දෝන කුසුමාවතී


දෝන කුසුමාවතීගෙ සම්පූර්ණ නම අත්තනායක ආරච්චිලාගේ දෝන කුසුමාවතීය. මුලදී ඇය සිතන්නේ මේ “දෝන” කියන කොටසත් තම නමේම කොටසක් කියලාය. මොකද එයාගෙ අයියට දෝන කෑල්ලක් නොතිබිණු නිසා.

ඉතාම කුඩා කාලෙදි එයා මේ දෝන කෑල්ලට ගොඩක් ආස කළා. වැඩියෙන්ම ආස කළේ හසලක පදිංචි තමන්ගේ පුංචි අම්මා , “ඩිංගි” අවුරුද්දකට වතාවක් බඩ ඉරිඟු- පැපොල් අඹ- තල- කැකිරි වගේ දෙවල් ගෝනි කීපයක් අරන් ආ දාට.
ඇයට දෝණි කියලත් සමහරදාට ආදරේට කිරි දෝණි කියලත් කතා කරනවා.ඒත් පුංචි අම්මා තමන්ට දෝනි කියන්නේ ඇය දෝන නිසා නොව “දුවනි” කියන එක කොට කරල බව තේරුම් ගියේ ගොඩාක් පස්සෙ.
ගමේ ඉස්කෝලෙ ප්‍රාථමික අධ්‍යාපනය නිම කළ ඇය ටවුමෙ ආගමේ ඉස්කෝලෙට ගියේ අර ඈලි මෑලි ගසා දාල ලොකුම ලොකු ගෑණු ළමයෙක් උනාට පස්සෙ. ඒ ඉස්කෝළෙ ගැණු-පිරිමි දෙගොල්ලම හිටියා. තමන් ආස කරන දෝන කෑල්ල කන් කරච්චලයක් උනේ අළුත් ඉස්කෝළෙට ආවට පස්සෙ. කාඩ පෙනුමක් ඇති ගුණපාල කුසුමාවතීගෙ පිරි ගෙන එන පපුව දිහා අමුතු විදියට බැලුවේ සැරයක් දෙකක් නොවේ. ඒ නිසාම තමා ඇය නිකම්ම නිකම් දෝන නොවී කිරි දෝන වුනේ. ඒත් කොල්ලන් අතරේ විතරයි.

ලොකු ළමයෙක් උනාට පස්සෙ කුසුමාවතීට නිදහසේ එහෙ මෙහෙ ඇවිදින එකට තහංචි වැටුනා. ඉඳල හිටලවත් ගියේ වත්තේ දළු කැඩූ දාට වත්තේ හොෆ්මන් මහත්තය්ගෙ බංගලාවට . කුසුමාවතිලට තේ අක්කර දෙක හමාරක් විතර තිබුනා.
දෙසැම්බර් ජනවාරි කාලෙට ටිකක් සීතලයි. ඒ කාලෙට තේ ගස් කප්පාදු කරන්නටත් , ගස් වටේට මුල්ලු කරල පෝර දැමීමටත්, දළු ලියලන කාලෙට දළු කැඩීමටත් වත්තේ දෙමළ ගෑණු පිරිමින්ගේ උදව්ව ඕන උනා.

උන්ගෙන් තමා කුසුමාවති දෙමළ කතා කරන්න ඉගෙන ගත්තෙ. ඒත් උන් වැඩියෙන් කියල දුන්නෙ කුණුහරප.

තේ පඳුරු අතරින් පතර හිටවන ලද සබුක්කු ගස් දිගේ අඩි තිහක් – හතළිහක් ඉහළට නැග තිබුණු ගම්මිරිස් වලිනුත් එයාලට ආදායමක් ලැබුණා. ඉදුනු ගම්මිරිස් කරල් කුඩා බඩ ඉරිඟු කරල් වගේ ගහ දිගේ බේරෙන කොට කුසුමාවතීගෙ හිතට ආවෙ තමන්ලත් පොහොසත් අය කියලා. ගම්මිරිස් කඩල මිදුලේ පැදුරු උඩ වේලන කාලෙට තමා පන්තියෙ යාළු කෙල්ලන්ට ගෙදරට එන්ට ආරාධනා කළේ.

සති දෙකකට වරක් එයාලගෙ කෑල්ලෙ දළු කැඩුනා. තද කොළ පාට දළු පරදවමින් ඉහලට ඇදෙන ලා දල්ල තමා හොඳ. ඒත් ටිකක් මෝරපු කොළ යටට දාල උඩින් උඩින් වගේ ලා දලු දැම්මත් කිරන වෙලාවට දළු අවුස්සන ගැටයා කුසුමාවතිලගෙ දළු අහක දැම්මෙ නැහැ. ඌ ගෑණු පෙරේතයෙක්. කුසුමාවතිත් , කරුපයියගෙ දුව මාරිත් එක්ක පිටේ කූඩයක් බැඳගෙන හරි හරියට දළු කැඩුවා.

” දෝණි දළු කඩන්න එපා ෆින්ගර්ස් සේරම කැත වෙනව. කහට—- කහට—
හොෆ්මන් මහත්තය දවසක් කීවා.
ඇත්ත තමා..
හොෆ්මන් මහත්තයගෙ සාලෙ ලස්සන සුදු නෝන කෙනෙකුගෙ පින්තූරයක් එල්ලල තිබුණා. එයා ඇඳල හිටියේ හිරවුනු දිග කළිසමක් සහ පිරිමි අඳින ජාතියේ අත් දිග ටෙරිලින් කමිසයක්. එයාගෙ අතේ බාගෙට දැල්වුනු සිගරට්ටුවක්ද තිබුනා. දුම් වළළු පිට කරන ආකාරයට එයා තොල් උල් කරන් හිටියා. නියපොතු රතුම රතු පාටයි. ඇඟිලි දිගයි.
දැක්ක නේද ? ගෑණු ළමයි ෆින්ගර්ස් ලස්සනට තියා ගන්න ඕන.. හොෆ්මන් මහත්තයා වැඩි දුරටත් කියා හිටියා.

හොෆ්මන් මහත්තයගෙ නෝන අන්තරාවෙලා. එංගලන්තෙදි.. රිය අනතුරකින්. ඊට පස්සෙම විවාහයක් කර ගෙන නැහැ. ගමේ ගෑණු නම් නොයෙක් කතා කියනවා.

ඒත් මේ වගේ සුවඳ ගහන සුදු මහත්තයෙක් වත්තෙ ගෑණියක් එක්ක බුදියයිද ? කරුපයියගෙ ගෑනි ? රාමසාමිගෙ ගෑණි එක්ක ? මේ වත්තෙ බලු බෙටි ඇහිඳින් ගෑණු එක්ක. ? මොන බොරුද ?

දවසක් හොෆ්මන් මහත්තයා කුසුමාවතීට උඩුමහළට කතා කළා.
“මේ දැක්කද ? මගෙ පේන්ටින්ග්ස් ? සේරම මම ඇඳපුවා”
පන්සලේ ලොකු හාමුදුරුවෝ , ඒ. රත්නායක මහත්තයා , ලෙව්ලේ මහ දිසාව , නිත්තවෙල ගුණයා ජීවමානව වගේ හිටියා. ඊ ළඟට.. ඊයා…. උඩු කයට මොකවත් නැති කළු පාට ගෑණියක් !

කුසුමාවතී ආයෙම බැලුවා. රාමසාමිගෙ ගෑණි – ලෙච්චිමී.. ? කරුපයියගෙ ගැනි ආනම්ම ? නෑ වෙන්න බෑ උන් දෙන්නගෙ තන් ඔයිට වඩා ලොකුයි. හැබැයි ලස්සන පින්තූරෙ, දිග දම්වැලක එල්ලුනු පහනක් අතින් ගත් ගැහැණියගෙ මුහුණට පහනේ ආලෝකය වැටෙන විදියටයි ඇඳල තිබුණේ. හොෆ්මන් මහත්තයා නන් හැබෑ දක්ෂයෙක්.
තේ දළු කඩන වැඩේට වඩා ගම්මිරිස් කඩන වැඩේටයි කුසුමාවතී වඩා කැමති. සබුක්කු ගහට හේත්තු කරන ලද උණ ගහේ රිකිලි වලට වාරු දෙමින් කුසුමාවතිත් ගම්මිරිස් කැඩුවා. ගෙදර හිටිය එකම කොල්ලා ජයසේන කුසුමාවතිගේ අයිය නිකමටවත් ගෙදර වැඩට හවුල් උනේ නෑ. සමහරදාට කරුපයිගෙ කොල්ල බාලනුත් ආවා උදව්වට.
කුසුමාවති ගහේ ඉන්න කොට ගහ යටට ආ බාලන් උඩ බලල කට කොණට හිනාවක් නගා ගෙන පැත්තකට ගිහින් තොල කට ලෙව කෑව.

කුසුමාවතියි , ජයසේනයි එක පැදුරෙ නිදා ගත්තෙ. ආයෙ මොනව වෙනවද ? තාම නොදරුවොනේ. ඇරත් අයියයි නංගියි. පෑලිස්ගෙ පවුල- බේබි නෝනා– කුසුමාවතිගෙයි ජයසේනගෙයි අම්ම එහෙම හිතුව .

ඒත් දවසක්..උදේ… ඒයි ජයසේනයො… උඹ ඔය සරම හොඳට තදට ඇඳ ගනින්. පලයං ගිහින් හුජ්ජ කරල ඇවිත් නිදා ගනින්. උඹ මීට පස්සෙ නංගිත් එක්ක එක පැදුරෙ නිදා ගන්න එපා.

බේබිනෝනා අල්ලපු වැටේ ඉන්න තම මලයගෙ පවුල පියවතීත් එක්ක මේක කිව්වෙ වැඩි හොඳට.
” මං ඕක එච්චරටම ගණන් ගත්තෙ නෑ.. තාම පොඩි උන් නේ කියල,, අපේ ජයසේනය උඩු බැලි අතට නිදි.. උගෙ සරම ගැලවිල. මට විලි ලැජ්ජාවයි. මං දැක්ක හැටියට නං ඌ පොඩි එකෙක් නෙවේ.

කුසුමාවති වයසට වඩා මෝරපු පාටයි. උන්ගෙ නැන්දලගෙ ආරෙට යනවද කොහෙද .
කඩේ දාං ඇද ඇද හිටි එකෙක් කුසුමාවතී නාන්ට යනව බලං ඉඳල..
” ඇර….. මේකි හොඳට මේ ගමට නෙවේ.. සිදාදියට….”

අම්මේ මේං මේකිට පිස්සු හැදී ගෙන එනවද කොහෙද .. මේකි මගෙ දුංකුණ්ඩ මිරිකල ඕං ඔය පැත්තට දිව්ව. ඔය වෙලාවෙ පියවතීත් ගෙදර.

” කුසුමාවතිගෙ කොටහළු නැකතත් හොඳ නැහැ. ඕකි කොටහළු උනේ පන්සලේ බණ මඩුවෙදි. ඔහොම ගෑණු කොහේ ගිහින් නවතීද දන්නෙ නෑ.. පියවතී මහා දැනමුත්තියක් වගේ කීවා.

 

(මතු සම්බන්ධයි)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

9 Responses to දෝන කුසුමාවතී

  1. පැට් ටා පවසයි:

    කොහෙද මනුස්සයෝ වහං වෙලා හිටියෙ මෙච්චර කල්? කතාව ලස්සනයි, දෙවෙනි කොටස බලන්න යන ගමන් මේ.

  2. ගුලි ගේ දෝන කමලාවතී පොත මතක් වුණා…

  3. දුලිප් සිකුරාජපති පවසයි:

    කොමෙන්ට් එකක් දාන්න තරම් ලොකු දෙයක් හිතට එන්නෙ නැහැ. ඒත් කතාව ලස්සනයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )