පොඩි හාමුදුරුවෝ – 2


” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.”

උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ. ඔන්න ඔය දවස් වලයි ලොකු හාමුදුරුවෝ පිටරට පන්සලකට තැපෑලෙන් යැවූ ගුවන් තැපැල් ලියුමක් ආපහු ආවෙ.
” අපෙ හාන්දුන්නේ… මේකට අඩුවෙන් මුද්දර ගහල තියෙන්නේ.. ඒකයි රිටන් ආවෙ..” ඒ ලියුම් බෙදන්නා.” මම ඕකට මුද්දර ගහල ආපහු දාන්නද ?”
ලොකු හාමුදුරුවන්ට ඉංග්‍රීසි බෑ. ලිපිනය ලියා ඇත්තේ උත්තරානන්ද. මොකක්ද මේ ඇමරිකාවෙ පන්සලක් එක්ක තියෙන ගනු දෙනුව.
” නෑ.. මමත් යනව ටවුමට . මමම තැපැල් කරන්නම්”

සීලානන්ද හාමුදුරුවෝ ලියුම පරිස්සමට විවෘත කළා. ලියුම ලියා තිබුනේ ලොකු හාමුදුරුවෝ. ලිපිය කියවූ සීලානන්ද හිමියන්ගේ දෙකන්සෙන් ගින්දර පිට උනා. දත් මිටි කැවුනා.
” කිරි බණ්ඩ මාමෙ… දැක්කද මූ කරන්ට යන දහ පදුරා වැඩේ. මගෙන් දස බලු වැඩ අරන්.. මට දස වධ දීල , පන්සල මට දෙනව කියල… දැක්කද මේ ලියුම ?”
” මට පේන එකක්යැ”
(“පොට්ට හුත්ත “)
” මයෙ ඇස් විතරයි පොට්ට. කන් පොට්ට නෑ. අපෙ හාමුදුරුවෝ ඔය වචනෙ මීට ඉස්සරත් මට කියල තියෙනව. නිකං පවු පුරෝ ගන්ට එපා… තරහක් තියෙනවා නං හිමීට කතා කරමු.. තරහ අඩු උනාම”
” මේ යකා ඇමරිකාවෙ ඉන්න හාමුදුරු කෙනෙකුට මේ ලියුම යවල තියෙන්නේ. මුද්දර අඩුවෙන් ගහල.. ඒකයි ලියුම ආපහු ආවෙ.. හොඳ වෙලාවට මම මේක කැඩුවෙ… ඕං අහගන්ට එහෙනං.. ….මුගෙ අම්මට…………
….-ශ්‍රී ජිනරතනාරාමය , ගොඩගම, ශ්‍රී ලංකාව.
එක්වා දහස් නමසිය අනූවේ සැප්තෑම්බර මස පස් වන බුද දින..
තිසරණාධාර වේවා.. අප හිතවත් නායක හාමුදුරුවන් වහන්සේ වෙත නමස්කාර පූර්වකව ලියමි… මෙම ලිපිය ලියන්නේ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන්ය. දැනට මෙහි වාසය කරන කිතුල්ගල උත්තරානන්ද පොඩි හාමුදුරුවෝ නෑ කමට මගේ ඥාති පුත්‍රයෙකි.උපාධිදාරියෙක්ය. මතු දිනෙක මෙම පන්සලේ භාරකාරත්වයද පැවරීමට ඉටා ගෙන සිටිමි. වැඩි දුර අධ්‍යාපනය සඳහා ඔය රටට ගෙන්වා ගැනීමට ඇවැසි කටයුතු සම්පාදනය කරන මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමි. බර පැන දැරීමට මා සූදානම්ය.

මීට හිතවත් , අම්පිටියේ ජිනරතන

” මට ඔබ වහන්සේ වෙනුවෙන් කරන්ට බැරි දෙයක් නෑ. ඔබ වහන්සේට තියෙන දැනුමෙන් දූවිල්ලක් තරමවත් මා දන්නේ නෑ. මොළේ කල්පනා කරල සීරුවෙන් වැඩ කරන්න. මං මෙයාට දෙන්නම් මාස තුනෙන් අපවත් වෙන්ට බේත.
ඇමරිකාවට ලියුමක් යන්න සති දෙකක් යනව. උත්තර එන්නත් තව සති දෙකක්. සීලානන්ද හිමියන් අර ලියුම නියමිත මුද්දර ගාස්තුව ගෙවා නැවත තැපැල් කළා. ඊට පෙර කිතුල්ගල උත්තරානන්ද කියන එක සියුම්ව ඉවත් කරල ඒ වෙනුවට තමන්ගේ නම යොදන්නටද අමතක කළේ නැහැ.

සීලානන්ද හිමියන්ට කීප වතාවක් කොළඹ යන්න සිදු උනා. සියල්ල සිතූ පරිදි සිදු උනා. ඇමරිකාවට යාමට සියළු ලියකියවිලි ගොඩගම සීලානන්ද හිමියන් නමට රහසේම පත් උනා.

සීලානන්ද පොඩි හාමදුරුවෝ හිටි ගමන් අතුරුදන් උනා.

” උඹ කලබල වෙන්න එපා.. සීලවතියේ.. උන් වහන්සේ ඉන්න තැන දන්නෙ මං විතරයි දන්නෙ… මං උඹටවත් කියන්නේ නෑ.. ඒව රහස්.. ගෑණුන්ට කවුද බං රහස් කියන්නෙ… උඹල මොකුත් නොදන්න ගානට හිටපන්. වෙලාව ආවම මම කියන්නම්. උන් වහන්සේ හොඳින් ඉන්නවා.. කට පරිස්සං කර ගනින්…”

ඔය අතර වාරෙ ලොකු හාමුදුරුවෝ හදිසියේම තද බල ලෙස රෝගාතුර උනා. සමහර විට වැරදීමකින් හෝ කිරි බණ්ඩා අතින් උන් වහන්සේගේ ගිලන්පස එකට කබර තෙල් බින්දුවක් , දෙකක් වැටුනද කියන්න බෑ.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි ලංකාරාමයේදී සීලානන්ද හිමියන්ට මුණ ගැහුනා නිමල් ජාගොඩ කියල හරි හොඳ මහත්තයෙක්.
” මහත්තයෝ.. මට උපකාරයක් අවශ්‍යයි.. මට මගේ පවුල ගොඩ ගන්ට ඕනෑ. මගේ අම්ම දුක විඳිනව. කසාද බඳින වයසේ අක්කල තුන් දෙනෙක් ඉන්නව. ඒ අය දුක් විඳිද්දී මට තනියම සසරෙන් එතෙර වෙන්න බෑ… මං සිවුරු අරිනවා… මට රස්සාවක් කරන්න ඕන..”

” මං ඒක අනුමත කරන්නේ නම් නෑ.. ඒත් මම උදවු කරන්නම්.. මට තේරෙනව…. මම නවතින්න තැනක් හොයල දෙන්නම්.. මම දන්න ඉරාන කාරයෙකුගේ ලිකර් ෂොප් එකක රස්සාවක් තියෙනවා. සුමාන දෙකක් විතර පුරුදු වෙන්න වෙයි.”

සීලානන්ද හිමියෝ අඳනය , සිවුර ඇඳ උඩ දිග ඇරල , අතින් රැලි පිරි මැදල පොතක් වගේ ලස්සනට නමල.. නළල උඩ තියා ගත්තා. ඊට පස්සෙ ඇඬුම් බරව ආයෙත් එය සිඹ නිමල් ජාගොඩ මහත්තයෙගෙ අල්මාරියේ පැත්තක තැන්පත් කළා..

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to පොඩි හාමුදුරුවෝ – 2

  1. Prabath පවසයි:

    This gotta be the same Mr. Jagoda (or Nihal) in Godaya’s story.

  2. නිර්නාමික පවසයි:

    කාලකන්නි පව්කාරයකුගේ කාලකන්නි කතාවක් යේ කවදාවත් බලන්නේ නැහැ

  3. තරු අරුන්දතී පවසයි:

    යථාර්තයක් වගේ.. 😀

  4. පැට්ටා පවසයි:

    පට්ට පට්ට නිහාල් අයියා….. ලියාගෙන යමු… 😀 😀 😀

  5. Kenji @ Japan පවසයි:

    අප්පට සිලි දැන්නෙ ඉට්ටෝරිය නැගල යන්නෙ.

  6. dayal bathee පවසයි:

    සීලානන්ද හරි හපනා
    හෙට නිව් යොර්ක් යනවා
    ඩොලර් ගොඩක් ලබනා
    මටත් ටිකක් දෙනවා

    ලිං කටෙන්ම එපා ගොඩවෙන්න
    නියමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )