දෝන කුසුමාවතී -එකොළොස්වන කොටස


වෙලාව රෑ 10.00 ට විතර ඇති.
අන්තිම බස් එක කුසුමාවතිලගෙ ගේ ළඟ ස්ලෝ කලා . ෆුට් බෝඩ් එකේ හිටි කෙනෙක් සුරුස් ගාල පැන්නා. එහෙම පැනල පුරුදු කාරයෙක්. වට පිට බලල කවුරුවත් ළඟ පාත නෑ කියල සැක ඇරල දැන ගෙන කුසුමාවතීලගෙ ගේ දිහාවට ඇදුනා.
ඒත් ඔහු වැරදියි. උකුසු ඇස් දෙකකට මේ දර්ශනය අසු උනා.
ඒ බාලන්ගේ. ඊයේ වත්තෙ පඩි. අරක්කු දිනේලගෙ ගෙදරින් ලාවට රුපියල් දෙකක දාගෙන , කඩේ ඇරල තිබුණොත් මුරුක්කු පැකට් එකක්වත් ගන්න හිතා ගෙන මේ යන ගමන්.
” මං අල්ලගන්නම් අද…”
බාලන් වට රවුමෙන් කැරකිල කුසුමාවතිලයි පිළිකන්න පැත්තට ගියා. අමුත්තා ජනෙලයක් ළඟ. ජනෙල් පියනක් ඇරිලා. කිසි දෙයක් පැහැදිලි නෑ.
ජනෙල් පියන වැහුනා. අමුත්තා දර මඩුව පැත්තට එනවා. සිගරට් එකකුත් පත්තු කර ගත්තා. තව කවුදෝ ඡායාවක් දර මඩුව පැත්තට එනවා. ඒ කුසුමාවතී. පට්ට බැල්ලි.
අමුත්තා කුසුමාවතී බදා ගත්තා. අම්මට සිරි.. ඉංගිරිස් කරමෙට ලව් එකක්. කුසුමාවතී සිගරට් එක උදුරගෙන උගුරක් ඇදල අමුත්තගෙ කටේ ගැහුවා. ආං… කටවල් ඉඹිනව.
පට්ට වේසි. ඒකිට කලිසම ලොකු උනා. කමක් නෑ. මට දුක නෑ. ඕකි සල්ලන් උනේ මගෙන්. ආං ඒකි අරූ ළඟ දණ ගැහුවා.. ඉක්මණට යන්න එපා කියල වඳිනව වෙන්නැති. මං අද හොයා ගන්නං ඕකා කවුද කියල. ඌ මොකා උනත් දෙකේ බස් එකට එන්න එපායැ. එතකං පෙං කෙළපන්.

********************************************************

බාලන් කුසුමාවතිලගෙ ගෙදරට එහා හෝල්ට් එකෙන් මාතලේට යන බස් එකට ගොඩ උනා. හරි… ඊ ළඟ හෝල්ට් එකෙන් අරූත් නැග්ග.
” ඔහොම තමා පිං කළ අය” ඩ්‍රයිවර් අමුත්තට කීවා. ඒ කියන්නේ අමුත්තා ඩ්‍රයිවර් අඳුරනවා. කෙලින්ම බැටරි පෙට්ටිය ළඟ සීට් එකේ වාඩි උනා. ටිකට් ගත්තෙ නැහැ. ඒ කියන්නෙ පාස් එකක්. ඒ කියන්නෙ ලංගමේ වැඩ කරන එකෙක්.

********************************************************

බාලන්ගෙ හිතට හොඳටම අමාරුයි. අරක්කු දිනේලගෙ ගෙදරින් හොඳට බිව්වා. හිනා උනා. ඇඬුවා. බක්කර කඩේ පැත්තට ඇදුනා. කරුවලත් වැටී ගෙන එනව.
” පට්ට වේසි.. ඕකි… මං ඕකිගෙ හු…ට මල් කපන පිහියෙන් අනිනව. ඇනල ඔරවල ගන්නව. වේසී..”
” බාල…න්.. මොකද ? කාටද බනින්නේ ?” කඩේ රත්නපාල ඇහුවා.
” ඕකි කළිසම්කාරයෙක් එක්ක රෑට රෑට පෙං කෙළිනව. ඇයි අපිට දුන්නම මොකද ? අපෙ ඒව බඩු නෙවෙයිද ? මේව නියම බඩු අරී…ද ?”

” බාලන් කවුරු ගැනද ඔය කියවන්නේ ?”
” මං දෙමළා.. ඒක හරි.. වතු දෙමළා. ඒක අරී. ඒත් ඉත ඔඳ කොල්ලා.. අරිද ..?”
” කියාපන් බලන්න. අපි ඔක්කොම එක ගමේ මිනිස්සු නේ…”
” අරකි.. කුසුමා.. මං ඕකිගෙ අම්මට කියන්නෙ නෝන මහත්තය කියල. යකාගෙ නෝනලා.. මගෙ මුදලාලි දන්නවනේ මගෙ නංගී… මාරි.. ගිය මාසෙ බැන්ද.. ඒකි බැන්දෙ නගරසබාවෙ ටැට්ටරේ එළවන එකා.. මනී.. ඌ ඔඳ එකා.. මාරි.. අන්න නියම නෝනලා. ලෂ්ෂනට මගුල් කෑවා. ලෂ්ෂනට ගියා. චරිතෙ.. චරිතෙ… මුදලාලි දන්නවද ඕකි සල්ලන් උනේ මගේ අතින්…”

” කියාපන්.. කියාපන් ඒ කවද්ද ?”
” ඕකිගෙ මගුලට මාසෙකට කලින්. ඕකි ඔයේ නානව.. ගල එලියෙ දාගෙන කුණු උලනව. මට ඉන්ට බෑ. ඇද ගෙන ගියා අකුලට..”
” මුදලාලි දන්නවද ? බොරුවට ටිකක් දැඟලුව මිසක්.. හුම් කිව්වෙ නෑ. අර පොන්නය ඒකට කර ගැහුවා…
මට ෂමා වෙන්න මුදලාලි. මුදලාලිලගෙ මිනිස්සු තමා..ඒත් ඕකි වේසි..

” ඉතින් උඹ දැක්කද ඔය එන එකා ආවෙ මොකටද කියල?”
” මුදලාලි පයිත්තියන් කතා කරනවා. මං මේ ඇස් දෙකට දැක්කනේ.. මං ඕකිට අනින එක අනිනවාමයි..”

” මේකි තියන්න වටින්නෙ නෑනෙ..”
” බාලන් මේ අහපන්. කලබල වෙන්ට එපා. පිහියෙන් අනින්ට ගියොත් උඹට මොකෝ වෙන්නෙ ? හිරේ යන්න වෙයි අපි ඊට වඩා ලස්සන වැඩක් කරමු. දැන් පලයන්. වෙන වෙලාවක වරෙන්.
අපි ගහමු කැලෑ පත්තරයක්. මං ලියල දෙන්නම්. උඹ අලවපන් රෑට හැම තැනම. මේ කඩෙත් එකක් ගහපන්.

මුණුබුරාට උදේට කන්න ඉඳි ආප්ප ගේන්න ගිය බේබිනෝනා හති දාගෙන දුව ගෙන ආවා. බේබිනෝනා අතේ කඩදාසියක්.

saappuwa

පාරේ ගිය කොල්ලෙක් – කවදාවත් මූණවත් බලන්නෙ නැති එකෙක්- ” ආ..නැන්දේ කොහොමද ?” කියල කිව්ව. එහෙනම් හැම තැනම අලවල ඇති.

” මේ මොකද්ද බොල ? අපි ඉඳල ඉවරයි. මේ ඇත්තද බොල.
” ඔය කාගෙ හරි බොරුවක් අම්මේ”
” පලයන් ගිහින් එක්ක වරෙන් විල්සන්. ගෙදර ඉඳන් වැඩට යන්න කියපන්. ඔය කොළඹ යන අයත් ඉන්නේ. ගෙදර පිරිමියෙක් නැති නිසා නේද මේ සේරම?”

කුසුමාවතී සිරිමල් සමඟ දඹුලු ගියා. කෙලින්ම විල්සන්ගෙ නවාතැනට.
” විල්ෂන් අයිය උදේ ඉටිය. වැඩට යන්න ඇති. අසල්වැසි දෙමළ ගැහැණිය කීවා.
දෙන්නාම විල්සන්ගෙ සේවාස්තානයට ගියා. විල්සන් හිටියේ සරමක් හා මේස් බැනියමක් ඇඳ වැට කප කපා.
” හරියට තමන්ගෙ බූදලේ වගේ…”
” ඔයා එන්න ගෙදර යන්න. පුතාත් අහනව ඇයි තාත්ත එන්නෙ නැත්තෙ කියල”
” මං මොනවටද ? ඔය රෑට කවුද එකෙක් එනව කියන්නේ”
” හෙන ගහනව ඔය කටට”
” කතා කරන ලස්සන. මට කවුදෝ ලියුමක් එවල තියෙනව. බොරුවක් වෙන්න බැහැනේ”
” අඩුගානේ සුමානයක් ඉඳල යන්න එන්න”
” නෑ.. මං එන්නෙ නෑ. මම පුතාගෙ වියදම එවන්නම්. ඔහේ මහ ජරා ගෑණියක්.”
“ඔව් මං ජරා ගෑණි. තමුසෙ හොඳ මිනිහ. තමුසෙ හොඳ නම් මේ කරදර එකක්වත් නෑනෙ” තමුසෙ එනවද නැද්ද ?” එහෙනම් බලා ගනින්..
කුසුමාවතී එක් වරම හෑන්ඩ්බෑගයෙන් කුඩා බෝතලයක් ගෙන කටේ හලා ගන්න තැත් කළා.
විල්සන් වහා පැන බෝතලය උදුරා ගෙන විසි කළා. ගලක වැදුනු නිල් පාට බෝතලය සුදු පෙණ නගමින් බිඳී ගියා.
” එනව ගෙදර යන්න. මට කිසි දෙයක් එපා. ඔය බේත් කෂාය බීල ආයෙ ඕක නැගිට්ටුවන්න බැරි විත්තිය මං දන්නවා.”
” උඹ ළමය ඉස්සරහ කතා කරන්නවත් දන්නෙ නැති නැහැදිච්චි ගෑණියක්”

” පුතේ .. මට ඔයා ගැන දුකයි. ගෙදර යන්න. මම සල්ලි එවන්නම්’

සිරිමල්ට මේව බර වැඩියි. ගල ගැහිල බලන් හිටියා.

අම්මයි පුතයි හිස් අතින් ගෙදර ආවා.

( මතු සම්බන්ධයි )

This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to දෝන කුසුමාවතී -එකොළොස්වන කොටස

  1. කණ්ඩා ~ Kanda පවසයි:

    මහා දුක හිතෙන කතාවක් වෙනත් දෙයක දවටලා අපිට කියවන්න දෙනව 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )