දෝන කුසුමාවතී – අටවන කොටස


දැන් සිරිමල්ට පහක්. අවුරුදුම පහක්. සිරිමල් ටවුමේ ආගමේ ඉස්කෝළෙ හෝඩියේ පන්තියේ. කියවීමට-ලිවීමට-කියවන විට ලිවීමට සිරිමල් දැක්වූයේ පුදුම දස්කමක්.
සිරිමල් අතට අහුවුනු ඕනෑම දෙයක් කියවන්න පුරුදු උනා.
දවසක් අම්මගෙ කොට්ටෙ යට තිබිල සිරිමල්ට අහුවුනා අපූරු පොතක්. පිට කවරයක් තිබුණේ නැහැ. සමහර පිටුත් ගැලවිලා ගිහින්. ඒකෙ තිබුණේ සිරිමල්ට තේරුම් ගත නොහැකි පුදුම දේවල්. මේ අන්කල් කෙනෙකුගෙයි – ඇන්ටි කෙනෙකුගෙයි කතාවක්.
” එපා ඕව කියවන්න. ඕව තියෙන්නෙ ලොකු අයට” කුසුමාවතී පොත උදුරා ගෙන මෙට්ටෙ යට ගැහුවා.

“අපි හෙට ගමනක් යමු.”
සිරිමල් බයිස්කෝප් බලන්න ආසයි. ශාලාවේ පිටුපස බිත්තියේ හතරැස් සිදුරකින් එන එළිය ධාරාවක් ඉස්සරහ රෙද්දකට වැටෙනවා. සිරිමල්ට හිතා ගන්න බැරි වුනා අර එළියෙන් කොහොමද රූප මැවෙන්නේ කියල.
පළවැනි බෙල් එක වැදෙන කොට ශාලාව අඳුරු උනා. වටේට තිබුණු දොරවල් වැහී ගෙන වැහී ගෙන ගියා.
අම්මගෙ එහා පැත්තෙ සීට් එකට කවුදෝ කෙනෙක් ඇවිල්ල වාඩි වුනා. ශාලාවට යන්තම් එළිය වැටෙන වෙලාවක් බලල , සීට් එකේ ඉස්සරහට වෙලා සිරිමල් හොරෙන් බැලුවා කවුද ඒ කියල. කවුද අන්කල් කෙනෙක් අම්මගෙ උරිස්ස සිඹගෙන ඉන්නා හැටි කුඩා සිරිමල් නිරීක්ෂණය කළා.
බයිස්කෝප් එක ඉවර වෙලා තුන් දෙනාම ගියා කෑම කන්න ඔර්ලෝසු කණුව ළඟ තියෙන මුස්ලිම් හෝටලයට. ඒකෙ කාමරත් තියෙනවා. අන්කල් බිත්තියේ තිබුනු කුඩා බොත්තමක් එබුවා. සුදු ඇඳගත්තු වේටර් කෙනෙක් ආවා.
පුංචි පුංචි දීසි වලට නොයෙක් එලවළුත් , මස් මාළුත් ලොකු තසිමකට බතුත් ගෙනැත් තිබ්බා. අහසේ නිල් පාට පිඟන් වලට තුන් දෙනාම බත් බෙදා ගත්තා.

සිරිමල් ගොඩාක් ආසා කලේ අන්තිමට ගෙනැත් තිබ්බ පැපොල් වැඩියෙන් දමාපු ෆෘට් සැලඩ් එකට.
” මේ අන්කල් හොඳයි නේද පුතා” ? අම්මා ඇහුවා.
අන්කල් දිග කළිසම් අඳින කෙනෙක්. එයා අපේ තාත්තා උනා නම් කොච්චර හොඳද ? සිරිමල් පහුවදා ඉස්කෝලෙ ගිය ගමන්ම යාළුවන්ට කීවේ අම්මයි තාත්තයි එක්ක බයිස්කෝප් එකක් බලන්න ගිය විත්තිය.
සිරිමල් අම්මගෙ උණුසුමට ආසයි. කුසුමාවතී සිරිමල් තුරුලු කර ගෙන නිදා ගත්තා.
” අම්මේ.. කවුද අම්මේ ඒ අන්කල්?”
” ඒ… අම්මත් එක්ක එකට ඉස්කෝලෙ ගිය එක්කෙනෙක්”
” අපි ආයෙ යන්නෙ කවදද?”

තම මව හංගා ගෙන කියවන පොත් හොරෙන් බැලීමෙන්ද , අම්මා මිතුරියන් ගෙන් ඉල්ලා ගෙන එන ෆිල්ම්ෆෙයාර් වගේ සඟරා වල බාගෙට හෙළුවෙන් ඉන්න ලස්සන ඇන්ටිලාගේ රූප දැකීමෙන්ද සිරිමල්ගේ සිතේ කුතුහලය මිශ්‍ර වුනු මිහිරක් වැඩෙමින් තිබුනා.
ඒ වගේ සඟරාවක ජංගියකින් සැරසුනු රූමත් නිළියගේ රුව දුටු කුඩා සිරිමල් එම ඇඳුම තම මවට සිතෙන් අන්දා රස විඳීමට පෙළඹුනා.

අම්මේ .. අර කුරුල්ලා රතු පාට උනේ කොහොමද ? කුරුල්ලො පියාඹන්නෙ කොහොමද ? අර සමනල්ලු එන්නෙ කොහෙ ඉඳලාද ? වගේ වෙනත් ළමා ලපැටියන් අහන ප්‍රශ්න වෙනුවට සිරිමල් තම මවගෙන් ඇහුවේ;
” අම්මේ.. අර අන්කල් අපි එක්ක බයිස්කෝප් බලන්න යන්නේ ඇයි?”
” ඒ අන්කල්ට බබාල නැද්ද ?”
” ඇයි තාත්තා ගෙදර එන්නෙ නැත්තෙ?” වගේ මුහුකුරා ගිය ප්‍රශ්න වැලක්.

රාත්‍රිය නිහඬයි. යාන්තමට හඳ පායලා තිබුණා. අන්තිම බස් එක ගේ ළඟ නැවැත්තුවා. සිරිමල්ගේ උගුර කට වේළිලා. සිරිමල් හිතුවා හරි. ජනේලයට හිමින් තට්ටු කරන හඬක්. අම්මා ජනෙල් පියන ඇරියා. කිසි දෙයක් පැහැදිලි නෑ. සිරිමල්ගෙ පපුව ඩිග්-ඩිග් ගා ගැහුනා. මොහොතකින් ජනෙල් පියන වැහුනා. හඬ නොනැගෙන ලෙසට සීරුවට දොර ඇරිය කුසුමාවතී එළියට ගියා. සිරිමල්ට ඕන වුනා මොකද වෙන්නේ කියල බලා ගන්න. ඒත් සිරිමල් කරුවලට බයයි.

විල්සන් ගෙදර එන එක අඩු කළා. ඒ වෙනුවට පඩි ගත්තාම යම් මුදලක් මනි ඕඩරයකින් කුසුමාවතීට එව්වා.

” අපි යමු පුතේ තාත්තා බලන්න.”
නිවස තුල සිදුවන අමුතු දේවල් නිසාද , තාත්තා ගෙන් සුරතලයක් නොලැබීම නිසාද , බයිස්කෝප් බලන්න එක්ක යන- රස කෑම ජාති අරන් දෙන ආගන්තුක අන්කල්ගේ ආගමනය නිසාද සිරිමල් තුල තම පියා කෙරෙහි ඇති වෙලා තිබුණේ අප්‍රසන්න හැඟීමක්.

කුසුමාවතී සහ සිරිමල් දඹුල්ලට ආවා. විල්සන් සේවය කල කන්තෝරුවට ගියා. කෙළින්ම ගිහින් cc මහත්තයා හම්බ උනා.

” සර්.. මම මෙහෙ වැඩ කරන විල්සන්ගෙ පවුල..මේ පුතා. එයා මාස ගාණකින් ගෙදර ආවෙ නෑ. තොරතුරක් නැති නිසයි බලන්න ආවෙ.”
කුසුමාවතී දෙස ඉහළ සිට පහලටත් , පහල සිට ඉහළටත් බැලූ cc මහත්තයා,
” මිනිහ ගෙදර වියදමවත් එවනවද ? මාත් නිතරම කියනවා ගෙදර ගිහින් එන්න කියල. රේස් දාන්න පුරුදු වෙලා.. අද රෑ වැඩ.. මෙලාට ඇති කාමරේ. මම කියන්නම් යන විදිය..”

කුසුමාවතියි සිරිමලුයි විල්සන්ගෙ නවාතැන හොයා ගත්තා. කාමරයේ බඩු මුට්ටු කියා කිසි දෙයක් නෑ. බූමිතෙල් ලිපක්.. අපිරිසිදු හැලි වලං කීපයක්.. අඬුව කැඩුනු කෝප්පයක්, පොතු ගැලවුනු පිඟානක් සහ කිලිටි රෙදි ….

යාබද නිවසේ සිටි දෙමළ කාන්තාව ඔවුන් වෙතට ආවා.
” විල්ෂන් අයිය යන්න එති ටවුමට ඕ ලෝන් දාන්න.. මේ පවුලද ?”
” විල්සන් ගෙදර එන්නෙ නෑ.. ඒකයි බලන්න ආවෙ ”
” එයාට වෙන ගේණි ඇති”
” නෑ .. එක නං වෙන්න බැහැ කොහොමවත්”

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to දෝන කුසුමාවතී – අටවන කොටස

  1. Lalith perera පවසයි:

    කථාව ලස්සනයි, දිගටම ලියන්න..

  2. සූටික්කා පවසයි:

    පලවෙනි සැරේට ආවේ…… දෝන කුසුමාවතී ගේ ඔක්කොම එක දිගට කියෙව්වා….
    ඉතිරි අනික් කතා ටිකත් කියවන්නං …..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )