රට ගිය ගොඩයගෙ කතාව – 14


කැලිෆෝනියාව , ලංකාව වගේ 7 ගුණයක් විතර විශාලයි. ජනගහණය මිලියන 40 ක් විතර . ඒ 2017 සංඛ්‍යා ලේඛණ අනුව.
කැලිෆෝනියාවෙ තියෙනව home town buffet කියල බුෆේ ජාතියක්. ඕන තරම් බෙදා ගෙන කන්න පුළුවන්. කවුරුවත් බලා ගෙන ඉන්නෙ නෑ කවුරු කොච්චර කනවද කියල. මේවා කැලිෆෝනියාවේ ප්‍රධාන නගර හැම එකකම පාහේ තියෙනව ගොඩයා දැකල තියෙනව.
( ඒ කාලේ ) ඇතුළුවීමට ඩොලර් 6 ක් 7 ක් විතර. දැන් නම් ටිකක් වැඩී.
ඇතුළුවෙන කොටම ගෙවන්න ඕන. ඊට පස්සෙ ඇතුළට ගියාම ඇමරිකන් කෑම- චයිනීස් කෑම- අතුරුපසද අරවද මේවද බඩවැල්වල වංගු දිග ඇරෙන්න කන්න පුළුවන්.
පොඩි වෙනසකටත් එක්ක දවසක් ගොඩයා ගියා ලන්ච් එකට හෝම් ටවුන් බුෆේ එකකට. ටිකක් දිග පෝලිමක් ඇතුලට යන්ට.
දන්නා අඳුනන මුහුණු දෙකක්. ඒ අර අල්ලපු ගෙදර මෙක්සිකන් ජෝඩුව සහ එයාලගෙ බෝනිකි බබා.
බෝනික්කා , ගොඩයා ඇඳින ගෙන ඇඟිල්ලක් කටේ ගහ ගෙන අම්මගෙ ඇඟේ වෙලුනා. ගොඩයා තීරණය කළා නොදැක්කා වගේ ඉන්න.
ඒ වෙන මොකටවත් නෙවි තවත් ටික වෙලාවක් ඇගේ රූ සපුව රස විඳින්න පුළුවන් නිසා.
නියම ඇත් දළ පාට. එක ලපයක්- තිතක්- කැළලක් නෑ. කිරි දියරෙන් සේදූ කිරි ගරුඩ රූපෙකට උපමා කිරීමට පුළුවන.

ඒ summer කාලෙ. කෙල්ලො, තිරිහන් වෙන්ට හදන මැදිවියේ ගෑණු බලා ගෙන ඉන්නෙ කවදද සීතල කාලෙ නිමා වෙලා සමර් එක එන්නෙ කියල. ඒ ගොඩයා වගේ අසහන කාරයන්ට ටිකක් ඇරල පෙන්වන්න.
අල්ලපු ගෙදර ජෝඩුව මුදල් ගෙවන්න කවුන්ටරයට ගියා. කැෂියර් කෙල්ල එක්ක මොකද්ද වාදයක්. මදාවියා fuck. fuck.. කිය කිය බැණ බැණ බෝනික්කත් ඇද ගෙන ආපහු හැරුණා. අරයත් ඒ පස්සෙන් වැටුනා. දැන් තමා ගොඩයගෙ වාරෙ.
” හායි අමිගෝ.. what happened ..?”
උගෙ ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි නෑල්ලු. දෙන්නට කෑම දෙකට ඩොලර් 20 ටත් අඩුයි. ඩොලර් 20ක් වත් ගිණුමේ නැති මුන් මොන මිනිස්සුද ?
” its ok. I can pay”
“are you sure?”
“ඔව්.ඔව්.. නොට් අ බිග් ඩීල්” අඩෙ අප්පා. ගොඩයත් දැන් පුසුඹා මල්ලිගෙ කෑලි අහුලගෙන.

ඔහොම- ඔහොම කාලෙ ටික ටික ගෙවුනා. රෑ උනා.. එළි උනා..

මට කියන්න බැරි උනා. එයාගෙ නම මොනිකා.. මොනිකා කස්ත්‍රො. සමහරවිට ෆිදෙල් කස්ත්‍රෝගෙ නෑයො වෙන්න ඇති.

ගොඩයා ඇහුවා දවසක් එයාගෙන් ” කෝ උඹේ හස්බන්ඩ්” කියල ටික දවසකින් නුදුටු නිසා.
” ඒ මගෙ හස්බන්ඩ් නෙවි බෝයි ෆ්‍රෙන්ඩ්.. එයා jail එකේ.. ( හිරේ ) කාර් එකේ gun එකක් තිබිල අහුවෙලා පොලිසියට. දන්නෙ නෑ කොච්චර කලක් ඇතුලෙ ඉන්න වෙයිද කියලා.
ඒකිට වගේ වගක් නෑ මිනිහා හිරේ කියලා.
” අපි බඳිනවා එයා ආවාම”

මොකට බඳිනවද? සින්ගල් මදර් කෙනෙක් කීවාම තව වැඩියෙන් ලැබෙනව ආණ්ඩුවෙන්. එහෙම තමා මෙහේ ආර්තිකය දුවන්නේ.

කාලය හොඳ නම් බඹරා කැරකෙයි වැල්ලේ..ඕව නිකම් කට කහනවට කී කතා නෙවි. ඉබි මස් කන්ට පින – වාසනාව තියේ නම් ඉබ්බ ඉබි ගමනින් ගෙදරටම එනව කියලත් කියමනක් ලංකාවෙ තියෙනව. මේ ඉබ්බ එන්න යන්නෙ තුන පහත් පිටේ බැඳගෙන.

” අමිගෝ.. පොඩි හදිස්සියකට ඩොලර් 100 ක් ගන්න පුළුවන්ද ?”
” 100 ක් නේද ? මා ළඟ එච්චර නම් නෑ. හොඳයි ඔයා කොහොමද ? කවදද? ආපහු ගෙවන්නේ ?”
“ඔයා කැමති දවසක – කැමති විදියකට..”
මොනිකා කස්ත්‍රෝ ගොඩයගෙ හදවත , පෙණහල්ල, අක්මාව, ඇලදිව , වකුගඩුව, පිත්තාශය මේ සේරම කඩා ගෙන යන සැම්පලේ බැල්මක් හෙලා,..
එයාගෙ දඹරැඟිල්ල ගොඩයගෙ දෙතොල හරහා යවල..
” මෙහෙම ?” කමක් නැද්ද ? වගේ තව බැල්මක් හෙලුවා.

” හරි මම ATM එකකට ගිහින් සල්ලි අරන් එන්නම්”
ගොඩයා ATM එකකට ගිහින් 200ක්ම ගත්තා. දැන් වැඩේ හරි. අපි මේ සැප සේරම භුක්ති විඳින්න ඕන.
ගිය සතියෙ ලංකාවට කෝල් කල වෙලාවෙ යාළුවක් ඇහුව “මචං දැන් බඩු කීයක් විතර ගහලද ?” කියල. උන් හිතන්නෙ මෙහේ ගෑනු පාරෙ යන මිනිස්සු ඇදල අරන් ඔබා ගන්නව කියල. ඒ අර පුසුඹගෙ ජාතියේ උන් ලංකාවට ගිහින් අතාරින කෙප්ප නිසා. ඇමරිකාවෙ prostitution නීතියෙන් තහනම්. ඒත් ඒව කෙරෙන විදිහක් තියෙනවා.

ගොඩයා 7 – ඉලෙවන් එකකට ගොඩවෙලා දම් පාට කොන්ඩම් පැකට් එකකුත් ගත්තා. ස්ට්‍රොබෙරි ෆ්ලේවර්.
දැන් ගොඩයගෙ හිත කැලේ. විකල් වෙලා. ගොඩයා කියන්නෙ අමු ගොඩයෙක්. තමන්ගෙ බිරිඳ හැර වෙනත් ස්ත්‍රියාවක් සමඟ එකට ඉඳල නෑ. ඒ තියා තමන්ගෙ බිරිඳගෙ හැර වෙන එකම බවලතෙකුගෙවත් දණිහෙන් උඩට දැකල නැති ගොඩයෙක්. ගොන් තඩියෙක්.
ගොඩයගෙ හිත ගැහෙනවා. තව ටික වෙලාවකින් මොකකින් මොකක් වෙයිද ? ගොඩයා ඇඳුම් සියල්ල උනා දමා නා ගත්තා.
ඒකි මේ ජාතියේ ඒව තව කීයක් දැකල ඇද්ද ? යකඩෝ.. මේක දැකල ඒකිට හිනා යයිද ? වස ලැජ්ජාවයි. ගොඩයා කොණ්ඩෙ කපන ඉලෙක්ට්‍රික් මැෂින් එක අරන් ගන සරුවට වැවී තිබුනු මයිල් බූටෑව කපා දැම්මා. හා.. මේ තියෙන්නේ දැන් ලොකුවට. හොඳ පෙනුමට..

ගොඩයට තමන්ගෙ පෙනුම ගැන ආඩම්බරයි. තමන්ම උයා ගන්නා කෑම , වලළු දැමූ අතකින් හැදෙනවා තරම රසවත් නැති උනත් – ටික ටික අඩුපාඩු තිබුනත් ගොඩයා තමන් ආස කරන කෑම ජාති , මස්- මාළු – හැම් – බේකන් – චීස් පුළුවන් විදියට හදා ගත්තු නිසා එන කොට තිබුණු කටු බොඩිය දැන් නෑ.
ගොඩයා තම පුරුෂ සංකේතය ටිකක් පහලට ඇදල කලවා දෙකට හිර කර ගෙන කණ්ණාඩියෙන් බැලුවා. අඩෙ අප්පා යට කෑල්ල කෙල්ලෙකුගේ වගේ. මොනිකාගෙ වීනස් රූපය හිතේ හොල්මන් කරනවා. ගෑණියෙක් උනා නම් කොච්චර හොඳද ? අර වගේ රූපයක් තියෙන ගෑණියෙක් උනා නම්… එක අතකට පුසුඹා උනත් එහෙම හිතන එකේ වරදක් නෑ. ගෑණු ඉපදිලා තියෙන්නෙ අපි නොමරා මරන්න. ගොඩයා තව දුරටත් හිතුවා.

ගොඩයා සුවඳ ගහන ඉටිපන්දමක් පත්තු කළා. සෙටියේ ගිලා බැහැල තිබුනු කුෂන් කොට්ට ටික පිළිවෙළට අඩුක් කලා. මෙතන හොඳද ? ඇඳට යනවද ?
දොරට තට්ටු කරන හඬක්. තව ටිකක් තට්ටු කරපුදෙන්. ටිකක් ගණන් උස්සන්න ඕන.. ඉස් ඉස්සෙල්ලම adults only ෆිල්ම් එකක් බලන්න ගියදා වගේ ගොඩයගෙ පපුව ගොඩ – ගොඩ ගාල ගැහෙනව.

ගොඩයගෙ හිතේ පොර බදන හැඟීම් විස්තර කරන්න සිංහළ භාෂාවෙ වචන මදි.
ත්‍රාසය- භීතිය- කුතුහලය-රාගය-ආසාව-ලැජ්ජාව- මේ සේරම එකට ගුලි ගැහිල. ඒ හැඟීම් ගුලියත් එක්කම එලියට ගිහින් ගොඩයා හෙමීට හෙමීට දොර ඇරියා..

” ඔන්න මං ආවා.. here I am ..”

( අවසන් කොටස ලබන සතියේ )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to රට ගිය ගොඩයගෙ කතාව – 14

  1. ‌යක්ශයා පවසයි:

    මෙච්චර ලස්සනට ඇවිල්ලා එකපාරම නවතින්නෙ මොකෝ? අපරාදෙනෙ සහෝ. අවසානෙ ඛේදවාචකයක් වෙයි වගේ

  2. X - Porter පවසයි:

    #ක ඉන්ටර්නැශන්ල් කොරගත්ත එහෙනං…. ඇයි බං එක පාරට හුචස් ගාල නවත්තන්නෙ ? උඹ හරි චාටර් පොරක්නෙ…

  3. නිර්නාමික පවසයි:

    This episode is well written. Keep up.

  4. chamara Taranga පවසයි:

    යකෝ රට ගිය කතාව හිටිගමන් අවසන් වෙනවද ?

    කාර් එකකුයි ඉන්න තැනකුයි ගත්ත විතරනෙ.

    පුසුඹයට මොකද උනේ

    උබ කොහොමද දියුණු උනේ ?

  5. නිර්නාමික පවසයි:

    godayatath hoda chance eka ne……. anith kotasath ekmanata daanda
    *****Akila*****

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )