ඇමරිකාවට අයිතිවාසිකම් කියන 4 වර්ගයකි. එනම් යුරෝපා රටවලින් වන්දනාකරුවන් ලෙස පැමිණ පැලපදියම් වූවන් ගෙන් පැවත එන සුදු හම සහ නිල් ඇස් ඇති අය;
වහල් වැඩ සඳහා අප්‍රිකානු රට වලින් ගෙනෙන ලද කල්ලන් ගෙන් පැවත එන කළු සම සහ බොකුටු කෙස් ඇති කල්ලන්;
මෙක්සිකෝ- ගෝතමාලාදී රටවල් වලින් දේශ සීමාව හරහා හොරෙන් පැන ගත් අය සහ ඇමරිකාවේ මුල් පදිංචි කරුවන් වන රතු ඉන්දියානුවන් ගෙන පැවතෙන අයත් ලෙසින්ය.
වැඩි හරියක් කල්ලන්; ඔවුන් දශක ගණනාවක් රටට කඹුරා ඇති හෙයින් දැන් වැඩ කිරීම අනවශ්‍ය යයි සිතමින්, මිනී මරමින්,මංකොල්ල කමින් , කුඩු විකුණමින් රජයෙන් දෙන සහනාධාර මත ජීවත් වෙයි.
බොහොමයක් සුද්දෝ; සුද්දන් මෙන් අත දිග හැර වියදම් කරයි. හෙටක් ගැන නොසිතයි. ක්‍රෙඩිට් කාඩ් මත යැපෙයි.
හොරෙන් ජීවත්වන ස්පාඤ්ඤ බස කතා කරන අය බොහෝ දෙනෙක්; ඇමරිකාව තමන්ට අයිති බව කියමින් බදු නොගෙවයි. රජයෙන් දෙන සහනාධාර ව්‍යාජ ලේඛන සාදා ලබා ගනී. හැකි තරම් ප්‍රජනනය කරයි.
ගොඩයාට දැන් ( කුලියට හෝ ) හිසට වහලක් තිබේ. නම්බුකාර රැකියාවක් කරයි. ගිණුමේ සල්ලි තිබේ. ලංකාවටද සල්ලි යවයි. දරුවන් ඉන්ටර්නැෂනල් පාසල් වලට යයි. බිරිඳද රැකියාවෙන් අස්වී අති විශාල පුළුල් තිර TV එකේ චැනල් එකින් එකට මාරු කරමින් දවස ගෙවයි.
ඇමරිකාවට අයිතිවාසිකම් කියන 4 ගොල්ලම පාරේ ඇවිද යයි. සමහරු තනියම කතා කරයි. පිස්සන් මෙන් කෙස්ස වැවිලාය. අපිරිසිදුය. සමහරුන් බස් එන තුරු බස් හෝල්ට් වල වේලෙයි. බසයක් ඒ දැයි බෙලි දිගු කර කර පාර බලයි. පුකෙනුත් පහලට කළිසම එල්ල ගෙන ඇදේට ඇවිදී.
ස්පාඤ්ඤයන් හන්දි වල දොඩම්-රට කජු- මල් පොකුරු විකුණයි.
සුද්දෝ no job-homeless ලියූ බෝඩ් ලෑලි උස්සා ගෙන හන්දි වල ජීවත් වෙයි. ඇමරිකාව කියන්නෙ ලෝකෙට පරකාසෙ- ගෙදරට මරගාතෙ කියමනට කදිම නිදසුනක්.
මේ එක ගොල්ලකටවත් අයිති නැති අහසින් පාත් වූ ගොඩයා CD එකකුත් දමා ගෙන එහි තාලය උරුවම් බාමින් අළුත්ම කාර් එකක් පදවයි.
ගොඩයාගේ දකුණු පසින් Mr ජාගොඩ වාඩි වී සිටී.
” අපි යමුද. ටිකක් ඈත. ලංකාවෙ කඩයක් තියෙනවා. ලංකාවෙ එළවළු.. කොස්- දෙල් එහෙම තියෙන..”
අද තමා ගොඩයා ඉස් ඉසෙල්ලම freeway එකේ යන දවස. ගොඩයා දැන් හරි forward.
වේගය පැයට හැ. 50 යි.. 60 යි.. 70 යි…..
” ලෝබ වෙන්න එපා. ඔය AC එක දාගන්න. ඕව නිකම්ම තිබුණොත් වැඩ නොකර යාවි” Mr ජාගොඩ කීවේය.
” ඉතින්.. මේ දවස්වල මොනවද කරන්නේ?”
” accounting 1 ඉවරයි. දැන් 2 කරනවා. මගේ හිතේ තියෙනවා මේ ෆීල්ඩ් එක වෙනස් කරල ග්‍රැෆික් ඩිසයින් වගේ දෙයක් ඉගෙන ගන්න”
” අන්න හොඳයි.. හොඳ සල්ලි. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට පටන් ගන්නේ පැයකට ඩොලර් 30 න් විතර”
” හිතෙන්නෙ නැද්ද මේ කාර් එක විකුණල ටිකක් හොඳ එකක් ගන්න”
” නැහැ. මට මේක හොඳයි.. රෝද හතර කැරකෙනව නං එච්චරයි.. ඔය power steering/power window/AC මට එච්චර වැදගත් නෑ. මම ඉස්සරත් හරි සිම්පල් මිනිහෙක්.. මම ඉස්සර ගියේ බස් වල හිරවෙල.. තුනට නැමිල. මේ මගෙ ඉහටත් උඩින්..”
” නෑ.. එහෙම හරි නෑ. අපි මේ ජීවිතය enjoy කරන්න ඕන . අළුත් අළුත් දේ රස විඳින්න ඕන. BMW එකක් හරි Lexus එකක් හරි ඩ්‍රයිව් කරල බලන්න කොහොමද වෙනස කියල..දැන් ඔයාම කිව්ව නේද ෆීල්ඩ් එක වෙනස් කරන්න ඕන කියල .. ඇයි ඒ ?”
” ටිකක් වැඩි පුර හම්බ කරන්න..”
” ඊ ළඟට ?”
” වැඩියෙන් ඉතිරි කරන්න..”
” ඒ මොකටද ? සල්ලි පැටව් ගහන්නද ?…ඒක වැරදි.. සල්ලි වලට නිදහසේ හැසිරෙන්න දෙන්න ඕන.. අන්තෙටම යන්නෙ නැතිව වියදම් කරන්න ඕන.. ජීවිතේ රස විඳින්න ඕන.. මේක ජීවත්වෙන්න හොඳ ලස්සන රටක්. අපි මේ රටේ තියෙන සැප සම්පත් භුක්ති විඳින්න ඕන”
Mr ජාගොඩ හරි…
ගොඩයා තමන්ගෙ ක්ලොසට් එක දිහා විපරමින් බැලුවා. නා නා ප්‍රකාර කළිසම්- කමිස ඒවට ගැලපෙන සපත්තු..ජැකට්.. කවද ඇඳල ඉවරයක් කරන්නද …
ඒ 1975 වසර.. ගොඩයට පෙම්වතියක් හිටියා… ඇය පෙනුමෙන් පැරණි නිළියක් වූ ෆරීනා ලායිට ටිකක් සමානයි. ගොඩයා සහ ෆරීනා හමුවෙන්නෙ පාසැල් ඇරුණු පසු දුම් රිය පොළේදී. දෙන්න ඉස්කෝල දෙකකට ගියේ. වෙනත් තැන් වලදී හමු වෙන්න බැරි විදියට දෙන්නටම තහංචි පිට තහංචි..
දයාරත්න/ අමරා රණතුංග ගේ ප්‍රතම ගී ප්‍රසංගය ” සාරංගා” නගරයට ඇවිත්,
” ඒයි මගෙ සුදු ගොඩයෝ අපි සාරංගා බලමුද ? මම ක්ලාස් යනව කියල එන්නම්. ස්ටේෂන් එකේදි සුදු ගවුම මාරු කර ගන්න පුළුවන්.. මම ඔයාටත් එක්ක කෑම පාර්සලයක් ගෙන්නම්. අපි උදේ ගාඩ්න්ස් ගිහින් හවසට ෂෝ එක බලමු.”
මේ ඔයාගේම ෆරීනා ලයි”
ගොඩයට පෙම් හසුනක් ඇවිත්,
ගොඩයාට ඇගේ පළමු ඉල්ලීම ඉවත දැමිය නොහැක.
ගොඩයාට තිබුනේ සුදු අත්කොට කමිස දෙකක් සහ සුදු දිග කළිසම් දෙකකි. ආණ්ඩුවේ දෙපාර්තමෙන්තුවක ලිපිකරුවෙකු වූ ගොඩයාගේ පියාට ඊට වඩා සපයන්නට නුපුළුවන.
පාසලටත්, ටියුෂන් පන්තියටත් , මගුලටත්, මරණෙටත් පට්ට ගැහුවේ මේ සූට් දෙකමය.
කෙල්ලත් එක්ක යන මේ ගමනට සුදු අඳින්න බැරිය. සමහර විට එයා මගේ අතිනුත් අල්ලයි. අපිට අත් පටලා ගෙන ඇවිදින්නත් වෙයි.
ෆරීනා කැමතිම පාට කොළ පාටය.
ටවුමට ගිය ගොඩයා කොළ පාට කුකුළ් සායම් පැකට් එකක් ගෙනැවිත් වතුර බාල්දියකට ලුණු කැට කීපයකුත් දමා දිය කර සුදු කමිසයක් ඊට එබුවේය. මොහොතකින් සුදු කමිසය කොළ පාට විය. වලාමයි.. ඒ ඇය කැමති තද කොළ පාට නොවේය.
දැන් ඉතින් මක් කරන්නද? ගොඩයා සුදු දිග කළිසමට අර water colors කොළ පාට කමිසයත් ඇඳ ගෙන ගමන ගියේය.
ඒකට දැන් මේ තියෙන ඒව කොහාට කියල ඇඳල ඉවර කරන්නද ?
Mr ජාගොඩ හරි.. අපි මේ හැම දෙයක්ම ටික ටික හරි කරල බලන්න ඕන.
ගොඩයගෙ අල්ලපු ගෙදරට ජෝඩුවක් ඇවිල්ල . පදිංචියට. පොඩි බබෙකුත් ඉන්නවා. ස්පැනිෂ් කතා කරනව ඇහෙන්නෙ. මිනිහට 30 ක් විතර ඇති. මදාවියෙක් පාටයි. කොණ්ඩෙ බූ ගාල. අත් දෙක පුරාම පච්ච. ගෑණිට නම් 23 ක් විතර ඇති .. බබා නම් ෂෝක්. බෝනික්කෙක් වගේ. හරි හුරුබුහුටි.. අම්ම වගේ. හීනියට ගෙතූ පුංචි කොණ්ඩ කරල් දෙක බබාගෙ මූණට හුරතල් පෙනුමක් ගෙනාව.
එදා ඉරිදා.. ගොඩයා කිරිබතක් ඉව්වා. කෑලි කැපුවෙ නම් නැහැ. සැමන් ටින් එකකුත් කැඩුව. පොඩි අතපසු වීමකින් සැමන් එක ටිකක් කර උනා. ගේ හැම තැනම දුම පිරුණා. smoke එලාර්ම් එක කෑ ගහන්න ගත්තා. ගොඩයා වහාම දොර ජනෙල් ඇරල දැම්ම.
අර මෑන් ගොඩයගෙ ගෙට එබී බැලුවා.
” අමිගෝ ( මිත්‍රයා ) what problem ? you cooking fish ?” එහෙම තමා උන්ගෙ ඉංග්‍රීසි.
ගොඩයා වෙච්චි සංගදිය විස්තර කලා.
” උඹටත් ඕනද කිරිබත් රස බලන්න?”
ගොඩයා කිරිබත් ටිකක් paper පිඟානක දාල සැමන් ටිකකුත් දා ගෙන අල්ලපු ගෙට ගියා. කෑම් එක ගන්න ආවෙ අර මදාවියා.
” mucho gracias”
ගොඩයා පදිංචි ගෙවල් පේළියේ හැමෝටම පොදු මිදුළක් තිබුනා. මිදුලේ කවුද සෙල්ලම් කරනවා. ඒ අර අම්මයි- බබයි. ජනේලෙ බාගෙට නෙවෙයි කාලට විතර ඇරල ගොඩයා දෙන්නගෙ සෙල්ලම බලන් හිටියා. කෙල්ල – බබාගෙ අම්මා ඇඳල හිටියෙ මේස් බැනියමක් සහ කොටම කොට රතුපාට කළිසමක්. හප්පා.. එහෙම ෆිගර් එකක්….
(මතු සම්බන්ධයි )
ගොඩයටත් මොකද ඉතින් හොදට බලාගෙන හිටිය නේ 🙂 🙂