නවතම ප්‍රතිචාර
Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Priyan87 කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Hasitha/ハシタ (@hasith… කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Sam Perera කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ නිර්නාමික මීයෝ. පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 213,408 hits
රට ගිය ගොඩයගේ කතාව- 12
ගොඩයගෙ බිරිඳ කතා කලා.
“ඔයා ටිකක් පහදල කියන්න නිකම් මළ මිනියක් වගේ ඉන්න එපා කියල”
ගොඩයා කියන්නෙ පින් කඳක්. ගිය ආත්මයේ අටුවට පුරවාපු “වී” තාම එහෙම්මමයි. ටිකක්වත් අඩුවෙලා නැති හැඩයි. පින් පල දෙන්නේ පෝලිමේ. ගොඩයා adult school එකක රෙජිස්ටර් උනා කොම්පියුටර් සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
අරුණ් රෙඩ්ඩි.. ධනවත් ඉන්දියන් ජාතිකයෙක්. ගොඩයාට මාට්ටු උනේ පතා ගෙන -කියා ගෙන ආ හැටියට. ගොඩයගෙ විස්තර අහල ගොඩයා ගැන පැහැදුනා.
7-ඉලවන් එකේ ගොඩයට පිරිසිදු කිරීම් කරන්නත් ඕන. ලංකාවෙ රස්සාව කරන කාලෙ.. එහා මේසෙ තියෙන ලිපි ගොනුව තමන් ළඟට ගන්නත් පියන් කියල සේවක මහතුන් හිටියා අතට පයට. 7-ඉලෙවන් එකේ ඇතුල විතරක් නෙවි.. එළියෙ පාකිං එකත් අතුගාන්න ඕන. ගොඩයගෙ හිතේ දෝංකාර දුන්නා ආයෙ කවදාවත් එයාට white collar රස්සාවක් කරන්න බැරි වෙයිද කියන එක.
7-ඉලවන් ජීවිතයට ආයුබෝවන් කිවූ ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතාගේ කාර්යාලයට ගියා. ඒක ලස්සන ගොඩනැගිල්ලක්. අරුණ් රෙඩ්ඩි මහතාට jack-in the box කියන fast food restaurant 40 ක් විතර ඇමරිකාව පුරා තිබුණා තැන් තැන් වල. ඒවායෙ සේවය කරන 500 ක් විතර සේවකයින්ට පඩි හදන එකයි ගොඩයට පැවරුනු රාජකාරිය.
පන්සලේදී ජාගොඩ මහත්තයට මේ විස්තරේ කිව්වා. ගොඩයගෙ සීග්‍ර දියුණුව අහල ජාගොඩ මහත්තයා අවංකවම සතුටු උනා.
ඊ ළඟ සෙනසුරාදා හොඳට නා ගෙන හොඳම සූට් එකකුත් ඇඳ ගෙන ඊටම ගැලපෙන ජැකට් එකකුත් දා ගෙන ගොඩය මේ යන්නේ පුතය වගේ.. පුසුඹා මල්ලි බලන්න. තව එක දෙයයි අඩු. ඒ නළලට දා ගන්න සන් ග්ලාස් කුට්ටමක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.
නිහල් අයියා කොමෙන්ටෙකක් නොදැම්මට කතාව අපි දිගටම කියවනවෝ… පොඩ්ඩක් ස්පීඩ් වැඩී වගේ… 45 ට වගේ යමු. ජයවේවා!!!
කතාවේ වේගය හොඳටම වැඩියි. ප්‍රවුර්ති සාරාංශය බලනවා වගේ දැන් දැන් දැනෙන්නේ. නිහාල් අයියේ පොඩ්ඩක් වේගේ අඩුකරලා විස්තර , දෙබස් තවත් ඇතුලත් කර ඉදිරියේදී ලියන්න කියා ඉල්ලා සිටිනවා. අවසානය දක්වා කතාවේ සැකිල්ල ඔබගේ සිතේ සකස් වී ඇති ය කියා සිතනව. පොස්ට් එකක් ලියන්නේ ඔබගේ තෘප්තිය සහ අන්‍යයන්ගේ තෘප්තිය සඳහා නිසා රජයේ ලිපිකරුවෙක් කරන්න ඕන නිසා රාජකාරිය ඉවර කරන්න ඉක්මනට දඩි බිඩියේ වැඩේ ගසල බසල දාල ඉවර කරනවා වගේ නැතුව සැනසිල්ලේ සැකිල්ලට අවශ්‍ය පරිදි මස් එකතුකරමින් කතා ශරීරය ගොඩනංවන්න ප්ලීස්
(මම මුල් කාලයේ සිටම ඔබගේ බ්ලොග් රසිකයෙක් )
මේක අවුරුදු 20 ක් පරණ කතාවක්. හැම සිදුවීමක්ම ලියන්න ගියොත් ඔබලාට කලින් මට මේක එපා වෙයි.ප්‍රතිචාර වලට හැම දෙනාටම ස්තූතියි. ඉදිරියේදී ටිකක් හෙමීට ලියන්න උත්සාහ කරන්නම්.
B1/B2 වීසා එකකින් ඇවිත් හොරෙන් ඉන්න කෙනෙක්ට වාහන ණයක් ගන්න බෑ නේද?
Papers were processing. And Mr Jagoda signed as a co-borrower
මෙ දවස් වල මගෙ ආසම බ්ලොග් එක
කොටස් එන්න එන්නම කෙටි වෙනවා වගේ. අවුලක් නෑ ලස්සනට වැඩේ යනවා. ඊලඟ කොටසත් ඉක්මණින් ටිකක් දිගට දාන්න.
කතාව වේගවත් වැඩි වගේ මට හිතෙන්නේ..
තව ටිකක් දෙබස් දාල සිදුවීම් ඇදල ලිව්වනම් හොදයි කියල හිතෙනවා.