ඊයේ මහ නරකම දවසක්. මහම මහ නරක දවසක්. මේ බ්ලොග් එකවත් නොතිබෙන්න
කාටද මගේ හිතේ තියෙන දේවල් කියන්නෙ ? කොහොමද මගෙ හිතේ හිර කර ගෙන ඉන්න
දේවල් පිට කරන්නෙ ? උන් දෙන්නම යන්න ගියා… අපිව දාල.. හිත් පිත් නැති සත්තු වාගෙ.
පෙරේදා දෙන්නම එකතු වෙලා අපිට ඩිනර් එකක් දුන්න. ඒක ප්‍රංශ කෑම වේලක්.
යාළුවන් ගෙන් අහගෙන. පාන් … ඩක් ලිවර්.. සැමන්..සැලඩ්.. බීමට ඇපල් සයිඩර්. ඉටි පන්දම්
පත්තු කරල. පසු බිමින් මං ආසම කරන යන්නි ගෙ මියුසික් දාල. දෙන්නගෙ බෙස්ට්
ෆ්‍රෙන්ඩ්ස්ල කියල සුදු පාට කොල්ලො දෙන්නෙකුත් ඇවිල්ල හිටිය. මොනව කරන්නද වැල යන අතට
මැස්ස ගහනව මිසක්.
මට මතක් වෙනව අපේ ලංකාවෙ ගෙදරට ගේ කුරුල්ලො ආ දවස. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව උන් ගේ ඇතුළටම ආව. වයිෆ් කිව්ව අපට හොඳ කාලයක් ලබල කියල . මං විගහට මැටි මුට්ටියක් හිල් කරල ගේ පිටි පස්සෙ බිත්තියෙ එල්ලුවා. ගේ කුරුලු ජෝඩුව ඒකෙ පදිංචි උනා.. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව.
කෙලවරක් නැතුව උන් කීචි බීචි ගෑව.
ටික දවසකින් කුරුල්ලගෙ සද්දෙ විතරයි. කිරිල්ලි ගැබ්බර වෙලා. මම බැලුව ඉනිමගක් තියල.
බිත්තර කීපයක්.
ටික දවසකින් එකම ගාල ගෝට්ටියක්. පැටව් දෙන්නෙක්. කුරුළු තාත්තා කෑම හොයා ගෙන ඇවිත් පැටවුන්ට කැව්ව.
මමත් ගේ පුරාම ඇවිද ඇවිද මගේ පැටවුන්ට කැව්ව පරිප්පුයි බතුයි.. අත වේලෙනකං.
කාලය ගතවුනා. සද්දයක් නෑ.. කුරුල්ලයි කිරිල්ලියි විතරයි. උන් යන්න ගිහින්.. වයිෆ් කිව්ව උන් අළුත් කැදැල්ලක් හොයා ගෙන යන්න ඇති කියල. එදා මට නිකමටවත් හිතුනෙ නෑ අපිටත් මේ වගෙ දෙයක්
වෙයි කියල.
අක්ක උතුරු පැත්තට ගියා හැතැප්ම හයසීයක් විතර. නංගි බටහිර පැත්තට ගියා හැතැප්ම
තුන්සීයක් විතර.. වැඩි දුර ඉගෙන ගන්ට. දෙන්නම එයාපෝට් එකේදි අපිට වැන්ද හිට ගෙනම.
හැමෝම බලා ගෙන.
අපි ආපහු ගෙදර ආව. එයත් වචනයක් වත් කතා කළේ නෑ. අපි දෙන්න විතරයි අන්තිමට.
මට හිතුන මහ හයියෙන් හූ කියල කෑ ගහන්න. බිත්ති වලට ගහන්න. පිඟන් පොළොවෙ ගහන්න.
” අහර පිසන්නිය..
කවන්නිය – පොවන්නිය..
මා ගැන ලත වෙන්නිය..
මා පොඩි දියණිය
ඈත් ගොසින්…!”
එදා සිංහයා මුළු ලාට රටම වනසපු එක කොච්චර සාධාරණද ?
ඕක ඉතිං අපිත් කළා නොවැ.
උවමනාවෙන්ම මොරටුව වෙනුවට පේරාදෙනිය තෝරා ගෙන ගෙදරින් ගිය දවසේ ඉඳලා මාත් ගියා ගියාමයි.
ආපුහු ගෙදර හිහින් හිටියත් ඒ ගෙදර හිටියේ බෝඩිමක හිටියා වගේ තමයි!
මමත් ඇති තරම් බෝඩිං වල ඉඳල තියෙනව. ගෙදර කොච්චර කෑම තිබ්බත් ඇහැක් ඇරල බලන්නෙ නෑ. ඒත් බෝඩිමේදී මාර බඩ ගින්නක් දැනෙන්නෙ.
ඔහොම තමයි නිහාල් අයියා ජීවිතේ හැටි . . . . මොනව කරන්නද . . . මටත් තව ටික දවසකින් මගෙ කෙල්ලව දාල යන්න වෙනව ඈතකට . . . .. මාස තුනක දුවෙක් ගෙදර දාල වෙන දිහාක යනව කියල මතක් වෙද්දිත් ඇඬෙනව . . .
මාස තුනයි කියන්නෙ නියම වයස.