නවතම ප්රතිචාර
නිර්නාමික මීයෝ. පිළිබඳ නිර්නාමික අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Lakmal Kandevidane අමුතු කතාවක් පිළිබඳ අශෝක පොල් පොල් පොපොල් පොල්… පිළිබඳ ඕනමැන්ටල් අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Nihal Gurusinghe අමුතු කතාවක් පිළිබඳ Rasika Suriyaarachch… අමුතු කතාවක් පිළිබඳ ranjith henayaka අමුතු කතාවක් පිළිබඳ Viraja අම්මගේ දැක්ම පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – අවසන්… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී -එකොළොස්වන … පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – දහවන… පිළිබඳ කණ්ඩා ~ Kanda දෝන කුසුමාවතී – නමවන… පිළිබඳ මා බලන්න ආ අය
Blog Stats
- 205,421 hits
දෝන කුසුමාවතී – දහවන කොටස
කුසුමාවතී රත්නපාල සොයා ගෙන බක්කර කඩේට ගියේ එදා විල්සන් දුන්නු සල්ලි වලින් කඩේ ණය පොතෙන් ටිකක් හරි ගෙවා දාන්න හිතාගෙන. අපරාදෙ කියන්න බැහැ පොතේ ණය වලින් වැඩි හරියක් රත්නපාල කපා ඇරල තිබුණා.
” අද එන්නද ගෙවල් පැත්තෙ?”
කුසුමාවතී සිරිමල්ගෙ ඇඳට ගිහින් ඔහුට තුරුලු වී නිදි කරවන්න උත්සාහ කළා. මොන පිස්සුද ? සිරිමල් ඒ නැලවෙන වයස පහු කරල. වයසට වඩා කුරුවල් වෙලා. සිරිමල් බොරුවට නින්දට වැටුනා. බොරුවට නිදා ඉන්න මිනිහා ලේසියෙන් ඇහැ අරින්නෙ නැහැනේ.
සිරිමල් දිග සුසුමක් හෙලල, ඉකි ගගහ නින්දට වැටුනා.
සිරිමල්ගෙ කුඩා සිතට දැනුනේ පුදුම පාළුවක්. හිස් බවක්. එයා එයාගෙ සම වයසෙ යාළුවන්ගෙ ගෙවල් වලට ගිහින් තියෙනව. යාළුවන්ට තියෙනව නිදා ගන්න වෙනම කාමරයක්. එයාල ඒව ලස්සනට තියන් ඉන්නව. එයාලගෙ දෙමාපියනුත් හරි වෙනස්. කතා බහෙන් – හැසිරීමෙන්.
මහින්ද ගෙ තාත්තා පඩයක් ඇරියා.
අනික් යාළුවා ලක්ෂ්මන්.
බක්කර කඩේ රත්නපාල මාමා දවසක් ගෙදර ආවා. බයිසිකළේ. කුසුමාවතීට මොනවද කිව්වා. කුසුමාවතී අඬන්න පටන් ගත්තා. රත්නපාල බඳින්න යනවා. කැකිරාවෙන්. ගුරුවරියක්ලු.
” පුතේ අපි හොඳ වැඩක් කරන්න ඕන. අපි ලියුමක් ලියමු. මම ලියල දෙන්නම්. ඔයා ලියන්න ඔයාගෙ අත් අකුරෙන්”
This entry was posted in Uncategorized. Bookmark the permalink.
කතාව එන්න එන්නම දුක හිතෙන අවසානයකට යන්නෙ 😦
ලස්සන කතාවක් සෘංගාර රසය සමගින්…. ඡය වේවාගගග
අප්පච්චියේ කුසුමා කරන්ඩ යන අපරාදේ
හොඳ හොඳ සෙල්ලම් ඊ ළඟ කොටස් වලින්
කොටස් කීපයක් ම එක පාරට කියෙව්වා!
තව කොටස් දෙක තුනකට වඩා නැහැ.