නවතම ප්රතිචාර
Sarath Perera ගූ කතා ගොඩක් පිළිබඳ sam perera ගූ කතා ගොඩක් පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Evolution of Girls P… P…. for පෑන්ටි.… පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Priyan87 කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Hasitha/ハシタ (@hasith… කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික කලවම ? කවලම ? පිළිබඳ Nihal Gurusinghe කලවම ? කවලම ? පිළිබඳ Sam Perera කලවම ? කවලම ? පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ නිර්නාමික මීයෝ. පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 213,408 hits
රට ගිය ගොඩයාගේ කතාව- 4
ගොඩයා ගොඩ උනේ EVA AIR ගුවන් යානාවකට. සේරටම ඉස්සෙල්ල කියන්න ඕන මේ ගොඩයගෙ පළමු ගුවන් ගමන.
දැන් ගොඩයට මේ ලෝකෙ දෙයක් මතක නෑ. ආවේ කොහෙ ඉඳලද ? යන්නෙ කොහාටද ? ඉන්නෙ කොහෙද ? ගුවන් යානය එකම තැන නවත්වල තියෙනව වාගෙ .. අවට කිසි දෙයක් පේන්න නෑ.
වෙලාව රෑ 8.00 ට විතර ඇති. මගී කොරිඩෝව දිගේ එළියට එන තම නෑ හිතවතුන් පිළිගන්න සූ ගාල සෙනග. සමහරු මල් පොකුරු අරන් ඇවිත්..එකට ඉඳන් පොටෝ ගන්නවා.. වැඩ හැටයි. ගොඩය හැම තැනම බැලුව පුසුඹ මල්ලිත් මල් ටිකක් අරන් ගොඩයා පිළිගන්න බලන් ඇති කියල. එහෙමයි පොරොන්දු වෙලා හිටියේ.
” you need a taxi ?” ගොඩයට තමාගෙ පිටුපසින් ටිකක් කරුණාවන්ත කට හඬක් ඇහුනා. ගොඩයා අර ලිපිනය පෙන්නුවා.
ටික වෙලාවකින් ටැක්සිය, විශාල කුළුණු , දොර ජනෙල් ඇති ගාම්භීර නිවසක් අසළ නැවතුනා.. ගොඩය අඳුර ගත්තා ගෙදර. වහාම ටැක්සියෙන් බැහැල ගිහින් දොරේ බෙල් එක ගහන්න හිතුවා.
ගොඩයා ඉස් ඉසෙල්ලම කළේ නා ගන්න එක. උණු වතුර. නෑවට පස්සෙ මාර බඩගින්නක්. කන්න කිසි දෙයක් නෑ. බොන්න වතුර ටිකක්වත්. ගොඩයා කවදාවත් හොටෙල් එකක – මොටෙල් එකක නැවතිල නැති අමුම අමු ගොඩයෙක්. කරන්න දෙයක් නෑ.. පුසුඹ මල්ලිගෙ වයිෆ් – ගොඩයාගෙ නෑනා පුසුඹ මල්ලිට දෙන්න කියල එවාපු අළුවා කෑල්ලක්, හකුරු කෑල්ලක් එක්ක කාල ටැප් වතුර ටිකක් බීල නින්දට වැටුනා.
ගොඩයට පුසුඹ මල්ලී දී තිබුණු ලිපි අස්සේ තිබී තවත් ලිපිනයක් හම්බ උනා. ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකුගේ.
This entry was posted in Uncategorized. Bookmark the permalink.