දූ දරුවෝ


ලීලාවතී රෑ මැදියම ඇහැරුනේ තම සැමියා , වීරසිරි කෙඳිරි ගානු අසාය. ඇය වේලාව බැලුවාය. රෑ 12.30 යි.
” ඇයි මොකද ?”
” පපුව ටිකක් රිදෙනව”
” මං සිද්ධාර්තෙ ටිකක් ගාල අතුල්ලන්නද? වාත අමාරුවක් වෙන්නැති. ඔය ඇලේට නිදා ගත්තාමත් ඔහොම වෙනව. කොයි එකටත් මං උදේට සුදු ලූනු ටිකක් තම්බල දෙන්නම්”
ලීලාවතී , වීරසිරිගේ පපුවේ තෙල් ගා ටිකක් පිරි මැද්දා. මොහොතකින් ඔහු ආයෙම නින්දට වැටුනා.
පහුවදා උදේ ටිකක් පරක්කු වෙලයි වීරසිරි ඇහැරුනේ. උදේ 9.00 ට විතර. ලීලාවති නැගිට කුස්සියේ වැඩක යෙදෙමින් හිටියා.
” මං ඊයේ හොඳටම බය උනා. මං මැරෙන්ට බය නෑ. එක අතකට මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි ඒක. මට දුක ඔයා ගැන. ඔයා තනි වෙනව.”
” මූසල කතා කියන්නෙපා .. උදේ පාන්දර”

” නෑ ඊයේ මට ලොකු බයක් දැනුනා. මම හීනයක් දැක දැක හිටියෙ. මං වත්තක් මැදින් ඇවිදිමින් හිටිය. ගහ කොළ , කොල පාටට දැක්ක. හුළඟට හෙල්ලුනා. එක පාරට අර හෙල්ලෙන ගහ කොළ නැවතුනා. මට ඇවිද ගන්නත් බැරුව ගියා. ඒත් එක්කම පපුවේ ඇවිලිල්ලක් ආවා.”
ලීලාවති කුස්සියේ ජනේලය ඇර බැලුවේ ඇයට ඇහුනු සද්දයක් නිසාය.
” අන්න අර මිනිහ අදත් කොස් කඩා ගෙන යනව. ඔහේ බලා ඉන්නව ඇරෙන්න වෙන් මක් කොරන්නද?”
” එහෙම කොහොමද?.. ඉන්න මං දෙකක් කතා කරන්ට”
” මෙන්න මෙහෙට වෙලා ඉන්ට.. පුළුවන් දෙයක් ඕන කරන්ට”
” ඕයි… ඕයි…මොනවද උස්සගෙන යන්නේ…හ්.. ඕවට අයිතිකාරයෝ ඉන්නවා…”
” අනේ මහත්තයෝ.. මේ දවල්ට කන්ට කොස් ගෙඩියක් කඩා ගත්ත”
” අපි ඉන්නෙ ගෙදර. හොරකම් කරන්නෙ නැතුව අහල හිටිය නං අපි එපා කියනවද ?”
” ගස් යට වැටිල කුණු වෙල යන එකනේ.. කියල හිතුව”

” දැන් හොරු වැහි වැහැල.. පොලිසියේ ලොකු මහත්තයා අපේ රට ඉන්න පුතාගේ යාළුවෙක්. මං එක කෝල් එකයි දෙන්නෙ.. කුදලගෙන ගිහින් ඉල ඇට දෙක තුනක් කඩල දායි… ඕං බලාගෙන”
” කාටද වීරසිරි උන්නැහේ උදේම කෑ ගහන්නේ ?” වීරසිරි කෑගහන සද්දෙට අල්ලපු වත්තෙ පෙරේරා ඉස්කෝලෙ මහත්තයත් ආව.
” පුතා ඊයෙත් කෝල් එකක් දුන්නා… මොනව හරි තියෙනව නං පොලිසියේ ලොකු මහත්තයට කතා කරන්න කියල.. මුං දන්නෙ නෑ මගෙ හැටි”
” මම මේ බබා දහම් පාසැල් එක්ක යනව.. ඊයෙ ආවෙ. ලොකු දුවගේ පොඩි එකා”
*************************************
අපේ මහත්තයට මතකද මන්ද… අපේ පුතයි දුවයි පුංචි කාලෙ.. පුතාට පොඩි නැෂනල් එකයි , දුවට ළමා සාරියයි අන්දවල දහම් පාසල් එක්ක යනව”
” මොකෝ මට මතක නැත්තෙ ? මං මැරිල උපන්නයැ?.. මං හිතන්නෙ පුතාට 10 යි.. දුවට 8 යි”
” හිනාත් යනව මතක් වෙන කොට..ළමයි දෙන්න බලෙන්ම දහම් පාසලට දාල ඔයා ගෙදර එනව. ඊට පස්සෙ අපි දෙන්න විතරයි ගෙදර. ඔයා මට කරන ඒව.. සමහර දාට මට ඔයාගෙ මූණ බලන්නත් ලැජ්ජයි. කොහෙන් ඉගෙන ගෙනද මන්ද ?”

” ඇයි ඔයා නිකම් ඉන්නවද ? කොහෙන් ඉගෙන ගෙනද මන්ද ?”
” අනේ කාලේ වනේ වාසේ කිව්වලු”
” වෙන මොනවද ඔයාට මතක?”
” ඇයි.. ඔයාට නිතරෝම තේ බොන්න ඕන. මං තේ එක හදල දෙනකං මේං මෙතන කවුන්ටරේ උඩ වාඩි වෙලා ඔහේ මොනව හරි කියවනව. මගෙ තේ එක රහයි කියල ආයෙ ඉල්ල ගෙන බොනව”
” පුතා කාලෙකින් කතා කලේ නෑ. අනේ ඒ ළමයිටත් වැඩ ඇති. ආයෙ කතා කළාම මටත් දෙන්ට ටිකක් කතා කරන්ට”
” නිතරම කතා නොකලාට චෙක් එක නං වරද්දන්නෙ නෑ. ඔය ගිය මාසෙත් එවල තිබ්බෙ ඩොලර් 100 ක්ම.. මේ මාසෙ පැන්ෂන් එක ගන්න ගියාම ඒකත් මාරු කරල පොතටම දානව”
” වීරසිරි අන්කල් පුතාට කියල ටිකක් වැඩි පුර ගෙන්න ගන්නකෝ.. දැන් රුපියල් 125 ක් ගේවනවා ඩොලර් එකකට”
එහෙම කිව්වෙ ලංකා බැකුවෙ වැඩ කරන ජයසූරිය. පෝලිමේ ඉන්නෙ නැතුව ඉක්මණටමට වැඩ ටික කරල දෙන්නෙ ජයසූරිය ළමය”
” අනේ පුතේ.. මගෙ පුතාට එහෙම වැඩිපුර එවන්න බැරි කමක් නෑ. අපෙ පුතා කියන කතාව ඇත්ත. මිනිහ උපාධියට කෙරුවෙ ආර්තික විද්‍යාවනෙ.. ඒ ළමයින්ට අපිට වඩා තේරෙනව”

දවසක් වීරසිරි ඒ කතාව කිව්ව පුතාට ටෙලිෆෝන් කල වෙලාවක.
” තාත්තෙ.. මට 100 ට 200 ක් එවන්න බැරි කමක් නෑ. ඒක තාත්තලටමයි හොඳ නැත්තෙ. මෙහෙම හිතමුකෝ.. මම 100 ගානෙ ඒවනවා හැම මාසෙම. මේ උදාහරණයක් විතරයි.. තාත්තා සීනි ග්‍රෑම් 500 ක් ගේනවා. මාසෙකට. මම 200 ක් එව්වොත් .. තාත්තට සල්ලි වැඩි. තාත්තා සීනි කිලෝ එකක් ගන්න පුරුදු වෙනව. හදිසියේ මට අසනීපයක් හැදුනා.. මම මැරුණයි කියල හිතමුකෝ.. තාත්තලට මොකද වෙන්නෙ..ආපහු ග්‍රෑම් 500 ට පුරුදු වෙන්න අමාරුයි නේද ?”
” ඒත් පුතේ.. මට පුතා ගෙන් සල්ලි එපා.. අම්මටයි , මටයි හොඳටම ඇති මගේ පැන්ෂන් එක. මේ ගමේ මිනිස්සු කියන කතා…..”
” තාත්තලගෙ රට දියුණු වෙන්නෙ නැත්තෙ ඔන්න ඕක නිසා.. හැම දේම වෙන්න ඕන ගමේ මිනිසුන්ට , පිට මිනිසුන්ට ඕන විදියට. ඒකට මෙහේ .. අල්ලපු ගෙදර මිනිහ මැරිල කුණු වෙන තුරු කවුරුවත් දන්නෙ නෑ”
” එහෙම ජීවත් වෙල ඇති පලේ මොකද පුතේ…? අපේ ගෙදර ටිකක් රෑ වෙන කං ලයිට් පත්තු උනොත් අඩු ගානෙ දෙතුන් දෙනෙක්වත් ඇවිල්ල අහනව මාමෙ – නැන්දේ තාම නිදි නැද්ද කියල?”
” පුතා මේ අවුරුද්දෙවත් එනවද ? අනේ කට්ටියම එන්න.. මට ආසයි පොඩි පැටව් ටික බලන්න. දැන් තුන් දෙනෙක්ලු නේද ?”
” ළමයි එක්ක ඇවිල්ල කොහොමද තාත්තෙ ? ඉන්නෙ කොහේද ? අඩු ගානෙ හොඳ වැසිකිලියක්වත් තියෙනවද?… මං කියන්නම්.මගෙ හිතේ කාලෙක ඉඳල මේක තිබුණේ. තාත්තගෙන් අහන්න. ඔය ගේ අම්මටයි ,තාත්තටයි ලොකු වැඩි. වෙල මැද තියෙන්නේ. මං වැකේෂන් බන්ග්ලෝ එකක් හදන්නම්. අපට ආ දාක හෝටල් වල නවතින්න ඕනත් නෑ. මෙහෙන් එන මගේ යාළුවන්ට කුලියට දීල හොඳ ගානක් හොයා ගන්නත් පුළුවන්. තාත්ත මොකද කියන්නේ ?”
” බලමුකෝ”
ආයෙම දවසක වීරසිරිගෙ පුතා ටෙලිෆෝන් කලා.
” තාත්තෙ .. අර මම කීව වැඩේ කොහොමද ? මම හැමදාම ලංකාවෙ නිවුස් බලනවා. හැමතැනම මිනී මැරුම්. තාත්තල ළඟ සල්ලි ඇති කියල හිතල කවුරු හරි අම්මටයි තාත්තටයි කරදරයක් කරන්න පුළුවන්.
මගෙ යාළුවෙක් ඉන්නවා. වත්තල. මූද අයිනෙ එයාගෙ වැකේෂන් හෝම් එකක් තියෙනවා. අම්මටයි තාත්තටයි ටික දවසක් එහේ ගිහින් ඉන්න පුළුවන්. හැම දේම එයාල බලා ගනී. ඒ අතරතුරේ මං තාත්තල ඉන්න ගෙදර වෙනස් කරල ගන්නම් ටුවරිස්ට් හොටෙල් එකක් ගානට. තාත්ත කැමතියි නේද?”
” පුතාගෙ කැමැත්තක්.. මං ඕව යනකොට අර ගෙන යනවායැ”
එක්තරා උදෑසනක කිරිපාට ටොයොටා හයී-ඒස් වෑන් එකක් වීරසිලගෙ වත්තට හැරෙව්වා.

” මිස්ට වීරසිරි.. මිස්ට වීරසිරිගෙ පුතා මගෙ හොඳ යාළුවෙක්.. මං සේරම බලා ගන්නම්. අපි යන්න ලෑස්ති වෙමු. කිසි දෙයක් ගන්න එපා. වටිනා ලියකියවිලි තියෙනවා නම් ඒවයි ,ඇඳුමුයි ගත්තාම ඇති”
වීරසිරියි , ලීලාවතියි රැගත් ටොයෝටා හයි ඒස් එක මීගමු පාරෙ ටිකක් දුර ගිහින් වත්තල හරියෙදි මූද පැත්තෙ පොඩි පාරකට හැරෙව්ව. ලොකු දිග තාප්පයක්. රතු පාට , දම් පාට බෝගන්විලා මල් වලින් පිරුනු තඹ පාට නාම පුවරුවේ ” වැඩිහිටි නිවාසය” කියල ලොකු අකුරෙන් ගහල තිබුනා.
” ඈ ලීලෝ.. මේක මේ මහළු මඩමක් නේද? අපෙ පුතා ඇයි අපි මහළු මඩමකට දාන්නෙ ඇයි? අපි යමු ආපහු”
” කලබල නොවී අපි ටික කාලයක් ඉමු. වෙනසකටත් එක්ක, නැත්නම් පුතාගෙ හිත නරක් වෙයි.”
” අන්න හරි.. අම්මට තේරෙනවා.. පුතා අපට අවුරුද්දකටම සල්ලි ගෙවල තියෙන්නේ. මෙහේ කිසි කරදරයක් නෑ.”
” නෑ…හ්.. මහත්තයො… මහත්තයා අපේ පුතත් එක්ක ඒ ගනු දෙනු බලාගන්න. අපි මහළු මඩම් වල ඉන්න ඕන අය නෙවේ. මම ආණ්ඩුවේ හොඳ රස්සාවක් කල කෙනෙක්. මට හොඳ පැන්ෂන් එකක් ලැබෙනවා”
ලීලාවතියි , වීරසිරියි ආපසු ගෙදර ආවා.
” ඕං කා එක්කවත් එහෙම කියන නෙවෙයි අපි ගිය ගමන. ඒක අපේ ළමයින්ට හොඳ නෑ.. අපේ ළමයින්ගෙ වැරදි , අඩු පාඩු පිට මිනිස්සු එක්ක කියන්න ඕන නෑ. විශේෂයෙන් අල්ලපු වත්තෙ පෙරේරලත් එක්ක”
” ඔයා තමා කතාවට ගියාම කට පරිස්සම් කර ගන්න ඕන. කියන්න ගියාම ඕන දේත් කියනව.. එපා දේත් කියනව පිට මිනිස්සු එක්ක”
පසුවදා වීරසිරියි ,ලීලාවතියි ඇහැරුනේ එක දිගටම දුරකතනය නාද වීම නිසයි.” පුතා වෙන්නැති… මට නම් බෑ .. ඔයාම කතා කතා කරන්න. දැන් එහේ රෑ. අපිට බනින්නද දන්නෙ නෑ කතා කරන්නෙ”
” තාත්තෙ.. මම නරකක්ද කරන්න හැදුවෙ? ඔය ගෙදරට වෙලා ඉන්නවාට වඩා නරකද එකම වයසේ කට්ටියත් එක්ක විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න එක. මාසෙකට සැරයක් දොස්තර ඇවිල්ල බලනව. හොඳ කෑම වේලක් ලැබෙනව. TV තියෙනවා. පුස්තකාලයක් තියෙනව”
” ඒත් පුතේ ඒක මහළු මඩමක් නේ ? ඇයි අපි එහෙම තැන් වල ඉන්නෙ.. පුතා එවන සල්ලි නැතුවත් අපි දෙන්නට මගේ පැන්ෂන් එක ඇති ජීවත් වෙන්න”
” මඩම?.. තාත්තලගේ ඔය වචන තමා ප්‍රශ්නෙ. මහළු මඩම.. අනාත මඩම , ගනිකා මඩම?…..ඒක adult care center එකක්. බලන්ට එපායැ මෙහේ.. තාත්තලගෙ වයසෙ අය ඒවට වෙල කොච්චර විනෝදෙන්ද ඉන්නෙ කියල.. මං දන්නෑ.. ඕන එකක් කර ගන්න.. හදිසියේ ලෙඩක් දුකක් හැදුනා.. කවුද බලන්න ඉන්නෙ…තාත්තලට මෙහේ ඇවිල්ල ඉන්නත් බෑ”
” පුතාට කේන්ති ගිහින්.. අද ඔයා ගැන ඇහුවෙත් නෑ”
” ඒකට කමක් නෑ.. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද ? අපි කාත් කවුරුවත් නැති අයද? ඔයාට මම ඉන්නවා.. මට ඔයා ඉන්නවා..”
” පෙරේර ඉස්කෝලෙ මහත්තය වාසනාවන්තයි. දුවල දෙන්න සති අන්ත වල මාරුවෙන් මාරුවට එනව. බැරි වෙලාවත් ආවෙ නැත්නම් මහ දෙන්න යනව එයාල බලන්න.. බලන්න එපායැ.. පෙරේරා පොඩි උන් එක්ක මිදුලේ සෙල්ලම් කරන හැටි..
අනේ මගෙ ළමයි.. කොහොම ඉන්නවද.. වෙලාවට කනව බොනවද ?… මේ මුළු ගේම මූසල පාටයි.. පාළුයි.. තෙතයි..’
” අපි ලොකු පවක් කරල ඇති.ඔයාට මතකද.. දවසක් අපෙ බැළලි පැටව් ගහල.. ඔයා කඩදාසි බෑග් එකක දාගෙන ගිහින් උන් කොහාටද දාල ආව?”
” ඔයාමනෙ කිව්වෙ පන්සල් වත්තට ගිහින් දාන්න කියල.. මම ඊටත් එහා ගිහින් දැම්ම. නැත්නම් උන් පාර හොයා ගෙන එනව.”
” ඒවයෙ විපාක තමා මේ.. ගිය ආත්ම වලත් අපි දෙන්නම එකතු වෙල ඔය වාගෙ අසප්පුරුෂ වැඩ කරල ඇති.. “බණ නම් නිබොරුය මුනිවරයින්නේ…”……මේ අනික් පදේ මට කල්පනා වෙන්නෙ නෑනෙ”

හදිසියේම දවසක් උදේ වීරසිරි අසනීප උනා. ඇඳෙන් නැගිට්ටෙ බොහොම අමාරුවෙන්. දෑස් නිලංකාර වෙලා නොපෙනී ගියා. ආපහු ඇඳ උඩටම කඩා වැටුනා. ඇඳ විට්ටමේ ඔලුව වැදුනා.කට පැත්තකට ගියා. කතා කර ගන්න බැරුව ගොත ගැහුනා.
ලිලාවතී , අහල පහල අයගෙ උදව් ඇතුව වීරසිරි ඉස්පිරිතාලෙ අරන් ගියා.

” හොඳ වෙලාවට ලෙඩා ගෙනාවෙ. තව පැයක් පරක්කු උනා නම් මොනව වෙයිද කියන්න බෑ. තව ටික දවසකින් ලෙඩා ගෙදර ගෙනියන්න පුළුවන්. ඇස් පෙනීම දැන් සතුටුදායකයි. ඒත් දකුණු අතයි ,කකුලයි නම් අප්‍රාණිකයි. අපට මීට වඩා යමක් කරන්න අමාරුයි මේ වයස ප්‍රශ්නෙ නිසා. බලන්න සිංහළ වෙදකමක්වත් කරල”
” අනේ දොස්තර මහත්තයෝ.. එහෙම නම් පිටරකට හරි ගෙනියන්න අපට ලියුමක් දෙන්න. අපේ පුතා ඇමරිකාවෙ.. දුව ඔස්ට්‍රේලියාවෙ. ළමයින්ට කිව්ව නම් දුව ගෙන එයි.”
” එච්චර දුර ගෙනියන එක හොඳ මදි අම්මේ”
ලීලාවති බලා ගෙන හිටිය පුතා කතා කරයි කියල. දුව නම් ඉතින් කවදාවත් කතා කරන එකක්යැ. සුදු මහත්තයෙක්නෙ බැඳල ඉන්නෙ. නීති තද ඇති. නැත්නම් කතා නොකර ඉන්නෙ නෑ.. අනේ .. ඒ ළමයින්ටත් වැඩ ඇති නේ..”
” ලීලෝ.. මේ වැඩෙ ඉක්මණට ඉවරයක් කරන්න ඕන.. මේ ගේයි , ඉඩමයි ළමයි දෙන්න නමට ලියල දාන්න ඕන. නොතාරිස්ටයි , සාක්කියට අස්සන් කරන්න ඉස්කෝලෙ මහත්තයටයි එන්න කියන්න හෙට අනිද්දටම”
” මං ඔයාට ජීවිත බුත්තිය තියලයි ලියන්නෙ.. මගෙ අකවුන්ට් එකෙත් සල්ලි ටිකක් ඇති”
” මා ළඟත් සල්ලි ටිකක් ඇති.. මං වෙනම එකතු කළා අපි දෙන්නට දඹදිව යන්න කියල හිතා ගෙන”

වීරසිරි දොට්ට පිලට ගියෙත් අමාරුවෙන්. ඇඳේ එකම පැත්තකට වෙලා ඉඳල පිට පැත්ත තුවාල වෙලා වණ උනා. ලීලාවතී එහා ගෙදර රංජිතුත් අල්ලගෙන සුමානයකට සැරයක් විතර වීරසිරි නාවල , පිරිසිදු කරල පිට කොන්දට පව්ඩර් දැම්ම.
” ඈ ලීලෝ.. ඔයාට බුදු බව ලැබෙනව මගෙ කැත කුණු අත ගානවට. ඔයත් තව කී දවසක් මේක කරයිද ?”
එක දවසක් වීරසිරි ඇඳේම මළ පහ කර ගෙන තිබුන. උදේ තේ එක දෙන්න ගිය ලීලාවතීගෙ නැහැය ඉබේම ඇකිළුනා. වීරසිරි ඒක දැක්ක.
” මම මොනව කරන්නද ? අපි අර පුතා ලෑස්ති කරපු දේට කැමති උනා නම්… මට උදව්වක් කරන්න. ඔයාට පව් නෑ. මේ කොට්ටෙ මගෙ මූණට තියල ටිකක් තද කර ගෙන ඉන්න.”
” චිහ්.. පව් කතා.. අවුරුදු 40 ක් 50 ක් ඔයාගෙ පස්සෙන් වැටී ගෙන ආවෙ ඔය ටික අහ ගන්නද ? මට පුළුවන් තරම් කල් කරන්නම්”

අහල පහල කවුරු හරි අල්ල ගෙන ලීලාවති තම සැමියා ඇඳ පිටින්ම ගේ පිටු පස මිදුලට අරන් ගිහින් , වතුර උණු කරල නෑව්වා. පුළුවන් විදියට පිරිසිදු කළා.
” පුතේ.. රංජිත්.. අද මාමව නාවන්න ඕන.. මේ අව්ව තියෙන වෙලාවෙ..”
” අනේ නැන්දෙ.. මම මේ ගමනක් යන්න ලෑස්ති වෙලා. වෙන කාට හරි කියන්න. තව කී දවසක් මේක කරන්නද ?”
“ජරාව මොනවත් නෑ පුතේ… මම සුද්ද කළා. ඇඳ එළියට අරන් දුන්නොත් ඇති.”
” කතාව නම් ඩොලර් වලින්… ඇයි දරුවො දෙන්නෙක්ම ඉන්නව නේද ? සල්ලි කාරයෝ.. ඇයි වැඩට කවුරු හරි ගන්නෙ නැත්තෙ? මේ ජරාව කර ගහල වැඩට ගියාම දවසම මස්ත බාල්දුයි.”
එදා රෑ වීරසිරි නෙස්ටොමෝල්ට් එකක් හදල ඉල්ලුව. ඒකෙනුත් හැඳි දෙකයි බිව්වෙ. ලීලාවතී , ඇඳ උඩ එලල තිබුනු රෝස පාට රබර් ෂීට් එක ටිකක් එහාට කරල තම සැමියට හේත්තු වෙලා නිදා ගන්න උත්සාහ කළා.
පසුදා…” පුතේ.. රංජිත්….”
” ඇයි අද මොකද ? ඊයෙත් නෑව්ව නේද බබා?”
” පුතේ.. මාම ටිකක් එක විදියකට නිදා ගෙන ඉන්නව.. හුස්ම වැටෙන්නෙත් නෑ. ඇවිල්ල බලනවද ටිකක්?”
රංජිත් උදේ වැඩට යන්න ලෑස්ති වෙල, කමිසෙ බොත්තම් පියවමින්ම දුව ගෙන ආව.
” නැන්දේ.. පොඩ්ඩක් ඔහොම ඉන්න , මම ඉස්කෝලෙ මහත්තයයි , වෙද මහත්තයයි එක්ක එන්නම්”
විනාඩි කීපයක් ඇතුළත ගමේ කට්ටිය විස්සක් විසි පහක් විතර ගෙදරට පිරුනා.
” ලිලාවතී නෝනෙ.. හිත කලබල කර ගන්න එපා.. ලෙඩාගෙ පණ ගිහින් දැන් පැය තුනක් විතර වෙනව. අපි දුවටයි පුතාටයි එහෙම දැනුම් දීල අවමංගල කටයුතු හොඳින් කරමු.
ලීලාවතී පුටුව උඩ ඉඳ උනා. උගුර කට වියලී ගියා.

” ඉස්කෝලෙ මහත්තයෝ.. දුවටයි පුතාටයි ෆැක්ස් කරන්න ඕන. මතක ඇතුව ඉංග්‍රීසියෙන් ලියන්න. පත්තරේට දාන්නත් ඕන. ඉංග්‍රීසි පත්තරේට. කාට හරි කියල වීඩියෝ කර ගන්නත් ඕන. බැරි වෙලාවත් එක්කෙනෙකුට හරි වෙලාවට ඒ ගන්න බැරි උනොත්.. ලේසි පාසු දුරක්යැ.. නිවාඩු ගන්න ඕන. වීසා ගන්න ඕන.
පත්තරේට දානකොට අපෙ මහත්තයා වැඩ කරපු දෙපාර්තමෙන්තුවෙ නම දාල වරහන් ඇතුලෙ විශ්‍රාමික කියල දාන්න. පුතාගෙ නම දාල වරහන් ඇතුලෙ ඇමරිකාව කියලත් දාන්න ඕන. මුණුබුරන්ගෙ නම් මට මතක නෑනෙ”

” නැන්දේ.. හවස 5.30 ත් උනා. දෙන්නගෙන් කවුරුවත් එන පාටක් නෑ. ඉර බැස්සට පස්සෙ මිනිය උස්සන්න බෑ. අපි මේ කටයුතු ඉවරයක් කරල දාමු නේද ?”
ආගමික වතාවත් වලින් පසුව කීප දෙනෙක් ගුණ කතා කීපයක් පැවැත්තුවා.
මළානික හිරු ගේ දුර්වල අවසන් අව් රැල්ලත් කඳු අතරින් මැකී යද්දී මිනී පෙට්ටිය වල තුලට බෑවුනා. ලීලාවතී ආයෙමත් පාර දිහා බැලුවා. අවසන් මොහොතේ හෝ තම දරුවන් බලා පොරොත්තුවෙන්.

මං කවදාවත් ඔයාට වරදක් කරල නෑ. අපි දෙන්න අවුරුදු 40 කටත් වඩා එකට ජීවත් උනා. කවදාවත් උඹ නොදකින් කියා ගෙන නෑ. අපි කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් උනු අය. ඔයා දැනටමත් හොඳ තැනක ඉපදිල මා දිහා බලන් ඇති.
මද සුළඟට ලෙල දුන් සුදු කොඩි වැල් , ගොක් රැහැන් , මැයි මාර ගහේ අතු එක්වරම නැවතුනා.

” ඔය දෙන්න පතා ගෙන ආ හැටි වෙන්නැති” කවුදෝ කිව්ව.

නිමි

Posted in Uncategorized | ප්‍රතිචාර 21

චූ


chuuuuuuuuuuu
චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්.
මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය.
” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක
පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය.

ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය
එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය.

උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා පන්තියේදී
” උත්ස්වේදන චූෂණය” ගැන උගන්වන විට මට ඉබේටම
හිනා ගියේය.
” පිටු පසින් උන් නවරත්න සර්..”ඇයි කුණුහරපයක් වගේදැයි”
අසා මට හොඳවායින් ටොක්කක් ඇන්නේය.
පන්තියේ සිටි කොලු කෙල්ලන් රොත්ත මට ” චූසකේ” යයි
නමක් පට බැන්දෝය.
ඊට පසුවද සත්ත්ව විද්‍යාව පන්තියේදී ” චූෂකර”
ගැන ඉගැන්වෙන විට මගේ මූණ ඉබේම රත් පැහැ ගැන්වේ.
“චූ” යන්නෙන් පටන් ගන්නා හැම වචනයකින්ම ගම්‍ය වන්නේ
කුඩා යන තේරුමයි
චූටි බබා , චූටි මැණිකේ , චූටි ගමරාළ , චූටි මාමා,
චුට්ටං බට්ටිච්චා , චූටි මහත්තයා වාගේය.
චුලා සහ චූලරත්නගේ සයිස් එක කොහොම වෙතත් ඒ කාලේ
මහියංගනයේ සිටි චූලෝදර රජතුමාට තිබුණේ චූටි බඩකි
චූල + උදර

චූ යන්නෙන් නම පටන් ගන්නා මිනිසුන්ද කුඩා අයයි.
චූ – එන්- ලායි.

chu , bu , su සහ fu එකම පවුලේ සොහොයුරන් ඇමරිකාවට
සංක්‍රමණයවී ටික කලකින් පුරවැසිකම් ලබා ගැනීමට සමත් විය.
පසුව එම නම් ටිකක් funny වගේ යයි ඔවුන්ටම තේරුන නිසා ටිකක්
americanize වීමට තව අකුරු දෙකක් අගට එකතු කර නම් වෙනස් කර
ගැනීමට ඔවුන් තීරණය කළෝඅය.
ඒ අනුව අගට c , k අකුරු එකතු කරගෙන , bu , buck විය
chu , chuck විය. su සහ fu ආපසු චීනෙටම ගියෝය.

නුවර පෙරහැරේ ගමන් කළ ඇතෙකුගේ චූසකේ දුටු කුඩා ළමයෙක්
පුදුමයට පත්වී අම්මා ගෙන් , අම්මේ අර මොකක්දැයි අසා ඇත.
” ආ.. ඒක පුතේ සුළු දෙයක් යයි කියා ඇත.
පසු දාක කොටන් අදින අලියෙකුගේ චූසකය දුටු ඒ ළමයා
” තාත්තේ.. අර දැක්කද .. අර අලියගෙ සුළු දෙයක්”
” කවුද ඔයාට එහෙම කියල දුන්නේ ?”
“අම්මා”
” ආ.. ඔයාලගෙ අම්මට නං ඒක සුළු දෙයක් තමා” කීවේලු.

චූ සෞඛ්‍ය ජනක පානයකි. ඒ අනුන්ගේ චූ නොව තමන්ගේම චූය.
බුදුන් වහන්සේද උදෑසන අවදිවී තමන් වහන්සේගේ චූ ටිකක් පානය කළ
බව මා පොතක කියවා ඇත. එය “බුද්ධ බේත” නම් පොතකද සඳහන් වේ.
හිමිදිරි උදෙන්ම අවදිවී චූ ටිකක් පිටවෙන්නට හැර ඊ ළඟට එන චූ
මෙසේ පානයට සුදුසු බවද එහි රත්‍රන් පවා අඩංගු බවද කියැවේ.

80 ගණන්වල ලංකාවට ආ ඉන්දීය අගමැති මොරාජි දේසායි ද චූ පානය කළ කෙනෙකි.
අපේ උන් කතා මවන්නට දස්සයෝය. එතුමා , එතුමාගේ චූසකයට සේලයින්
බටයක් වැනි බටයක් අමුණා එහි අනෙක් කෙළවර එතුමා ඇඳගෙන ඉන්නා කබායේ
කෙලවරකට ක්ලිප් කර ඇති බවත් , තිබහක් දැනුනු විට ටිකක් උරා බොන බවටත්
අපේ උන් කතා හැදුවා.
දවසක් එතුමාට අරලියගහ මන්දිරයට ලන්ච් එකකට ආරධනාවක් ලැබුනා
එවිට අගමැතිව හිටි ප්‍රේමදාස මහතාගෙන්.
දේසායි වතුර ටිකක් ඉල්ලුවා. ප්‍රේමදාස වැඩි හොඳට , වීදුරුවකට චූ
කර දේසායිට පිළිගැන්වූවා. දේසායි එය රස කර බී තව ටිකක් ඇත්නම් හොඳයි
කියා කීවා. ප්‍රේමදාස , බාත් රූම් එකට ගොස් ෆුල් ට්‍රයි කළත් චූ ආවේ නැති නිසා
අපේ අය ආගන්තුක සත්කාරයට බොහොම දක්ෂ නිසාත් ආර්යාවට කතා කොට ඇගෙන්
චූ ටිකක් ලබා ගෙන දේසායිට පිළි ගැන්නුවා.
දේසායි එයත් බී.. ” පළමු එකට වඩා දෙවෙනි එකේ රස වෙනස්.. මොකද ඒ ?..”
එවිට ප්‍රේමදාස, ” ඉස්සෙල්ල එක ආවෙ ටැප් එකකින් , දෙවෙනි එක ආවෙ ළිඳකින්”
යයි කියා කීවේලු.
කුඩා පිරිමි දරුවෙක් තැන නොතැන නොබලා , ” තාත්තේ මට චූ බරයි” කීමට
පුරුදු වී සිටියා. මගුල් ගෙදරකදී , මළ ගෙදරකදී, පාටියකදී , බස් එකේදී
මෙහෙම අහන විට තාත්තාට හරි ලැජ්ජයි,
” පුතේ එහෙම කියන එක ටිකක් හරි මදි නේද ?”
” ඉතින් තාත්තෙ මට චූ බර උනාම මම වෙන මොනව කියන්නද ?”
” අපි මෙහෙම කියමු.. ආයෙ චූ බර උනාම , තාත්තෙ මම සිංදුවක් කියන්නද කියල අහන්න”
එතකොට මම දන්නවා. හරිද ? අපි එහෙම කරමු.
දවසක් මහ රෑ 2.00 ට විතර පොඩි එකා ” තාත්තෙ මට සිංදුවක් කියන්න ඕන”
තද නිදි මතේ සිටි පියා” මේ වෙලාවෙ මොන සිංදුද ?”
” අනේ තාත්තෙ ..”
” එහෙම නම් මගේ කණට කිට්ටු කරල සිංදුවක් කියන්න කියා පුතාට කිවාලු.

මේ සේරම කතා ඒ කාලේ හිටි ඉස්කෝලෙ යන කඩප්පුලි කොල්ලන් ගෙතූ කතා මිස
ඇත්ත කතා නොවේය.
චූ ඉතාම වැදගත් දෙයකි. රස්සාවක් කරන්නට නම් තමන්ගේ චූ ඉතා හොඳ විය
යුතුය. තමන්ට PHD එකක් තිබුණත් වැඩක් නැත චූ ටික අප්සෙට් නම්.

Posted in Uncategorized | ප්‍රතිචාර 12

රූකඩ


puppet

රූකඩ කියන විට එකවරම මගේ මතකයට එන්නේ අපේ නංගීය.ඈ නැටුම් කලාව හැදෑරීමට මහනුවර සරසවි කලායතනයටබැඳී , පළමු පාඩම ඉගෙන ගෙන , ගෙදරදී අප හැමෝම ඉදිරියේ නටා පෙන්නුවා.

එය දුටු තාත්තා :

” ඔය මොනවද ? ගෑණු ළමයි නටන කොට ලාලිත්‍යයක් තියෙන්න එපායැ… ඔය නටන්නේ රූකඩ”

හඬා ගෙන කාමරයට ගිය ඈ ඉන් පසු කවදාවත් නැටුම් හෝම් වර්ක් කළේ නෑ.

රූකඩ වලට ලාලිත්‍යයක් , නම්‍යශීලී බවක් නැත්තේ ඒ ( ලංකාවේ නම්) වේලන ලද කදුරු හෝ රුක් අත්තන ලීයකින් සාදා,ප්‍රධාන සන්ධි පමණක් හැසිරවිය හැකි ලෙස සාදන නිසාය.

ශ්‍රී ලංකාව , ඉන්දියාව , තායිලන්තලය , මැලේසියාව පමණක් නොව චෙකෝස්ලොවේකියාව වැනි යුරෝපා රටවලද ප්‍රචලිත දෙයකි ,රූකඩ කලාව. අපේ රටේ රූකඩ කලාවට ඉන්දියානු බලපෑමද
ලැබී ඇති නමුත් අපේ රූකඩ වල විශේෂත්වය වනුයේ එම රූකඩ සාමාන්‍ය ” ජීවී” ප්‍රමාණයටම සකස් කිරීමයි. නූල් රූකඩ , රිටි රූකඩ …ලෙස වර්ග කීපයකි. නූල් රූකඩ නැටවෙන්නේ ඊට යා කර ඇති නූල් , වෙනත් කෙනෙක් මගින් නැටවීමෙනි.

” කඩ ” යනු බාගයක් හෙවත් අඩකි. රූකඩය විසින් අඩක්ද , එය හසුරුවන්නා විසින් අඩක්ද ඉදිරිපත් කෙරෙන නිසා එයට “රූ… කඩ ” කියා කියයි. සමහර විට මෙහෙමත් මතයක් තියෙනවා.කඩක් කියන්නේ බාගයකට. මෙතැනදී කඩක් කියන්නේ ජීවමාන රූපයේ 2D නිර්මාණයකට. අර කිව්වා වගේ ලී පතුරු නිසා. පිළිම වගේ 3D උනානම් ඒවා නටවන්න අමාරුයි. ඒ නිසා ඒවා 3D කරේ ඇඳුම් අන්දලා. (3D විදියටම හදපු රූකඩත් තියෙනවා). සම්පුර්ණ නැති නිසා රූපය කඩක් උනා. රූපයේ කඩය රූ කඩ උනා.

