බැංකු කතා ….


තෙරේසා මගේ මිතුරියක්. ඇගේ ” හුරතල් ” නම ටෙස්. අපි එකම ආයතනයේ සේවය කරන්නේ. ටෙස් හිනා උනේ එහෙමත් දවසක. කලාතුරකින්. ඇයට මුදල් ප්‍රශ්න. ආදායමට වඩා වියදම වැඩි. ඉතිරි කරන්න දන්නේ නැහැ.
මේරිත් මගේ ආයතනයේ සේවය කරන කළු කාන්තාවක්. මට වඩා වයසින් වැඩි.

මේරි හා ටෙස් හිතවත්. එකම වර්ගයේ ප්‍රශ්න ඇති දෙන්නෙක් ඉක්මණට යාලු වෙනවනේ. මේරි දවසක් ආවා ටෙස් හමුවෙන්න.
” ඒයි ටෙස්.. මා ළඟ $ 100 ක් තියෙනවා.උඹට තියා ගන්න පුළුවන්ද . මම ලබන සතියේ ආපහු ගන්න තුරු. මා ගාව තිබුණොත් වියදම් වෙනව.

( වක්කඩේ යට හකුරු හංගනවා වාගේ )

පාරෙන් එහා පැත්තෙ බැංකුව. මම ඇහුවා උඹට saving account එකක් නැද්ද කියල. මේරි කියනවා account එකක් තියෙනවා ඒත් මට යන්න කම්මැලියි කියල.
වැඩේ ඒ විදියට සිදු උනා. ටෙස් වහාම අල්ලපු බිල්ඩිමේ තියෙන T Mobile එකට ගිහින් එයාගේ ෆෝන් බිල ගෙවල ආවා. ඒ අර මේරි පරිස්සමට තියාපු 100 න්.

මේක ඊ ළඟ මාසෙත් උනා.දිගටම උනා. මේරි ඇගේ යෙහෙළිය ෂැරොන්ටත් කිව්ව. එයත් ටෙස් ළඟ මුදල් පරිස්සමට තිබ්බා.

ඒ සල්ලි වලින් ටෙස් එයාගේ බිල් ගෙව්වා. පඩි ගත් විගස දෙන්නගේම ගණු දෙනු බේරුවා. මේරියි ෂැරොනුයි මුදල් සේරම ආපසු ගත්තෙ නෑ. ටිකක් එකතු කරනවා නත්තලට ගන්න. දැන් ටෙස් ගෙත් ප්‍රශ්න ටිකක් අඩුයි.

14 වන සියවසෙ බැංකු පටන් ගන්න ඇත්තෙත් මේ ආකාරයට.

බැංකුවට ඉන්ගිරිසියෙන් කියන්නේ ” Bank ” කියල. ගංගා වල ඉවුරුත් bank. ඒ River Bank. හතර වටෙන්ම ලබා ගන්නා සාරවත් පෝෂ්‍ය කොටස් ගං ඉවුරු වල තැන්පත් වෙනවා. Deposit වෙනවා. Bank කිය වචනේ පැහැදිලියි දැන්. යම් වටිනා දෙයක් තැන්පත් කරන තැන බැංකුව.

බාගෙට ඉන්ගිරිසි ඉගෙන ගත්තු කෙල්ලක් , ඇගේ පෙම්වතා ගැන තව කෙනෙකුට මෙහෙම කියනවා.
” එයා හරි ඩිපොසිට් අනේ…” කියල ඈ අදහස් කරන්නේ ඔහු නිවුනු ගති ඇත්තෙක් බවයි. ඔහු ළඟ හොඳ ගති ගුණ තැන්පත් ව ඇති සමහර විට.

බැංකුවල තියෙන්නේ සල්ලි විතරක් නෙවි. ලේ බැංකුවේ – ලේ
රැකියා බැංකුවේ – රැකියා
දත්ත බැංකුවේ – දත්ත.

මහ රෑ බැංකුවකට ඇතුලු වුනු හොරෙක් සේප්පුව හෙව්වා. මිනිහ හැම තැනම දැක්කෙ ශීතකරණ විතරයි. මිනිහට දැන් මහන්සියි එලාර්ම් වදින්න කලින් පිට වෙන්නත් ඕන. කොයිකටත් ශීතකරණයක් ඇරියා. යෝගර්ට් කෝප්ප වගේ ඒවයේ මොනවදෝ මිදුනු දෙයක් තිබුනා. ටිකක් අපුල රසක් දැනුනත් බඩ ගින්න නිසාම කෝප්ප දෙකක්ම කෑව. මිනිහට සල්ලි හොයා ගන්න බැරි උනා. එළියට ගිහින් ආයෙම බැලුවා බෝඩ් එක දිහා. ” Sperm Bank ”

ඉතින් අපිත් හොඳ තැන්පත් කරුවො තමයි. නැද්ද ?

දියුණු රටවල බැංකු ක්‍රමය ඉතා උසස්. මිනිසුන්ගෙන් 90% ක් පමණ බැංකු විශ්වාස කරනවා. සියළුම ගනු දෙනු සිදු කරන්නේ බැංකු හරහා. ඒ නිසා ඒ රටවල මූල්‍ය දෙපාර්තමෙන්තුවට ( අපේ නම් මහ බැංකුව ) කියන්න පුළුවන් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන්. ඒ නිකුත් කර ඇති මුදල් ප්‍රමාණයෙන් තැන්පතු වල එකතුව අඩු කිරීමෙන්.

ලංකාවෙ එහෙම නිවැරදි අගයක් ගන්න බැහැ. අපේ මිනිස්සු බැංකු ක්‍රමය එච්චරම විශ්වාස නොකරන නිසා. ඒ අය තාමත් කොට්ට අස්සෙ – මෙට්ට අස්සෙ සල්ලි හංගනව.

එක්තරා අතීතයේ දවසක මම ගියා බැංකුවට මගේ saving account එකෙන් මුදල් ටිකක් ගන්න. එතකොට ATM තිබුණේ නැහැ. මගේ account එකෙන් මගේම සල්ලි ගන්න විනාඩි 45 කට වඩා ගියා. ගන්න මුදල් ප්‍රමාණය අනුව එක් එක් නිලධාරියා අනුමත කරන්න ඕන. 50000 ට වැඩි නම් මැනේජර් මහත්තයාම අත්සන් කරන්න ඕන.

මේ නිසා විශේෂයෙන් ගම් වල මිනිස්සු මුදල් , මුදල් වශයෙන්ම තියා ගන්න කැමතියි.

බැංකු , තැන්පත් කරුවන් ගෙන් ලබා ගන්න මුදල් , වෙනත් මුදල් අවශ්‍ය අයට ණය වශයෙන් දෙනව. දීල ඒ හිලව්වට පොලියක් අය කර ගන්නව. ඒ ණය පොලී. ඉන් කොටසක් අර තැන්පත් කරුවන්ටත් හිමි වෙනව. ඉතිරියෙන් තමා බැංකු දුවන්නෙ.

බැංකුවකින් ණයක් ගන්න එක ආපහු ගෙවනවාට වඩා අමාරුයි. සිය පොළක විතර අස්සන් ගහන්න ඕන. මිස්ලගෙ ගෑස් බලන්න ඕන. බැංකු කියන්නේ පායන කාලෙදි කුඩයක් ණයට දී වැස්ස කාලෙදි ආපහු ඉල්ලනව වගේ ආයතන.
ගෙයක් හදන්ට අවශ්‍ය මූලික ඇස්තමෙන්තුව බොහෝ විට වැඩි වෙනව. හේතුව… ණය පාස් වෙනකොට බඩු ගණන් ගිහින්.

අපේ මිනිසුන්ගෙ වග විශ්වාස නැති නිසා චෙක් වලින් ගනු දෙනු කරන්න අමාරුයි. ඒ නිසා සමහර ආයතන බැංකු අණකරයක් ඉල්ලනව. අපි අපේ සල්ලි බැංකුවට දුන්නම ඒ වෙනුවට ඒ ගානට බැංකුවෙ නිල චෙක්පතක් දෙනව. එය ඕනම කෙනෙක් බාර ගන්නව. මෙහේ නම් කියන්නෙ official check චෙක් නැත්නම් cashier’s check චෙක් කියල. ලංකාවෙ කියන්නේ Pay Order කියල.

ලංකාවෙ මුස්ලිම් කෙනෙක් දවසක් බැංකුවකට ගිහින් ඉස්සරහ කවුන්ටරේ හිටපු සමනළියක් වගේ මිස් කෙනෙකුගෙන් පයෝදරයක් ඉල්ලලා… Pay Order කියන එක දිගට ලිව්වාම සද්දෙ එහෙමයි.

ඉතින් දවසක් පඩි හම්බ වෙන්ට කලින් දවසක මේරි ඇවිත් ටෙස් ගෙන් සල්ලි ඉල්ලුවා. ටෙස් ට තරු පෙනුනා. කොහොම හරි බොරු 60 ක් විතර කියල ඉල්ලූ ගානින් අඩක් දුන්නා. මේරි ඕක ෂැරොන්ට කිව්වා. ගෑනිත් පහුවදා සල්ලි ඉල්ලුවා.
තුන් දෙනා අතර විශ්වාසය පළුදු උනා.
බැංකු කඩා වැටෙන්නේ ඔහොමයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to බැංකු කතා ….

  1. Prabath පවසයි:

    අපුගේ ලෝකය පොත් ලියපු මහත්තයත් බැංකු ගැන රසවත් පොතක් ලියල තියෙනවා.
    ඒකෙ කතාව අපේ දඬුවම් මුදලාලිගේ සක්විතිගේ බැංකු වගේ.

  2. magenama පවසයි:

    බැංකු ක්‍රමය මේ තියෙන විදිහට පටන් ගත්තේ ඉතාලියේ වෙළෙඳපොලවල්වල බංකුවක්(ඉතාලි බසින් එයට ඒ කාලේ බැංකා කියලා කියලා තියෙනවා) මත තබාගෙන කරපු ණය ගනුදෙනු නිසා.පසුව එංගලන්තයේ රන්කරුවන් ලඟ සල්ලිකාරයො රන් පරිස්සමට තබා කුවිතාන්සියක් ඉල්ලගෙන ගනු දෙනු කරා.ඒකයි ආරම්භය,ඒ වගේම බැබිලෝනියාවේ හමුරාබි රජුද මේ සමාන ක්‍රම ගැන හමුරාබි ප්‍රඥප්තියේ ලියලා තිබේලු.ලංකාවට ආවේ බ්‍රිතාන්‍යයන්ගෙන් හා නාට්‍ටු කොට්ටේයි චෙට්ටියාර්වරුන්ගෙන්.මොනවවුනත් මාර පෝස්ට් එකක්,සරලව ලියලා තියෙනවා.

  3. dawkinssdodo පවසයි:

    ක්‍රෙඩිට් යුනියන් එකකයි බැංකුවකයි වෙනස මොකක්ද?

  4. henryblogwalker පවසයි:

    දාන්න ලේසියි, ගන්න අමාරුයි නිසා තමයි කැන්ඩියන් කියපු ලාංඡනය බැංකු වලට ගැලපෙන්නේ.

    ලංකාවේ මිනිස්සුන්ට බනින්න බෑ බැංකු ගැන විශ්වසය අඩුයි කියලා. අර ප්‍රමුඛ බැංකුව හෙම මිනිස්සුන්ගේ හිතේ තවම හොල්මං කරනවා.

    නිහාල් ඉන්න රටේ check කියන වචනය වෙනත් බොහෝ රටවල ලියන්නේ cheque කියලා.

  5. වයලීනෝ පවසයි:

    හ්ම්හ් බැංකු කාරයෝ සල්ලි ගන්නකොට වැඳලා ගන්නේ . දෙන්නේ අපිට කියලා වන්දගෙන . යකෝ උන් හම්බකරලා දෙනවා වගේ . හැක් හැක් හැක්
    ඒත් ඇන්ඩ්කොම්පැනියට අයත් නොවන බැංකු හරි හොඳයි . :p :p

  6. Kandyan පවසයි:

    තවත් කියමනක් තියනවා ‘බැංකුත් හරියට බලු පූට්ටු වගේ’ කියලා 🙂

  7. පොඩ්ඩි පවසයි:

    ‘මේක ලීව එක්කෙනා හරිම ඩිපොසිට් අනේ’ ඒ කියන්නේ රචකයා බොහොම රසවත් විදියට ලියලා තියෙනබව. 😀

    ඔයා හොඳයි ආර්ථික විද්‍යාව උගන්නන්ට.

  8. jp පවසයි:

    වයසට යනකොට ඩිපොසිට් වෙන්න ඕනෑ.

    රුපියල් 4600 පඩියට බැන්කුවේ වැඩට යනකොට මිනිස්සු කියනවා “‍යහමින් ගෙවනවා ඇති නේ.? බැන්කුවේ ඕන ත‍රම් සල්ලි තියෙන්නේ කි‍යලා”

  9. Sujata පවසයි:

    විශිෂ්ටයි!!! ඉල ඇදෙන කම් හිනා වුනා. විහිළුවෙන් විහිළුවෙන් බැංකු ක්‍රමය ගැන හරබර අදහස් ටිකකුත් එලියට දමා තිබීමත් ලොකු හපන් කමක්.

  10. // බැංකු කියන්නේ පායන කාලෙදි කුඩයක් ණයට දී වැස්ස කාලෙදි ආපහු ඉල්ලනව වගේ ආයතන.// පට්ට….

    හරි නම් වෙන්න ඕන බැංකුවේ එවුන්ට කරදයක් නැතුව සල්ලි ටික ගන්න හින්ද ATM එක පාවිච්චි කරන්න අනුබල දෙන එකනේ. මුන් කරන්නේ එකටත් රු.5ක් අරන් කවුන්ටරෙන්ම සල්ලි ගන්න මිනිස්සු උනන්දු කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )