දෝන කුසුමාවතී – හතරවන කොටස


කුසුමාවතී අළුත් කැදැල්ලක් හදන්න ඉගිල්ලිලා යන දිනය අත ළඟටම ආවා.

අද එයාලගෙ කෑල්ලෙ දළු කඩන දවස. වෙනද වගේම ආසාවෙන් කරුපයියගෙ දුව මාරිත් එක්ක කුසුමාවතිත් දළු කැඩුව. ඒත් එයාගෙ හිත නම් තිබුණෙ ගොඩාක් ඈත.

ෂා.. ෂා..පෑලිස් උන්නැහේට පිස්සුද ? වට් අ මෑඩ්නස්? ඇයි දෝණි දැන්මම මැරි කරන්න හිතුවේ. තාම එග්සෑම් ඔක්කොම ඉවරත් නෑ නේද? ෂා.. ෂා. වට් අ මෑඩ්නස් !
වත්තෙ ක්ලාර්ක් රිටයර් වෙනව තව මාස කීපයකින්. මම හිතන් හිටියේ දෝණිට ඔෆීස් එකේ වැඩ කියල දීල එතෙන්ට දාන්න. දැන් ඉතින් ඔක්කොම ඉවරයි.
දෝණි දැක්කද අර පින්තූරෙ. සෙමි නියුඩ් එක. මම ඒක අපේ රටේ ආර්ට් එක්සිබිෂන් එකකට යැව්ව. මට ඒකට තර්ඩ් ප්ලේස් ලැබුණා. අපේ රටේ සල්ලි වලින් පවුම් 100 කුත් ලැබුනා. යර්ස්.. ..හන්ඩ්‍රඩ් ස්ටර්ලින් පවුන්ඩ්ස්.

මං හිතාන හිටියේ දෝණිගෙ පින්තූරෙකුත් අඳින්න ඒ වගේ. මට ෆර්ස්ට් ප්ලේස් ගන්න පුළුවන් ඒකට. දෝණිට හොඳ ෆිගර් එකක් තියෙන්නේ. ෂාප් ෆීචර්ස්. දෝණිගෙන් මම ඇහුවෙ නැත්තෙ දෝණි තාම පොඩි ළමයෙක් නිසා. ඒක වැරදි වැඩක්. වට් අ මෑඩ්නස්..
කමක් නෑ. හස්බන්ඩ් එක්ක එන්න මේ පැත්තෙ ආ දවසක. මම අද දෙන්නම් හොඳ ගිෆ්ට් එකක්. නෑ දෙකක්. දෙන්නට.මේ සිගරට් කේස් එක ඔයාගෙ හස්බන්ඩ්ට. මේ සුවඳ ඔයාට. වෙඩින් එකට ඉන්වයිට් කළොත් මාත් එනවා. ගුඩ් ලක්.

හොෆ්මන් මහත්තයා පයිප්පෙ ඇරියා වාගෙ එක හුස්මට කියා ගෙන කියා ගෙන ගියා.

දවස් තුනක ඇස්ටෝම් එකක්. කුසුමාවතිලගෙ ගෙදර. තුන්වන දවසෙ තමා මනමාලය ඇවිල්ල නැකතට කුසුමාවති අරන් යන්නෙ.

පෑලිස් ළඟපාත කෙනෙක් එක්ක ඇස්ටෝම් කැවිලි මේසය හැදුවා. බාල හපු ලෑලි , පිටපළු ටිකකින්. මේසෙ තට්ටු හතරයි. උඩම තට්ටුව පොඩියි. පැටිස් කට්ලස් වගේ කෑම හදන්න දන්න කෙනෙක් ගමේ හිටියේ නෑ. ඒකට දක්ෂ වාවින්නෙ පැටිස් අප්පුහාමි. පැටිස් අප්පුහාමිට එන්න කියල පැටිස් කට්ලස් වගේ කට සැර කැවිලි .. ඒව තමා තට්ටු මේසෙ පාතම තට්ටුවේ. මස්කට් , තලගුලි , ආස්මි වගේ පැනි රස දේවල් ඉහල තට්ටුවල.
ඇස්ටෝම් එකට ආරාධනා ලද ගෑනු – පිරිමි-ළමයි මේසෙ වටේ ගිහින් බඩවල් පුරවගෙන ඔරෙන්ජ් බාර්ලි වීදුරුවකුත් බීල එළියට ගියා. එළියට යන තැන කුඩා කනප්පුවක ඇන්ලොප් මිටියක්.
තවත් කට්ටියක් කුසුමාවතීගෙ මාමා විසින් ඔළුවෙන් කරන ලද ඇරයුමක් මත ඇතුළේ කාමරයකට ගිහින් මූණවල් විරිත්ත ගෙන එළියට ආවා.
කාපු බීපු අය මුදල් නෝට්ටුවක් දාල ” එහෙනං අපි ගිහිල්ල එන්නම්” කියල බේබි නෝනට දුන්න. බේබි නෝනා ඇන්ලොප් හැට්ටය අස්සෙ ගහ ගත්තා.

තුන්වැනි දවසෙ හිල්මන් කාර් දෙකක් පුරවල ආවා මනමාල පාර්ශවය. ඒ වෙන කොටත් කුසුමාවතී ලෑස්ති වෙලයි හිටියේ. වේල් එක දාන්න විතරයි තිබුණේ. කුසුමාවති හොරෙන් බැලුවා කට්ටිය දිහා.
” ෂඃ.. මේ මනුස්සයට අදට විතරක්වත් කළිසමක් ඇඳන් ආවානම් මගුල් පින්තූරෙ ලස්සනට ගන්න තිබුණනේ.”

” පියවතී.. ඕකි තාම නොදන්න කෙල්ල. පිටත් වෙන්න කලින් ඔන්න ඔය දැනමුතුකං ටිකක් කියල දීපන්”

පියවතී ගියා කුසුමාවතී හිටි තැනට.

” මේ බලාපන් දුවේ.. ඔය පිරිමි මහ අමුතු ජාතියක්. පිරිමි දහ දෙනෙක් ගත්තොත් දහ දෙනා දහ විදියක්.
මං මේව උඹට කියන්නේ.. ආයෙ උඹ කාගෙන් දැන ගන්නද ? මං උඹට මෙහෙම තෙරෙන බාසාවෙන් කියන්නම්.
සමහර පිරිමි කැමති කොණ්ඩෙ තියෙන ගෑනුන්ට. සමහරු කොණ්ඩෙ ටිකක් තියෙන ගෑනුන්ටයි කැමති. උඹ අහල තියෙනවද මන්ද සමහරු කොණ්ඩෙ නැති ගෑනුන්ටයි කැමති.. දැං උඹ හිතා ගනින් මම මොනවද කිව්වෙ කියල.

“උඹ රෑට මොකද්ද අඳින්න හිතාන ඉන්නෙ. ඇඳපන් සිලික් එකක්. අර ළමයත් ඕවයෙ දිගක් පළලක් දන්න කෙනෙක් වෙන්න බෑ. කෝක උනත් වතුරෙ ඉන්න මාළුන්ට පීනන්න උගන්නන්න ඕනයැ. ගෑණු අපි දැන ගන්න ඕන තමන්ගෙ පිරිමියා ඉල්ලන ඉල්ලන විදියට කෑම බීම ටික දෙන්න. නැත්තං උං පිට ගෙවල් වලින් කන්න පටන් ගනී.
උඹ බය වෙන්න එපා. මුලින් ටිකක් රිදෙයි. නිකම් කඩියෙක් කනවා වගේ. ටික දවසක් යනකොට දෙන්නම හරියට හිටියොත් උඹට ඕක නැතුව බැරි වෙයි. එහෙනං මතක තියා ගනිං. උඹට දෙයියන්ගෙ පිහිටයි.
රේට් හවුස් යයිද , කෙළින්ම ගෙදර යයිද කියන්න බැහැ. ඒව ඒ පාර්ශවයේ වැඩනේ. උඹ හිතා ගනින්. කොහේ ගියත් කෙරෙන්නෙ එකම දේ කියල.

පාට පාට පීත්ත පටි වලින් සැරසූ එක හිල්මන් රතයක පිටුපසට විල්සන් .. ඒ කියන්නේ කුසුමාවතිගේ සැමියත් , කුසුමාවතීත් ගොඩ උනා. තව වැඩිහිටියෙක් ඉස්සරහ සීට් එකට ගොඩ උනා.

හැතැප්ම දහයක් පහළොවක් යන තුරු කවුරුවත් කතා කළේ නැහැ. කුසුමාවතී ටිකක් මූණ හරවලා වම් පැත්ත බැලුවා. විල්සන් කටේ හිනාවක් ගුලි කරගෙන ආයෙත් ඉස්සරහ බලා ගත්තා.

මතු සම්බන්ධයි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

9 Responses to දෝන කුසුමාවතී – හතරවන කොටස

  1. කණ්ඩා ~ Kanda පවසයි:

    කුසුමාවතී ඉරණම තීන්දු උනා වගේ …

  2. Sumith Niriella පවසයි:

    ජයසේන ජයකාඩිගේ “බැද්දේ ගෙදර“ නවකතාවෙත් එකගෙයි කෑමේ මගුලට සූදානම් වෙලා හිටිය මනමාලිට ඔය වගේම උපදෙස් දෙන නැන්ද කෙනෙක් හිටියා; මට කැරැක්ටර් එක මතක නෑ.

    දිගටම කියවනවා, සුබ පැතුම්.

  3. Nihal Gurusinghe පවසයි:

    ගොඩක් ස්තූතියි. පස්වන කොටස පුළුවන් උනොත් හෙට දානවා.

  4. chef-architect පවසයි:

    මේ සීරිස් එක ප්‍රොමෝට් කරන්නද සින්ඩියක…?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )