චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්.
මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය.
” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක
පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය.
ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය
එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය.
උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා පන්තියේදී
” උත්ස්වේදන චූෂණය” ගැන උගන්වන විට මට ඉබේටම
හිනා ගියේය.
” පිටු පසින් උන් නවරත්න සර්..”ඇයි කුණුහරපයක් වගේදැයි”
අසා මට හොඳවායින් ටොක්කක් ඇන්නේය.
පන්තියේ සිටි කොලු කෙල්ලන් රොත්ත මට ” චූසකේ” යයි
නමක් පට බැන්දෝය.
ඊට පසුවද සත්ත්ව විද්‍යාව පන්තියේදී ” චූෂකර”
ගැන ඉගැන්වෙන විට මගේ මූණ ඉබේම රත් පැහැ ගැන්වේ.
“චූ” යන්නෙන් පටන් ගන්නා හැම වචනයකින්ම ගම්‍ය වන්නේ
කුඩා යන තේරුමයි
චූටි බබා , චූටි මැණිකේ , චූටි ගමරාළ , චූටි මාමා,
චුට්ටං බට්ටිච්චා , චූටි මහත්තයා වාගේය.
චුලා සහ චූලරත්නගේ සයිස් එක කොහොම වෙතත් ඒ කාලේ
මහියංගනයේ සිටි චූලෝදර රජතුමාට තිබුණේ චූටි බඩකි
චූල + උදර
චූ යන්නෙන් නම පටන් ගන්නා මිනිසුන්ද කුඩා අයයි.
චූ – එන්- ලායි.
chu , bu , su සහ fu එකම පවුලේ සොහොයුරන් ඇමරිකාවට
සංක්‍රමණයවී ටික කලකින් පුරවැසිකම් ලබා ගැනීමට සමත් විය.
පසුව එම නම් ටිකක් funny වගේ යයි ඔවුන්ටම තේරුන නිසා ටිකක්
americanize වීමට තව අකුරු දෙකක් අගට එකතු කර නම් වෙනස් කර
ගැනීමට ඔවුන් තීරණය කළෝඅය.
ඒ අනුව අගට c , k අකුරු එකතු කරගෙන , bu , buck විය
chu , chuck විය. su සහ fu ආපසු චීනෙටම ගියෝය.
නුවර පෙරහැරේ ගමන් කළ ඇතෙකුගේ චූසකේ දුටු කුඩා ළමයෙක්
පුදුමයට පත්වී අම්මා ගෙන් , අම්මේ අර මොකක්දැයි අසා ඇත.
” ආ.. ඒක පුතේ සුළු දෙයක් යයි කියා ඇත.
පසු දාක කොටන් අදින අලියෙකුගේ චූසකය දුටු ඒ ළමයා
” තාත්තේ.. අර දැක්කද .. අර අලියගෙ සුළු දෙයක්”
” කවුද ඔයාට එහෙම කියල දුන්නේ ?”
“අම්මා”
” ආ.. ඔයාලගෙ අම්මට නං ඒක සුළු දෙයක් තමා” කීවේලු.
චූ සෞඛ්‍ය ජනක පානයකි. ඒ අනුන්ගේ චූ නොව තමන්ගේම චූය.
බුදුන් වහන්සේද උදෑසන අවදිවී තමන් වහන්සේගේ චූ ටිකක් පානය කළ
බව මා පොතක කියවා ඇත. එය “බුද්ධ බේත” නම් පොතකද සඳහන් වේ.
හිමිදිරි උදෙන්ම අවදිවී චූ ටිකක් පිටවෙන්නට හැර ඊ ළඟට එන චූ
මෙසේ පානයට සුදුසු බවද එහි රත්‍රන් පවා අඩංගු බවද කියැවේ.
80 ගණන්වල ලංකාවට ආ ඉන්දීය අගමැති මොරාජි දේසායි ද චූ පානය කළ කෙනෙකි.
අපේ උන් කතා මවන්නට දස්සයෝය. එතුමා , එතුමාගේ චූසකයට සේලයින්
බටයක් වැනි බටයක් අමුණා එහි අනෙක් කෙළවර එතුමා ඇඳගෙන ඉන්නා කබායේ
කෙලවරකට ක්ලිප් කර ඇති බවත් , තිබහක් දැනුනු විට ටිකක් උරා බොන බවටත්
අපේ උන් කතා හැදුවා.
දවසක් එතුමාට අරලියගහ මන්දිරයට ලන්ච් එකකට ආරධනාවක් ලැබුනා
එවිට අගමැතිව හිටි ප්‍රේමදාස මහතාගෙන්.
දේසායි වතුර ටිකක් ඉල්ලුවා. ප්‍රේමදාස වැඩි හොඳට , වීදුරුවකට චූ
කර දේසායිට පිළිගැන්වූවා. දේසායි එය රස කර බී තව ටිකක් ඇත්නම් හොඳයි
කියා කීවා. ප්‍රේමදාස , බාත් රූම් එකට ගොස් ෆුල් ට්‍රයි කළත් චූ ආවේ නැති නිසා
අපේ අය ආගන්තුක සත්කාරයට බොහොම දක්ෂ නිසාත් ආර්යාවට කතා කොට ඇගෙන්
චූ ටිකක් ලබා ගෙන දේසායිට පිළි ගැන්නුවා.
දේසායි එයත් බී.. ” පළමු එකට වඩා දෙවෙනි එකේ රස වෙනස්.. මොකද ඒ ?..”
එවිට ප්‍රේමදාස, ” ඉස්සෙල්ල එක ආවෙ ටැප් එකකින් , දෙවෙනි එක ආවෙ ළිඳකින්”
යයි කියා කීවේලු.
කුඩා පිරිමි දරුවෙක් තැන නොතැන නොබලා , ” තාත්තේ මට චූ බරයි” කීමට
පුරුදු වී සිටියා. මගුල් ගෙදරකදී , මළ ගෙදරකදී, පාටියකදී , බස් එකේදී
මෙහෙම අහන විට තාත්තාට හරි ලැජ්ජයි,
” පුතේ එහෙම කියන එක ටිකක් හරි මදි නේද ?”
” ඉතින් තාත්තෙ මට චූ බර උනාම මම වෙන මොනව කියන්නද ?”
” අපි මෙහෙම කියමු.. ආයෙ චූ බර උනාම , තාත්තෙ මම සිංදුවක් කියන්නද කියල අහන්න”
එතකොට මම දන්නවා. හරිද ? අපි එහෙම කරමු.
දවසක් මහ රෑ 2.00 ට විතර පොඩි එකා ” තාත්තෙ මට සිංදුවක් කියන්න ඕන”
තද නිදි මතේ සිටි පියා” මේ වෙලාවෙ මොන සිංදුද ?”
” අනේ තාත්තෙ ..”
” එහෙම නම් මගේ කණට කිට්ටු කරල සිංදුවක් කියන්න කියා පුතාට කිවාලු.
මේ සේරම කතා ඒ කාලේ හිටි ඉස්කෝලෙ යන කඩප්පුලි කොල්ලන් ගෙතූ කතා මිස
ඇත්ත කතා නොවේය.
චූ ඉතාම වැදගත් දෙයකි. රස්සාවක් කරන්නට නම් තමන්ගේ චූ ඉතා හොඳ විය
යුතුය. තමන්ට PHD එකක් තිබුණත් වැඩක් නැත චූ ටික අප්සෙට් නම්.
Issara nam anthima peliye hina yana katha thibuna mcn