද?
නිහාල්………… 😀
ගොඩක් කාලෙකින් පොඩ්ඩිගෙ බ්ලොග් එක බලන්න බැරි උනා. අදනම් බලනවමයි.