දෝන කුසුමාවතී – දහවන කොටස


කුසුමාවතී රත්නපාල සොයා ගෙන බක්කර කඩේට ගියේ එදා විල්සන් දුන්නු සල්ලි වලින් කඩේ ණය පොතෙන් ටිකක් හරි ගෙවා දාන්න හිතාගෙන. අපරාදෙ කියන්න බැහැ පොතේ ණය වලින් වැඩි හරියක් රත්නපාල කපා ඇරල තිබුණා.
” කුසුමෙ මොකද මේ ගමේ මිනිස්සු කියන්නේ පිචර් බලන්න ගිහින් හිටිය කියල කා එක්කද ?”
” මං වෙන කවුරු එක්ක යන්නද ? එදා අපි ගිය එක කවුරු හරි දකින්න ඇති”
” ඒක මිසක්”

” අද එන්නද ගෙවල් පැත්තෙ?”
” අර මක්කටද ?”….කුසුමාවතී ළමිස්සියක් මෙන් කෝමල හිනාවක් දැම්ම. ඊ ළඟට කොණ්ඩ කරලෙ අග්ගිස්ස හප හපා..
” එන්න.. දොළහ පහුවෙලා… අම්මලත් නෑ.. අයියලගෙ ගෙදර ගිහින්”

කුසුමාවතී සිරිමල්ගෙ ඇඳට ගිහින් ඔහුට තුරුලු වී නිදි කරවන්න උත්සාහ කළා. මොන පිස්සුද ? සිරිමල් ඒ නැලවෙන වයස පහු කරල. වයසට වඩා කුරුවල් වෙලා. සිරිමල් බොරුවට නින්දට වැටුනා. බොරුවට නිදා ඉන්න මිනිහා ලේසියෙන් ඇහැ අරින්නෙ නැහැනේ.
චිමිණි ලාම්පුව නිවල තිබුණත් කොහෙන්දෝ ආ එළිය රැල්ලක් කාමරේට වැටිල තිබුණ. කුසුමාවතී සීරුවට දොර ඇරගෙන එළියට ගියා. හෙවනැලි දෙකක් කාමරේට ආවා. කිසි හැල හොල්මනක් නෑ. සිරිමල්ගෙ පපුව ඩිග්-ඩිග් ගෑවා.
” කවුද අම්මේ.. ආවේ ?”
” කවුරුවත් නෑ පුතා.. ඉන්න මං ලාම්පුව පත්තු කර ගෙන එන්නම්” කුසුමාවතී කුස්සියට ගිය අතරේ සිරිමල් ඇඳෙන් නැගිට අම්මගෙ ඇඳයි අල්මාරියයි තියන තැන බිත්තිය අත ගෑවා. සිරිමල්ට අත ගෑවුනා මවිල් තියෙන බඩක් හරි පපුවක් හරි.
” අම්මේ…හ්.. මෙතන කවුද ඉන්නවා…”
” පුතා හොඳ පුතානෙ ..කෑ ගහන්න එපා. ඒ කඩේ මාමා”
” ඉතින් ඇයි මෙහේ ?”
” කඩේට පොලිසියෙන් පැනල. හොර අරක්කු තියෙනව කියල කවුදෝ පෙස්සම් ගහල. පොලිසියට බයටයි ඔය හැංගෙන්න මෙහාට ආවෙ”
” පාල… ඔයා දැන් යන්න. පොලිසිය දැන් ගිහින් ඇති”

සිරිමල් දිග සුසුමක් හෙලල, ඉකි ගගහ නින්දට වැටුනා.
” වේසිගෙ කොල්ල” රත්නපාල සාප කරමින් යන්ට ගියා.
********************************************************

සිරිමල්ගෙ කුඩා සිතට දැනුනේ පුදුම පාළුවක්. හිස් බවක්. එයා එයාගෙ සම වයසෙ යාළුවන්ගෙ ගෙවල් වලට ගිහින් තියෙනව. යාළුවන්ට තියෙනව නිදා ගන්න වෙනම කාමරයක්. එයාල ඒව ලස්සනට තියන් ඉන්නව. එයාලගෙ දෙමාපියනුත් හරි වෙනස්. කතා බහෙන් – හැසිරීමෙන්.
සිරිමල් හිතුව ගෙදරින් පැනල යන්න. පැනල ගිහින් ගෙදරක වැඩ කාරකමක් වගේ රස්සාවක් කරනව කියල. ඒත් පත්තරේ එයාගෙ වයසෙ අයට රස්සාවල් තිබුණෙ නැහැ.

ආයෙම හිතුව පැනල ගිහින් පන්සලක මහණ වෙන්න. ඒත් රෑට බඩගින්නේ ඉන්නෙ කොහොමද ? රත්නායකල , අබේකෝන්ල කියන්නෙ ඒවයෙ ලොකුහාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කුණුහරප කරනවලු. මේව ගැන කාගෙන් අහල දැන ගන්නද ? ඇරත් මහණ උනාම කොහොමද අර ලස්සන ඇන්ටිල ඇඳුම් නැතුව ඉන්න පින්තූර පොත් බලන්නෙ? ලොකු උනාම කොහොමද ඒවගෙ ඇන්ටිල එක්ක පොටෝ ගහන්නෙ? අර අම්මා බලන පොත්වල තියෙන දේවල් කරන්නෙ ?

සිරිමල් උදේට ඉස්කෝළෙ ගියා. හවසට ගෙදර ආව. යන්නන් වාලේ ඔහේ ගියා. කවුරුවත් ඇහුවෙ නෑ අද මොනවද ඉගෙන ගත්තෙ කියල. මෙතෙක් දවස් පන්තියේ පළවැනියා වුනු සිරිමල් මෙදා පාර පස්වැනියා.

ඇයි මට මහින්දගෙ තාත්තා වගේ තාත්තා කෙනෙක් ලැබුණෙ නැත්තේ? ලක්ෂ්මන්ගෙ තාත්තා වගෙ කෙනෙක්?

මහින්ද ගෙ තාත්තා පඩයක් ඇරියා.
” චිහ්.. ජරා වැඩ කරනව. ළමයත් හැදෙන්නෙ ඔයා විදියට තමයි. මහින්දගෙ අම්මා විහිළුවක් කළා.
මහින්ද තාත්තට ” පඩයා” කීවා.
” ඔහොම හිටපං පඩයා කවුද කියල පෙන්නන්න” මහින්දගෙ තාත්තා මහින්ද පසු පස පැන්නුවා. මහින්දට හිනාව නවත ගන්න බැරි තරමට කිති කැව්වා. හැමෝම හිනා උනා.

අනික් යාළුවා ලක්ෂ්මන්.
” හරි කියපන් බලන්න උඹල ඉස්කෝලෙ ගිහින් මොනවද ඉගෙන ගන්නෙ කියල… ඔන්න මම ප්‍රශ්නයක් අහනවා”
” කුකුළෙක් වැටක් උඩට නැගල උතුරු දිශාව බලා ගෙන බිත්තරයක් දාන්ව. බිත්තරේ වැටෙන්නේ මොන දිශාවටද ?”
” හූ… හූ.. කුකුළො බිත්තර දානවද ?” අපි මර හඬ දීල හිනා වුනා.

ඇයි මට ඒ වගේ තාත්තෙක් නොලැබුණේ ?

********************************************************

බක්කර කඩේ රත්නපාල මාමා දවසක් ගෙදර ආවා. බයිසිකළේ. කුසුමාවතීට මොනවද කිව්වා. කුසුමාවතී අඬන්න පටන් ගත්තා. රත්නපාල බඳින්න යනවා. කැකිරාවෙන්. ගුරුවරියක්ලු.
” අපි සහෝදරයො වගෙ ඉම්මු”
” මුලදි මෙහෙම කරල දැන් කොහොමද සහෝදරයෝ වාගෙ ඉන්නෙ” කුසුමාවතී ඇඬුම් අතරින් කීවා.
සිරිමල් බයිසිකළේ බාර් එක අස්සෙන් කකුල දාල පදින්න උත්සාහ කළා.

********************************************************

” පුතේ අපි හොඳ වැඩක් කරන්න ඕන. අපි ලියුමක් ලියමු. මම ලියල දෙන්නම්. ඔයා ලියන්න ඔයාගෙ අත් අකුරෙන්”
” ඒ ඇයි?”
” මගේ අත් අකුරු අඳුර ගනී”
බක්කර මාමා ගේ නැන්දා උගන්වන ඉස්කෝලෙට යවන්න අම්මා ලියා දුන්නු ලියුම සිරිමල් එයාගෙ අත් අකුරෙන් අපූරුවට ලිව්වා.

තාත්තා ගෙදර එන්නෙත් නෑ. මට අම්මා තරහ කර ගන්න බෑ.. අම්මා තරහ වෙලා මාව දාල ගියොත් ?.. සිරිමල් කල්පනා කළා.

( මතු සම්බන්ධයි )

This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to දෝන කුසුමාවතී – දහවන කොටස

  1. කණ්ඩා ~ Kanda පවසයි:

    කතාව එන්න එන්නම දුක හිතෙන අවසානයකට යන්නෙ 😦

  2. දිල්ෂාන් පවසයි:

    ලස්සන කතාවක් සෘංගාර රසය සමගින්…. ඡය වේවාගගග

  3. අප්පච්චියේ කුසුමා කරන්ඩ යන අපරාදේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )