අපට ඉතා සරු කාලයක් විය. හැම කෑම වේලකටම වෑංජන තුනක් හතරක් වූ අතර මොනවා හරි මස් මාංශයක්ද ඇතුළත් විය.
අනෙක් සතෙකුගේ මාංශ ආහාරයට ගැනීම හොඳ නැති බව දැන දැනත් තාත්තා ටවුමට ගියාම හබරළ කොළයක එතූ යමක් හොරෙන් මෙන් ගෙට ගෙන එයි.
වරක් මගේ ඇහේ පොල් ඉරටුවක් ඇනී වෙද ගෙදරට ගිය විට , ඇසට ගොටුකොළ ඉස්ම දමා ඇස සුවපත් කළ විජේකෝන් ටීචර් , ඒ සඳහා අම්මා ගෙවූ රුපියල් 25 ගත්තේම නැත. ” බබාට පීකුදු ටිකක් අරන් දෙන්න , ලේ වඩන්න ” යයි කීවාය.
පීකුදු කියන්නේ අක්මාවය. පොඩි බබාලා මස් මාළු කෑ යුතුය. නැත්නම් බබාලා ලොකු වෙන්නේ නැත. අවිස්සාවේල්ලේ ප්‍රයිවට් දොස්තර අයියදුරේ මහත්තයා කීවේ එහෙමය.
කටු නැති හොඳ මස් ටිකක් ගන්න නම් අප යන්නේ පොලිසියේ වැඩ කළ රාළහාමි මාමා සමඟය. අපි ගියොත් දෙන්නේ කටු ගොඩවල්ය.
මස් උයන විට යහමින් තුනපහ දමා හොද්ද උතුරන විට හැඳි ගාමින් හොද්ද හුරතල් කළ යුතුය.
ඒත් සමහරු තුන පහ දැමූ විට මස් රසය නැතිවන බව කියයි.
” මං මේ කැමැත්තකින් කරනවා නෙවෙයි. පොඩි උන්ට ඕන හින්ද මිසක්” මස් හොද්ද උයන ගමන් අම්මා කියයි. ” මං නං ලුණු බලන්නවත් කටේ තියන්නෑ”
” බොරු මොකටද ලීලෝ.. ඔන්න ඔය කෑල්ලක් කටේ දා ගමු.. ඕකට අපායෙ යන්නෑ.. ආයෙ මම කාටවත් කියන එකක්යැ” තාත්තා , අම්මා කෝප ගන්වයි.
අම්මාට රසායන විද්‍යාව ගැන දැනීමක් නැතත් මස් බුරුල් වීමට බාගෙට ඉදී ගෙන එන පැපොල් කෑල්ලක් දෙකක් දමයි. පැපොල් වල ” පෙප්සින්” කියන එන්සයිමය තියෙන නිසා එසේ මස් බුරුල් වන බව පසුව දැන ගත හැකි විය.
පංසලේ හාමුදුරුවොත් වළඳන එකේ අපි ඕක නොකෑවා කියල අලියාර් මුදලාලි බිස්නස් නවත්තන එකක්යැ..තාත්තාගේ තර්කය විය.
කරවල කන්ට හොඳ නං , උම්බලකඩ කන්ට හොඳ නං.. ඕං දඩයම් කරගෙන කනවා නං තමයි පවු …
අලියාර් මුදලාලිලා හරක් මරන නිසා මිනිසුන් හරක් මස් කයි.
මිනිසුන් හරක් මස් කන නිසා අලියාර්ලා හරක් මරයි. අනේ මංද ….
අපේ ගමේ දිනදාස මාමා මාළු විකුණයි. ඔහුට අපේ නෑ කමක් නැති වුනත් වැඩිහිටියෙකු නිසා අපි ඔහුට මාමා යැයි කීමු. කොළඹින් ගේන මාළු බයිසිකල් පෙටිටියේ බැඳ ගෙන ” අළුත මාලෝ..” යයි කෑ ගසමින් ගම වටා යයි.
අළුත් මාළු නං මෙච්චර සීතල මොකද කිය දවසක් ඔහු ගෙන් මාළු ගැනීමට ගිය අපේ අම්මා ඇසූ විට, ” අනේ නෝනේ.. මුං මේ උපන් දා ඉඳන් වතුරෙ ඉන්න සත්තුනෙ ” කියා ඇත.
මස් බුරුල් වෙන්ට පැපොල් කෑල්ලක් දැම්මත් , මාළු උයන කොට දමන්නේ ගොරකය. ඒ ටිකක් තද වීමටය. ගොරක , සුදු ලූනු , මිරිස් සමඟ එකට ගුලියක් වන තුරු ගලේ අඹරනවා මා දැක ඇත.
බල මාළු කෑ දාට නං පහුවදා උදේට ඇස් අරින්ට බැරිය. ඌෂ්ණය. බල මාළු උයන විට ඒ සමඟ පරිප්පු මිටක් යොදා නිවිති දළු වෑංජනය හෝ කතුරු මුරුංගා වෑංජනය උයන්නේ අර ඌෂ්ණය අඩු කරන්නටය.
අම්මා අතින් පිසෙන මාළු , කිරට උනත් , මිරිසට උනත් ඉතා රසය.
අත්තම්මා – තාත්තාගේ අම්මාද අම්මා උයන කෑමට ආසා කළාය.
“අනේ මංද ලීලගෙ අත් ගුනේද කොහෙද ” එහෙම වෙලාවට අත්තම්මා කියයි
නියමයි…
ඉස්සර අපේ තාත්තලා මාමලා දිවිතුර ඇලේ මාළු අල්ලන්න යනවා රෑට….
ඉස්සර කිව්වේ 1978 – 85 වාගේ කාලේ….
උදේ එනකොට එන්නේ ලොකු ලූලො මගුරො කාවයියො වගේ මාළු ගොඩක් අල්ලගෙන… ලූලෙක් අඩි දෙකක් තරමි දිග ඇති…
ගෙදර ආවට පස්සේ ඔක්කොම එකතු වෙලා සම සමව බෙදාගන්නවා… ගැබ්බර කෙනෙක් ඉන්නවා නම් ඒ පවුලට වැඩියෙන් බෙදනවා… මාළු අල්ලන්න ගියේ නැති පවුල් වලටත් ටික ටික දෙනවා… එහෙමයි සහෝදරත්වය…..
ඊට පස්සේ ලිපේ අළු දාලා මේ මාළු කපන්නෙත් තාත්තමයි
ගොරකා, රම්පෙ, කරපිංචා, තුනපහ දාලා සැරට හදන මාළු හොද්දේ සුවඳ දැනුත් එනවා… මේ ලියනකොටත් කටට කෙළ උණනවා…
අපි මාළුයි බතුයි කන්නේ පොල් එක්ක…. මමත් කැමති මාළු ඇසුයි මාළු බිත්තරයි කන්න තමයි.. මාළු ඇස් කාලා මුතු ඇටේ වගේ කොටස ඉතිරි කරනවා… තුවක්කුවත් මටම තමයි..
සම්පූර්ණ මාළුවා කෑවම කට්ට ඉතිරි කරලා හොදලා තියනවා… මම ඒකට කියන්නේ පනාව කියලා… ඒකෙන් ඔළුව පීරන්න ගත්තොත් අම්මගෙන ගුටි තමයි…
තව හුංගො අල්ලගෙන ආපු දාට උන්ව වේලනවා.. වේලපු හුංගෝ හරිම රසයි….
කණයායි ඉබ්බයි නම් කවදාවත් මරන්නේ නෑ… උන් ඉන්නේ ඇලේ තියෙන ජරාව කන්න කියලා තාත්තා කියන්නේ….
දැන් නම් තාත්තලා මාමලා ඔක්කොම වයසයි.. දිවිතුර ඇලේ මාළුත් නෑ… වෙල් වලට දාන පෝරයි කෘමි නාශකයි නිසා මාළු වඳ වෙලා….
ඒ කාලෙ නම් හරිම සුන්දරයි…. අනේ ආයෙම ඒ කාලෙ අපේ පොඩි එවුන්ටවත් එන්නේ නැති එක ගැන නම් හරිම දුකයි…
කාපු බීපුව නම් එමටයි. මම නං සෑහෙන්න බීලත් තියෙනව.
Nihal,
Could you enable the “Follow this blog” thingy. You will find it in your blog settings , it is a widget. I know, Blogger has it, and there is no reason why WordPress hasn’t.
I don’t think wordpress has that. Anyway I will try. Thanks
ලස්සනට ලියල තියෙනව, ගමක් පාදක කරගත්ත නවකතාවක් වගේ, ලියන්න සහෝ ලස්සන නවකතාවක්, ඒකට ඔබට හැකියාවක් තියෙනව.
ඔබට ජය
බලමු ඉස්සරහට… පැන්සොන් ගිය කාලෙක
මරුවට ලියල තියෙන්නෙ. හැම ගෙදරම ඔය වගේ රස කතා ඩිංග ඩිංග තියෙනවනේ 😉
bohoma sthuthiyi.
අපේ තාත්තත් ඒ කාලේ මස් කන්න අසයි අම්ම මස් මාළු දෙකම කන්නේ නෑ.. ඉතින් ඔය වගේ විහිළු අපේ තාත්තත් කරනවා අම්මට.. බුදු හාමුදුරුවොත් චුන්ද දීපු උරු මස් කෑවා නම් අපි කෑවම මොකද ?
අනේ හැබැයි තාත්ත අන්තිම කාලේ අවුරුදු පහක් හයක් විතර කෑවේ එළවලු විතරයි.. අම්මගේ අතින් උයපු බත් කටක් කන්න ඉතින් ආයිත් කොහෙද ? දෙන්නම එක්කෙනා පස්සේ එක්කෙනා ගියා අවුරුදු අටකට ඉස්සර.. දන්නවද ඒ රසය එන්න දාන ජාතිය? අසීමිත ආදරය..
//දෙන්නම එක්කෙනා පස්සේ එක්කෙනා ගියා//
මාත් කවද හරි ප්‍රාර්ථනා කරන්නෙ, එහෙම ආදරේ කරන්න පුළුවන් කෙනක් තමා.
//දන්නවද ඒ රසය එන්න දාන ජාතිය? අසීමිත ආදරය..//
ඔය කතාවම මාත් අහල තියෙනවා. මටත් හිතෙනව ඒක ඇත්තයි කියල.
බුදු හාමුදුරුවො ඌරු මස් කෑ එක ගැන නොයෙක් මත තියෙනව. මම අහල තියෙනව ” සූකර මද්දව” කියල. ඌරන් ලගින වලක හැදුනු හතු වගයක් වැළඳීම නිසා බුදු වහන්සේ අසනීප වූ බව.
ඔබට දිය යුතු පිළිතුර සිරිබිරිස්ට ගොස් ඇත.
hii nihal aiye…. (nihal aiya kiwwata man hitanne ape tattage wayasa witara wenna ona…)
dannam man me blog ekata addict, browser eka book mark karala tiyanne hamadama udeta office awama me blog ekai rangage mage lokaya blog ekai balala tamai,,, wada patan ganne,,,,,,hamotama oya wage liyanna baha,,,, u hv the talent,,, mona kunuharupaya liwwat patta lassanai,,,kiyawanna asa hitenawa… attama sira,,,, hamadama alut post ekak balanna puluwan wei kiyala prattana karanawa,,,, wish u all da best
ඔයා හරි. මම දැන් තරුණයෙක් නෙවෙයි. ඒත් හිතින් තරුණයි. ප්‍රතිචාරයට පිං
Wow! Nice, as usual
Hello.. as usual you made the first comment. Thankx.