නවතම ප්‍රතිචාර
Kasun Mahesh මුතු පිළිබඳ නිහාල් ගුරුසිංහ පොඩි හාමුදුරුවෝ පිළිබඳ ඕනමැන්ටල් පොඩි හාමුදුරුවෝ පිළිබඳ dream පොඩි හාමුදුරුවෝ පිළිබඳ Mahinda Abeysinghe පොඩි හාමුදුරුවෝ පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Praba සුදු බෑණා පිළිබඳ නමියගෙ වීදිය සුදු බෑණා පිළිබඳ නවීන් සංදීප කුමාර රට ගිය ගොඩයගෙ කතාව- අවසන්… පිළිබඳ නවීන් සංදීප කුමාර සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Sudath සුදු බෑණා පිළිබඳ Nihal Gurusinghe සුදු බෑණා පිළිබඳ Ashoka සුදු බෑණා පිළිබඳ Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ -
Join 126 other subscribers
මා බලන්න ආ අය
Blog Stats
- 218,499 hits
රට ගිය ගොඩයගේ කතාව – 7
පන්සලේ ලොකු හාමුදුරුවෝ හිටියා මිදුලේ තවත් ශ්‍රී ලාංකිකයෙක් සමඟ කතා බස් කර කර.. උන් වහන්සේ ඔහුට ගොඩයා හඳුන්වා දුන්නා.
ජාගොඩ මහත්තය ලංකාවෙ ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ පුතෙක්.
ඔය කාලෙ i Phone තිබුණෙ නෑ. පුසුඹ මල්ලිගෙ ෆෝන් එක නාද උනා. කීප සැරයක් නාද වෙලා නතර උනා. ආයෙම නාද වෙන්න පටන් ගත්තා. ආයෙම නැවතුනා. ගොඩයා නිකමට ගිහින් බැලුවා. පුසුඹා මල්ලී නිදිවත්ද කියල. කාමරේ නෑ. ෆෝන් එකේ අංකය සටහන් වෙලා තිබුනා. +94…. ලංකාවෙන් ආ කෝල් එකක්.
සුද්දගෙ බාත් රූම් එක බාගෙට ඇරල. ඒ තුල දෙන්නෙක් ඉන්න බව ගොඩයා දැක්ක. “මල්ලී.. මල්ලී” කියල සැරෙන් කතා කලා. බාත් රූම් එකේ දොර ඇරුනා.
ගොඩයට රැකියාවක් ලැබුනා. 7 ඉලවෙන් එකක. 7 ඉලවන් කියන්නෙ දවසෙ පැය 24 ම අවුරුද්දේ දින 365 ම ඇරල තියෙන හදිසියකට ඕන වෙන ඇස්පිරින් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා විකුණන්ට ඇති මිනි සුපර්මාකට් ජාතියක් කිව්වොත් හරි.
” ඔය ජාගොඩ ජෝඩුව ඉන්නව නේද ? උන් දෙන්නටම ඉංග්‍රීසි බෑ”
7 ඉලෙවන් එකට එනවා ලොතරැයි ගන්න- හූරන්න නා නා ප්‍රකාර අය. මෙක්සිකන්- ඉතියෝපියන්-කළු-සුදු ජාතිකයන්. සමහර උන් මාර බුද්ධිමත්. උන් ලංකාව ගැන ගොඩයට වඩා දේ දන්නව. ගොඩයා දන්නා විදියට තමන්ගේ රට ප්‍රොමෝට් කලා. රටේ හොඳම කිව්ව.
ලොතරැයි ගන්න එනවා කළු ගෑණියක් නම හැරියට්. රස්සාව කළේ පොලිසියේ. ෆයිලින්ග් ක්ලාර්ක් කෙනෙක්. හැමදාම ලොතරැයියක් ගන්නව. ඒව ඇදිලද කියල තමන්ටම බලන්න පුළුවන් ස්කෑනර් එකක් තියෙනව. ලොතරැයියෙ බාර් කෝඩ් එක ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ. කිසි හොර බොරුවක් නෑ. හැම එකාම ලොතරැයි ගන්නෙ එකම අරමුණකින්. ඒ ලොකු ගානක් ඇදුනොත් පහුවදාම රස්සාවෙන් අස්වෙන්න.
කෙනෙක් ආවා. කලින් දා ගත්තු ටිකට් එක ස්කෑන් කලා. ” not today ” කියල කුණු කූඩේට විසි කරල යන්න ගියා. ඒත් එක්කම හැරියට් ආවා. එයගේ ටිකට් එකත් ස්කෑන් කලා. “not a winner ” කියල ස්කෑන් තිරයේ සටහන් උනා. ටිකට් එක මේසෙ උඩම දාල යන්න ගියා.
This entry was posted in Uncategorized. Bookmark the permalink.
මේක නිකම් ලංකාවේ ටෙලි නාට්‍යයක් එකක් බලනවා වගේනේ. මම හිතේ රූප මවාගෙන මේක කියවන්නේ
බොහොම ස්තූතියි කියවා කමෙන්ට් කලාට
කතාව නම් ලස්සනට ගලාගෙන යනවා.ඊලග කොටසත් ඉක්මණින් දාන්ඩෝ…
බොහොම ස්තූතියි
කතාවට අමතරව ඔබ ඇමරිකාව පිලිබදවද තොරතුරු ලබා දීම අගය කොට සලකමි. ස්තුතියි….
බොහොම ස්තූතියි කියවා කමෙන්ට් කලාට