රූකඩ


puppet

රූකඩ කියන විට එකවරම මගේ මතකයට එන්නේ අපේ නංගීය.ඈ නැටුම් කලාව හැදෑරීමට මහනුවර සරසවි කලායතනයටබැඳී , පළමු පාඩම ඉගෙන ගෙන , ගෙදරදී අප හැමෝම ඉදිරියේ නටා පෙන්නුවා.

එය දුටු තාත්තා :

” ඔය මොනවද ? ගෑණු ළමයි නටන කොට ලාලිත්‍යයක් තියෙන්න එපායැ… ඔය නටන්නේ රූකඩ”

හඬා ගෙන කාමරයට ගිය ඈ ඉන් පසු කවදාවත් නැටුම් හෝම් වර්ක් කළේ නෑ.

රූකඩ වලට ලාලිත්‍යයක් , නම්‍යශීලී බවක් නැත්තේ ඒ ( ලංකාවේ නම්) වේලන ලද කදුරු හෝ රුක් අත්තන ලීයකින් සාදා,ප්‍රධාන සන්ධි පමණක් හැසිරවිය හැකි ලෙස සාදන නිසාය.

ශ්‍රී ලංකාව , ඉන්දියාව , තායිලන්තලය , මැලේසියාව පමණක් නොව චෙකෝස්ලොවේකියාව වැනි යුරෝපා රටවලද ප්‍රචලිත දෙයකි ,රූකඩ කලාව. අපේ රටේ රූකඩ කලාවට ඉන්දියානු බලපෑමද
ලැබී ඇති නමුත් අපේ රූකඩ වල විශේෂත්වය වනුයේ එම රූකඩ සාමාන්‍ය ” ජීවී” ප්‍රමාණයටම සකස් කිරීමයි. නූල් රූකඩ , රිටි රූකඩ …ලෙස වර්ග කීපයකි. නූල් රූකඩ නැටවෙන්නේ ඊට යා කර ඇති නූල් , වෙනත් කෙනෙක් මගින් නැටවීමෙනි.

” කඩ ” යනු බාගයක් හෙවත් අඩකි. රූකඩය විසින් අඩක්ද , එය හසුරුවන්නා විසින් අඩක්ද ඉදිරිපත් කෙරෙන නිසා එයට “රූ… කඩ ” කියා කියයි. සමහර විට මෙහෙමත් මතයක් තියෙනවා.කඩක් කියන්නේ බාගයකට. මෙතැනදී කඩක් කියන්නේ ජීවමාන රූපයේ 2D නිර්මාණයකට. අර කිව්වා වගේ ලී පතුරු නිසා. පිළිම වගේ 3D උනානම් ඒවා නටවන්න අමාරුයි. ඒ නිසා ඒවා 3D කරේ ඇඳුම් අන්දලා. (3D විදියටම හදපු රූකඩත් තියෙනවා). සම්පුර්ණ නැති නිසා රූපය කඩක් උනා. රූපයේ කඩය රූ කඩ උනා.

විවාහ උත්සවයකට පැමිණි රූමත් කෙල්ලක් පැත්තකට වී බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටිනු දුටු තරුණයෙක් ඇය කතාවට අල්ලා ගැනීමට සිතා,

” ඔයාගෙ ගම අම්බලන්ගොඩද ?” කියා ඇසුවේලු.
” හරියටම හරි.. අයිය කොහොමද ඒක දැන ගත්තෙ ?”
” මම බලා ගෙන හිටියෙ රූකඩයක් වගේ ගොඩාක් වෙලා ,පැත්තක් බලා
ගෙන ඉන්නව”
කෙල්ලත් කටකාරියක්.
” අයියගෙ ගම පුත්තලමද ?”

ලංකාවේ විවිධ පළාත් විවිධ දේට ප්‍රසිද්ධයි. බිබිලෙ දොඩම්, නාවල අන්නාසි ( දැන් නම් එහෙම නැතුව ඇති ) බටලීයෙ කජු , පුත්තලමෙ බූරුවෝ වගේම අම්බලන්ගොඩ ප්‍රසිද්ධ වුනේ රූකඩ වලට. මා ඊ ලඟට රූකඩ ගැන ඇහුවේ ඉරිදා පත්තරේ විජේසෝමගෙ කාටුන් වලින්.

ඇමරිකන් කොඩිය සහිත තොප්පියක් පැළඳි යැංකියෙක් රූකඩයක් නටවයි. නටවන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව එකල මුදල් ඇමති වූ රොනී ද මැල් නටවයි. මෙලෙස ලෝක බැංකුව අනෙක් රටවල් ද නටවයි.

රූකඩ නටවන විට ඉතා පරෙස්සම් විය යුතුය. නූල කැඩෙනවාට වඩා බරපතල නූල් පැටලීමය.

වෙසක් පෝදාක රූකඩ සංදර්ශනයක් විය.” රතී වයන්නී , රඟා රඟන්නී තණ්හා ගී ගයතේ ” ගීය වාදනය වෙද්දී ,තණ්හා ,රතී සහ රඟා අපූරු රංගනයක යෙදෙයි. බුදුන් වහන්සේ බෝ ගස පාමුල භාවනා කරයි.
පළමු දර්ශනය නියාමාකාරයෙන් සිදු විය.
දෙවන දර්ශනය: ” රතී වයන්නී , රඟා රඟන්නී , තණහා ගී ගයතේ”
තණ්හා , රතී සහ රඟා එක පොදියට බෝ ගස යට භාවනා කරයි. බුදුන් සිවුර දෙපසට ඔසවමින් නටයි.
නූල් පැටලී ඇත.
හැම කලාවක්ම මිනිසා සඳහා විය යුතුය. හෙළයේ මහා සංගීතවේදී අමරදේව මෙන්ම විකටයෙකු ලෙස හංවඩු ගැසූ ෆ්‍රෙඩී සිල්වා ද අපූරු කලා කරුවෙකි. ෆ්‍රෙඩී ගැයූ හැම ගීතයකින්ම පාහේ සමාජයට යම් පණිවිඩයක් ලබා දෙයි.

ෆ්‍රෙඩී සිල්වා ගයා ඇති මේ ගීතය අසන්න

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to රූකඩ

  1. ranja පවසයි:

    ලියන එක නම් අත්හරින්න එපා නිහාල් ගොයියො…

  2. Bambara පවසයි:

    කාලෙකින් මේ පැත්තේ ආවේ. වියමන හැමදාම වාගේ බොහොම අගයි. ෆ්‍රෙඩි සිල්වාගේ මේ සින්දුව මම අහල නැහැනේ. හරිම වටිනවා. “බොරු කකුල් කාරයා” ට සමාන්තර සින්දුවක්. ඉන්තේරුවෙන්ම ප්‍රේම්ගේ පද වැලක් වෙන්ටෝන. ඔහොම යං. ජය වේවා!!

  3. dayalbathee පවසයි:

    අපි හැමෝම කැමතියි
    නූල් අතේ තියාගෙන
    කාව හරි නටවන්න, නැද්ද මං අහන්නෙ
    ආණ්ඩු කරවන අයත් එහෙමයි
    පුදුමය නම් අපිමයි ඒ නූල් ඒ අය අතට දෙන්නෙ

  4. jp පවසයි:

    බුදු නැටුමේ කතාව මරු.
    අපි ඔක්කොම රූකඩ නේද, එක එක විදියට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )