නවතම ප්‍රතිචාර
නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 127 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 217,333 hits
රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස
හැමදේකම අවසානයක් තිබිය යුතුය. කෝපය, ක්‍රෝධය, වෛරය, බලාපොරොත්තු බිඳ වැටීම, දුක වගේ සෘණ ආකල්ප සමඟ හිතේ කැකෑරුනු පීඩනය එළියට දමා හිත සන්සුන් කර ගැනීමට ගොඩයා ලියන්නට පටන් ගත් රට ගිය ගොඩයාගේ කතාව අදින් අවසන් වේ.
ගොඩයා ඇඳන් හිටියේ සරමක්. ” are you wearing a skirt …?” එයා සරම් දැකල නෑ.
මධු කියන්නේ පැණිවලට. ඒත් ගොඩයගේ මධුසමය තිත්තම තිත්ත එකක්. ” ඕක ඉතින් අදම කරන්න ඕනයැ.. අපි තව දෙතුන් දවසක්ම ඉන්නවනේ..” ඇය බය වෙලා.
හොඳ බිරිඳක් වීමට නම් ගැහැණියක් තුළ මවක්-මිතුරියක් සහ වෛශ්‍යාවක් ජීවත් විය යුතු බව පොත පතේ සඳහන් වෙනවා.
මොනිකා නම් පුදුම කෙල්ලක්. බඩවතේ එක රැල්ලක් නෑ. ගොඩයට හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නවද කියල. යෝධයෙකුට වගේ යෝධ අතක් තිබුනා නම් මේ සේරම එක මිටට ගන්ට….
ගොඩයාට තව දුරටත් එහෙම ඉන්න අමාරුයි.. ගොඩයා හිත වෙනතක යවන්න තැත් කළා. පහුවදා ඔෆීස් යන හැටි.. කරන්න තියෙන වැඩ කන්දරාව.. ගෙවන්න තියෙන බිල්… තව වට පිටාවෙ දේවල්.. එකකින්වත් වැඩක් උනේ නැහැ.
වටවන්දනාවෙ පයින්ම ගිහිල්ල කට්ට අව්වෙ ඇවිදල , පරාක්‍රම සමුද්‍රය බැම්ම අයිනෙ හිට ගත්තාම ඇඟේ වදින උණුසුම් සුළං ධාරාවක් වැදුනා වගේ සනීපයක් ගොඩයාට දැනුනා. තත්පර ගාණක තද ලොකු නින්දකට වැටුනා. ගොඩයට හොඳටම ෂුවර් ඒ වගේ සැපක් නම් ජීවිතේට දැනිලා නෑ කියල.
දිග කාලයකට පස්සෙ පුසුඹා මල්ලි කෝල් කලා. මිනිහගෙ ගෑස් බැහැල. කට හඬ හරිම දුක්මුසුයි.
ගොඩයා දවසක් වැඩ ඇරිල ගෙදර ආවා. ගෙදර එයා කන්ඩිෂන් එක වැඩ කරන්නෙ නැහැ. මාර රස්නෙයි .. ඉස්සරහ දොර යාන්තමට වහල නා ගන්න බාත් රූම් එකට ගියා. ටික වෙලාවකින් ගොඩයට දැනුනා කවුරු හරි ගෙට ඇතුලු උනා කියල.
මේකිගෙ මිනිහ හිරේ ගියේ තුවක්කුවක් තියන් ඉඳල අහුවෙල. මූ නිදහස් වෙලා ආවාම මට වෙඩි තියයි. අණක් ගුණක් නැති ජාතිය. ඕව- මේව හිතේ තියා ගෙන ඒව – මේව කරන්න බෑ. ඕක භාවනාවක් වගේ දෙයක්. ඒ තියා ඔරලෝසුව ටික් ටික් ගාන සද්දෙටවත් ගොඩයා කැමති උනේ නෑ.. ” අර” වෙලාවට.
ෆෝන් එක නාද උනා. වෙලාව හවස 7 ට විතර ඇති. ලංකාවෙ වෙලාව උදේ 8 ට විතර ඇති. මොනිකා ෆෝන් එක අරන් “හලෝ” කීවා.
” හරි මාස 6 ක් ඉන්න. මම මේව පිළිවෙළක් කරන තුරු”
ගොඩයට බය හිතුනා. ගෑණු ඕන දෙයක් බෙදා හදා ගෙන කයි. ඒත් ආදරය විතරක් බෙදා ගන්න කැමති නෑ. ගොනා පිදුරු කන්න දන්නෙත් නෑ. දන්න එකෙකුට කන්න දෙන්නෙත් නෑ..
ගොඩයට සම්මුඛ පරීක්ෂණය නම් අමාරු උනේ නැහැ. ලේසි ප්‍රශ්න. කීපයක් වැරදුනා. ඒත් ඒක ප්‍රශ්නයක් නෙවි.
ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතා මුණ ගැහුනා.
ගොඩයා ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කළා. පොඩි පොඩි වියදම් වලට. ඒ බැංකු දෙකට කතා කරල ලිමිට් එක වැඩි කරල දෙන්න කීවා. ගොඩයගෙ ක්‍රෙඩිට් history එක හොඳයි. 2500 ට තිබුනු ලිමිට් එක 5000 කරල තිබුනා.
Mr ජාගොඩගෙ පුතා දැන් විශ්ව විද්‍යාලෙ. එයාට කාර් එකක් අරන් දෙන්න ජාගොඩට ඕන වෙලා.
මොනිකට කියනවද ? නැද්ද ? ගෑණි අඬයිද ? මොනිකා දැන් රස්සාවක් කරනව. බෝනිකි බබා දැන් ලොකුයි ඉස්කෝලෙ යනවා.
ආපහු ගෙට ගිය ගොඩයා කොට්ටෙ බදා ගෙන වැලපුනා. ඒක කොහොමද උනෙ කියල කල්පනා කලා.
ගොඩයා මොනිකා හොයා ගෙන ගියා.
ගොඩයගෙ බඩ දැවිල්ල පටන් ගත්තා. ඒ දැවිල්ල අත පය පුරාම විසිරිලා ගියා. ගොඩයා ආයෙම මොනිකගෙ ගෙදරට ගියා.
පුසුඹා මල්ලි කතා කළා.
කටුනායකට ලෑන්ඩ් කරන කොට මධ්‍යම රාත්‍රිය පහුවෙලා.
This entry was posted in Uncategorized. Bookmark the permalink.
මේක මෙහෙම ඉවර වෙන්න / කරන්න පුලුවන්ද! බෑනෙ මචන්..
//මොකෝ බැරි ? ඔය වෙලා තියෙන්නෙ// 🙂
හිනාවෙනව ඇති, බනිනව ඇති…චාටර් කියනව ඇති…කියවූ හැමෝටම ස්තූතියි. ආයෙම හමුවෙමු.
ඇමරිකාවේ තොරතුරු රැගත් මාසිකව පළ වෙන මේ සයිට් එකත් බලන්න.
http://www.lankaviththi.us
තිත්ත ඇති… ඒත් රසයි…!
patta kathava. jayaveva.
aluth ekak one..
නිහාල් අයියේ,
අයිය කිව්වට නොකිපේ යයි සිතමි (නෑදෑ කමක් එක්ක කතා කරනකොට කිට්ටු බවක් දැනෙනවා නේ). ගොඩගේ කතාවෙ කොටස් 15 ම කියෙව්වා. මම අයියගේ ලියවිලි කියවන්නේ අන්තිම පේලියේ වල ඉඳලා……
කතාව නියමයි. අර කිව්වත් වගේ ‘all good things (must) come to an end’. ගොඩක් complain කරලා තිබුන ඉක්මනට ඉවර උනා , ලියන වේගේ වැඩියි කියල. මට නම් එහෙම දැනුනේ නෑ. කොහොමත් මම කියවන කොට ලියන කෙනාගේ ශයිලියට අනුගත වෙනවා මිසක් ලියන්න ඕන මම කැමති විදියට කියල හිතන්නේ නෑ.
නිතර නිතර බ්ලොග් එකේ ලියනවනම් ගොඩක් හොඳයි.
ජයෙන් ජයම වේවා!
ගොඩාක් ලස්සන කතාවක් ඉවර වුනු එකට නම් ගොඩක් දුකයි. ඇමරිකාව ගැන ගොඩක් දේවල් ගොඩයගේ කතාව මගින් ඉගෙන ගත්තා. ඒකට ඔබට ගොඩක් පිං…. මේ වගේ තවත් කතාවක් ලියන්න.. ඔබට ඡය වේවා…..
//*ශ්‍රී ලාංකික – සිංහළ – බෞද්ධ යයි සිතිය කීප දෙනෙකුත් එදා හිටියා.. නමුත් කිසිවෙක් එකිනෙකා සමඟ කතා කළේ නැහැ. ඒ තමා අපේ 2500 වසරක් පාරම්බාන ඉතිහාස කතාව.*//
රට ගිය අයගේ විතරක්ම නෙමේ….. අපිට වැඩිය නොදැනුනාට මෙහේ (ලංකාවේ) තත්වයත් ඕකම තමා.
වටවන්දනාවෙ පයින්ම ගිහිල්ල කට්ට අව්වෙ ඇවිදල , පරාක්‍රම සමුද්‍රය බැම්ම අයිනෙ හිට ගත්තාම ඇඟේ වදින උණුසුම් සුළං ධාරාවක් වැදුනාම වගේ සනීපයක්
මේක තමයි හොදම කැල්ල
never thought it was you… damn.. do you feel a relief now…
කතාව නම් ගොඩාක් ලස්සනයි.හිතන්න යමක් තියනව…. රට ගිය හැමෝම ඔහොමද??
එහෙම කියන්න බැහැ. ඒත් සමහර විට ආයෙ හරි ගස්සන්න බැරි වැරදි කෙනෙක් අතින් වෙන්න පුළුවන්.