දෝන කුසුමාවතී -දෙවන කොටස


පියවතී , කුසුමාවතිගේ නැන්දා , කුසුමාවතීට ඉරිසියයි. ඒ වෙන මොකවත් නිසා නෙවි, දවසින් දවස ලස්සනවෙන , හැඩවෙන කුසුමාවතිගෙ රූපෙට.
ඊටත් වඩා….
කොකුපණු බේත් දෙන්ට ආ සැන්ටිබෝට් මහත්තයත් එක්ක කුසුමාවති හරි හරියට ඉන්ගිරිසියෙන් කතා කරනවා පියවතී  බලාගෙන හිටියේ පුදුමයෙන්. හොෆ්මන් මහත්තයත් එක්කත් වත්තෙ කාමණ්ඩි දවසෙ වචනයක් දෙකක් ඉන්ගිරිසියෙන් හුවමාරු වෙනවා පියවතී දැක්කා.

” ඉන්ගිරිස් ඉගෙන ගත්ත කියල ආයෙ කවුන්සලේට යන්ටයැ.. ඕං ඔය කවුරු හරි කෙනෙක් හොයල දෙන්නෙ නැතුව.. දැන් කීයද ? 17 ක් ?”
” අනේ ඔය ඇඟ පත මේරුවාට ඒකි තාම නොදන්න කෙල්ල.. 17 කියන්නෙ මොන වයසක්ද?”

” මං උඹෙ මලය එක්ක එනකොට මට පහළොවයි. මොකද මං උඹේ මලයට අඩුවක් පාඩුවක් කළාද?”
“උඹ කැමති නං.. අපෙ නෑදැයෙක් ඉන්නවා.. හොඳ රස්සාවක් කරන. කොළඹට කිට්ටුව. යමක් කමක් තියෙන මිනිස්සු. මේ ළඟදිත් දවසක මතක් කළා කවුරු හරි ඉන්නවානං කියන්න කියල”

******************************************************************************

කුසුමාවතීල නාන්න ගියේ ඔය මැද්දෑවෙ තියෙන කුඹුක් කොටේ ළිඳට. කොයි තරම් පෑව්වත් ඒක හිඳෙන එකක් නෙවි.
ගමේ ගෑණු පිරිමි වැඩි හරියක් පිටේ කුණු උලා ගන්නෙ කුඹුක් ගහේ පිට අතුල්ලලා. පිටවල් උලලම එතන හොඳට ඔප මට්ටම් වෙලා. කිට්ටුව පාත කවුරු හරි හිටියොත් එයාට කියල පිට අතුල්ල ගන්නව. ළිඳ අහල පහල ඕන තරම් තිබුණ කුණු අතුල්ලන්ටම හැදුනු ගල් පොඩිති. කුසුමාවති නම් කවදාවත් ගල් වලින් කුණු ඉලුවෙ නෑ. එයා සඟරාවක කියවල තිබුණ ගල් වලින් කුණු අතුල්ලන එක හොඳ නෑ කියල.

වතුර බාල්දි දෙකක් කරේ ඉඳන් පහලට නා ගත් කුසුමාවතී රෙදි කෑල්ලක සබන් ගා ,එයින් පාදවල කුණු අරින්න පටන් ගත්තා. කකුලේ ඇඟිලි වලින් පටන් ගත්තු රෙදි කඩ ඉහළට ඉහළට එන විට දිය රෙදිකඩ විවර වී කලවා විවර වුනා. තමාට ඇත්තේ කෙතරම් ලස්සන පා යුගලක්ද ? කවදා හරි හොෆ්මන් මහත්තයට කියල  “අර” වගේ පින්තූරයක් අන්ද ගන්න ඇත්නම්… කුසුමාවතීට එහෙම හිතුනා.

වට පිටාවෙ කිසි හැල හොල්මනක් නෑ. ඔය පාරේ වතුර ගලන සද්දෙ ඇරෙන්ට. මොහොතක් දෙකක් ගෙවුනා. හැඩි දැඩි යමෙක් ඇගේ සබන් රෙදි කඩ උදුරා ගෙන ඇගේ දෑස් හරහා යැව්වා. සබන් වලට ඇස් දැවිල්ල ගත්තා.
ඒත් එක්කම ඒ තැනැත්තා කුසුමාවතිගේ දෑත් පිටි පස්සට අරන් අනෙක් අතින් හිර කරල අල්ල ගෙන ,ඔහුගේ දණ හිස කුසුමාවතීගෙ පිට කොන්දට තියල ඒ ඉරියව්වෙන්ම ටික දුරකට තල්ලු කර ගෙන ගියා.
ඊළඟට ඇඟේ තිබුණු දිය රෙද්ද ගැලවුනා. ඔහු ඈ බිම හොවා ගෙන පැත්තකින් ඔහුගේ සිරුරට හිර කර ගත්තා. ඇගේ යටි බඩ හරහා යම් උණුසුම් දෙයක් ශරීරය තුළ ඇතුළු වෙනව කුසුමාවතීට දැනුනා. ඈට කෑ ගැස්සුනා. ඔහු අනෙක් අතින් කට මිරිකුවා. කුසුමාවතීට රා ගඳකුත් , පීනස් තෙල් ගඳකුත් දැනුනා. ඔහොම සුළු වෙලාවක් ගත වුනා. ඈට යටි බඩේ වේදනාවක් දැනුනා. ඇගේ දෑස් විවර උනා.
… බා… ල…. න්.. කරුපයියගෙ කොල්ලා.
මොකක්ද උඹ කරපු වැඩේ බල්ලා?

අනේ කුසුම් නෝනේ.. ඔයාගෙ ලස්සන දැක්කම මට ඉවසුම් නැතිඋනා. මම මීට කලිනුත් ඔයා නානවා බලන් ඉඳල තියෙනවා..

කුසුමාවතී.. ඇය ලද අත්දැකීම වේදනාවක්ද .. මිහිරියාවක්ද කියන තැන අතරමං වෙලා හිටියා. ආයෙම ඒක මතක් කරන්න මහන්සියක් ගත්තා.
” පලයන් යන්න.. වනචරය”

” අනේ.. මං වඳින්නම්.. නෝනලාගෙ මාමට නං කියන්න එපා. මං මරයි. අපේ ගෙටත් ගිනි තියයි. අපේ තාත්තටත් ගහයි.. මේං වැන්දා..”

කුසුමාවතී  කුණු රොඩු පිටින්ම තෙත රෙද්ද ඇඳ ගත්තා. වතුර බාල්දියක් හලා ගත්තා. ඇගේ පය පාමුලින් වතුරට එක්වූ ලේ දහරාවක් පාට අඩුවෙලා ඔය පාරට ගලා ගියා.

**********************************************************************************

ඒ සෙනසුරාදාවක්. වෙලාව උදේ අටට, අටහමාරට විතර ඇති. බේබි නෝනා හීල් බත් බෙදුවා. හතර දෙනාටම. පරිප්පු මලවල. පෑලිස් කීලං කරෝල කෑල්ලක් ලිපේ අඟුරු යට හංගල බාගෙට පුච්චල ගත්තා.

කුසුමාවතී  මුනින් අතට හරවපු වංගෙඩියේ වාඩි උනා.

” පුකේ ගෙඩි දායි.. බැහැපන් බිමට” ජයසේන කෑ ගැහුවා.
” ගෑණු ළමයි වාඩි වෙනවද වංගෙඩියේ.. මේ බංකුවට වරෙන්”

මං ගෑණු ළමයෙක් නෙවි අම්මේ.. ගෑණියක් කියල කියන්න කුසුමාවතීට ඕන උනත් වචන පිට උනේ නැහැ.

(මතු සම්බන්ධයි.)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to දෝන කුසුමාවතී -දෙවන කොටස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )