
මෙයින් නිවැරදි කොයි එකද කියා මා නොදනී.
මා කුඩා කල අසනීප වූ විට රැගෙන ගියේ ටවුමේ ඩිස්පැන්සරියේ අයියදුරේ දොස්තර මහතා ළඟටය. ඔහු , දිව , ඇස් පරික්ෂා කර බලා , බඩ තද කර , ඉන් පසු උණකටුවෙන් උණ මැන, කුඩා කොල කැබැල්ලක නොතෙරේන බසකින් කුරුටු ගා කවුන්ටරයට දෙන්න කියා කියයි.
කවුන්ටරයේ ඉන්නා එක්කෙනා විශාල ප්‍රමණයේ බෝතල කීපයකින් ටික ටික ගෙන එකට කලවම් කර බෝතලයකට දමා කෑමට පෙර තුන් පාරයි කියා අපට දෙයි. කලවම් කරන එක ඔහුගේ රැකියාවයි.
කලවම් කිරීමෙන් හොඳ ප්‍රතිපල මෙන්ම නරක ප්රතිපලද ලැබේ.බෙහෙත් කලවම් කරන එක හොඳය.
අපේ මිනිසුන් කලවම් කිරීමට දක්ෂයන්ය. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු කලවම් කිරීමද , ගම්මිරිස් ඇටවලට වියලන ලද ගස්ලබු ඇට කවලම් කිරීමද බොහෝ විට සිදුවේ. කහ කුඩු වලට පාන් පිටි කලවමද තව එකකි.
සතුන්ද මෙසේ කලවම් හෝ කලවම් කල හැකිය. පෙලපතින් ඉහල බල්ලෙක් හා ගමේ වල් බැල්ලියක කලවම් කිරීමෙන් ඉතා අනර්ඝ තත්වයේ බලු පැටියන් ලබා ගැනීම ඉතා හොඳ ව්‍යාපාරයකි.

සිංහධේනුවක හා කොටියෙකු කලවම් කිරීමෙන් ලයිගර් නම් අමුතු සත්වයෙකුද , කොටි දෙනක හා හිංහයෙකු කල්වම් කිරීමෙන් ටයිලොන් නම් අමුතු සත්වයෙකුද නිර්මාණය කර ඇති බව සතුන් ගැන ඉගෙන ගන්නා අය දන්නවා ඇත.
ජාතීන් දෙකක් කලවම්වීමෙන් ඇති වන දරුවන් ඉත බුද්ධිමත් බව මානව විද්‍යාඥයෙකු වන Dr.Peter Joshi පවසයි.
ඔය කලවමේ නරක පැත්තකුත් තියෙනව.
බ්‍රිතාන්‍ය රාජ පරම්පරාවේ එක කලු රජෙක්වත් ඉන්නවද ? එහෙම වෙන්න බෑ. බැරි වෙලාවත් හැරී කුමාරයට සහ කළු ජාතික මෙගන්ට කලු හම සහ බොකුටු කොණ්ඩ ඇති පුත් කුමාරයෙක් ලැබිල , එයා බ්‍රිතාන්‍ය කිරීටයට උරුම කම් කියන්න උනොත්…
“මං ඔයා මීට කලින් වෙන කොහේදි හරි දැකල තියෙනව.. ඔයා දකුණෙද?”
“නෑ.. මම අනුරාධපුරේ”
එක වගේ හත් දෙනෙක් ලෝකෙ ඉන්නවා කියනවනේ
මේ වගෙ දෙබසක් ඔබ නවකතා පොතක කියවලා ඇති. ටෙලි නාට්‍යක නරඹා ඇති. කොහොමද එහෙම වෙන්නේ?
අපි මහ කලවම් ජාතියක්. අපි කාට කාට කවලම් වෙලා තියෙනවද කියල http://www.23andme.com නම් වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.
අපි වගේ පෙනුම තියෙන උන් පෘතුගාලෙ , ස්පාඤ්ඤෙ , මෙක්සිකෝව පැත්තෙ, නෙදර්ලන්තය පැත්තෙ, එංගලන්තෙ පැත්තෙ ඕන තරම් ඇති.
මොකද උන් අපේ රටවල් අල්ලන්න එනකොට උන්ගෙ ගෑනු අරන් ආවයැ. උන් ගෑනු අපේ රටෙන් හොයා ගෙන පැටව් රොත්තක් හදල ආපහු උන්ගෙ රටවලට යන්නැති.
7 – eleven කියන්නේ හදිසියකට මිළදි ගන්න පුලුවන් ඇස්පිරින් පෙත්තෙ හිටං කොන්ඩම් එක දක්වා බඩු විකිණෙන කුඩා මිනි මාර්කට් විශේෂයක්. මේවායේ ශාඛා ඇමරිකාව පුරා හැම හන්දියකම පාහේ පිහිටා තිබෙනව. මේවායේ අයිති කරුවන් බොහෝ විට ඉන්දියන් ජාතිකයන් වීම විශේෂයක්. ඒ වාගෙම මේවායේ සේවය කරන්නේ අනවසර සංක්‍රමණිකයන්. මාත් 7 eleven එකක වැඩ කරල තියෙනව ටික කලකට පෙර.
ඒ කාලෙ මට මතකයි ලංකාවෙ අපේ ගමේ, මහන ගෙදර සුසිලක්කා වගේ පෙනුම තියෙන මෙක්සිකානු ගෑනියක් නිතරම එනව. ගමන,හිනාව, උස මහත ඇරපු අතක් නෑ .. ඒ නං සුසිලක්කාමයි.
ඔන්න 7 eleven කියන කොට මතක් උනේ . අපේ ජනාදිපති ගෝටාබය ඇමරිකාවෙ ඉන්න කාලෙ වැඩ කලේ 7 eleven එකක කියල රාවයක් යනව. ඒව නං ඔය කඩප්පුලි කොල්ලන්ගෙ කතා. එහෙම නං කොහොමද ඒ උත්තමයා ඔරැකල් ඩේටබේස්, ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් වගේ බරපතල වචන දන්නේ?
මට කෙනෙක් ඊ මේල් එකකුත් එවල තිබුනා. මේකත් කවුරුහරි පොටෝ ශොප් වලින් හදාපු එකක්ද, නැත්නම් අර වාගෙ කලවම් වෙච්චි එකෙක්ද කියල කවුද දන්නෙ.

අපි හැමෝම හැමෝටම කලවම් වෙලා. එහෙම කලවම් නොවුනු ජාතියක් ඉන්නවා නම් ඒ ජර්මනියේ අමිශ්‍ර – අමිශ් කියන ජාතියයි. අඩු ගානේ සෙල් ෆෝන් එකක්වත් පාවිච්චි නොකරන, තම පවුල ඇතුලෙන්ම ආවාහ-විවාහ කටයුතු කෙරෙන මේ අමිශ් ජාතිකයන් ඇසුරෙන් නිර්මාණය වුනු Amish නම් හොලිවුඩ් චිත්‍රපටය අන්තර්ජාලයෙ තියෙනව. රඟපාන්නේ හැරිසන් ෆෝඩ්.
අන්තිම පේලියේ අපේ නිහාල් අංකල්. ❤️
මම තාම ජීවත් වෙමි
මගේ අවුරුදු දහයක් විතර පරණ බ්ලොග් එක අද නිකමට වගේ මතක් වෙලා බලපුවම,
ඔබතුමා බොහො කලකට පෙර ලියපු මොන්ගොලියානුවනේ ගීතය ගැන ලිපිය මතක් වී
යතාර්තවාදියා බ්ලොග් එක බලන්න අහම්බෙන් පැමිණියා.
මාත් වැඩ කළා 7 – eleven එකක, ඇමරිකාවෙනම් නෙමේ ජපානයේ. ජපානයේ 7 – eleven පැය 24ම වැඩ. මේ කතාවට සම්බන්දයක් නම් නැහැ.
බ්ලොග් එක දිගටම ලියන්න, ලෝකේ කොහෙ හිටියත් කියවනවා.
බොහොම ස්තූතියි
හුඟ කාලෙකින් නිහාල් ලොක්කා දකින්නත් සන්තෝසයි
තාම ජීවත්වෙනවා. ස්තූතියි.
කලවම්/කවලම් වෙච්ච පරම්පරාව ගැන මීට වසර විස්සකට විසිපහකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ (මතක හැටියට ක්වීන්ස්ලන්තේ) කියැවුන සිද්දියක් මතක් උනා. එහි ජීවත් වන සුදු ඕස්ට්‍රේලියානු කාන්තාවක්, ඇයට ඉන්දියානු කාන්තාවකගේ (ඇය එවකට හිතාගෙන ඉඳලා තියෙන්නේ එහෙමයි) වගේ, දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියන එක විශාල අභිරහසක් වී තිබුනා.
තම පරම්පරාව ගැන බොහෝ ඈතට සොයා බැලූ ඇයට, ඇයගේ එක් පාර්ශවයක් පරම්පරා කිහිපයකට පෙර මැලේ ජාතිකයකුගෙන් පැවත එන බව සොයා ගෙන තියනවා.
තව දුරටත් සොයා බැලීමේදී, මේ මැලේ ජාතික මී මුත්තා, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ලංකාවේ සේවය කල බවත්, සිංහලේ රජු යටත් කරගන්න ඉස්සෙල්ලා කන්ද උඩරටට පහර දීමට (මුල් කාලයේ සිදු වූ අසාර්ථක ආක්රමනයදී )යැවූ ඉංග්‍රීසි හමුදාවේ සේවය කල බවත් හොයාගෙන තියනවා. මේ අසාර්ථක ආක්‍රමණයේදී ජීවග්රහයෙන් සිංහල හමුදාවට අසු වූ මේ මැලේ සෙබලා, පසු කාලීනව රජතුමාට පක්ෂපාතී වීම හේතුවෙන් සීමිත නිදහසක් ලබා, සිංහල තරුණියක් විවාහ කරගෙන කන්ද උඩරට පදිංචි වී තිබෙනවා.
පසු කාලීනව ඉංග්‍රීසි හමුදාව රජතුමාව අල්ලාගෙන, ලංකාව යටත් කරගත් පසු, මේ තැනැත්තා ඉංග්‍රීසි නීතිය අනුව, ඉංග්‍රීසි රජයට හා හමුදාවට ද්‍රෝහී වීමේ වරදට ඔස්ට්‍රේලියාවට පිටුවහල් කර තිබෙනවා. ඔවුන්ට ලැබුන දරුවෙකු ගෙන් පැවත එන පරම්පරාවට අර කියූ සිංහල කාන්තාවගේ ලක්ෂණ පැවතීම නිසා තමයි, පරම්පරා තුන හතරකට පසුවත් ඕස්ට්‍රේලියානු සුදු ජාතික යුවලකට කළු කොණ්ඩයක් තියන දරුවෙක් ලැබිලා තියෙන්නේ.
ප්‍රතිචාරයට සහ අදාල අනෙකුත් විස්තර වලට ස්තූතියි