විවාහ උත්සවයකට පැමිණි රූමත් කෙල්ලක් පැත්තකට වී බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටිනු දුටු තරුණයෙක් ඇය කතාවට අල්ලා ගැනීමට සිතා,

” ඔයාගෙ ගම අම්බලන්ගොඩද ?” කියා ඇසුවේලු.
” හරියටම හරි.. අයිය කොහොමද ඒක දැන ගත්තෙ ?”
” මම බලා ගෙන හිටියෙ රූකඩයක් වගේ ගොඩාක් වෙලා ,පැත්තක් බලා
ගෙන ඉන්නව”
කෙල්ලත් කටකාරියක්.
” අයියගෙ ගම පුත්තලමද ?”

ලංකාවේ විවිධ පළාත් විවිධ දේට ප්‍රසිද්ධයි. බිබිලෙ දොඩම්, නාවල අන්නාසි ( දැන් නම් එහෙම නැතුව ඇති ) බටලීයෙ කජු , පුත්තලමෙ බූරුවෝ වගේම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ වුනේ රූකඩ වලට. මා ඊ ලඟට රූකඩ ගැන ඇහුවේ ඉරිදා පත්තරේ විජේසෝමගෙ කාටුන් වලින්.

ඇමරිකන් කොඩිය සහිත තොප්පියක් පැළඳි යැංකියෙක් රූකඩයක් නටවයි. නටවන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව එකල මුදල් ඇමති වූ රොනී ද මැල් නටවයි. මෙලෙස ලෝක බැංකුව අනෙක් රටවල් ද නටවයි.

රූකඩ නටවන විට ඉතා පරෙස්සම් විය යුතුය. නූල කැඩෙනවාට වඩා බරපතල නූල් පැටලීමය.

වෙසක් පෝදාක රූකඩ සංදර්ශනයක් විය.” රතී වයන්නී , රඟා රඟන්නී තණ්හා ගී ගයතේ ” ගීය වාදනය වෙද්දී ,තණ්හා ,රතී සහ රඟා අපූරු රංගනයක යෙදෙයි. බුදුන් වහන්සේ බෝ ගස පාමුල භාවනා කරයි.
පළමු දර්ශනය නියාමාකාරයෙන් සිදු විය.
දෙවන දර්ශනය: ” රතී වයන්නී , රඟා රඟන්නී , තණහා ගී ගයතේ”
තණ්හා , රතී සහ රඟා එක පොදියට බෝ ගස යට භාවනා කරයි. බුදුන් සිවුර දෙපසට ඔසවමින් නටයි.
නූල් පැටලී ඇත.
හැම කලාවක්ම මිනිසා සඳහා විය යුතුය. හෙළයේ මහා සංගීතවේදී අමරදේව මෙන්ම විකටයෙකු ලෙස හංවඩු ගැසූ ෆ්‍රෙඩී සිල්වා ද අපූරු කලා කරුවෙකි. ෆ්‍රෙඩී ගැයූ හැම ගීතයකින්ම පාහේ සමාජයට යම් පණිවිඩයක් ලබා දෙයි.

ෆ්‍රෙඩී සිල්වා ගයා ඇති මේ ගීතය අසන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 5

අසම්මතයේ පෙම්වතුන්.


විල්ෆ්‍රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා.
” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා.
” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති”
“ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ”
විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් වසර 15 ක්. සැම්සන්ලත් ඒ ගානටම ඇති. විල්ෆ්‍රඩ්ලා නුවර , සැම්සන්ලා දකුණේ.

මට නම් අර මහ ගෑණි පේන්න බෑ” ඒ විල්ෆ්‍රඩ් ගේ ලොකු අක්කා. තාම බැඳල නෑ. බඳින වයස පැනලා.
” ඒත් අක්කේ ඒ අපේ රටේම මිනිස්සු. මෙහෙ ආශ්‍රය කරන්නවත් හරි හමන් කෙනෙක් ඉන්නවද ? මූණට හායි – බායි ගෑවට.
” කොහොමටත් මට ඔය බෙන්තර ගඟෙන් එහා උන් පේන්න බෑ. අපේ මල්ලිගෙ කණෙන් රිංගයි”
” අක්කට පුළුවන් නම් මේ බවලතුන්ට කෝපි ටිකක් හදන් එන්න”
විල්ෆ්‍රඩ්ගෙ අක්ක මූණ පුළුටු කර ගෙන කුස්සියට ගියා. සැම්සන්ගේ බිරිඳගේ කෝපි එකට කෙළ ටිකකුත් ගැහුවා.

” කෝපි බොන කොට බඩ වේලනව කියන්නෙ බොරු අනේ. මට නම් සුවඳේ බෑ.. මේ ලංකාවෙ කෝපි.” සැම්සන්ගෙ බිරිය වයලා කෝපි කෝප්පේ රස වින්දා.
විල්ෆ්‍රඩ් රක්ෂණ සමාගමක අයිති කරුවෙක්. සැම්සන්ට 7-Eleven ස්ටෝර් 5ක් කැලිෆෝනියාවෙ තැන් තැන්වල තිබුනා. විල්ෆ්‍රඩ්ලටත් දුවයි පුතයි. සැම්සන්ලටත් හිටියෙ දුවයි පුතයි පවුල් දෙකේම ළමයිනුත් හොඳටම යාළුයි.දෙමාල්ලන්ගෙ අදහස වුනේ කවද හරි ආවාහ – විවාහ කටයුතු පවුල් දෙක අතරම සිදු විය යුතු බවයි.ඒ කියන්නේ විල්ෆ්‍රඩ්ගෙ පුතාට සැම්සන්ගෙ දුවත් , විල්ෆ්‍රඩ්ගෙ දුවට සැම්සන්ගෙ පුතාත්.. ඒ ළමයින්ගෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම තීන්දු කරල හමාරයි.

” තාත්තේ.. අන්කල්…… බායි.. අපි තව පැය දෙකකින් එනවා.
” මොකද ළමයිනේ ඔය ගවුම් වල කොට?”
” අපි යන්නේ ටෙනිස් ගහන්න නැන්දේ.. පන්සල් නෙවේ”
” ගෙදරටම නාකි වෙවී ඉන්නව රට තොට ගැන කිසිම දැනීමක් නෑ. විල්ෆ්‍රඩ්ගෙ දුව නීතා මුණු මුණු ගෑ දේවල් කාටවත් ඇහුනේ නෑ හොඳ වෙලාවට.

” පුතා , සුමේධ , මොනවද ඔයා හිතන්නෙ අපේ දුව නීතා ගැන”
” She is smart..gorgeous…assured”
” මම ඇහුවෙ ඒව නෙවේ.. අපි තීරණය කරල තියෙන්නේ පුතා අපේ දුව බඳින්න ඕන කියල”

” නන්නාඳුනන කෙනෙක් බඳිනවට වඩා නරකද දන්න කියන කෙනෙක්.. අපි හැමදා ඉන්නව ඔයාලගෙ පස්සෙන්….මගෙ බිස්නස් වලටත් හවුල් වෙන්න පුළුවන්…”

********************************************************************

” කොහෙද ළමයිනේ මේ රෑ වෙලා යන්නේ ?”
” අන්කල් අද ප්‍රොටෙස්ට් එකක් තියෙනව හොලිවුඩ් බුලවාඩ් එකේ.. අපි ඉක්මණට එනවා. රෑ කෑමට එනවා.”
” ප්‍රොටෙස්ට් එකක්.. කාට විරුද්ධවද ?”
” සෑම් ඔය එයාල යන්නේ අර සම ලිංගිකයන්ගේ පෙළපාලියකට.. විවාහ වෙන්න අයිතිය ඉල්ලල ඒ අය කෑ ගහනව”
සමහර ස්ටේට් වල දැනටමත් නීතියෙන් අවසර දීල තියෙන්නෙ .. තාම කැලිෆෝනියාවෙ විතරයි නැත්තෙ”

” ඉතින් මෙයාල එහෙම අය නෙවිනේ”
” අනේ මන්ද සෑම්.. මේ ළමයි එක්ක වාද කරල අපට දිනන්න බෑ. එයාල ෆයිට් කරන්නේ එයාලගේ යාළුවො වෙනුවෙන්”
” මට නම් නිකම් කුණුහරප වාගේ”
” මම ඔය ගැන ගොඩක් කියවල තියෙනව.. උත්පත්තියෙන් අපි හැමෝගෙම විරුද්ධ ලිංගික ගතිගුණ තියෙනවා. උදාහරණයක් කියනවා නම් මම මම පුංචි කාලෙ ආසයි අපෙ අක්කලගෙ ගවුම් අඳින්න. නියපොතු පාට කරන්න.. ලොකු වෙන කොට ඒ ගති මග ඇරිල යනව. ඒත් සමහරුන්ට එයින් අත් මිදෙන්න අමාරුයි.

” ඔව් මෙයාට මතකද අපෙ අයියගෙ වෙඩින්ග් එකට උයන්න ආව මිනිහ. මිනිහට කියන්නෙ මැනිකෙ කියල. සරම අඳින්නෙත් ගෑණු චීත්ත රෙද්ද අඳිනව වාගේ… පවු..”
” මෙහෙ ඒ වාගෙ අවුරුදු ගණන් එකට ජීවත් වෙන ජෝඩු ඉන්නවලු. නීතියෙන් අයිතියක් නැති නිසා එක්කෙනෙක් මැරුනාම අනිකාගෙ දේපල , 401K එකවත් අයිති වෙන්නෙ නෑල්ලු. ඔය වගේ දේවල් ගොඩාරියයි.
” එහෙම ගෑණු – ගෑණු ජෝඩුවලට කියන්නේ ලෙස්බියන්ලා කියලලු.. මට නම් disgusting .. නැද්ද අනේ”
” ඕකට ඔය තරම් නැහෙන්නේ මොකටද.. උන් අහිංසක අය. මම දන්න ලෙබනීස්ල කීප දෙනෙක් ඉන්නව”
” අනේ මේ .. අක්ක නොදන්න දේට කට නොදා ඉන්න. ලෙබනීස් නෙවේ ලෙස්බියන්”
****************************************************************************************************************

එදත් විල්ෆ්‍රඩ්ගෙ දුව නීතයි , සැම්සන්ගෙ දුව මායයි ටෙනිස් ප්ලේ කරන්න ගියා.
” අනේ.. අපි යමු.. මට නම් දැන් හොඳටම ඇති”
” අපි යමු චේන්ජ් කරන්න”
නීතාගෙ මූණ විඩාවෙන් රෝස පාට වෙලා. දෙන්නාම අත් පටලා ගෙන නාන කාමරයට ගියා.
” මායා.. මගේ ඇහැට මොකද්ද ගියා.. ටිකක් කෙවෙනව වාගෙ”
” ඉන්න මම පිඹින්නම්”
” දැං හරිද…. නීතාගේ ඇහැට පිම්බ මායා එක් වරම නීතාගේ දෙතොල සිප ගත්තා. නීතා තවත් ඊට අනුබල දෙමින් මායාට තුරුළු උනා.
” මොනවද ඔයා ඒ කලේ?.. මම තරහයි”
****************************************************************************************************
” අම්මා.. අද මායා අපේ ගෙදර නවතිනවා…
එදා නීතාත් , මායාත් අළුත් අත්දැකීම් කීපයක්ම රස වින්දා. පසුදා උදෙන්ම දෙදෙනාම පිබිදුනේ හරිම ප්‍රබෝධයකින් , හරියට මධුසමය ගත කළ යුවලක් වාගේ.
****************************************
” මට බඳින්න බල කරන්න එපා අම්මි.. මට තව කල් තියෙනව..”
” ඔයාට 26 යි. දන්නවද මම බඳින කොට මට 23 යි. පහු උනොත් ඔයාට හොයන්න වෙන්නේ නාකි මිනිහෙක්. 50 පැනපු පිරිමිත් ඉල්ලන්නෙ 18 ත් 20 ත් අතර කෙල්ලො. ඇයි ඔයා සුමේධට කැමති නැත්තෙ ?
” මගෙන් අහන්න එපා.. මම කවද හරි බඳින්නෙ මායා..”
” මොකද්ද කිව්වෙ? විකාරද ඔයාට?”
” ok .. ok…ok.. I am a lesbian OK… ? We are having 100% body contact.. ok ???”
නීතා කෑ ගහගෙන කාමරයට දිව ගියා. විනීතත් ඇගේ පස්සෙන්ම ගියා.. ඇයට හීනයක් වාගෙ ඇගේ කණට වැටුනු දේවල්
” හරි ඔයා මගෙ දුව… එතකොට මායා මගෙ කවුද? son-in-law වෙන්න බෑනෙ.
” ඒ ගැන එච්චර හිතන්න එපා. තවත් දුවෙක් කියල හිතන්න. සේරටම වඩා අපෙ සතුට ගැන හිතන්න”
“එතකොට අපේ පරම්පරාව?”
” ඇයි අයිය ඉන්නෙ.. එයා කවද හරි අම්මලාට grand kid කෙනෙක් හදල දෙයි”
” එයාගේ ඔලුවෙ මොන දහ ජරාව තියෙනවද කවුද දන්නෙ?”
අනේ අපට වෙච්චි දෙයක්. තාත්තට හාට් ඇටැක් එකක් ආවෙ නැත්නම් පුදුමයි.”
” මම කියන්නම් තාත්තට.. අම්මට වඩා තාත්ත දන්නව ලෝකෙ ගැන”

*************************************************************************************************************
” ඕක අපි අදහන ආගම් වලටත් විරුද්ධයිනෙ. මුස්ලිම් රටක වුනා නම් ගල් ගහල මරන්නෙ”
” හොඳයි දෙවියන් වහන්සේ ආදම්- ඊවා කියල ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් මැව්වෙ ඇයි. මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්න නේද ?”

” බුදු දහම කියන්නේ මේ කප තියෙන්නෙ අවුරුදු 5000 යි කියල . 2547 ක් ගෙවිල . තව ටිකයි. ලෝක විනාසෙ සිදුවෙන එක ක්‍රමයක් වෙන්නෑති මේක.

*****************************************************************************************************************
නීතයි , මායයි හවස පාක් එකට ගියා. ඒක ලස්සන , ලස්සනම හැන්දෑවක්. තරුණ ජෝඩු අත් පටලා ගෙන ඇවිද ගියා.
සමහරු තැන් වලට හේත්තු වෙලා රහස් කෙඳිරුව. කුඩා හුරුබුහුටි දරුවෙක් පොකුණේ පීනන තාරාවුන්ට කෑම විසි කළා.

” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

” අපිට ?”

Posted in Uncategorized | ප්‍රතිචාර 8

දොන් මංගල ජයකොඩි


දොන් මංගල ජයකොඩි මා මුල් වරට දුටුවේ මීට වසර 15 කට පමණ පෙර වුඩ්ලි පාර්ක් එකේ පැවති උත්සවයකදීය.
සිත් ගන්නා සුළු සිනහවක් , නිරෝගී දේහයක් ඔහු සතු විය.
” මචං ඔය කවුද දන්නවද ?.. අර තග් MP කෙනෙක් හිටියෙ සුනිල් රන්ජන් කියල.. අන්න උගෙ මල්ලී”

දෙහි සහ දොඩම් එකම කුලයකට අයත් වුවද දෙහි ගසේ දොඩම් හෝ , දොඩම් ගසේ දෙහි නොසෑදේ.
මංගල ජයකොඩි කෙරෙහි මා සිත උපන් ප්‍රසන්න හැඟුම සැනෙකින් අතුරුදන් විය.
ඊට පසුවද ඉඳ හිට මා ඔහු දැක ඇත

ඔහු කුරුණෑගල කෙනෙකි. මොන කරුමයකටද මන්දා , ඇමරිකාවට සංක්‍රමණය වී ඇති වැඩි පිරිසක් ” කුරුණෑගලයන්” ය.
මොන කරුමයකටද මන්දා උන් හැමෝම වාගේ නොම්මර එකේ “ඇවිදින ඉස්කාගාරය”.

උන් පන්සල් වලදීද , පල්ලි වලදීද , සංගීත සංදර්ශන වලදීද ” ජංගම බාර්” වලට වහ වැටී කැවුත්ත තැම්බෙන තුරුම බොයි.

තවත් වසර කීපයකට පසු මා ඔහු දකින විට ඔහු සීග්‍රයෙන් වැහැරුනු මහල්ලෙකු වී සිටියේය.

මීට මාස හයකට පමණ පෙර අප දෙදෙනාට ” හයි – ෆයි ” කෙනෙකුගේ උපන් දින සාදයකට ආරාධනාවක් ලැබුනා.

බැලූ බැලූ අත ” හයි-ෆයි” ගෑණු පිරිමි විවිධ මාතෘකා යටතේ දොඩමින් හුන්නෝය. මා දන්නා කියන එකම මුහුණක් වත් පෙනෙන්නට නැත. මා දන්නා එකම පුද්ගලයා වූ මංගල පමණක් පැත්තකට වී සිටිනු මා දුටුවා.

” දැන් බොන්නෙ නැද්ද ?”
” නෑ නවත්තල.. බෙහෙත් බොනව”

ඔහු මා හා සම වයසේම වූ බැවින් පාසැල් කාලයේ කතාද , ගමේ කතාද දරුවන්ගේ කතාද අප දෙදෙනා අළුත් මිතුරන් බවට පත් කළේය.

ඔහු ගායකයෙකි. sinhalajukebox.org අඩවියේ ඔහු ගැයූ ගී කීපයක් ඇත.

මම බීමේ ආදීනව නොකියමි. මතට තිත තැබිය යුතුයැයි කියාද නොකියමි. මක් නිසාද යත් හැමෝම බොන එක නැවැත් වුවහොත් බීම නිෂ්පාදන සමාගම් වැසීමට සිදුවේ.

ඒත් මිනිසුනේ… අකාලයේ මැරෙන්නේ නැතුව.” මද පමණට” ( මජ්ජ පමා ) :) බීපල්ලා…

මංගල ජයකොඩි නම් මිනිසාගේ ආත්මයට සැනසීම ලැබේවා

Posted in Uncategorized | ප්‍රතිචාර 12

කාලය


ආදි කාලෙ ලිව්ව ලිපි ආපහු කියවල අනවශ්‍යයි කියන ඒව අයින් කරන්න හිතුව.
අපරාදෙ මගෙ කාලෙ ඒව ලියන්න ගත කල.

අද ලියන්නම් මගෙ “ කාලෙ ” ගැන.පරණ ඒවට කට්ටිය තාම
කමෙන්ට් කරනව දැක්කමයි ආයෙම මොනව හරි ලියන්න ඕන
කියල හිතුනෙ. කාලෙ තමයි ප්‍රශ්නෙ. බ්ලොග් ලියන්න ඕන…
අනෙක් අයගෙ බ්ලොග් කියවන්න ඕන…කමෙන්ට් කරන්න ඕන…
කමෙන්ට් වලට කමෙන්ට් කරන්න ඕන.. ඔන්න දවසට පැය තිහක්වත්
තිබුණ නං.. ඉස්සර කාලෙ නං දවසට පැය හැටක් …

අද හවස.. චුරු චුරු ගගා වහින්න පටන්
ගත්තා.. නිකම් කාලෙ කා දමන්නෙ මොකටද ? එහෙනම්
අද කියවමු මගෙ ” කාලෙ ” ගැන.

මගේ සේවාස්තානයේ ලන්ච් රූම් එකේ ජනේලෙන් හැමදාම
දකින දසුනක් තමා මහ දවල් උනුනුන් බදා ගෙන සිප
ගන්නා තරුණ ජෝඩුව. මහ පාර අයිනෙ. එතන රෙඩ් ලයිට්
එකේ වාහන පෝලිමක් නැවැත්තුවමවත් උන්ට ගානක් නැහැ.
අනේ කාලේ – වනේ වාසේ කියල හිතුන මට.

ඒකට අපේ කාලෙ.. මුළු ගමම දන්නව මං ඒකිගෙ කොල්ල
කියල. ඒත් බැරිවෙලාවත් ඇඟිල්ලකින් හරි අතකින් හරි
ඇල්ලුවොත්…” එප්..පා…. කවුරුවත් දකී…” ලජ්ජාවෙන්
ඇඹරෙනව.

අවුරුද්ද ගිම්හාන කාලය, වසන්ත කාලය.. යනාදී
වශයෙන් කොටස් වලට කඩල තියෙනව. කාලගුණ වෙනස්
වීම් වලට අනුරූපව. අපේ සීයල දන්නව ටක්කෙටම
කියන්න අහවල් කාලෙ වහිනව.. ගොයිතැන් පටන් ගන්න , වතුර
බඳින්න දැන් හොඳයි.. අහවල් කාලෙ වැස්ස අඩුයි..
වපුරන්න හොඳයි… අහවල් මාසෙ පායනව .. ගොයම්
කපන්න හොඳයි.. කියල.

” දේවෝ වස්සතු කාලෙන
සස්ස සම්පත්ති හේතුච
පීතො භවතු ලෝකෝච
රාජා භවතු දම්මිකෝ” කිව්වලු.
ඒ ඩඩ්ලිලා , පිලිප්ලා , ඩී. එස්. ලා , බණ්ඩාරනායක ලා
කවුන්සලේ හිටි කාලෙ..
ඒත් දැන් මේ කාලකණ්ණි ටිකක් නිසා කාළගුණෙත් වෙනස් වෙලා.

කාලය මනින්නෙ වෙලාවෙන්. වෙලාව බලන්න ඔර්ලෝසු නොතිබුනු
කාලෙ වෙලාව දැන ගත්තෙ ඉරෙන් , හඳෙන් , තරු වලින්,
පල්ලියේ – පන්සලේ ඝණ්ටාරෙන්..

” ඕක සිද්ධ උනේ හඳ නිය පොත්තක් වගේ තියෙද්දි”
කෙල්ල කොල්ලට මනාපෙ දීල කොල්ලගෙන් උත්තරයක් නෑ..

” බිනර මහට කළුවර වී තව පෝයක් ගෙවෙනව..” ඊළඟ
පෝයටවත්.. කෙල්ල හීන මවනව..

පස්සෙ තමා පෑ තැටිය හැදුනෙ. පැතලි කවාකාර තැටියක
කේන්ද්‍රයේ ලම්බ්කව දණ්ඩක් හිටවල එම දණ්ඩේ හෙවනැල්ල
වැටෙන ආකාරය අනුව වෙලාව දැන ගත්තා. දැන් නම් කටු
ඇති – කටු නැති – ඉලක්කම් ඇති – ඉලක්කම් නැති – වෛවාරන්න
ඔරලෝසු …

ඔය මොනව තිබුණත් කෙනෙකුගෙ කාලෙ හොඳ නරක තීරණය
කරන්නෙ ග්‍රහයෝ. හිරු ,සඳු , බුද , සිකුරු..
පොඩි ළමයෙකුගෙ වෙලාව බලන්න ගිය අම්ම කෙනෙකුට ගුරුන්නාන්සෙ
කීවෙ මහ පුදුම කතාවක්. ” මේ ළමයා පරිස්සම් කර ගන්න
වෙයි.. මාරාන්තික අපලයක් තියෙනව .. දුනු ඊ තළ වලින්”

ඒක අහල අම්මට දෙකොණින්ම හිනා..අද කාලෙ කවුද දුනු හී
පාවිච්චි කරන්නෙ. කෙසේ වෙතත්, මව තම පුතාව දඹාන,
මිනිපේ වැදි හත් පත්තුවට නොයැවීමටත් , තරඟ හෝ
ක්‍රීඩා සඳහාවත් දුනු හී වලින් වැලැක්වීමටත් මව ක්‍රියා
කළා.
දරුවා තරුණයෙකු වූ පසු ග්‍රීසියට ගියා සංචාරයකට.
ඇතැන්ස් නුවර පැරණි වීදියක් දිගේ ඇවිදිමින් සිටින විට
හදිසියෙන් වහින්න පටන් ගත්තා , අකුණු සැරත් එක්ක. පාර
අයිනේ උස තට්ටු ගොඩ්නැගිල්ලක් මුදුනේ තිබුණා මිත්‍යා සතෙකු
වන centaur… ගෙ ප්‍රතිමාවක්. එහි ඇඟේ උඩ කොටස දුනුවායෙක්.
යට කොටස අශ්වයෙක්. අකුණක් වැදුනා.. දුන්නට. ඊතලය
ගිලිහුනා.. කෙලින්ම පහතට ඇවිත් අර පාරේ ගමන් කරමින්
සිටි තරුණයාගේ සිරුර විනිවිද ගියා..

Centaur

ජා – ඇල පදිංචි රොහාන් කතෝලික. එයාගෙ පෙම්වතිය
කුරුණෑගල රේණුකා , බෞද්ධ. දෙපැත්තෙන්ම කැමති උනේ
නැහැ. උඹල බම්බු ගහ ගනිල්ල කියල ජෝඩුව පැනල ගියේ
රෑ කාලෙ. ඊළඟ අවුරුද්දෙ පොඩි එකා බලන්න හැමෝම
ඇවිල්ල හිටියෙ යස අපූරුවට.. කාලය ප්‍රශ්න විසඳන්නෙක්
“time heals wounds” කියල කියනව.

කාලෙ හොඳ උනාම බඹරා වැල්ලෙත් කැරකෙනවා. ඒ වගේමයි
නරක් උනාම. විෂ්ණු දෙයියොත් බටකොළ කෑවලු..

කල දුටු කල වල ඉහගන්ට අපේ අය දක්ෂයි. ” කාල් මාක්ස්”
කියපු දේවල් ගිරවු වගේ කට පාඩම් කරල කොල්ලන්ට කෙල්ලන්ට
උඩ ගෙඩි දීල උන් වල පල්ලට යවල වීරවංශ ඔය වල
ඉහගෙන කන්නේ.

බුදුන් දෙසූ පරිදි සියළු දේ අනිත්‍යයි. කල් පවතින්නෙ නෑ.
හාමුදුරු කෙනෙක් මැරුණාම අපවත් වෙනව කියනව. ඒ වගේම
අපේ ගම් පළාත්වල ඊට කියන්නෙ ” ඉකුත් උනා ” කියල .
හාමුදුරුවන්ගෙ කල් ඉකුත් වෙලා. වෙළඳපොලෙ තියෙන බෙහෙත් ,
කෑම වලත් කල් ඉකුත් වෙනව. අපෙත් කල් ඉකුත් වී ගෙන එනව.

කලට වට වරුසාවක් වගේ මගේ ජීවිතයට එක්වූ , මගේ
බිරිඳ කොච්චර සුන්දර කතක්ද ? එයාගෙත් කෙස් සුදු වී
ගෙන එනව.. අකලට නෙවෙයි.. කලට.

කාලය කෙතරම් නපුරුද සොඳුරිය…? කාලය කෙතරම් දේ
මගෙනුත් සොරා ගෙන ගිහින් ඇද්ද ? මගේ වයස , පෙනුම ,
ශක්තිය , මතකය…

ලිපිය හොඳයි කියල හිතෙනව නම් විතරක් කමෙන්ට් පාරක් දාල යන්න.
නිකම් කාලෙ නාස්ති කරගන්නෙ නැතුව !

Posted in Uncategorized | ප්‍රතිචාර 12

ආහ් ! චර්යය.


ඕ , ඔහෝ , අහා , ආහ්… වගේ වචන විශ්මය , පුදුමය ප්‍රකාශ කරන වචන බව හා ඒවායේ අගට ” ! ” ලකුණකුත් දැමිය යුතු බව මට කියා දුන්නේ මඩදෙනිය ගුරුතුමාය.

අද ලිපිය ලියන්නේ නියපොතු ගැන. නියපොතු ආහ්චර්යමත් වෙන්නේ කොහොමද කියල අවසානයේදී ඔබට තේරුම් යනු ඇත.

” මං ඔය කෙල්ල හැදුවේ නිය පිටින් පාරක් නොගහ”
” පස්ස කහ ගන්ට නිය පොත්ත නෑ.. ඒ උනාට තියෙන උජාරුව”
” නියපොත්තෙන් කඩන්ට පුළුවන් දේ පොරවෙන් කපන්ට තියා ගන්ට එපා”
” ඕක සිද්ධ උනේ හඳ නිය පොත්තක් වගේ තියෙන කොට”

මේ නිය පොතු ගැන ගැමි කතාය.

පිළිකුල් භාවනාව කරන විටත් නිය ගැන කියැවෙනව මෙන්න මෙහෙම.
” අට්ඨි- ඉමස්මිං- කේසා- ලෝමා- නඛා- දන්තෝ” කියල.

නඛ කියන්නේ නිය. කොටි , සිංහ , ව්යාග්‍ර , වලස් , බළල් ආදීන්ගේත් හොඳින් වැඩුනු නිය පඳුරු ඇතත් ” සුනඛ” කියන්නේ බල්ලාට විතරමය.

මම ළඟදී දැක්ක සුනඛියන් දෙන්නෙක්. මම සල්ලි ටිකක් ගන්න ATM එකට ගියා. මට ඉස්සරහින් හිටි කළු කාන්තාවගේ ATM කාඩ් එක මැෂිම ඇතුලේ හිර වෙලා. එයා නියපොතු දිගට දාල. ඒවායින් අර කාඩ් එක ගන්න බෑ. මට අරන් දෙන්න උනා.

මම බැංකුවට ගියාම කා එක්ක හරි කතා කරනව ටිකක් වැඩියෙන් . ඒ මගේ හැටි. කවුන්ටරේ හිටිය මෙක්සිකන් කෙල්ලත් සුනඛියක්. ඇගේ නියපොතු දිගයි. හදාපුවා. ඇඟිලි දහයෙම නිය මතු පිට වීදුරු මල් අලවල තිබුණා. මට පුදුමයි මෙයා ගෙදර වැඩ කර ගන්නෙ කොහොමද කියල.
මම කිව්වා ඔයාගෙ නියපොතු හරි ලස්සනයි කියල.

මං ලංකාවෙ වැඩ කරන කාලේ මා ළඟින්ම හිටි කෙල්ල… සමන්තාගෙ ඇඟිලි මාර ලස්සනයි. දිගයි. නියපොතු ටිකක් දිගට වවල , ” හමේ පාට” නිය ආලේපයක් ගල්වල තිබුනා.
ලස්සන රෝස පාට නිය, නිරෝගී බව කියා පානව.

ගෑණු විතරක් නෙවි පිරිමිත් නිය වවනව. ඒ අර ගෑණු පිරිමි.

දවසක් public toilet එකකට ආවා හොඳ ලස්සන කඩවසම් පිරිමියෙක්. අත් දෙකම උස්සගෙන. ඇඟිලි විරිත්ත ගෙන. නිකං දර දඬු වෙලා වගේ.

මට චූ කරන්න ඕන මට උදවු කරන්න පුළුවන්ද.. එයා ලඟ හිටිය අනික් පිරිමියාගෙන් ඇහුව. මිනිහ හිතුවෙ මෙයා අංග විකල කෙනෙක් කියල.
මගෙ zip එක ගල වන්න පුළුවන්ද?
ඒක අප්‍රසන්න වැඩක් උනාට පවු කියල අනිකා එයාගෙ zip එක ගැලෙව්ව. ඒ පාර කියනව.. මේක එළියට අරන් චූ කරල ඉවර වෙනකං අල්ල ගෙන ඉන්ට කියල. දැන් ඉතින් මක් කරන්නද.. අනිකා අප්පිරියාවෙන් ඒකත් කලා.
ඊට පස්සෙ අරය අත් දෙක පහලට දාල zip එක ආපහු දාගෙන කියනව.. ” තැන්ක් යූ…මගෙ නියපොතු වේලිල තිබුණෙ නෑ කියල.”

මේ දවස් වල එක එක අදහන්න බැරි දේවල් ලංකාවෙ පත්තර වල යනව.
සීයල දෙන්නෙක් අවුරුදු 13 ක කෙල්ලක් දූෂණය කරල.
හෝමාගම පැත්තෙ ගෑණු ළමයෙක් ගෙදර ඇති කරන බල්ලා සමග සංසර්ගයේ යෙදිල.
මේත් ඒවගේ ආහ් ! චර්යමත් කතා පිංචක්.

දික්-කසාද නඩුවක් විභාග උනා උසාවියේ. සැමියා බිරිඳට විරුද්ධව නඩු දාලා. ඇය ගෙදර බල්ලා සමඟ අර වාගේ හැසිරෙනව කියල.
විත්තිය කියනවා ඒක අමූලික බොරුවක්. පුළුවන් නම් ඔප්පු කරන්න කියල.

නඩුව කල් දැමුනා හවස් වරුවට. පැමිණිල්ලේ නීතිඥයා ගෙදරට කතා කළා දවල් කෑමට නො එන වග කියන්න වයිෆ්ට. ඒකට හේතුවත් කියන්න සිදු උනා.

” ඒක සිම්පල්.. බල්ලත් එක්ක එහෙම ඉන්නවා නම් ගෑණිගෙ පිටේ නියපොතු පාරවල් ඇති”
වයිෆ්ගෙන් උපදෙස් ලැබුණා.
වැඩේ හරි. පැමිණිල්ල දිනුම්.
නීතිඥයා ගෙදර ගිය ගමන් කළේ තමන්ගේ බිරිඳගෙ පිට පරීක්ෂා කරන එකයි.

නියපොතු හැපීම නරක පුරුද්දක්. වකුගඩු අමාරු තියෙන අයළු ඒ. ආදරේටත් නියපොතු හැපෙනවා.
” ඔයා ගැන මගේ හිතේ තියෙනවා.. ඔයා කැමතිද ?”
cell phone-SMS-TEXT නොතිබුණු අපේ කාලෙ කොල්ලා කෙල්ල ගෙන එහෙම ඇහුවොත් කෙල්ල නිකන් ” ආසයි- බයයි” වගේ නම් කෙලින් උත්තරයක් නොදී නිය පොතු හපනවා.

මේ ලිපිය මා ලියූ ලිපි අතරින් නී රසම එක. මාතෘකාවට ” නියපොතු” කියල දැම්ම නම් කවුරුවත් කියවන එකක් නෑ. ඒ නිසයි.. ආහ්!චර්යය කියා දැම්මේ.

ලංකාව සීග්‍රයෙන් ආහ්!චර්යමත් වෙන හැටි….

Posted in Uncategorized | ප්‍රතිචාර 9

බැංකු කතා ….


තෙරේසා මගේ මිතුරියක්. ඇගේ ” හුරතල් ” නම ටෙස්. අපි එකම ආයතනයේ සේවය කරන්නේ. ටෙස් හිනා උනේ එහෙමත් දවසක. කලාතුරකින්. ඇයට මුදල් ප්‍රශ්න. ආදායමට වඩා වියදම වැඩි. ඉතිරි කරන්න දන්නේ නැහැ.
මේරිත් මගේ ආයතනයේ සේවය කරන කළු කාන්තාවක්. මට වඩා වයසින් වැඩි.

මේරි හා ටෙස් හිතවත්. එකම වර්ගයේ ප්‍රශ්න ඇති දෙන්නෙක් ඉක්මණට යාලු වෙනවනේ. මේරි දවසක් ආවා ටෙස් හමුවෙන්න.
” ඒයි ටෙස්.. මා ළඟ $ 100 ක් තියෙනවා.උඹට තියා ගන්න පුළුවන්ද . මම ලබන සතියේ ආපහු ගන්න තුරු. මා ගාව තිබුණොත් වියදම් වෙනව.

( වක්කඩේ යට හකුරු හංගනවා වාගේ )

පාරෙන් එහා පැත්තෙ බැංකුව. මම ඇහුවා උඹට saving account එකක් නැද්ද කියල. මේරි කියනවා account එකක් තියෙනවා ඒත් මට යන්න කම්මැලියි කියල.
වැඩේ ඒ විදියට සිදු උනා. ටෙස් වහාම අල්ලපු බිල්ඩිමේ තියෙන T Mobile එකට ගිහින් එයාගේ ෆෝන් බිල ගෙවල ආවා. ඒ අර මේරි පරිස්සමට තියාපු 100 න්.

මේක ඊ ළඟ මාසෙත් උනා.දිගටම උනා. මේරි ඇගේ යෙහෙළිය ෂැරොන්ටත් කිව්ව. එයත් ටෙස් ළඟ මුදල් පරිස්සමට තිබ්බා.

ඒ සල්ලි වලින් ටෙස් එයාගේ බිල් ගෙව්වා. පඩි ගත් විගස දෙන්නගේම ගණු දෙනු බේරුවා. මේරියි ෂැරොනුයි මුදල් සේරම ආපසු ගත්තෙ නෑ. ටිකක් එකතු කරනවා නත්තලට ගන්න. දැන් ටෙස් ගෙත් ප්‍රශ්න ටිකක් අඩුයි.

14 වන සියවසෙ බැංකු පටන් ගන්න ඇත්තෙත් මේ ආකාරයට.

බැංකුවට ඉන්ගිරිසියෙන් කියන්නේ ” Bank ” කියල. ගංගා වල ඉවුරුත් bank. ඒ River Bank. හතර වටෙන්ම ලබා ගන්නා සාරවත් පෝෂ්‍ය කොටස් ගං ඉවුරු වල තැන්පත් වෙනවා. Deposit වෙනවා. Bank කිය වචනේ පැහැදිලියි දැන්. යම් වටිනා දෙයක් තැන්පත් කරන තැන බැංකුව.

බාගෙට ඉන්ගිරිසි ඉගෙන ගත්තු කෙල්ලක් , ඇගේ පෙම්වතා ගැන තව කෙනෙකුට මෙහෙම කියනවා.
” එයා හරි ඩිපොසිට් අනේ…” කියල ඈ අදහස් කරන්නේ ඔහු නිවුනු ගති ඇත්තෙක් බවයි. ඔහු ළඟ හොඳ ගති ගුණ තැන්පත් ව ඇති සමහර විට.

බැංකුවල තියෙන්නේ සල්ලි විතරක් නෙවි. ලේ බැංකුවේ – ලේ
රැකියා බැංකුවේ – රැකියා
දත්ත බැංකුවේ – දත්ත.

මහ රෑ බැංකුවකට ඇතුලු වුනු හොරෙක් සේප්පුව හෙව්වා. මිනිහ හැම තැනම දැක්කෙ ශීතකරණ විතරයි. මිනිහට දැන් මහන්සියි එලාර්ම් වදින්න කලින් පිට වෙන්නත් ඕන. කොයිකටත් ශීතකරණයක් ඇරියා. යෝගර්ට් කෝප්ප වගේ ඒවයේ මොනවදෝ මිදුනු දෙයක් තිබුනා. ටිකක් අපුල රසක් දැනුනත් බඩ ගින්න නිසාම කෝප්ප දෙකක්ම කෑව. මිනිහට සල්ලි හොයා ගන්න බැරි උනා. එළියට ගිහින් ආයෙම බැලුවා බෝඩ් එක දිහා. ” Sperm Bank “

ඉතින් අපිත් හොඳ තැන්පත් කරුවො තමයි. නැද්ද ?

දියුණු රටවල බැංකු ක්‍රමය ඉතා උසස්. මිනිසුන්ගෙන් 90% ක් පමණ බැංකු විශ්වාස කරනවා. සියළුම ගනු දෙනු සිදු කරන්නේ බැංකු හරහා. ඒ නිසා ඒ රටවල මූල්‍ය දෙපාර්තමෙන්තුවට ( අපේ නම් මහ බැංකුව ) කියන්න පුළුවන් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන්. ඒ නිකුත් කර ඇති මුදල් ප්‍රමාණයෙන් තැන්පතු වල එකතුව අඩු කිරීමෙන්.

ලංකාවෙ එහෙම නිවැරදි අගයක් ගන්න බැහැ. අපේ මිනිස්සු බැංකු ක්‍රමය එච්චරම විශ්වාස නොකරන නිසා. ඒ අය තාමත් කොට්ට අස්සෙ – මෙට්ට අස්සෙ සල්ලි හංගනව.

එක්තරා අතීතයේ දවසක මම ගියා බැංකුවට මගේ saving account එකෙන් මුදල් ටිකක් ගන්න. එතකොට ATM තිබුණේ නැහැ. මගේ account එකෙන් මගේම සල්ලි ගන්න විනාඩි 45 කට වඩා ගියා. ගන්න මුදල් ප්‍රමාණය අනුව එක් එක් නිලධාරියා අනුමත කරන්න ඕන. 50000 ට වැඩි නම් මැනේජර් මහත්තයාම අත්සන් කරන්න ඕන.

මේ නිසා විශේෂයෙන් ගම් වල මිනිස්සු මුදල් , මුදල් වශයෙන්ම තියා ගන්න කැමතියි.

බැංකු , තැන්පත් කරුවන් ගෙන් ලබා ගන්න මුදල් , වෙනත් මුදල් අවශ්‍ය අයට ණය වශයෙන් දෙනව. දීල ඒ හිලව්වට පොලියක් අය කර ගන්නව. ඒ ණය පොලී. ඉන් කොටසක් අර තැන්පත් කරුවන්ටත් හිමි වෙනව. ඉතිරියෙන් තමා බැංකු දුවන්නෙ.

බැංකුවකින් ණයක් ගන්න එක ආපහු ගෙවනවාට වඩා අමාරුයි. සිය පොළක විතර අස්සන් ගහන්න ඕන. මිස්ලගෙ ගෑස් බලන්න ඕන. බැංකු කියන්නේ පායන කාලෙදි කුඩයක් ණයට දී වැස්ස කාලෙදි ආපහු ඉල්ලනව වගේ ආයතන.
ගෙයක් හදන්ට අවශ්‍ය මූලික ඇස්තමෙන්තුව බොහෝ විට වැඩි වෙනව. හේතුව… ණය පාස් වෙනකොට බඩු ගණන් ගිහින්.

අපේ මිනිසුන්ගෙ වග විශ්වාස නැති නිසා චෙක් වලින් ගනු දෙනු කරන්න අමාරුයි. ඒ නිසා සමහර ආයතන බැංකු අණකරයක් ඉල්ලනව. අපි අපේ සල්ලි බැංකුවට දුන්නම ඒ වෙනුවට ඒ ගානට බැංකුවෙ නිල චෙක්පතක් දෙනව. එය ඕනම කෙනෙක් බාර ගන්නව. මෙහේ නම් කියන්නෙ official check චෙක් නැත්නම් cashier’s check චෙක් කියල. ලංකාවෙ කියන්නේ Pay Order කියල.

ලංකාවෙ මුස්ලිම් කෙනෙක් දවසක් බැංකුවකට ගිහින් ඉස්සරහ කවුන්ටරේ හිටපු සමනළියක් වගේ මිස් කෙනෙකුගෙන් පයෝදරයක් ඉල්ලලා… Pay Order කියන එක දිගට ලිව්වාම සද්දෙ එහෙමයි.

ඉතින් දවසක් පඩි හම්බ වෙන්ට කලින් දවසක මේරි ඇවිත් ටෙස් ගෙන් සල්ලි ඉල්ලුවා. ටෙස් ට තරු පෙනුනා. කොහොම හරි බොරු 60 ක් විතර කියල ඉල්ලූ ගානින් අඩක් දුන්නා. මේරි ඕක ෂැරොන්ට කිව්වා. ගෑනිත් පහුවදා සල්ලි ඉල්ලුවා.
තුන් දෙනා අතර විශ්වාසය පළුදු උනා.
බැංකු කඩා වැටෙන්නේ ඔහොමයි.

Posted in Uncategorized | ප්‍රතිචාර 23

අවුරුද්දත් කිට්ටු… කිට්ටු


අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්.

අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. අපේ ගමේ නම් වැඩ වැඩි වෙන්නේ මහන ගෙදර සුසිලා අක්කාටයි. ගෑණු – පිරිමි – ළමයි හැමෝගෙම ඇඳුම් මැහුවෙ සුසිලක්කා. පරණ අවුරුද්දට කලියෙන් ඉවරයක් කරන්නත් එපායැ.

මට වයස හතක් අටක් කාලෙ , අපේ අම්මා මටත් , නංගීටත් සූට් දෙක බැගින් මහනව සුසිලක්කට කියල. එකක් පරණ අවුරුද්දට අඳින්න. අනික අළුත් අවුරුදුදාට අඳින්න.

සිංහළ ක්‍රමේට නම් ඒ බක් මාසයයි. බක් කියන්නේ භාග්‍යය කියන එකයි. භාග්‍ය , බග් වෙලා පස්සෙ බක් වෙලා. කඩේ මුදලාලි බක් + කි කරත්තෙන් ගිහිල්ල වෙනද හිස් වෙලා තියෙන කඩේ බක්+ කි භාග්‍යයෙන් පුරවනව. ඒවට ” බග්ස්”ලත් ඇදෙනව. උනුත් එන්නෙ භාග්‍ය තියෙන තැන්වලට විතරයි.

බක් කියනව මුදල් වලටත්. හන්ඩ්‍රඩ් බක්ස්… ෆිෆ්ටි බක්ස්…. ටෙන් බක්ස්. ඒත් ඔය කියන භාග්‍යම තමයි. බක්ස් තියෙනවා නම් හැම දාම බක්.. අත මිට ඇත්නම් හැම දාම අවුරුදු.

” අත මිට ඇත්නම් – ගෑණු ද පංජං” ඔය ගමේ ගොඩේ කියමනක්. අත මිට නැති කල ආදරය පස්ස දොරෙන් පැනල යනව. අත මිට නැතුව ගෑනු කොච්චර හිටියත් වැඩක් නෑ. මෙක්සිකන් කාරයෝ කියන්නෙ මෙහෙමයි. ” no money – no honey “

“බක් මහටයි පොද වැස්ස වැටෙන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නෙ”

ගමේ ඉරිසියාකාර ඇස් වලින් වහන් වෙලා ආදරෙන් බැඳුනු පෙම් වත්තු බක් මහ වෙනකං ඉන්නවා එක් තැන් වෙන්ට. බක් මහට තමා අස්වනු කපල , අටු කොටු පිරිල සරු වෙන්නෙ.

අපි පොඩි කාලෙ අපේ තාත්ත වැඩ කලේ ගලේවෙල. නිල නිවාසෙක නැවතිල. මාසෙකට සැරයයි ගෙදර ආවෙ. තාත්තා ගෙදර ආදාට අපිට අවුරුදු. තාත්ත ඒ පළාතෙම කෙනෙකුගෙ කුඹුරක් කෙරෙව්ව. බිත්තර වී , වල් නාශක , කෘමි නාශක , පොහොර , වැඩ කුලී ගෙව්වෙ තාත්තා. ඒ හිලව්වට තාත්තට වී ලැබෙනව.
හරියටම අවුරුද්දට සුමානයක් තියෙද්දි “මාටින් අප්පුහාමි සහ පුත්‍රයෝ ” නම ගහපු ලොරියක වීත් පටව ගෙන තාත්ත අපිට භාග්‍ය අරන් එනව.

අවුරුදු කාලෙට මං ආසම කරන දෙයක් තමයි කෙහෙල් කැන් ඉදෙන්න දුම් ගහන එක.
තාත්ත කුස්සිය පැත්තෙ ලොකු වලක් හාරනව. වත්තෙන්ම කපා ගත් ඇඹුල් , ආනමාළු කැන් කීපයක්.. සමහර විට අහල පහල අයගෙ කෙහෙල් කැනුත් බාර ගන්නව ඉදවල දෙන්න. අර වලේ පිදුරු අතුරල , කැප්පෙටිය කොළ එහෙම දාල කෙහෙල් කැන් සීරුවට අඩුක් කරල , වල හරහා ලී දඬු කීපයක් තියල වල තුලට පස් නොවැටෙන විදියට උඩින් ආවරණය කරල , එක් කොනකින් පිදුරු පුරවපු හිල් වෙච්චි මැටි මුට්ටියක් තියල වල ඇතුළට දුම් පිඹිනව. තැනකින් දෙතැනකින් දුම් ලීක් වෙනව.
එහෙම තැන් වලට පස් දාල තද කරන එකයි මට අයිති රාජ කාරිය. දැන් වගේ කාබයිට් ගහන්න ඕන නෑ. පරණ අවුරුද්දට කලින් දා අර කෙහෙල් කැන යස අපූරුවට කහ ගැහිල තියෙයි.

සේන මහත්තය ගමේ වැදගතෙක්. ඒ වැදගත්කම ලැබුණේ පොහොසත්කම නිසාවත් , උගත්කම නිසාවත් නෙවෙයි. පරණ පිනකට. පරම්පරාවෙන් ලැබුනු ඉඩකඩම් බුක්ති විඳ ගෙන සේන මහත්තයා සාමකාමී ජීවිතයක් ගත කලා.

පරණ අවුරුද්දදා උදේ අට වෙන කොට ගමේ හැම ගෙදරකටම ගොඩ වදින්න සේන මහතත්යා අමතක කලේ නැහැ.
” ඕං අපි ආව එහෙනං” අපෙ ගෙට ගොඩ වෙලා එහෙමයි කතාව පටන් ගන්නෙ.

“තව කී පොලකට කියල යන්නද ?” තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ විඳින සේන මහත්තයා අපට මුවා ලකුණ දරණ කොස් ඇට රතිඤ්ඤා පෙට්ටියක් දෙන එකත් වරද්දන්නෙ නෑ.

“තෙල් පැණි ඇත්නම් – කැවුම්ද පංජං” ඒකත් ගමේ ගොඩේ කතාවක්. තෙල් , කිරි , පැණි සරු බවේ සංකේත.

කැවුම් නැති අවුරුද්දක් මොකටද ?

” ඇඹරූ සුදු සහලින්ද
පොල් , කිතුල් , උක් පැණියෙන්ද
මද මද ගිනි පිඹිමින්ද
උකුවට හැඳි ගාමින්ද
හැදෙති කැවුම්

රඹ පත් එළමින්ද
රවුමට හැඩේට වඩමින්ද
තල ඇට මුසු කරමින්ද
බැදෙති කැවුම්….

මහන ගෙදර සුසිලක්කට වගේම තමයි , වංගුවේ ගෙදර කුසුමලතා නැන්දත් ඔය කාලෙට මාර බිසි. කොණ්ඩ කැවුමේ කොණ්ඩෙ ගන්ටත් , වැලිතලපෙ පදම හරියන්ටත් උන්දැගෙ අත් ගුනේ හැමෝටම අවශ්‍යයි.

හැමදාම අවුරුදු නම් කොච්චර හොඳද ? තාත්ත ආපහු යන්න ලැස්ති වෙන කොට දැනෙන දුකටත් වඩා ලොකු පාළුවක් , දුකක් දැනෙනව රතිඤ්ඤා පෙට්ටිය ඉවරවෙලා අවුරුදු ඉවර වෙන කොට.

අප්‍රේල් 16 මගේ උපන් දිනේ.. මේ අවුරුද්ද සිංහළ/ දෙමළ සමඟිය වඩවන , සුව වී ගෙන එන තුවාල ආයෙම නො ඇවිස්සෙන භාග්‍යවත් එකක් වේවා යයි පතන්නේ…

තවත් එක් වසරකින් වියපත් වන යතාර්තවාදියා ය.

Posted in Uncategorized | ප්‍රතිචාර 37

අමනයෝ සහ පොන්නයෝ.


අමනයන් යනු.. අ + මන … මනසක් නැති , හිතන්නට හයියක් නැති අයයි. පොන්නයා යන්න සිංහළ වචනයක් විය නොහැක.
ඒ , එය දෙකට තුනට කඩා එය සෑදී ඇති ආකාරය සෙවිය නොහැකි නිසාය.

අපේ තාත්තා ඔහුගේ බාල සහෝදරයෙකුට ( බාප්පා කෙනෙකුට ) බැන වැදුනු හැටි මට මතකය.
” කොන්ද පණ නැති පොන්න වැඩ කරන්නෙපා මී හරකා…” කියලාය.

එනිසා කොන්ද පණ නැති උන් පොන්නයන් කියා සිතමි. අපේ රටේ මහ උන්ගේ පටන් හැම එකාම පොන්නයන්දැයි මට සිතේ. ජිනීවා ගොස් උන් කතා කළේ මොනවාද ? පොයින්ට් එකට කතා කරන්ට බැරි උන් ඔය වගේ තැන් වලට යවන්නේ මොන පොන්නයාද ?

පිටරට සවාරි යන විට ” ඩෙලිගේෂන් ” එකක් කියා හැට හුට හමාරක් පටවා ගෙන යයි. වරක් මහින්ද ප්‍රමුඛව නිව්යෝර්කයට ගිය ඩෙලිගේෂන් එක 250 කට වැඩිය. ගුවන් ටිකට් පත් , හෝටල් ගාස්තු , මේ හැම බර පැනක්ම ලංකාවේ පොන්නයින්ගේ කර පිටය.

කොටින් විසින් දෙමාපියන් අහිමි කළ පොඩි උන් , කොටි බෝම්බ වලට බිලිවී අංග විකල වූවන් ඩෙලිගේෂන් එකක් ජිනීවා වලට අරන් යන්න බැරි උනේ මොකද ?

1982 සිට 2009 දක්වා විනාශ කළ දේපළ , විනාශ කළ මිනිස් ජීවිත පෙන්වන පින්තූර ජිනීවා ලොබියේ ප්‍රදර්ශනය කරන්ට බැරි උනේ ඇයි. නිරායුධ පොළිස් කාරයන් එක පෙළට හිටුවා වෙඩි තැබූ හැටි කියන්න ” කරුණා ” ඇමතිවරයා එක්ක යන්න බැරි උනේ ඇයි.

අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ…. බෞද්ධාගම වඳ වී යන ආගමක් හැටියට තැනක සඳහන් වෙනව. හෙට අනිද්ද සිංහළ ජාතියත් වඳ වෙයි නේද ? අපට තියෙන්නේ ඔය හතරැස් හැතැප්ම 25000 විතරමයි නේද ?

පැට්‍රල් ගැලුමක් හිසේ පටන් හලා ගෙන ගිනි කූරක් ගසා ගන්නට මට සිතේ. එහෙත් එසේ කර ගැනීමට මටද කොන්දක් නැත. ඊළම් සිහින රාජ්‍යය වෙනුවෙන් කී දෙනෙක් එලෙස ගිනි තියා ගෙන මැරෙන්නට ඇද්ද ? අපේ එකෙකුටවත් එහෙම කරන්න කොන්ද පණ තියෙනවාද ?

සුනිල් ආරියරත්න ලියූ , නන්දා මාලිනී ගයන ” නිදහස් බයිලා ” ගීය මට මෙහිදී සිහි වෙයි.

” කොඩියක් ලැබුණා – ජාතික ගීයක් ලැබුනා
එලිවෙන කොට නිදහස – අහසින් ගෙට වැටුනා “

ලංකාවෙන් ලැබෙන ආදායමට වඩා වියදමක් ලංකාව ආරක්ෂා කිරීමට වැය වෙන බව දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් තේරුම් ගත්තා. 1947 දී ඉන්දියාව නිදහස් කළ පසු , මේ ” ලබ්බ ” තියාගන්නේ මොන මගුලටද කියල අපටත් නිදහසක් ” දීල දැම්ම”. ඒ මිසක ලංකාවට නිදහස ඉල්ලා සිරුරට ගිනි තියා ගත්තේ කවුද ? ලේ බිඳුවක් නොහෙළා ලබා ගත්තු නිසා එහි වටිනාකමක් නැත. උතුර නැති උනත් අපට දකුණ තියෙනවා නේද කියා අපේ පොන්නයන් හිතනවා විය හැක. Channel 4 හැදූ ‘ Killing Field” එක ඇත්ත හෝ බොරු හෝ වේවා යුද්ධයකදී මිනිසුන් නොමැරේද ? තෝර තෝරා වෙඩි තියන්න පුළුවන්ද ? දියෙන් , ගොඩින් අහසෙන් කළ අංග සම්පූර්ණ යුද්ධයක් ඒක. කොටින්ට තිබුනා ගුවන් යානා, නැව් , සබ්මැරීණ පවා,. හමුදාවට නොතිබුණු නවීන ආයුධ පවා උන් සතු උනා.

පතරොමක් නාස්ති කරන්නේ මොකටද කියල ගස් ගල් වල ගහල අපේ පොඩි උන් මරාපු හැටි , හාමුදුරුවන්ගේ තට්ටා වලට කොටාපු හැටි පෙන්වන වීඩියෝ එකක් ජිනීවා වල පෙන්වන්න බැරි උනේ ඇයි.

ටක්කෙට , පොයින්ට් එකට කතා කරන්න දන්නේ විමල් වීරවංශ විතරයි. ඒත් අපේ කරුමෙට ඌට ඉංග්‍රීසි බැරි උනානේ.

ඇමරිකන් සෙනෙට් සභිකයෙක් අප වෙනුවෙන් පොයින්ට් එකට කතා කරන හැටි මේ වීඩියෝවෙන් බලන්න. ඔහු කී දෙයද පහත දක්වමි.

STOP BULLYING SRI LANKA, SAID U.S. CONGRESSMAN’

Political commentators stress with UNHRC sessions ongoing :

“We should praise Sri Lanka’s work”
With the 22nd session of the UN Human Rights Council ongoing, political commentators stressed that a US Congressman has himself made representations that Sri Lanka should not be ‘bullied’ i.e: that double standards should not be applied with regard to the country.

Political commentators stressed U.S Congressman Eni F.H.Faleomavaega who had visited Sri Lanka, criticized the US double standard in its foreign policy towards Sri Lanka, and asked ‘what is the necessity for a resolution against Sri Lanka a small country Strategically important to USA, ’ during sessions of the US House Foreign Affairs Subcommittee on Asia and the Pacific recently.

He said: I have mentioned in my statement about the double standards that we are applying in as afar as violation of Human Rights and the sense that I have is why is the most powerful country in the world picking on a small little country like Sri Lanka- the size of West Virginia , 60,000 square miles with only 3 million people, the Congressman said.

Following is the full extract from portion of Congressman Eni F.H. Faleomavaega’s statement related to Sri Lanka at the hearing of the US House Foreign Affairs Subcommittee on Asia and the Pacific. February, 26,2013.

“The US simply cannot afford to lose Sri Lanka due to its strategic importance. Last week I had the privilege of visiting Sri Lanka and met with president Rajapaksa for more than 2 hours.

I also met with governor of the Northern Province. And personally visited Jaffna because I wanted to see for myself the post conflict developments since 2009,when Sri Lanka finally became the first country in the world to eradicate terrorism on its own soil, by defeating the Tamil Tigers – which remains listed as a terrorist organization by 32 countries including our own country Mr. Chairman, India , Canada and the members of the European Union , and dubbed by the FBI as one of the most ruthless terrorist organizations in the world.”

“After a 30-year terrorist conflict or war the challenges Sri Lankan government faces are enormous. But the strides the Government has made to rebuild in a way that establishes lasting peace and equality for all citizens should be firmly acknowledged.”

“The United States should join Australia in praising the work that Sri Lankan government has done in the North and East of the Island in such a short period since the war. As Australian deputy opposition leader Julie Bishops and the parliamentary delegation she led recently, stated on their visit.”

“Regrettably in the resolution it intendeds to submit again to the United Nations Human Rights council, the US fails to mention one , not even one positive development for Sri Lanka . Such failures suggest that the United States is not being even handed when it comes to dealing with sensitive human rights issues across the globe.”

“So I call upon my government, the United States of America to find a better way forward rather than using United Nations resolutions to destabilize developing nations like Sri Lanka while ignoring human rights Abuses in nations like Indonesia , where our geological strategic and military interests supersede our Human Rights Agenda.”

“The US led United Nations resolution should also be withdrawn for focusing only on the last few months of the war and failing to acknowledge therefore almost 30 years, Mr. Chairman, the Tamil Tigers hacked to death innocent men , women and children in Sri Lanka, carried out some 378 suicide attacks more than any other terrorist organization in the world.”

“We also do not need to criticize Sri Lanka for borrowing money from China. And by the way I was there Mr. Chairman .

In terms of our ability to provide assistance to these third world countries, China was able to provide Sri Lanka with 500 million dollars of low interest loans, for them to rebuild their sea port as well as a brand new international airport that I was there to witness….”

Secondly, Ranking Member Faleomavaega reiterated a number of his points from his opening remarks, raising concern over the double standard with which the U.S. Administration seems to approach human rights in the context of its foreign policy.

“I have mentioned in my statement about the double standards that we are applying in as afar as violation of Human Rights and the sense that I have is why is the most powerful country in the world picking on a small little country like Sri Lanka- the size of West Virginia , 60,000 square miles with only 3 million people- and yet in Sri Lanka we are talking about 21 million people living there.” “The serious question that I have is that for 27 or 29 years this country was in the state of civil war.

It is not a conflict. It is not the question of the Tamil people asking for more autonomy. We have to understand not all Tamils are members of this terrorist organization called the LTTE or the Tamil Tigers, that our government along with 32 other countries also categorized as a terrorist organization.”

“And in the process you are talking about for 27 years some eighty to hundred thousand Sri Lankans ended up dead. Lot of innocent men ,women and children”.

“What I am trying to seek here is that there also was a country that had civil war. It was the United States of America, for four years we ended up with 600,000 of our soldiers died form that terrible conflict.

Ant it was not the question of Southern States asking for more autonomy. They wanted to secede, pull away from the mother country , just like the Tamil Tigers wanted to do in their efforts in seeking this war against the Government .”

“My concern here is that we a looking at such a small little sequence, of this two or three months that now we are questioning .

And the reason why we have this resolution before the United Nations Human Rights Council, but forgetting the fact for 29 years that Sri Lankan government has had to deal with this terrorist organization that I just could not believe the atrocities that were committed by these people.”

“And now overnight we just thought that we’ve got to hit this resolution against them this is where my concern with double standards.”

“Our government to the 10 year period that we were in war in Vietnam .

In Vietnam Mr. Secretary, let’s ask the tens and thousands of women and children innocent civilians that we exposed to Agent Orange , when we were there for the ten year period . Let’s ask the people in Laos and Cambodia for the six million pounds of cluster bombs we dropped there, and these countered never declared war on us.”

“Where is the consistency in our standards as far as Human Rights are concerned .

We are pointing the finger at this little country Sri Lanka. and the thing that perhaps may be we need to clean up our own backyard , as suggested may be we be little more consistent , if we are going to do it against Sri Lanka. Let’s make sure that we are clean ourselves.”

“So I just need your comment on that as I ‘ve got only one minute left on this”

I know I‘ve only got, ten more seconds Mr. Secretary.

I just want to say, that was part of the subject that I discussed personally with the president of Sri Lanka, and he is concerned. In fact, he is spending more time on the Northern Province , and all the amount of resources their trying to do, to make this as part of the reconciliation process.”

“Thank you Mr. Chairman.”

Posted in Uncategorized | ප්‍රතිචාර 8