ආහ් ! චර්යය.


ඕ , ඔහෝ , අහා , ආහ්… වගේ වචන විශ්මය , පුදුමය ප්‍රකාශ කරන වචන බව හා ඒවායේ අගට ” ! ” ලකුණකුත් දැමිය යුතු බව මට කියා දුන්නේ මඩදෙනිය ගුරුතුමාය.

අද ලිපිය ලියන්නේ නියපොතු ගැන. නියපොතු ආහ්චර්යමත් වෙන්නේ කොහොමද කියල අවසානයේදී ඔබට තේරුම් යනු ඇත.

” මං ඔය කෙල්ල හැදුවේ නිය පිටින් පාරක් නොගහ”
” පස්ස කහ ගන්ට නිය පොත්ත නෑ.. ඒ උනාට තියෙන උජාරුව”
” නියපොත්තෙන් කඩන්ට පුළුවන් දේ පොරවෙන් කපන්ට තියා ගන්ට එපා”
” ඕක සිද්ධ උනේ හඳ නිය පොත්තක් වගේ තියෙන කොට”

මේ නිය පොතු ගැන ගැමි කතාය.

පිළිකුල් භාවනාව කරන විටත් නිය ගැන කියැවෙනව මෙන්න මෙහෙම.
” අට්ඨි- ඉමස්මිං- කේසා- ලෝමා- නඛා- දන්තෝ” කියල.

නඛ කියන්නේ නිය. කොටි , සිංහ , ව්යාග්‍ර , වලස් , බළල් ආදීන්ගේත් හොඳින් වැඩුනු නිය පඳුරු ඇතත් ” සුනඛ” කියන්නේ බල්ලාට විතරමය.

මම ළඟදී දැක්ක සුනඛියන් දෙන්නෙක්. මම සල්ලි ටිකක් ගන්න ATM එකට ගියා. මට ඉස්සරහින් හිටි කළු කාන්තාවගේ ATM කාඩ් එක මැෂිම ඇතුලේ හිර වෙලා. එයා නියපොතු දිගට දාල. ඒවායින් අර කාඩ් එක ගන්න බෑ. මට අරන් දෙන්න උනා.

මම බැංකුවට ගියාම කා එක්ක හරි කතා කරනව ටිකක් වැඩියෙන් . ඒ මගේ හැටි. කවුන්ටරේ හිටිය මෙක්සිකන් කෙල්ලත් සුනඛියක්. ඇගේ නියපොතු දිගයි. හදාපුවා. ඇඟිලි දහයෙම නිය මතු පිට වීදුරු මල් අලවල තිබුණා. මට පුදුමයි මෙයා ගෙදර වැඩ කර ගන්නෙ කොහොමද කියල.
මම කිව්වා ඔයාගෙ නියපොතු හරි ලස්සනයි කියල.

මං ලංකාවෙ වැඩ කරන කාලේ මා ළඟින්ම හිටි කෙල්ල… සමන්තාගෙ ඇඟිලි මාර ලස්සනයි. දිගයි. නියපොතු ටිකක් දිගට වවල , ” හමේ පාට” නිය ආලේපයක් ගල්වල තිබුනා.
ලස්සන රෝස පාට නිය, නිරෝගී බව කියා පානව.

ගෑණු විතරක් නෙවි පිරිමිත් නිය වවනව. ඒ අර ගෑණු පිරිමි.

දවසක් public toilet එකකට ආවා හොඳ ලස්සන කඩවසම් පිරිමියෙක්. අත් දෙකම උස්සගෙන. ඇඟිලි විරිත්ත ගෙන. නිකං දර දඬු වෙලා වගේ.

මට චූ කරන්න ඕන මට උදවු කරන්න පුළුවන්ද.. එයා ලඟ හිටිය අනික් පිරිමියාගෙන් ඇහුව. මිනිහ හිතුවෙ මෙයා අංග විකල කෙනෙක් කියල.
මගෙ zip එක ගල වන්න පුළුවන්ද?
ඒක අප්‍රසන්න වැඩක් උනාට පවු කියල අනිකා එයාගෙ zip එක ගැලෙව්ව. ඒ පාර කියනව.. මේක එළියට අරන් චූ කරල ඉවර වෙනකං අල්ල ගෙන ඉන්ට කියල. දැන් ඉතින් මක් කරන්නද.. අනිකා අප්පිරියාවෙන් ඒකත් කලා.
ඊට පස්සෙ අරය අත් දෙක පහලට දාල zip එක ආපහු දාගෙන කියනව.. ” තැන්ක් යූ…මගෙ නියපොතු වේලිල තිබුණෙ නෑ කියල.”

මේ දවස් වල එක එක අදහන්න බැරි දේවල් ලංකාවෙ පත්තර වල යනව.
සීයල දෙන්නෙක් අවුරුදු 13 ක කෙල්ලක් දූෂණය කරල.
හෝමාගම පැත්තෙ ගෑණු ළමයෙක් ගෙදර ඇති කරන බල්ලා සමග සංසර්ගයේ යෙදිල.
මේත් ඒවගේ ආහ් ! චර්යමත් කතා පිංචක්.

දික්-කසාද නඩුවක් විභාග උනා උසාවියේ. සැමියා බිරිඳට විරුද්ධව නඩු දාලා. ඇය ගෙදර බල්ලා සමඟ අර වාගේ හැසිරෙනව කියල.
විත්තිය කියනවා ඒක අමූලික බොරුවක්. පුළුවන් නම් ඔප්පු කරන්න කියල.

නඩුව කල් දැමුනා හවස් වරුවට. පැමිණිල්ලේ නීතිඥයා ගෙදරට කතා කළා දවල් කෑමට නො එන වග කියන්න වයිෆ්ට. ඒකට හේතුවත් කියන්න සිදු උනා.

” ඒක සිම්පල්.. බල්ලත් එක්ක එහෙම ඉන්නවා නම් ගෑණිගෙ පිටේ නියපොතු පාරවල් ඇති”
වයිෆ්ගෙන් උපදෙස් ලැබුණා.
වැඩේ හරි. පැමිණිල්ල දිනුම්.
නීතිඥයා ගෙදර ගිය ගමන් කළේ තමන්ගේ බිරිඳගෙ පිට පරීක්ෂා කරන එකයි.

නියපොතු හැපීම නරක පුරුද්දක්. වකුගඩු අමාරු තියෙන අයළු ඒ. ආදරේටත් නියපොතු හැපෙනවා.
” ඔයා ගැන මගේ හිතේ තියෙනවා.. ඔයා කැමතිද ?”
cell phone-SMS-TEXT නොතිබුණු අපේ කාලෙ කොල්ලා කෙල්ල ගෙන එහෙම ඇහුවොත් කෙල්ල නිකන් ” ආසයි- බයයි” වගේ නම් කෙලින් උත්තරයක් නොදී නිය පොතු හපනවා.

මේ ලිපිය මා ලියූ ලිපි අතරින් නී රසම එක. මාතෘකාවට ” නියපොතු” කියල දැම්ම නම් කවුරුවත් කියවන එකක් නෑ. ඒ නිසයි.. ආහ්!චර්යය කියා දැම්මේ.

ලංකාව සීග්‍රයෙන් ආහ්!චර්යමත් වෙන හැටි….

This entry was posted in Uncategorized. Bookmark the permalink.

9 Responses to ආහ් ! චර්යය.

  1. ටොමියා පවසයි:

    නැවත ආ එක ගැන බොහොම සතු‍ටුයි.
    සැරින් , සැරේ අපි ඇවිත් බැලුවා. ඔය අතරේ , කූරියා ගැහැව්වා කියලා කට කතාවකුත් ගියා නං තමයි :). ඒක මේ නිකං ඕපදූපයක්.

    කළු-සුදු, අළු චරිත, හැරි වැරදි ගැන නං කියන්න තියෙන්නෙ මච්චරයි. සමහර වෙලාවට , ධර්මයෙන්ම ජීවත් වෙන්න බෑ.

    ” මං කිව්වා ‘පිංවත් දරුව, ගහෙන් බහින්න’ කියලා, බැස්සද , පිංවත්නී, නෑ…”
    ” ඊට පස්සෙ , මං කිව්වා ” බොල , %&@#&&**, ගහෙන් බැස්සෙ නැත්නම් තොගෙ @#*&%# කියලා’, බැස්සද පිංවත්නී, බැස්සා, බැස්සා, සුරුස් ගාලා බැස්සා…”

  2. helapayaa පවසයි:

    ඒ කියන්නෙ ලංකාවත් නියපොතු දේශයක් වෙනව කියල නේද

  3. Kenji @ Japan පවසයි:

    මොකද කියවන්නේ නැත්තේ මම කියෙව්වා .
    පොඩි කතා වුනාට රසයි.
    ඔය වගේ මාසෙකට සැරයක් හෝ අපිව බලන්න එන්න.
    මමත් එකක් පටන් ගත්ත.
    ජය…!

  4. Kenji @ Japan පවසයි:

    මොකද නිහාල් නිහඩව හිටියේ.
    අපි ඔබව පන දාගෙන හෙව්වා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )