මීයෝ නැති තැනක් නැත. ගොඩබිම මෙන්ම මහ මුහුදේද මියෝ සිටී. ඒ නැව් තුළය.
එහෙත් ගිලෙන නැව් වලින් මුලින්ම පිට වෙන්නේ මේ මීයන්ය.
බළලාගේ ප්‍රධාන ආහාරය මීයාය. බළලා ශබ්ද කරන්නේ ” මියෝව් ” කියාය. “මියෝව්” කියමින් මීයන් සොයා යන බළලාට යස පාඩමක් ඉගැන්විය යුතු යැයි මීයන් තීරණය කළෝය.
මේ සඳහා මී ළඟ මී ටිම මීවනපලානේ , මී පුර හෝ මී ගමුවේදී පැවැත්විය යුතු යැයි මී මුත්තා කියා සිටියේය.
මීටිමේදී මීයන් විවිධ යෝජනා ඉදිරිපත් කළත් අන්තිමට සම්මත වූයේ බළලාගේ බෙල්ලේ බෙල් එකක් හෙවත් සීනුවක් එල්ලිය යුතු යයි ඉදිරිපත් වූ යෝජනාවටය. බෙල් එක බෙල්ලේ බැඳ ගෙන බළලා ඇවිදින විට එය නාද වන නිසා මීයන්ට කල් වේලා ඇතිව සැඟවීමට පුළුවන්ය යන්න එහි අරමුණ විය.
මීටින් එකට ආ එක මීයෙක්වත් මේ එඩිතර ක්‍රියාවට ඉස්සරහට ආවේ නැත. අන්තිමට. රා බී හොඳටම වෙරි වී සිටි මීයෙක් වැඩේ භාර ගත්තේය.
වෙරි වූ මීයා සීනුවද රැගෙන බළලා සොයා ගොස්,
” අඩෝ ! පූසිගෙ පුතා වර එළියට. අද මම උඹට හොඳ පාඩමක් උගන්නනවා” කියමින් වහසි කියන්නට විය.
බළලා එළියට වුත් එක පහරින් මීයා මරා දැම්මේය.
ආදර්ශය : හැම මීයෙකුගේම අවසානය බළලා හෙවත් පූසා අතින් සිදුවේ.
ඉංග්‍රීසියෙන් මීයාට Rat හා Mouse යන වචන දෙකම යොදා ගත්තද ඒ දෙදෙනෙකි. Rat ටිකක් විශාලය. Mouse ප්‍රමාණයෙන් කුඩාය.
“Rat ” යන්නේ බහු වචනය ” Rats ” නමුත් Mouse යන්නේ බහු වචනය ” Mice ” ය.
කොම්පියුටර් හා උපාංග විකුණන bestbuy එකේ මවුස් විකිණීමට තබා ඇති රාක්කයේ ලියා තිබුනේ ” mice ” කියලාය. ඒ වෙනුවට mouses කියා තිබුණා නම් වඩා හොඳ නේද යැයි මට සිතුනේය.
දිගු වලගය සහිත මීයාගේ හැඩයට සමාන එම කොම්පියුටර උපාංගයට තව දුරටත් එසේ කිව නොහැක්කේ දැන් කෝඩ්ලස් මවුස් ද ඇති නිසාය.
මී පැණි , මී කිරි , මී දුම , මී බිඳු , මී ඉටි , මී ඇට , මී මල් , මී තෙල් ,මී මල් , මී මැස්සා , මී වද , මී හරකා , මී පාසානම් , මී කතුර යන වදන් වලින් මීයාට අයත් වන්නේ මී පාසානම් හා මී කතුර පමණය.
මීයා සිංහළ භාෂාවට තර්ජනයකි. ඒ මීයාගේ ගෑණු සතා සම්බන්ධයෙන්ය.
කෙනෙක් කියා තිබුණේ මීයාගේ ගෑණු සතාට මී දෙන කියා කිව හැකි බවය. එහෙත් මීහරකාගේ ගෑණු සතාද මීදෙන වන බැවින් එය ප්‍රශ්නයක් විය.
අවසන තීන්දු වූයේ මීදෙන කියා භාවිත කළ යුතු බවත් , එය යෙදෙන අවස්තාව අනුව ඒ මීයාගේ වයිෆ් ද , නැතහොත් මීහරකාගේ වයිෆ්ද කියා නුවණින් තෝරා බේරා ගත යුතු බවත්ය.
උදා: ” මී දෙන ගුලට රිංගුවාය ” කියන විට ,
මී හරකා ගේ ගෑණු සතාට ගුලකට රිංගීමට බැරි නිසා ඒ මීයාගේ ගෑණු සතා විය යුතුය.
” මී දෙන ගුහාවට රිංගුවාය ” කියන විට ඒ මී හරකා ගේ ගෑණු සතාය.
ඒත් මීයාගේ ගෑනු සතාටද ගුහාවකට රිංගීමට පුළුවන්ය.
මීයා ලෙඩ බෝ කරයි. එලෙසම ලෙඩ සුව කරයි. වෛද්‍ය පර්යේෂණ සඳහා පර්යේෂණාගාර තුල දිවි පුදන මීයන්ගේ ගණන අප්‍රමාණය.
මීයා ගේ විශාලත්වය අනුව විවිධ වේ. ඌරු මීයා , බටු මීයා , කොස් ඇට මීයා , හික්මීයා යනාදී වශයෙනි.
මාද ඉන්දියානුවෙකැයි සිතා දිනක් මගේ මිතුරන් , ” උඹලා මීයන්ට වඳිනවා නේද” යැයි මගෙන් ඇසීය.
මීයන්ට පුද පූජා පවත්වා , බිම අතුරන ලද කෙසෙල් කොළයක් උඩ උන්ට කෑම බෙදා , මීයන් සමඟම එකට එක පතේ කෑම කන ඉන්දියානුවන් පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ට්‍රැවල් චැනල් එකේ පෙන්වා ඇත.
ඉන්දියාව විශාල රටක් , එහි විවිධ භාෂා , විවිධ සංස්කෘත , විවිධ ඇදහිලි පිටිසර ගම්මාන වල ඇති බව මට පැහැදිලි කිරීමට සිදු විය.
මීයා අපිරිසිදු සතෙක් වුවද , කට තුළට දමා විකීමට හැකි ඕනෑම දෙයක් කෑමට ගන්නා ” චීනා” ට නම් එය රසවත් දීසියකි. චීනයේ ෂැන්හයි නුවර අවන් හල් වල මීයන්ගෙන් සැදූ ආහාර වර්ග විකිණීමට ඇත.
අලි මුහුණක් හා විශාල ශරීරයක් ඇති ගණ දෙවියන්ගේ වාහනය මීයෙකි.
එතරම් විශාල ශරීරයක් , අර කුඩා මීයාගේ ශරීරය මත පැටවීමෙන් ඌ චප්ප චොරොස් වී යන්නේ නැත්දැයි තෙරුම් ගැනීමටවත් මොළ කළඳක් නැති ගණ දෙවියන්ගෙන්,
” පින් ඇති ගන දෙවි නුවණක් දෙන්නේ ” යැයි කියමින් අපි නුවණ ඉල්ලා සිටිමු.
ඇමතිතුමාට ඇති බලතල එයාගේ ඩ්‍රයිවර්ටත් ඇතුවා මෙන් ගන දෙවියන්ට මෙන්ම මීයාටද වැන්දාට කමක් නැති බව මට පසුව කල්පනා විය.
මා සමඟ කලක් එකට සේවය කළ ඉතා රූමත් පිලිපීන ජාතික යුවතිය , මා කෙරේ අදහසකින් පසු විය. එය මට තේරුම් ගියද , මා ඇය මග හැරියේ මා යහපත් ස්වාමි පුරුෂයෙකු නිසාය.
පසුව එය වෛරයක් වැනි නුරුස්නා ස්වභාවයකට හැරී ඈ මට නොයෙක් කෙනෙහිළි කළාය.
සයිකොලොජි වලට මාස්ටර් උපාධියක් ඇති මගේ මිතුරා කියන්නේ , ” ඒ උඹට ඇති අසීමිත කැමැත්ත පෙන්වන එක් ක්‍රමයක්” විය හැකි බවය.
මීයා , මකුළුවා තරම පිළිකුල් නැති නමුත් , මකුළුවාට බය නැති සමහර ගෑණු ළමයින් මීයෙකු දුටු විට , ” ඊයා .. මීයා” කියා බෙරිහන් දෙන්නේද ඒ නිසාමවත්දැයි මට මොහොතකට කල්පනා විය.
නියම මීයෝ හෙව්වේ මීයාගේ බිරිඳ කවුද කියලාම
තමා
ඉතින් බෙල් එක බදින්න බැරි වුනා ද කවදාවත්. බැරි වෙයිද අර කුමාරතුංග මුනිදාස ශුරින්ගෙ “මඟුල් කෑම“ වගේ කෑමක් ලැහැස්ති කරන්න ….
//” අඩෝ ! පූසිගෙ පුතා වර එළියට. //
හෙහ්, හෙහ් මේක නං නියම කෑල්ල.:)
//ආදර්ශය : හැම මීයෙකුගේම අවසානය බළලා හෙවත් පූසා අතින් සිදුවේ.//
ගොයියෝ, මේක නං බරපතල කියමනක්!, කෝකටත් කස්ටියම තමන්ගෙ මීයො පරිස්සං කර ගනිල්ලා. දැං ඔය පූසයි කිව්වෙ…” ම්හු, ඒ අපේ පූසා නෙමෙයි” කතාවෙ පූසට වත්ද?
“පූසි ගෙ පුතා” කෑල්ල මීටර් වෙලා තියෙන්නා සිරිබිරිස්ට විතරයි.
ඔබ හිතන දේ හරි. කොයි මීයටත් ඔය ආදර්ශය ගැලපෙනවා.
ඒ කෑල්ල නං මටත් මීටර වුනා… බකස් ගාලා හිනා ගිය එක විතරයි වුනේ
මී අඹ වනයේ මී ගඳ පතුරා මීයකු ඇවිදින්නේ….
ලස්සන මීයට ඇස් වහ දෙන්නද ඇස් දෙක නලවන්නේ
මී බට දෙවඟන ඇවිදින තාලෙට වලිගය සොලවන්නේ….
ඉතිරි ටික මතක නෑනෙ..
ඉස්සර සිරසේ ගිය හිනා කෑල්ලක ළමයෙකුට මීයා ගැන රචනයක් ලියාගෙන එන්න කියලා ගෙදර ගිහින් තාත්තට කිවුවාම අම්බානක දාලා හිටපු තාත්තෙක් මෙහෙම කියනවා ලු..
මීයා තාල වර්ගයට අයත් සතෙකි.. මීයාගේ ගැහැණු සතා මී දෙන ය… මීයාගෙන් ලැබෙන කිරි මී කිරි ය… මීයාගේ මාමා මී මින්නා ය. මුත්තා මී මුත්තාය. මීයාගේ සුරතලා මී හරකා ය. මීයන් වැඩිපුර සිටීම නිසා සමහර ප්‍රදේශවලට මීපාවල, මීවනපලාන, මීගමුව ආදී වශයෙන් විවිධ නම් ලැබී ඇත.
මීයන් ගැන හැදූ නාට්ටිය මී පුර වැසියෝ ය…
ආදී වශයෙන් ඔන්න ඔහොම සිද්ධිය දිගට යනවා…