කාලය


ආදි කාලෙ ලිව්ව ලිපි ආපහු කියවල අනවශ්‍යයි කියන ඒව අයින් කරන්න හිතුව.
අපරාදෙ මගෙ කාලෙ ඒව ලියන්න ගත කාලෙ.

අද ලියන්නම් මගෙ “ කාලෙ ” ගැන.පරණ ඒවට කට්ටිය තාම
කමෙන්ට් කරනව දැක්කමයි ආයෙම මොනව හරි ලියන්න ඕන
කියල හිතුනෙ. කාලෙ තමයි ප්‍රශ්නෙ. බ්ලොග් ලියන්න ඕන…
අනෙක් අයගෙ බ්ලොග් කියවන්න ඕන…කමෙන්ට් කරන්න ඕන…
කමෙන්ට් වලට කමෙන්ට් කරන්න ඕන.. ඔන්න දවසට පැය තිහක්වත්
තිබුණ නං.. ඉස්සර කාලෙ නං දවසට පැය හැටක් …

අද හවස.. චුරු චුරු ගගා වහින්න පටන්
ගත්තා.. නිකම් කාලෙ කා දමන්නෙ මොකටද ? එහෙනම්
අද කියවමු මගෙ ” කාලෙ ” ගැන.

මගේ සේවාස්තානයේ ලන්ච් රූම් එකේ ජනේලෙන් හැමදාම
දකින දසුනක් තමා මහ දවල් උනුනුන් බදා ගෙන සිප
ගන්නා තරුණ ජෝඩුව. මහ පාර අයිනෙ. එතන රෙඩ් ලයිට්
එකේ වාහන පෝලිමක් නැවැත්තුවමවත් උන්ට ගානක් නැහැ.
අනේ කාලේ – වනේ වාසේ කියල හිතුන මට.

ඒකට අපේ කාලෙ.. මුළු ගමම දන්නව මං ඒකිගෙ කොල්ල
කියල. ඒත් බැරිවෙලාවත් ඇඟිල්ලකින් හරි අතකින් හරි
ඇල්ලුවොත්…” එප්..පා…. කවුරුවත් දකී…” ලජ්ජාවෙන්
ඇඹරෙනව.

අවුරුද්ද ගිම්හාන කාලය, වසන්ත කාලය.. යනාදී
වශයෙන් කොටස් වලට කඩල තියෙනව. කාලගුණ වෙනස්
වීම් වලට අනුරූපව. අපේ සීයල දන්නව ටක්කෙටම
කියන්න අහවල් කාලෙ වහිනව.. ගොයිතැන් පටන් ගන්න , වතුර
බඳින්න දැන් හොඳයි.. අහවල් කාලෙ වැස්ස අඩුයි..
වපුරන්න හොඳයි… අහවල් මාසෙ පායනව .. ගොයම්
කපන්න හොඳයි.. කියල.

” දේවෝ වස්සතු කාලෙන
සස්ස සම්පත්ති හේතුච
පීතො භවතු ලෝකෝච
රාජා භවතු දම්මිකෝ” කිව්වලු.
ඒ ඩඩ්ලිලා , පිලිප්ලා , ඩී. එස්. ලා , බණ්ඩාරනායක ලා
කවුන්සලේ හිටි කාලෙ..
ඒත් දැන් මේ කාලකණ්ණි ටිකක් නිසා කාළගුණෙත් වෙනස් වෙලා.

කාලය මනින්නෙ වෙලාවෙන්. වෙලාව බලන්න ඔර්ලෝසු නොතිබුනු
කාලෙ වෙලාව දැන ගත්තෙ ඉරෙන් , හඳෙන් , තරු වලින්,
පල්ලියේ – පන්සලේ ඝණ්ටාරෙන්..

” ඕක සිද්ධ උනේ හඳ නිය පොත්තක් වගේ තියෙද්දි”
කෙල්ල කොල්ලට මනාපෙ දීල කොල්ලගෙන් උත්තරයක් නෑ..

” බිනර මහට කළුවර වී තව පෝයක් ගෙවෙනව..” ඊළඟ
පෝයටවත්.. කෙල්ල හීන මවනව..

පස්සෙ තමා පෑ තැටිය හැදුනෙ. පැතලි කවාකාර තැටියක
කේන්ද්‍රයේ ලම්බ්කව දණ්ඩක් හිටවල එම දණ්ඩේ හෙවනැල්ල
වැටෙන ආකාරය අනුව වෙලාව දැන ගත්තා. දැන් නම් කටු
ඇති – කටු නැති – ඉලක්කම් ඇති – ඉලක්කම් නැති – වෛවාරන්න
ඔරලෝසු …

ඔය මොනව තිබුණත් කෙනෙකුගෙ කාලෙ හොඳ නරක තීරණය
කරන්නෙ ග්‍රහයෝ. හිරු ,සඳු , බුද , සිකුරු..
පොඩි ළමයෙකුගෙ වෙලාව බලන්න ගිය අම්ම කෙනෙකුට ගුරුන්නාන්සෙ
කීවෙ මහ පුදුම කතාවක්. ” මේ ළමයා පරිස්සම් කර ගන්න
වෙයි.. මාරාන්තික අපලයක් තියෙනව .. දුනු ඊ තළ වලින්”

ඒක අහල අම්මට දෙකොණින්ම හිනා..අද කාලෙ කවුද දුනු හී
පාවිච්චි කරන්නෙ. කෙසේ වෙතත්, මව තම පුතාව දඹාන,
මිනිපේ වැදි හත් පත්තුවට නොයැවීමටත් , තරඟ හෝ
ක්‍රීඩා සඳහාවත් දුනු හී වලින් වැලැක්වීමටත් මව ක්‍රියා
කළා.
දරුවා තරුණයෙකු වූ පසු ග්‍රීසියට ගියා සංචාරයකට.
ඇතැන්ස් නුවර පැරණි වීදියක් දිගේ ඇවිදිමින් සිටින විට
හදිසියෙන් වහින්න පටන් ගත්තා , අකුණු සැරත් එක්ක. පාර
අයිනේ උස තට්ටු ගොඩ්නැගිල්ලක් මුදුනේ තිබුණා මිත්‍යා සතෙකු
වන centaur… ගෙ ප්‍රතිමාවක්. එහි ඇඟේ උඩ කොටස දුනුවායෙක්.
යට කොටස අශ්වයෙක්. අකුණක් වැදුනා.. දුන්නට. ඊතලය
ගිලිහුනා.. කෙලින්ම පහතට ඇවිත් අර පාරේ ගමන් කරමින්
සිටි තරුණයාගේ සිරුර විනිවිද ගියා..

Centaur

ජා – ඇල පදිංචි රොහාන් කතෝලික. එයාගෙ පෙම්වතිය
කුරුණෑගල රේණුකා , බෞද්ධ. දෙපැත්තෙන්ම කැමති උනේ
නැහැ. උඹල බම්බු ගහ ගනිල්ල කියල ජෝඩුව පැනල ගියේ
රෑ කාලෙ. ඊළඟ අවුරුද්දෙ පොඩි එකා බලන්න හැමෝම
ඇවිල්ල හිටියෙ යස අපූරුවට.. කාලය ප්‍රශ්න විසඳන්නෙක්
“time heals wounds” කියල කියනව.

කාලෙ හොඳ උනාම බඹරා වැල්ලෙත් කැරකෙනවා. ඒ වගේමයි
නරක් උනාම. විෂ්ණු දෙයියොත් බටකොළ කෑවලු..

කල දුටු කල වල ඉහගන්ට අපේ අය දක්ෂයි. ” කාල් මාක්ස්”
කියපු දේවල් ගිරවු වගේ කට පාඩම් කරල කොල්ලන්ට කෙල්ලන්ට
උඩ ගෙඩි දීල උන් වල පල්ලට යවල වීරවංශ ඔය වල
ඉහගෙන කන්නේ.

බුදුන් දෙසූ පරිදි සියළු දේ අනිත්‍යයි. කල් පවතින්නෙ නෑ.
හාමුදුරු කෙනෙක් මැරුණාම අපවත් වෙනව කියනව. ඒ වගේම
අපේ ගම් පළාත්වල ඊට කියන්නෙ ” ඉකුත් උනා ” කියල .
හාමුදුරුවන්ගෙ කල් ඉකුත් වෙලා. වෙළඳපොලෙ තියෙන බෙහෙත් ,
කෑම වලත් කල් ඉකුත් වෙනව. අපෙත් කල් ඉකුත් වී ගෙන එනව.

කලට වට වරුසාවක් වගේ මගේ ජීවිතයට එක්වූ , මගේ
බිරිඳ කොච්චර සුන්දර කතක්ද ? එයාගෙත් කෙස් සුදු වී
ගෙන එනව.. අකලට නෙවෙයි.. කලට.

කාලය කෙතරම් නපුරුද සොඳුරිය…? කාලය කෙතරම් දේ
මගෙනුත් සොරා ගෙන ගිහින් ඇද්ද ? මගේ වයස , පෙනුම ,
ශක්තිය , මතකය…

ලිපිය හොඳයි කියල හිතෙනව නම් විතරක් කමෙන්ට් පාරක් දාල යන්න.
නිකම් කාලෙ නාස්ති කරගන්නෙ නැතුව !

This entry was posted in Uncategorized. Bookmark the permalink.

12 Responses to කාලය

  1. පවසයි:

    කාලෙන් ඇති වැඩක් තියෙනවද එක්කෙනෙකුටත් මදි ඔන්න බාගයක් වගේ නම් මොන හරි කියන්න තිබ්බ ඒ ගැන 😀

  2. salu පවසයි:

    ඔබ අතුරුදහන් වී සිටි කාලයේ නම් මගේ කාලය නාස්ති වුනේ දිනකට කීප වරක්ම ඔබගේ අලුත් ලිපි ඇත්දැයි චෙක් කරලයි.
    වයස, පෙනුම, ශක්තිය හා මතකය, කාලය විසින් සොරා ගනු ලැබුවත්, වයසත් සමග අප ජීවිතයේ ලබන පාඩම්, අත්දැකීම් සහ දැනුම අමිලයි.
    කොණ්ඩෙ සුදු වෙනවිට මම නම් කරන්නේ ඩයි ටිකක් ගා ගන්න එකයි.
    දිගටම ලිවීමට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවායි මගේ පැතුම.

  3. Prabath පවසයි:

    කලකට පස්සේ වේලකට බැස්සේ කියන්නැහේ කාලේ ගැනම ලියපු එක හොඳයි.
    නෙවාඩ ඉන්න මගේ යාලුවෙකුගෙනුත් ඔබතුමා ගැන ඇහුව කිසිම සද්දයක් නැතුව හිටපු නිසා.
    බල්ලොත් එක්ක බෑ බැලුවද?

  4. හෙනහුරා පවසයි:

    මේ වර්ඩ්ප්‍රෙස් බ්ලෝග් වලට කමෙන්ට් දාන්න සෑහෙන කාලයක් යනව. මම ඒවට කමෙන්ට් දාන එක අඩු කරල තියෙන්නෙ ඒ නිසාම මිසක් අහිතකට නෙවෙයි.

  5. වත්සලා පවසයි:

    කාලයක් ඔයාව දකින්න නැතිව වුනාම මම හිතුවෙ ඔයාගේ කාලෙ ඉවර වෙලා වෙන්නැති කියල.ඒත් අද කාලේ හැටියට කාලෙ කකා බ්ලොග් ලියනවට වඩා කරන්න දේවල් තියෙනව කියල දැන් තමා තේරෙන්නෙ.ඔයාගේ කාලේ දේවල් අහන්න කියවන්න මම කැමැති. අනික ඒ කාලේ නමක් නෙ මටත් තියෙන්නේ.

    කාලෙන් කාලෙට මොනා වෙනස් වුනත් කාලය නම් ඒව තුට්ටුවට ගනන් නොගෙන ගලා යනවා. මොන මොන කාලෙට මොන දේ වුනත් කාලය නතර කර ගන්න අයිසෙක් නිව්ටන්ටවත් බැරි වුනා. කාලේ අකාලේ කියල නැතිව කාලේ අපරාදේ කියල හිතන්නැතිව ඔයාගේ ලිපිය කියවල කමෙන්ටුවක් කොටන්න ඕං මාත් කාලය වෙන් කර ගත්තා. දැන් ආයෙත් කාලයක් නොපෙනී නොයා අපිට කියවන්න ලියාවි කියල හිතනවා.

    ඔයාට හැමවෙනම හැම තප්පරයක්ම හොඳ කාලයක් වේවා.

  6. asoka weerasinghe පවසයි:

    Tn ,shmq foaj,a fldhs;rï jákjo uu ta ,sms iEfyk ldf,l bo, lshjkafk uu ;du Tn fydau.u mjq, .ek ,shmq l;dj T¨fj of.k bkakjd tal Ñ;mghlg wmQre jia;= úIhla.meka sinhala font maruwenawa dammama.fmbindumathi font eka.

  7. ranja පවසයි:

    මෙව්ව කොච්චර කියෙව්වත් ඇතිවෙන්නෙ නෑ… ඒත් කාලගුනයෙ වෙනස්වීම් වලට දේශපාලුවොන්ටම බැනල වැඩක් නෑ කියලයි මගෙ මතය මොකද අපිත් පොඩ්ඩක් හරි ඒකට සම්භන්දයි.

Prabath වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න