රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස


හැමදේකම අවසානයක් තිබිය යුතුය. කෝපය, ක්‍රෝධය, වෛරය, බලාපොරොත්තු බිඳ වැටීම, දුක වගේ සෘණ ආකල්ප සමඟ හිතේ කැකෑරුනු පීඩනය එළියට දමා හිත සන්සුන් කර ගැනීමට ගොඩයා ලියන්නට පටන් ගත් රට ගිය ගොඩයාගේ කතාව අදින් අවසන් වේ.
සමහරු හිතනවා ඇති මෙය හුදු ප්‍රබන්ධයක්ය කියා. සමහරු ප්‍රතිචාර දක්වා තිබුණා ලියන වේගය වැඩියි කියා. සමහරු අහනවා ඇයි ඉවර කරන්නේ කියා. හැම දෙයකම අවසානයක් තිබිය යුතුය.
location එකට ගිහින් episode එක ලියන මෙගා ටෙලියක් මෙන් මටත් මෙය ඇද ඇද ඉන්නට තිබුනාය. මෙය ප්‍රබන්ධයක් විතරක් නම්…..

අපිට පුංචි කාලේ රස කැවිල්ලක් ලැබුණම ටික ටික කන්නේ. ඉවර වෙයි කියන දුකට. ඒත් තිත්ත කෂාය නම් එක උගුරට ගිලල දානව. රට ගිය ගොඩයගේ කතාවත් තිත්ත කෂායක්. පිටින් ඉඳන් බලන කෙනෙකුට නම් ලොලිපොප් එකක් වගේ කියා හිතෙන්න පුළුවන්. ඒත් එහෙම නෑ.

” I am here… ( ඔන්න මම ආවා…)” අද එතැන් සිට…

ගොඩයා ඇඳන් හිටියේ සරමක්. ” are you wearing a skirt …?” එයා සරම් දැකල නෑ.
ගෙල වටා දෑත් යවා ගොඩයා වැළඳ ගත් මොනිකා ගොඩයාගේ දෙතොල් සිප ගත්තා. සරම ලිහිල් වී දෙපා මුල වැටුනා. මොනිකා මඳක් පහත බලා ” නොට් බෑඩ්..” කීවා.

මධු කියන්නේ පැණිවලට. ඒත් ගොඩයගේ මධුසමය තිත්තම තිත්ත එකක්. ” ඕක ඉතින් අදම කරන්න ඕනයැ.. අපි තව දෙතුන් දවසක්ම ඉන්නවනේ..” ඇය බය වෙලා.
ගොඩයා චිත්‍රපටි බලන්න ආසයි. සුදු-කළු චිත්‍රපටි තිබුණු කාලෙ , ගාමිණී-සන්ධ්‍යා, විජය- මාලිනී, තිස්ස- ගීතා රඟ පෑ එකදු චිත්‍රපටියක්වත් ගොඩයාට මග ඇරුණෙ නෑ. ඒවායේ ලව් සීන් වල සිප ගන්නා දර්ශන තිබුණත්, ඒවා දෙකම්මුල් සහ නළලත සිප ගන්නා මොන්ටිසෝරි කිස්.
හින්දි චිත්‍රපටි වලත් එහෙමයි. කිස් කරන්ට වාගෙ වාගෙ එනවා. ලං වෙනකොට කෙල්ල දුවනවා. ගොඩයගෙ බිරිඳත් ඒ වගේ. ඉවසන්න බැරිම තැන ගොඩයා දවසක් ඇහුවා ” ඇයි අහකට ගන්නෙ.. මගෙ කට ගඳද කියල”
එයා කීවා” නෑ අනේ මට හුස්ම ගන්න බෑ ” කියල.
හුස්ම හිරවෙල මැරුණත් මොකද .. මොනිකා , ගොඩයගෙ දෙතොල එහෙම්ම පිටින්ම එයාගෙ මුව තුලට ගත්තා.
ගොඩයා ඇඳේ පෙරළා ගත් මොනිකා ගොඩයගෙ නැහැය, නිකට සිප ගනිමින් පහලට පහලට ආවා. ගොඩය බලන් හිටියේ තවත් පහල යාවි කියල.. ගොඩයා මොනිකගෙ නිකට දබරැඟිල්ලෙන් උස්සල එයාගෙ මුහුණ බැලුවා.
” ඒව පස්සට” වගේ බැල්මකින් ඉහළට ආ මොනිකා , ගොඩයා තම සිරුර තුලට වද්දා ගත්තා.

ගොඩයා තම බිරිය හා එක්වූ හැම දවසකම එය නිමා කළේ කෝපයෙන්. අතෘප්තියෙන්. ” ඔයාට ගොනෙකුගෙන් ( වේස ගෑණියෙකුගෙන්) ටියුෂන් අරන් දෙන්න ඕන එහෙම දාක ගොඩයා කීවා.

හොඳ බිරිඳක් වීමට නම් ගැහැණියක් තුළ මවක්-මිතුරියක් සහ වෛශ්‍යාවක් ජීවත් විය යුතු බව පොත පතේ සඳහන් වෙනවා.
තනිකඩ කාලෙ .. ගෙදර ඉන්න දවස් වල ගොඩයා නිදිවර්ජිත බව දැන ගත්තොත් තම මව ” පුතේ උඹට නින්ද යන්නෙ නැද්ද ? තේ ඩිංගිත්තක් හදල දෙන්නද කියල අහනව.. ගොඩයගෙ බිරිඳත් එහෙමයි.. ” රෑ දෙගොඩ හරි කමක් නෑ, ගොඩයට තේ හදල දෙනව. එයා සමහර දවස් වලට වැඩ් ඇරිල එන්නෙ කෝච්චියෙ. ගොඩයා එයා අර ගන්න හෝමාගම ඉට්ටේසමට යනව. ඈත තියාම ගොඩයා ඇඳින ගන්න ඇය , කාලෙකින් නුදුටු මිතුරෙකුට වගේ සිනා පානව. එයා තුල මවක් සහ මිතුරියක් පමණක් සැඟව සිටියා.

ගොඩයාට දාව ඇයට දරුවන් තුන් දෙනයි. රෑ මැදියම අත පත ගාන්න ගිය දවසක ” අපිට තුන් දෙනෙක්ම ඉන්නවනේ.. දැන් ඉතින් ඔය මදෑ” එහෙම කියාපි. දරුවන් දෙතුන් දෙනෙක් හැදුවාම ජීවිතය එතනින් ඉවරයි කියා සිතන ලංකාවෙ බොහොමයක් ගෑණු හිතන්නෙ ලිංගික ක්‍රියාව තියෙන්නේ දරුවන් හැදීමට විතරක් කියලයි. එය දිව්‍යමය ක්‍රීඩාවක් . දෙවියන්ගෙ ක්‍රීඩාවක්.

මොනිකා නම් පුදුම කෙල්ලක්. බඩවතේ එක රැල්ලක් නෑ. ගොඩයට හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නවද කියල. යෝධයෙකුට වගේ යෝධ අතක් තිබුනා නම් මේ සේරම එක මිටට ගන්ට….
එහාට පෙරළුනා. ආයෙම මෙහාට පෙරළුනා. පරන යකඩ ඇඳ තෙල් නැතිව ක්‍රීක් ක්‍රීක් ගෑවා. ගොඩයා අහම්බෙන් දැක්කේ. ඇඳේ එහා පැත්තේ බිත්තියෙ එල්ලා තිබුනු මූණ බලන කණ්ණාඩිය. දෙදෙනාගේ නග්න සිරුරු දෙක ඒ තුලින් ලස්සනට පෙනුනා. එය මනස්කාන්ත දසුනක්.

ගොඩයාට තව දුරටත් එහෙම ඉන්න අමාරුයි.. ගොඩයා හිත වෙනතක යවන්න තැත් කළා. පහුවදා ඔෆීස් යන හැටි.. කරන්න තියෙන වැඩ කන්දරාව.. ගෙවන්න තියෙන බිල්… තව වට පිටාවෙ දේවල්.. එකකින්වත් වැඩක් උනේ නැහැ.
” මොනිකා. I can’t hold anymore…”
” Its ok baby. its ok.. let it come…” මොනිකා කෙඳිරි ගෑවා.වැව් බැම්මක් කඩා ගෙන ගියා වාගේ. සේරම ඉවරයි.

වටවන්දනාවෙ පයින්ම ගිහිල්ල කට්ට අව්වෙ ඇවිදල , පරාක්‍රම සමුද්‍රය බැම්ම අයිනෙ හිට ගත්තාම ඇඟේ වදින උණුසුම් සුළං ධාරාවක් වැදුනා වගේ සනීපයක් ගොඩයාට දැනුනා. තත්පර ගාණක තද ලොකු නින්දකට වැටුනා. ගොඩයට හොඳටම ෂුවර් ඒ වගේ සැපක් නම් ජීවිතේට දැනිලා නෑ කියල.
මොනිකා බිම වැටී තිබුණු ඇඳුම් එකතු කළා. සරම අහුල ගෙන ඒක ගොඩයගෙ මුහුණට දමා ගැහුවා. ගොඩයා කොට්ටය යටට අත දමා 100 නෝට්ටු දෙකක්ම මොනිකට දුන්නා.
” you are so sweet..” තවත් ටිකක් වෙලා ඉඳලා එයා යන්න ගියා.
මේ 200 වයිෆ්ට යවන ගානෙන් අඩු කරනවා.. ගොඩයා තීරණය කලා.

දිග කාලයකට පස්සෙ පුසුඹා මල්ලි කෝල් කලා. මිනිහගෙ ගෑස් බැහැල. කට හඬ හරිම දුක්මුසුයි.
” ඇයි?”
” අයියේ මම සමහර විට ඉක්මණටම ආපහු යනවා. ආයෙ එන්නෙ නෑ”
“ඒ මොකද ?”
” අරූ සේරම උගෙ නංගිගෙ පුතාට ලියල.. මට කීයක්වත් ලැබෙන්නෙ නැති පාටයි”

ගොඩයා දවසක් වැඩ ඇරිල ගෙදර ආවා. ගෙදර එයා කන්ඩිෂන් එක වැඩ කරන්නෙ නැහැ. මාර රස්නෙයි .. ඉස්සරහ දොර යාන්තමට වහල නා ගන්න බාත් රූම් එකට ගියා. ටික වෙලාවකින් ගොඩයට දැනුනා කවුරු හරි ගෙට ඇතුලු උනා කියල.
” කවුද…?”
” ඒ මම.. ඔයාගෙ ණය ගෙවල යන්න කියල ආවෙ.”
“ඔහොම ඉන්න ටිකක්”
ගොඩයා නා පිරිසිදු උනා. ඉකිලි දෙපස රතු වෙල. ටිකක් කහනවත් වගේ. ගොඩයා බය උනා. මේකි මොනව හරි ජරා ලෙඩක්වත් බෝ කලාද කියල. නෑ.. මේකයි වෙලා තියෙන්නෙ. shave කළ කෙස් ආයෙ වැවෙන්න පටන් අරන්.

ගොඩයා නා කියා ගෙන එන කොට මොනිකා ඇඳේ වැතිරිලා හිටියා.එයාගෙ උඩුකය විතරක් නිරුවත් වෙලා තිබුනා. තන පුඩු රෝස පාටයි. වත්ත පහල දර මඩුවේ පැටවු දාල හිටපු සුදු පාට බැල්ලි- රෝසිගෙත් ඒ වගේ. වස අප්පිරියයි. අර මුලදී තිබුනු එක්සයිට්මන්ට් එක අද නෑ. මොනිකගෙත් වැඩි උනන්දුවක් නෑ.

මේකිගෙ මිනිහ හිරේ ගියේ තුවක්කුවක් තියන් ඉඳල අහුවෙල. මූ නිදහස් වෙලා ආවාම මට වෙඩි තියයි. අණක් ගුණක් නැති ජාතිය. ඕව- මේව හිතේ තියා ගෙන ඒව – මේව කරන්න බෑ. ඕක භාවනාවක් වගේ දෙයක්. ඒ තියා ඔරලෝසුව ටික් ටික් ගාන සද්දෙටවත් ගොඩයා කැමති උනේ නෑ.. ” අර” වෙලාවට.
පුළුවන් තරම් ඉක්මණට මෙහෙන් යන්න ඕන. වෙන ඈත පළාතකට. මොනිකා යන්න ලෑස්තිය.” පොඩ්ඩක් ඉන්න මම බොන්න මොනව හරි අරන් එන්නම්”

ෆෝන් එක නාද උනා. වෙලාව හවස 7 ට විතර ඇති. ලංකාවෙ වෙලාව උදේ 8 ට විතර ඇති. මොනිකා ෆෝන් එක අරන් “හලෝ” කීවා.
” amigo.. call for you”
ගොඩයා වහාම කෝල් එක කට් කරල ෆෝන් එක ඇඳට විසි කළා…… “ආයෙ එහෙම මගෙ කෝල් වලට ආන්සර් කරන්න එපා.. මේ මගෙ රටෙන් ආ කෝල් එකක්. මගෙ වයිෆ් වෙන්න ඇති” මොනිකා ගස්ස ගෙන යන්ට ගියා.
ආයෙම පැයකින් විතර ෆෝන් එක නාද උනා. ඒ ගොඩයගෙ බිරිඳ. ගොඩයා ” හලෝ” කිව්වා. නෑ සද්දයක්. විනාඩි දෙකක් විතර ගියා. ඒ තමා මේ ලෝකෙ තියෙන දිගම විනාඩි දෙක.
” කවුද ඉස්සෙල්ල ගෑණියෙක් ෆෝන් එක ගත්තෙ ? මට ඇත්ත කියන්න. ඔතන තව කවුරු හරි ඉන්නවද ?”
ඇගේ කට හඬ තර්ජනාත්මකයි.
“පිස්සුද ඔයාට. ඔයා වැරදි නොම්මරයක් ගහන්න ඇති”
“වැරදි නොම්මරයක්…? මම re-dial කලේ. වරදින්නෙ කොහොමද ?”
” ඒ උනාට මෙහෙ කනෙක්ට් වෙන කොට වැරදි එකකට කනෙක්ට් වෙන්න ඇති”
” එහෙම වෙන්න පුළුවන්ද ඇමරිකාවෙ..?”
” මොකෝ බැරි.. ඔය වෙලා තියෙන්නෙ..”
” නෑ.. නෑ.. ඔයා එවන ලියුම් දැන් එන්ට එන්ටම කොට වෙනව. වෙනද වගේ කතා කරන්නෙත් නෑ. ඔය හිටිය ඇති ඔයා එන්න ආපහු.. මං තියනවා” ෆෝන් එක දඩස් ගාල තිබ්බා.
විනාඩි 10 කින් ආයෙම කතා කලා.
හලෝ කියන්නෙත් නැතිවම කෙලිම්ම කතාව පටන් ගත්තා.
” ඔයාගෙ තියෙන විසේ හැටියට ඔච්චර කාලයක් තනියම ඉන්න අමාරුයි. මං ඒක දන්නවා. ඔයා පහුගිය ලියුම් වල අල්ලපු ගෙදර ඉන්න ලස්සන කෙල්ලක් ගැනත් ලියල තිබුණා… මොනව හරි දෙයක් වෙනව ඇති.. ඔයා ඉක්මණට එන්න.. මම ආයෙ කියන්නෙ නෑ”
“ඔය ඉක්මණට මට එන්න බෑ. තව ටිකක් ඉන්න. මගෙ papers process වෙනව. තව මාස 6 ක්.. මම එතකොට සිටිසන්. මට ඔයාලවත් ගෙන්න ගන්න පුළුවන්..”
” මට ඕන උලව්වක් නෑ. ඔයා අවුරුදු 5 ක් හිටියා . ඔය හොඳටම ඇති. ළමයිත් දැන් මට කීකරු නෑ. ඔයා එවපු සල්ලි මම එකතු කරල තියෙනව. මගෙ EPF සල්ලිත් තියෙනව. අපි මොකක් හරි බිස්නස් එකක් කරමු”

” හරි මාස 6 ක් ඉන්න. මම මේව පිළිවෙළක් කරන තුරු”
” හරි ඔන්න මාස 6 යි. දන්නවද ? ඔයා දන්නෙ නෑ මං කවුද කියල. ඔයාගෙ ළමයින්ටත් වහ දීල මාත් වහ බොනව..”
ගොඩයට හිනා ගියා.
” හිනා වෙන්න එපා.. මම ඒක කරන එක කරනවාමයි”

ගොඩයට බය හිතුනා. ගෑණු ඕන දෙයක් බෙදා හදා ගෙන කයි. ඒත් ආදරය විතරක් බෙදා ගන්න කැමති නෑ. ගොනා පිදුරු කන්න දන්නෙත් නෑ. දන්න එකෙකුට කන්න දෙන්නෙත් නෑ..
ගොඩයා තීරණය කළා ආපහු යන්න. හිටියොත් වෙන්නෙ සමහරවිට වෙඩි කාල මැරෙන්න. තවත් එක මාසයක් ඔහොම රණ්ඩු වෙන කෝල් වලින්ම ගෙවිල ගියා.
ඊ ළඟ මාසේ පළමු සතියේ ගොඩයා බලා ගෙනම සිටි ලිපිය ලැබුණා. සම්මුඛ පරීක්ෂණයක්. ඒකෙන් පාස් උනොත්, ඇඟිලි සළකුණු චෙක් කරනවා.. ඊට පස්සෙ ලොස් ඇන්ජලිස් ඩවුන් ටවුන්වල තියෙන මහා විශාල ශාලාවක පුරවැසිකම් ප්‍රදානය කෙරෙනව.

ගොඩයට සම්මුඛ පරීක්ෂණය නම් අමාරු උනේ නැහැ. ලේසි ප්‍රශ්න. කීපයක් වැරදුනා. ඒත් ඒක ප්‍රශ්නයක් නෙවි.
මේ උත්සවය වඩාත් වැදගත් වෙන්නෙ දේශසීමාවෙන් හොරෙන් රිංගල ඇමරිකාවෙ අවුරුදු 10 , 15ක් ජීවත් වුනු මෙක්සිකානුවන්ට. එකිනෙකාගෙ නම කියල කතා කරන විට උන් ප්‍රීති ඝෝෂා කළා.
එක් මැක්සිකානුවෙක් ගිටාරයක් වයමින් සරණාගතයන් වෙනුවෙන් ලියැවුනු ගීතයක් ගායනා කළා. ගීය අවසන විනිසුරන් පවා ආසන වලින් නැගිට ඔහුට ප්‍රතිචාර දැක්වූවා. ගීතයෙන් කියැවුනේ ඔහු තමාගේ රටේදී මුහුන දුන් දුක සහ දේශ සීමාවෙන් පනිද්දී වින්ද දුක් ගැහැට.
ශ්‍රී ලාංකික – සිංහළ – බෞද්ධ යයි සිතිය කීප දෙනෙකුත් එදා හිටියා.. නමුත් කිසිවෙක් එකිනෙකා සමඟ කතා කළේ නැහැ. ඒ තමා අපේ 2500 වසරක් පාරම්බාන ඉතිහාස කතාව.

ගොඩයා දැඩි තීරණයක් ගත්තා. ඒ යන්ටම යන්ට. තමා දැන් පුරවැසියෙක්. ලංකාවෙත් පුරවැසිකම තාම තියෙනව.. ලංකාවට ගිහින් මාස තුනකට වඩා ඉන්න බැහැ. ගිහින් පවුල පිටින්ම එනවා. ළමයින්ගෙ අධ්‍යාපනයටත් හොඳයිනේ !

ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතා මුණ ගැහුනා.
” මිස්ටර් රෙඩ්ඩි. මම මෙහෙන් අස්වෙල ලංකාවට යනවා. ආපහු ආවාම මට මෙතනම රස්සාව කරන්න පුළුවන්ද?”
” කිසි ප්‍රශ්නයක් නෑ. ගිහිල්ල වරෙන්. මෙහෙ ආ කෙනෙක් කවදද ආපහු යන්ටම ගියේ ? ඇමරිකාවට බැණ බැන මෙහෙම ඉන්නවා මිසක්”

ගොඩයා ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කළා. පොඩි පොඩි වියදම් වලට. ඒ බැංකු දෙකට කතා කරල ලිමිට් එක වැඩි කරල දෙන්න කීවා. ගොඩයගෙ ක්‍රෙඩිට් history එක හොඳයි. 2500 ට තිබුනු ලිමිට් එක 5000 කරල තිබුනා.
ගොඩයා එක කාඩ් එකකින් ගුවන් ටිකට් පත ගත්තා. අනෙක් කාඩ් එකෙන් ගෙනියන්නට අවශ්‍ය බඩු අර ගත්තා. ආයෙ මාව කොහෙන් හොයන්නද? මේ වගේ ගානකට මා පස්සෙ පන්නන එකක් නෑ.

Mr ජාගොඩගෙ පුතා දැන් විශ්ව විද්‍යාලෙ. එයාට කාර් එකක් අරන් දෙන්න ජාගොඩට ඕන වෙලා.
” Mr ජාගොඩ මගෙ කාර් එක ගන්න. තව පොඩි ගානක් ගෙවන්න තියෙන්නෙ. mileage එකත් එච්චර නෑ. හොඳට පාවිච්චි කරල තියෙනව’
මිනිහ කරල තියෙන උදව් පදව් වල හැටියට ඕක මොනවද ?

මොනිකට කියනවද ? නැද්ද ? ගෑණි අඬයිද ? මොනිකා දැන් රස්සාවක් කරනව. බෝනිකි බබා දැන් ලොකුයි ඉස්කෝලෙ යනවා.
” මොනිකා .. මම යනව ආපහු මගෙ රටට.. අයෙ එන එක කියන්න බෑ. කරපු හැම උදව්වකටම thank you”
මොනිකා එයාගෙ බඩ අත ගෑවා. ගොඩයා හොඳටම සැලුනා.
” මට ෂුවර්.. මේ ඔයාගෙ. මම ඔයා ඇර වෙන කා එක්කවත් නිදා ගත්තෙ නෑ”

ආපහු ගෙට ගිය ගොඩයා කොට්ටෙ බදා ගෙන වැලපුනා. ඒක කොහොමද උනෙ කියල කල්පනා කලා.
” ඕව ඕන නෑ. මට ලෙඩ නෑ.” කොන්ඩම් එක දානවට මොනිකා කැමති උනේ නැහැ. රේන්කෝට් දා ගෙන නාල වැඩක් තියෙනවයැ. ඇත්තටම ගොඩයත් කැමති නෑ ඒකට.
ගොඩයා තමන්ටම සාප කර ගත්තා.
තම බිරිඳට පළමු බබා ලැබෙන්න හිටි දවස් වල එක් එක්කෙනා ගෙන් අහගෙන ඒ කාලෙට කන්න බොන්න ඕන කරන දේ තම බිරිඳට ගෙනත් දූන්නු හැටි. කැළණි වඳින්න ගිය හැටි.. ගේ වටා ගුරු පාරෙ සීරුවට ඇවිද්දපු හැටි.. එයාගෙ බඩ උඩ ඔලුව තියාගෙන විහිළු කතා කී හැටි..
මොනිකට ඒ කිසි දෙයක් නෑ.

ගොඩයා මොනිකා හොයා ගෙන ගියා.
” what you think ? are you going to keep this.. or…..?”
මිනිහෙකුට ගෑණියෙකුගෙන් අහන්න පුළුවන් ජරාම කතාව ඒක.
මොනිකා ඇස් ලොකු කර ගත්තා.
” no.. its a sin.. this is my baby”
” ඕන එකක්”

ගොඩයගෙ බඩ දැවිල්ල පටන් ගත්තා. ඒ දැවිල්ල අත පය පුරාම විසිරිලා ගියා. ගොඩයා ආයෙම මොනිකගෙ ගෙදරට ගියා.
” මොනිකා.. මගෙ ගෙදර තියෙන furnitures ඔයා අර ගන්න. කොම්පියුටර් එකත් ගන්න. මම පුළුවන් තරම් ඉක්මණට ආපහු එනවා”

ගොඩයා කියන්නෙ හිතක් පපුවක් නැති මහ ජරා මිනිහෙක්.

[තිත්ත කෂාය තොල ගගා ගගා බොන්නෙ නෑ. ඒ නිසා ඉතිරිය තව ටිකක් කොට කරල ඉවරයක් කරල දානව]

පුසුඹා මල්ලි කතා කළා.
” අයියේ. මම අනිද්දා යනව. කොන්ටේනර් එකක බඩු ටිකක් යැව්වා. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි ඉන්නේ.. මම කතා කලේ.. sorry කියන්න. මගෙ අතින් අය්යට වැරදි උනා.. ඒව හිතේ තියා ගන්න එපා…”
” its ok.. its not a big deal” ගොඩයා දුන්න රිදෙන්නම.
” ඒක නෙමේ මමත් අනිද්ද යනවා ඔයාගෙ flight එක මොකද්ද ?”
” නෑහ් ! මමත් යන්නෙ ඒකෙ.. අනිද්ද රෑ 9.15 ට “

එහෙම coincidence වෙන්න පුළුවන්ද ? මොකෝ බැරි ? ඔය වෙලා තියෙන්නෙ. ඒත් ගොඩයා දෙවියන්ගෙන් ඉල්ල සිටියා එක ළඟ සීට් නම් නොලැබේවා කියල.

පැතලි ලයක් සහ පැතලි පස්සක් ඇති ගුවන් සේවිකාවක් ඉං බිත්තන් රටකජු පැකට් එකක් සහ තිත්ත දොඩම් යුෂ වීදුරුව බැගින් බෙදා ගෙන ගියා. හැටි විතරක් උන්ගේ. පිට ලෑලි වගේ.

කටුනායකට ලෑන්ඩ් කරන කොට මධ්‍යම රාත්‍රිය පහුවෙලා.
පරිසරය උණුසුම්. පිටුපසින් ආ කෙනෙක් ගොඩයගෙ පිටට තට්ටුවක් දමා බෑග් එක තල්ලු කරන්න උදව් කලා. ඒ පුසුඹා මල්ලි. දෙන්නම ගියා ආගමන විගමන පෝලිමට.
” අයිය ඉන්නෙ වැරදි පෝලිමක. මේ foreign passport වලට”
” නෑ.. මම හරි. මට තියෙන්නෙ US පාස්පෝට්”

ගොඩයා පුසුඹට අවසන් ප්‍රහාරයත් එල්ල කලා. පුසුඹා බිම බලා ගෙන එයාගෙ පෝලිමට ගියා.

අවසානයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

24 Responses to රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස

  1. තරිඳු පවසයි:

    මම දැක හොඳම කතා වලින් එකක්

  2. වෙල් මයිනා පවසයි:

    ලියවිල්ල නම් පංකාදු පහායි සුපිරිම මචං

  3. නිර්නාමික පවසයි:

    වෑරදිලා වගේ මේ පෑත්තට ගොඩ උනේ..
    එක හුසුමටම සේරම කියවල දෑන්ම.
    මුල ඉදන්ම වගේ හිතුනෙ ලිපිකරෑගේ අත්දෑකීමමයි කියල.

  4. JP පවසයි:

    මගේ සටහනක නිහාල් ගැන ලියලා තියෙනවා දැකලා අයෙක් ප්‍රතිචාර දක්වා තිබුනා නිහාල් ආයේ ලියනවා කියලා .
    මේ කතාව කියෙව්වේ නෙට් ෆ්ලික්ස් බලනවා වගේ එක දිගට . පරණ රසය ආයේ වින්දා . ඔබ වැඩි කරදරයක් නැතිව හොඳින් යයි සිතමි . කතා අස්සෙන් ගලන මිනිස් පුසුඹ වින්දා .ඔබ ට ලියන්න කතා නම් අනන්තයක් ඇති විශ්වාස කරමි. ඒවා දිගටම ලියන්න ..

  5. නිර්නාමික පවසයි:

    Welcome back Nihal. Hope everything is alright.
    We are organizing the Sanath and Dayaratne show is DC.

  6. ‌යක්ශයා පවසයි:

    මං මුලින් හිතුවෙ ලියන වේගෙ වැඩියි කියලා. බලාගෙන ගියාම ඒක වැරදියි. අන්තිම කොටසෙන් ගොඩක් දේවල් කියවෙනවා. මං හිතන විදිහ හරි නම් ගොඩයා = නිහාල් වෙන්න ඕනෙ. මොනවා උනත් ඇත්ත කතාවක් උනත් ප්‍රබන්ධයක් උනත් හිතට හොඳට වදින කතාවක්. පිටරටකට ගිය පුද්ගලයෙක් නොසෑහෙන්න දුක් විඳලා හදාගන්න ජීවිතේ ගැන, අවංක කමට පසු කාලෙක හරි ලැබෙන හොඳ දේවල් ගැන වගේම ගොඩක් දේවල් මේකෙන් ගන්න පුලුවන්. All good things(must)come to end. 🙂 මහන්සියෙන් අකුරු කරලා කතාවක් ලියලා අපිව රසවත් කලාට ගොඩක් ස්තූතියි සහෝදරයා. ආයෙත් මේ වගේම හොඳ කතාවක් අපිට ඉක්මණ්ටම අරන් එයි කියලා හිතනවා. එහෙනම් ඔබට ජය! 🙂

  7. තිසර පවසයි:

    මම නම් මේ කොටසත් කියෙව්වේ ප්‍රබන්ධයක් කියන අදහසින්මයි. ප්‍රබන්ධ ඇතුලේ තියෙන්නෙත් අපි දන්න ඇත්ත ජීවිතම තමයි. මේ ඇත්ත ඇතුලේ පොඩි පොඩි ප්‍රබන්ධත් ඇති. ඒවා ලියන්නාට අදාල දේවල්. මම කරන්නෙ කියවන එක. වෙනස් ආරක, ආරළු බූරළු නැති ඒත් රස අඩුවකුත් නැති කතාවක්… බොහොම උනන්දුවෙන් කියෙව්වා. කතාව අපිට කියන්නා ‘පොර’ නොවීම, මම කතන්දර වල දකින්න කැමති ලක්ෂණයක්. ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )