මෙලොව ජීවත් වන සෑම මනුෂ්‍යයෙක්ම කුමක් හෝ උමතුවකින් පෙළේ යැයි මීට අවුරුදු 3000 කට පමණ පෙර බුදුන් වහන්සේ දේශනාකර ඇත.මෑත කාලයේ මිනිස් මනස ගැන පර්යේෂණ පවත්වා පොත් පත් ලියූ සිග්මන් ෆ්‍රොයිඩ් පවා එය සනාත කර ඇත.
මම ද යම් කිසි උමතුවකින් පෙළෙමි. එහෙත් යම් මට්ටමකට හෝ ලබා ඇති අධ්‍යාපනය, ජීවන පරිසරය සහ හැදියාව, එම උමතුවට පිටතට ඒමට ඉඩ නොදේ.
මා ඉගෙන ගන්න කාලයේ එකම බෝඩිම් කාමරයේ හුන් ගාල්ලෙන් ආ තිස්සයාද
උම්මත්තකයෙකි.ඔහු නිදා ගන්නේ දෙ අත් හිස මුදුනේ තබා ගෙනය. එහි ආගමික ස්වරූපයක් නැත්තේ ඔහු වරින් වර සිනා සෙන නිසාය. ඔහු උදේ මුහුණ සේදීමට, අනෙක අය නෑමට ගන්නා කාලයටත් වඩා කාලය ගනී. බෝඩිමෙන් පිටවන ඔහු විනාඩි පහකින් පමණ ආපසු පැමිණ ඔහුගේ සූට් කේසය ලොක් කර ඇත්දැයි පරීක්ෂා කරයි.
මා මේ ලිපිය ලියන්නේ දකුණු පළාතේ හිටි හැටියේ බිහි වී ඇති තමන් මෛත්‍රිය බුදුන් කියා ගන්නා පුද්ගලයා නිසාය.
ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මෙවැනි පුද්ගලයින් හිටි හැටියේ බිහිවේ. දැනට අවුරුදු 30 කට පමණ පෙර ඇමරිකාවේ ජීවත්වූ ඩේවිඩ් කොරෙෂ් ද එවැන්නෙකි. ඔහු කියා සිටියේ ඔහු ජේසු ( යේසුස් වහන්සේ) බවය. තියුණු නැහැය, ගිලුණු ඇස් සහ නිකටේ රවුලද නිසා මොහුගේ රුවද, ජේසුගේ පිංතූරයට සමානය.
ඔහුගේ දේශනාවල හරය වූයේ මත් ද්‍රව්‍ය සහ , ලිංගික චර්යාවය.
තරුණ සිත් වලට මේවා කාන්දම් වැනිය. මාස කීපයකින් අනුගාමිකයන් 30000 ක් පමණ එකතු කර ගැනීමට ඔහු සමත්විය. පසුව පොලිසිය කරන ලද වැටලීමකදී වැඩි දෙනෙක් දිවි හානි කර ගත්හ.
පසු ගිය වසරේ නේපාලයේද, බුද්ධ බෝයි යයි අයෙක් හිටි අඩියේ මතු විය. ඔහුගේ පෙනුමද අප දැකඇති බුදු රුවකට සමානය. පිං පාටය. මාස 6 ක් කිසි කෑමක් බීමක් නැතිව බවුන් වැඩූ
ඔහු ගැන දැන් කිසි සද්දයක් නැත.
කාල වකවානුව මට මතක නැත. ලංකාවේ එක් පුද්ගලයෙක් ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් පසුව ඔටුන්න හිමි ඔහුට යැයි කියමින් කොළඹ කටුගෙට කඩා වැදී එහි තිබූ සිංහාසනයේ වාඩි වී මහත් පෙරලියක් කළේය.
දැනට නෙදර්ලන්තයේ ජීවත්වන Remigius Jerry Kanagarajah යන අය ඔහු යාපනයේ ඔටුන්න හිමි කුමරා බව කියයි. see jaffnaroyalfamily.org
සමහරු පුරන් අප්පූගේ මුනුබුරන් බව කියයි. සමහරු දුටුගැමුණු රජුගේ මුණුබුරන් යැයි කියයි.
ඉන්දියාවේ සායි බාබා දෙස බලන්න.අපේ රටේ පන්සල් නොයන බෞද්ධයන් සායි වන්දනාව කරයි.
හිටපු ජනාධිපති J.R., ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක්වූ ජිමී කාටර් පවා සායි බාබාගේ
අනුගාමිකයන්ය.
කුමන උප්පරවැට්ටියක් හෝ දමා සායි තුමා අංග සම්පූර්ණ රෝහල්, විශ්ව විද්‍යාල සාදා ඇති බව මා අසා ඇත.යමෙකුට පිරිස් බලය තාවකාලිකව හෝ ලබා ගත හැකි නම් ඔහු වාසනාවන්තයෙකි.
මෙය බුදු කෙනෙකුන් තබා දේවදත්තයෙක්වත් පහල වීමට සුදුසු කාලයක් නොවේය. ගෞතම බුදුන් ලෙස බුදුවූ බෝසතුන් ඉපදීමට පෙර පස් මහ බැලුම් බැලුවේ එහෙයිනි.
කිතුණුවන් කියන්නේ දෙවියන් වහන්සේ විසින් වරින් වර පණිවිඩ කරුවෙකු හෙවත් ගැලවුම් කරුවෙකු මෙලොවට එවන බවය.ගෞතම බුදුන්ද, යේසුස් වහන්සේද එවන් පණිවුඩ කරුවෝය.
තවද ඊළඟට උපදින පණිවිඩකරු හෙවත් ගැලවුම්කරු හෙවත් මෙසායා උපදින්නේ කැස්පියන් මුහුද අවට රටක බව ඔවුන්ගේ මතයයි.
හීබ්රෑ බසින් මෙසායා – මෙසියා යන්න ඉන්ගිරිසියෙන් mercy හෙවත් අනුකම්පාව නොහොත් මෛත්‍රිය කියන අදහසයි.
මගේ මතකයේ හැටියට උගත් හිමි නමක් විසින් රචිත පොතක, මෛත්‍රි බුදුන් උපදින්නේ කස්සප නම් මුහුදක් අසබඩ පිහිටි රටක බව මා කියවා ඇත.
මේවා කෙතරම් එකිනෙකට සමානදැයි බලන්න.
මෙසායා – මෙසියා- මර්සි– අනුකම්පාව – මෛත්‍රිය..
කැස්පියන් මුහුද – කස්සප මුහුද…
ඒ වගත් එසේ නම් මේ සිරිවර්ධන මහතාට මෛත්‍රි බුදුන්ගේම පිහිටයි.
සබ්බේ සත්තා උම්මත්තකා….
බුදු බණ කෙතරම් නිවැරදි ද ?….
😀
Budu Rajananwahanse deviyange paniwudakaruweki yannata mama tharaye wirudda wemi.
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මමත් දේවවාදියෙක් නොවේ. බුදුන් පමණක් නොව සායිබාබා ද මෙවන් පණිවිඩ කරුවෙක් යයි කීමට මම කැමතියි. සායි තුමා මට මැජික් කරුවෙක්. එහෙත් බලන්න ඔහුගේ දේශනා හෙවත් පණිවිඩයට සවන් දීමට කී දෙනෙක් – මිලියන ගනනාවක් – ඔහු වටා රොක් වුනාදැයි කියා. ඔබ අවට ඇති සමහර දේ ගැන සිතා බලන කොට සර්ව බලධාරී මැවුම් කරුවෙක් ඇතැයි ඔබටම සිතෙනු ඇත. යළි හමුවෙමු.
බුදුහාමුදුරුවෝ දේශනා කරල තීන්නේ යතාර්තවාදියා හැර සබ්බේ සත්තා උම්මත්තකා කියලාද?