චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්.
මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය.
” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක
පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය.
ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය
එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය.
උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා පන්තියේදී
” උත්ස්වේදන චූෂණය” ගැන උගන්වන විට මට ඉබේටම
හිනා ගියේය.
” පිටු පසින් උන් නවරත්න සර්..”ඇයි කුණුහරපයක් වගේදැයි”
අසා මට හොඳවායින් ටොක්කක් ඇන්නේය.
පන්තියේ සිටි කොලු කෙල්ලන් රොත්ත මට ” චූසකේ” යයි
නමක් පට බැන්දෝය.
ඊට පසුවද සත්ත්ව විද්‍යාව පන්තියේදී ” චූෂකර”
ගැන ඉගැන්වෙන විට මගේ මූණ ඉබේම රත් පැහැ ගැන්වේ.
“චූ” යන්නෙන් පටන් ගන්නා හැම වචනයකින්ම ගම්‍ය වන්නේ
කුඩා යන තේරුමයි
චූටි බබා , චූටි මැණිකේ , චූටි ගමරාළ , චූටි මාමා,
චුට්ටං බට්ටිච්චා , චූටි මහත්තයා වාගේය.
චුලා සහ චූලරත්නගේ සයිස් එක කොහොම වෙතත් ඒ කාලේ
මහියංගනයේ සිටි චූලෝදර රජතුමාට තිබුණේ චූටි බඩකි
චූල + උදර
චූ යන්නෙන් නම පටන් ගන්නා මිනිසුන්ද කුඩා අයයි.
චූ – එන්- ලායි.
chu , bu , su සහ fu එකම පවුලේ සොහොයුරන් ඇමරිකාවට
සංක්රමණයවී ටික කලකින් පුරවැසිකම් ලබා ගැනීමට සමත් විය.
පසුව එම නම් ටිකක් funny වගේ යයි ඔවුන්ටම තේරුන නිසා ටිකක්
americanize වීමට තව අකුරු දෙකක් අගට එකතු කර නම් වෙනස් කර
ගැනීමට ඔවුන් තීරණය කළෝඅය.
ඒ අනුව අගට c , k අකුරු එකතු කරගෙන , bu , buck විය
chu , chuck විය. su සහ fu ආපසු චීනෙටම ගියෝය.
නුවර පෙරහැරේ ගමන් කළ ඇතෙකුගේ චූසකේ දුටු කුඩා ළමයෙක්
පුදුමයට පත්වී අම්මා ගෙන් , අම්මේ අර මොකක්දැයි අසා ඇත.
” ආ.. ඒක පුතේ සුළු දෙයක් යයි කියා ඇත.
පසු දාක කොටන් අදින අලියෙකුගේ චූසකය දුටු ඒ ළමයා
” තාත්තේ.. අර දැක්කද .. අර අලියගෙ සුළු දෙයක්”
” කවුද ඔයාට එහෙම කියල දුන්නේ ?”
“අම්මා”
” ආ.. ඔයාලගෙ අම්මට නං ඒක සුළු දෙයක් තමා” කීවේලු.
චූ සෞඛ්‍ය ජනක පානයකි. ඒ අනුන්ගේ චූ නොව තමන්ගේම චූය.
බුදුන් වහන්සේද උදෑසන අවදිවී තමන් වහන්සේගේ චූ ටිකක් පානය කළ
බව මා පොතක කියවා ඇත. එය “බුද්ධ බේත” නම් පොතකද සඳහන් වේ.
හිමිදිරි උදෙන්ම අවදිවී චූ ටිකක් පිටවෙන්නට හැර ඊ ළඟට එන චූ
මෙසේ පානයට සුදුසු බවද එහි රත්රන් පවා අඩංගු බවද කියැවේ.
80 ගණන්වල ලංකාවට ආ ඉන්දීය අගමැති මොරාජි දේසායි ද චූ පානය කළ කෙනෙකි.
අපේ උන් කතා මවන්නට දස්සයෝය. එතුමා , එතුමාගේ චූසකයට සේලයින්
බටයක් වැනි බටයක් අමුණා එහි අනෙක් කෙළවර එතුමා ඇඳගෙන ඉන්නා කබායේ
කෙලවරකට ක්ලිප් කර ඇති බවත් , තිබහක් දැනුනු විට ටිකක් උරා බොන බවටත්
අපේ උන් කතා හැදුවා.
දවසක් එතුමාට අරලියගහ මන්දිරයට ලන්ච් එකකට ආරධනාවක් ලැබුනා
එවිට අගමැතිව හිටි ප්‍රේමදාස මහතාගෙන්.
දේසායි වතුර ටිකක් ඉල්ලුවා. ප්‍රේමදාස වැඩි හොඳට , වීදුරුවකට චූ
කර දේසායිට පිළිගැන්වූවා. දේසායි එය රස කර බී තව ටිකක් ඇත්නම් හොඳයි
කියා කීවා. ප්‍රේමදාස , බාත් රූම් එකට ගොස් ෆුල් ට්‍රයි කළත් චූ ආවේ නැති නිසා
අපේ අය ආගන්තුක සත්කාරයට බොහොම දක්ෂ නිසාත් ආර්යාවට කතා කොට ඇගෙන්
චූ ටිකක් ලබා ගෙන දේසායිට පිළි ගැන්නුවා.
දේසායි එයත් බී.. ” පළමු එකට වඩා දෙවෙනි එකේ රස වෙනස්.. මොකද ඒ ?..”
එවිට ප්‍රේමදාස, ” ඉස්සෙල්ල එක ආවෙ ටැප් එකකින් , දෙවෙනි එක ආවෙ ළිඳකින්”
යයි කියා කීවේලු.
කුඩා පිරිමි දරුවෙක් තැන නොතැන නොබලා , ” තාත්තේ මට චූ බරයි” කීමට
පුරුදු වී සිටියා. මගුල් ගෙදරකදී , මළ ගෙදරකදී, පාටියකදී , බස් එකේදී
මෙහෙම අහන විට තාත්තාට හරි ලැජ්ජයි,
” පුතේ එහෙම කියන එක ටිකක් හරි මදි නේද ?”
” ඉතින් තාත්තෙ මට චූ බර උනාම මම වෙන මොනව කියන්නද ?”
” අපි මෙහෙම කියමු.. ආයෙ චූ බර උනාම , තාත්තෙ මම සිංදුවක් කියන්නද කියල අහන්න”
එතකොට මම දන්නවා. හරිද ? අපි එහෙම කරමු.
දවසක් මහ රෑ 2.00 ට විතර පොඩි එකා ” තාත්තෙ මට සිංදුවක් කියන්න ඕන”
තද නිදි මතේ සිටි පියා” මේ වෙලාවෙ මොන සිංදුද ?”
” අනේ තාත්තෙ ..”
” එහෙම නම් මගේ කණට කිට්ටු කරල සිංදුවක් කියන්න කියා පුතාට කිවාලු.
මේ සේරම කතා ඒ කාලේ හිටි ඉස්කෝලෙ යන කඩප්පුලි කොල්ලන් ගෙතූ කතා මිස
ඇත්ත කතා නොවේය.
චූ ඉතාම වැදගත් දෙයකි. රස්සාවක් කරන්නට නම් තමන්ගේ චූ ඉතා හොඳ විය
යුතුය. තමන්ට PHD එකක් තිබුණත් වැඩක් නැත චූ ටික අප්සෙට් නම්.
දැන් අන්තිම පේලිය වෙනස් වෙලා කියවන්න දෙයක් නෑ. නිහාල් හිනා කාල මලා ප්‍රේමදාසගෙ කතාවට….ජය වේවා…ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
Anthima peliya paththe ehema enne nadda ayya?
ලිපියේ අන්තිම පේලි දෙක එතරම් පැහැදිලි නැහැ. කරුණාකරලා එය කියා දෙන්න පුලුවන්ද? ඒ අතටත් හිතුවා, මේ අතටත් හිතුවා…..ම්හ්… කිසිවක් සිතට නොයේ.
ඇතැම් රටවල රැකියාවන්ට අයදුම් කිරීමේදී අයදුම්කරුහට ඩ්‍රග් ටෙස්ට් (drug test) එකක් කිරීම අනිවාර්යයි… එහිදී ඔබ මරිජුවානා (ගංජා), හෙරොයින් වැනිදෑ පානයට ඇබ්බැහිවී ඇත්දැයි පරීක්ෂා කරනු ලබයි… මෙහි අන්තිම පේලි දෙකෙන් කියැවෙන්නේ ඔබ කොතරම් අධයාපණික සුදුසුකම් ඇත්තකු උවද ඔබේ නරක පුරුදු ඔබගේ ඩ්‍රග් ටෙස්ට් එකේදී ගනු ලබන චූ සාම්පලයෙන් බලාගතහැකි බවයි… නමුත් මෙම ඩ්‍රග් ටෙස්ට් එකටත් හොර කිරීමට විදි තියෙනවා… උදාහරණයක් විදියට ඔබගේ චූ නරකනම්, ඔබට කෘතිමව නිපදවූ චූ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට පුලුවන්… පහත සබැදියාව පොඩ්ඩක් බැලුවොත් ඔබටම පුදුම හිතෙයි…
http://www.detoxforless.com/pass-a-drug-test/fake-pee.html
OMG… Why didn’t such a simple thing come to my mind? May be because I was thinking that there was something funny behind that. After graduating as an electronic technician, I was able to get a good job in a leading company in USA within a month, without any job experience, because many experienced applicants couldn’t pass the drug test.
Thank you Sanjaya.
සලූ ගේ ප්‍රශ්නයට මා වෙනුවෙන් පිළිතුරු දුන්නාට සංජයට ස්තූතියි.
ඒ විතරක් නෙවේ තමන්වත් නොදන්නා රෝග , චූ පරීක්ෂා කිරීමෙන් දැන ගත හැකියි.
අන්තර්ජාලයෙන් කෘතිම චූ ලබා ගත්තාට එය ඩ්‍රග් ටෙස්ට් එකකදී පාවිච්චි කරන්න අමාරුයි. ඒ මොකද , චූ සාම්පල් එක ගන්න බාත් රූම් එකට යෑමට පෙර සාක්කු එහෙම පෙන්වන්න ඕන. ටොයිලට් එක flush කරන්නත් එපා කියනවා.
චූ සාම්පලය ගැනීමට පෙර විනාකිරි සහිත මිශ්‍රණයක් බීමෙන් ” කොළේ වහන්න” පුළුවන් බව teenager කෙනෙක් කීවා.
නිහාල් අයියා කියුවට විස්වාස කරන එකක් නෑ… මේ ලගදි මගේ යාලුවෙක් ඔය වැඩේ කලා… මිනිහා ලංකාවේ කෙනෙක් නමුත් ජීවත්වෙන්නේ අපි ඉන්න රටේ… මිනිහා කෘතිම චූ නෙමයි ගෙනිච්චේ, රියල් බඩු… ඩ්‍රග් ටෙස්ට් එකට යන්න කලින් ඇගේ රහස් ප්‍රදේශයේ චූ ටික හංගල තියාගෙන හිටියා කියුව පැය 1-2 විතර…ඩ්‍රග් ටෙස්ට් එකට හංගගෙන ගෙනිච්චා කියුවා… අවශය ප්‍රමාණය සාම්පල් එක ගන්න බෝතලයට හලලා ඉතිරිටික කොමොඩ් එකට හලල ෆ්ලෂ් නොකර ගිහින් බෝතලය බාර දුන්න කියුවා… බාරගත්ත කෙනා සාම්පල් එක ගත්ත වෙලාවේ ඉදල විනාඩි 3-4 ඇතුලත චූ වල උෂ්ණත්වය මැනල බලනව කියුව… කොහොමහරි මිනිහ ඩ්‍රග් ටෙස්ට් එක පාස්… ඔන්න ඉතිං රියල් බඩු දුන්නේ කවුද කියල අහන්න එපා… විනාකිරි වැඩේ මම අහල තිබුනේ නෑ… ඒක ගැන මම මගේ යාළුවගෙන් අහල බලන්නම්…
චූ chew වෙච්ච් හැටි අපූරුය
“තමන්ට PHD එකක් තිබුණත් වැඩක් නැත චූ ටික අප්සෙට් නම්.”
මේ කතාවනම් සහතික ඇත්ත.. ගිය සතියේ මම මගේ යාලුවෙකුට මේ උදව්ව කරල දුන්නා 😀
කියවූ සහ ප්‍රතිචාර කළ හැමෝටම මගේ ප්‍රණාමය. මගේ චූ පෝස්ට් එක ඊයේ දවසේ 837 දෙනෙක් කියවා ඇති බව කියන්නට කැමතියි.
මගේ චූ මෙතරම් රසවත් වේ යැයි මම සිතුවේ නැහැ.
හිනා වෙලා තව ඩිංගෙන් චූත් යනෝ…..
Good
මම කලින් අහල තිබ්බේ සිංදු කියන චු කතාව විතරයි… මේකේ කතා සෙට් එකක් ම තියෙනවා… අපි සමහර වෙලාවට යාළුවන්ට මහා රෑ කෝල් කරලා ..”ආ උඹ නැගිට්ටද එහෙනම් ආයේ චූ කරලා මුල ඉඳන් නිදා ගනින් ” වගේ පොඩි ආතල් නම් දෙනවා… ගොඩක් වෙලාවට රෑට දෙන කෝල් එක කට් කරන්නේ එහෙනම් මචං චූ කරලා නිදා ගනින් කියල.. හෙහ් හෙහ්
දෙමල දොස්තර මහත්තයා බේත් ජාතියක් ලෙඩාට දී “මේක චූ කරල ගන්න” කිවුවලු . . . ලෙඩා කොහොම බේත ගත්තද කියල මමනං දන්නෙ නෑ ඕං