පොඩි හාමුදුරුවෝ….


ගොඩගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ” ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. ගොඩගම කියන්නේ මහනුවරට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළු දෙනාම පාහේ ගොඩ හා මඩ ගොවිතැනින් වේල සරි කර ගත් අහිංසකයන්. පොහොසතුන් හැටියට හිටියේ කඩේ මුදලාලිත් , ඉස්කෝලේ මහත්තයාත් , ග්‍රාම සේවක තැනත් විතරමයි.

තරමක් උස් බිමක් මත පිහිටා තිබුනු නිසා කන්දේ විහාරය කියාද , ආවාස ගෙට මදක් ඔබ්බෙන් අලියෙක් දණ ගසා සිටින විට මෙන් හැඩ හුරු කමක් ගත් විශාල ගල් කුළ මත ඝණ්ටාවක හැඩය ගත් කුඩා දාගැබත් නිසා ගලේ විහාරය කියාද කිවූ එහි වැඩ වාසය කළේ පනස් වි‍යැති ජිනරතන හිමියනුත් ඇබිත්ත කම් කළ එහෙත් දෑසම නොපෙනෙන කිරි බංඩාත් පමණි. කොපමණ අග හිග කම් ඇතත් සීට්ටු දානය ගම්මුන් වැරැද්දුවේ නෑ. එහෙත් ඉඳ හිට එහෙම දවසුත් නැතුවාම නොවේ.

පන්සලට අල්ලපු වත්තේ හිටියේ සීලවතියි මුතුබණ්ඩයි කෙල්ලො තුන් දෙනයි ,කොල්ලයි. බොහොම අමාරුවෙන් ජීවත් උනු මේ පවුලට පන්සලවත් කිට්ටූව නොතිබ්බා නම් , මෙලාකට වලලපු තැන් වල රූස්ස ගස්.

සීලවති පන්සලේ පිටි පැත්තෙන් දං ගේ පැත්තට ගියේ කිරි බණ්ඩ ඉන්නවද බලන්න…

” සීලවතියේ .. මොකද මේ පැත්තේ… ඉඳපන් උඹට මං ඊයේ අරන් තියාපු කෑම ටිකක් ඇති…ඔහොම රවුමෙන් වරෙං මයෙ කාමරේට…”
” අනේ .. අද නං බෑ කිරි බණ්ඩයියෙ.. මට මේ පපුවෙ අමාරුවක්.. හාමුදුරුවන් ගෙන් බෙහෙත් තෙල් ටිකක් ඉල්ල ගන්නත් එක්කයි ආවෙ”..

” උඹලට ඔය රුදා නැත්තෙ කවදද කියපන්කො බලන්ට.. ඕං හාමුදුරුවො ඉස්සරහ අව්ව තපිනව..”

*****************************************
සීලවති මොකෝ මේ පැත්තෙ ? උඹ එන්ට එන්ටම කෙල්ල වෙනවනේ..
” අනේ අපෙ හාමුදුරුවන්ගෙ කවටකං”… මයෙ මේ පපුවෙ ඇවිලිල්ලක්.. බේත් තෙල් ටිකක්වත් ඉල්ල ගන්න කියල..”
” ඔය තෙල් ගාල හරියන්නෙ නෑ.. ඔන්න මං වත් ගෑව නං…”
” අනේ අපෙ හාමුදුරුවො කියන ඒව.. චීවරයකුත් දරාගෙන.. හතර අපායෙ පැහෙන්නට වෙයි ඔන්න..”

“ඇයි බං මං නරක දෙයක් කිව්වද ? වෙදකම වගේම හෙදකමත් තියෙන්න ඕන”
” අපොයි.. මං නොදන්නවයැ කටේ හැටි”
” ඔං සිද්ධාර්තෙ තෙල් තියෙනව.. කිරි බංඩෙගෙන් ඉල්ල ගනිං”

****************************************
” උඹේ කොල්ල බුද්ධ පූජාවවත් ඉතුරු කරන්නෙ නෑ දැන්… කුරෝ කූඹියෝ කාල යන එකනේ කියල මාත් ඔන්න ඔහේ ඉන්නව..”
” උඹේ කොල්ල ? හනේ හැබෑට… අපේ උන්දැ කොස් ගහෙන් දෙරි ගැහුවට පස්සෙයි කොල්ල බඩට ආවෙ. හොඳ වෙලාවට ඒ අසරණය හිතුව මේක කලින් වෙච්චි දෙයක් කියල”
” හරි.. හරී.. මං නෑ කිව්වයැ”

****************************************
” අම්මේහ්.. මට ඉස්කෝලෙ යන්න බෑ..”
” ඇයි අර ?”
“කොල්ලො නම් වනම් කියනව.. පන්සල් බතා කියනව.”
” අක්කලත් අතරමග නැවතුනා. මදෑ… මං හිතුවා උඹවත් ඉගෙන ගනී කියල… ඔය නම් පටබඳින උන් ගෙන් අහපන්.. එක්කොත් ඕන නෑ මං ගිහින් කතා කරන්නම් උන්ගෙ මහ උන්ට”

******************************************
” සිරිමල් ළමයෝ… මෙහෙට වරෙන් ඩිංගිත්තකට”
” ඇයි හාන්දුරුවනේ ?”
” ඔය දොර වහල ඇවිත්.. මේං මේ තෙල් ටික මගෙ බඩේ ගාපන්.. හොඳ පොඩි එකා වගේ. නිකම් දැවිල්ලක් වගේ”
” යටි බඩේ තමයි දැවිල්ල වැඩි.. ඔං ඔය හරියෙ.. තව ටිකක් පහලට වෙන්ට..”

සිරිමල් ලොකු හාමුදුරුවන්ගෙ යම් දෙයක් දැක මවිත උනා. තෙල් ගගා හිටි අත නොදැනීම කටට ගියා.
” මට බෑ…අපෙ අප්පේ ඒකෙ ලොකු..මං ගෙදර ගිහින් කියනව..”
” ඇයි උඹටත් තියෙන්නෙ ඔය පොඩි එකක්. මං වගේ ලොකු වෙනකොට ඒකත් ලොකු වෙනව”
” ආං ඒක තව ලොකු වෙනව..”
” ඒක තමා බං ලෙඩේ… උඹ ඔය අතේ තියෙන තෙල් ටික ඒකෙත් ගාල පහලට ඇදපන්.. මං උඹට හොඳ බඩුවක් දෙනව”
“ඔය ඇඳ යට තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ගනිං.. ඉඳා උඹට මෝටර් එකක්. බැටරි කෑල්ලක් දාපුවම ඕක වැඩකරනව.. එන වෙසක් එකට උඹට බුදු රැස් වලල්ලක් කරකවන්න පුළුවන්”

සිරිමල් ගෙ ඉහේ මලක් පිපුනා..එක හුස්මට දුවල ගිහින් ගිහින් නැවතුනේ පන්සලේ වැට අයිනේ.

” හාංදුරුවනේ .. ආයෙ කවදද තෙල් ගාන්න එන්නේ…හ්?”

***************************************************

සිරිමල් දංගේ පැත්තට ඇදුනේ කටේ දාගන්න දෙයක් ඇද්දැයි බලන්න. කිරි බංඩේ බුද්ධ පූජාව අයින් කරල. පාත්තරේක මොනවද තිබුන කෙහෙල් කොලේකින් වහල……ලැවරිය…අද මුදලාලිලගෙ ගෙදරින් දානෙ. එහෙන් ගේන්න ඇති. සිරිමල් එකක් කාල , තව එකක් ගත්ත අක්කලට ගෙනියන්න.
දංගෙට අල්ලපු කිරිබණ්ඩගේ කාමරෙන් මොකක්ද කසු කුසුවක් ඇහෙනව. දොර වහල. දොරේ පැළුණු තැනකින් ටිකක් ඇහැ එබුවා සිරිමල්.
දෙයි හාංදුරුවනේ… කවුදෝ ගෑනු කෙනෙක්.. ඇඳ විට්ටමේ තිබුනු චීත්ත රෙද්ද වගේ එකක් සිරිමල්ගෙ අම්මටත් තියෙනව. ඒත් ඔය සමූපෙන් බෙදපු රෙදි. ගමේ ගෑණු වැඩි දෙනෙකුට තියෙනව ඔය චීත්තෙම.

” සීලවතී… සිලවතී….. උඹ තමයි ගෑනි.. මගෙ සරුවාංගෙම උරා ගත්ත වාගෙ”
“උඹලත් එහෙමයි.. තව කොහෙද ඇස් දෙක පේනව නම්…
” කළුවරේ කෑව කියල බත් ගුලිය නාහෙට යනවයැ සීලවතියෝ.. ඒව නියම තැන් වලට යයි.. ”
” අනේ මන්ද .. මට තව බඩක් නම් හදන්න එපා. පන්සලේ ළිඳටම පැනල මැරෙනව”
“උඹ බය නොවී හිටින්.. ඔය වැට දිගට තියෙන්නෙ අන්නාසි ගැට.. සතකුප්ප.. බැරි උනොත් මං අපෙ හාංදුරුවන්ට කියල බෙහෙතක් හදවල දෙන්නං”

************************************************

” අපෙ හාමුදුරුවනේ… මං අපෙ එක්කෙනාගෙනුත් ඇහුවා. කොල්ලත් කැමතියි..සිරිමල් කැමතියි මහණ වෙන්න”
” එහෙම මහණ වෙන්න බෑ ආවට – ගියාට.. ඒකට පින තියෙන්න ඕන.. මේ වගේ කෑම බීම ටික දෙපතුල ළඟට වැටෙන්න කොච්චර පින් කරල තියෙන්න ඕනද කියල උඹ හිතන්නේ?.. කොල්ලගෙ කේන්දරේ අරන් වරෙන් බලන්න”

***********************************************
සිරිමල් පන්සලේ පදිංචියට ආවා. පන්සලේ තිබුණු පොඩි පොඩි වැඩ සිරිමල්ට කරන්න නියම උනා.

“කිරි බණ්ඩ සීයෙ.. මට බඩගිනියි.. කන්ට මොනවත් නැද්ද ?”
” සීයා… ? මට සීය කියන්ට එපා .. උඹලෑ තාත්තයි මායි එකට දණ ගෑවෙ ඔය පීල්ලෑවෙ.. ඇත්තම කියනවා නං උඹලෑ තාත්තට වඩා මං මාස දෙකක් බාලයි.. ….මාමා කියාපන්.”
” ඔය පෙට්ටියේ ඇති අළුවා වගයක්.. එකක් කාල අම්මටත් ගිහින් දීල වරෙන්”

ඔහොම අවුරුද්දක් හමාරක් විතර යන්න ඇති. එක් වාසනාවන්ත දවසක, දෙනෝ දාහක් ඉදිරියේ ,” ඕකාස අහං භන්තෙ… පබ්බජ්ජං යාචාමි…” සිරිමල් ගෙ හිස මුඩු උනා. රත්නායක මුදියන්සේලාගෙ සිරිමල් බණ්ඩාර, ගොඩගම සීලානන්ද නමින් සාසනේ පැවිදි උනා.
සීලානන්ද හාමුදුරුවෝ ඔලුව උස්සල අවට බැලුවෙ ටිකක් ලැජ්ජාවෙන් ඒත් ආඩම්බරයෙන්. මට දැන් හරක් පස්සෙ දුවන්න ඕන නෑ. කොල්ලන්ගෙන් ටොකු කන්න ඔන නෑ.. උන්නාන්සේට තව ටිකක් ඉහළයි , කඩේ මුදලාලිත් , ඉස්කෝලේ මහත්තයත් තමන්ට දණ නමස්කාර කරන කොට.

ඒත් ටිකක් රෑ බෝ වී ගෙන එනකොට ලොකු භයංකර හැඟීමක් සීලානන්ද පොඩි හාමුදුරුවන්ගෙ හිතට ඇතුළු උනා.

********************************************
පොඩි හාමුදුරුවො තමන්ටත් වඩා උස කළු කුඩයකුත් අරන් දෙපයට බාටා දෙකකුත් දාගෙන පිරිවෙනට ගියා ඉගෙන ගන්න. උන් වහන්සේ ඉගෙන ගන්න දස්සය.

******************************************
” අපෙ හාංදුරුවනේ.. අර පොඩි උන්නාන්සෙ අඬ අඬා ඉන්නෙ ?… උණත් ටිකක් තියෙනව.. කක්කුස්සි යන්ට බැරිලු.. මළ පහ වෙන තැනින් ලේ පිට වෙනවළු.. දැවිල්ලලු”
” කූඬැල්ලෙක්වත් කාල වෙන්ටෑ.. මං බලන්නම්… උඹ ගිහින් කෝපි දළු මිටක් කොටා ගෙන වරෙන්”

” මොකෝ උන්නාන්සෙ?..”
“මොකෝ තමයි…”
” මේං මේ බෙත ඔය ලේ පිට වෙන තැන තියා ගත්තනම්.. දවස් දෙකක් දියර අහර විතරයි…”

***************************************************
සීලානන්ද හාමුදුරුවො ඉගෙන ගන්න දස්සය. පේරාදෙණිය විශ්ව විද්‍යාලෙන් විශේෂ සාමාර්තයකුත් එක්ක උපාධිය සමර්ත උනා. ගම්මු තමන්ට වඩා පොඩි හාමුදුරුවන්ට සැලකිල්ලක් දක්වන්ට වීම , ගොඩගම ජිනරතන හාමුදුරුවන්ට නම් එච්චර හොඳ දෙයක් වුනේ නෑ. ඒ විතරක් නෙවි පොඩි හාමුදුරුවෝ මිහිරි හඬින් මුල – මැද – අග ගලපල බණ කියන්නත් දස්සය.
ඔය අතර වාරෙ තමයි තවත් හාමුදුරු නමක් පන්සලට පදිංචියට ආවෙ. ඒ ලොකු හාමුදුරුවන්ගෙ නෑ කමට ඥාති පුත්‍රයෙක්. කිතුල්ගල උත්තරානන්ද.

ගොඩගම සීලානන්ද හාමුදුරුවොත් , කිතුල්ගල උත්තරානන්ද හාමුදුරුවොත් සාමදානෙන් පන්සලේ වැඩ කටයුතු කර ගෙන ගියා..

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

පොඩි හාමුදුරුවෝ…. සදහා ප්‍රතිචාර 17ක් දක්වා ඇත

  1. පැට්ටා පවසයි:

    නිහාල් අයියගෙම බොගේ හින්දා හොඳා…… මතකනේ නැන්දගේ ඉඳිආප්ප කන්න ගිහින් වෙච්ච වින්නැහියක් අපේ අයියාලගෙන්. 😛

  2. w.m.k.Samarasekara පවසයි:

    ජයසේන ජයකොඩි මහත්තය පිච්චමල් නව කථා මාලාව ලියල තියෙන්නේ සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයේ හැසිරීම් වල කළු සුදු දෙපැත්තම තුලනාත්මකව විග්‍රහ කරමින් අවසානයේදී ධනාත්මක පණිවිඩයක් සමාජයට ඉදිරිපත් කිරිමටය. මේ සත් කාර්ය සඳහා එතුමා ත්‍රිපිටකය මැනවින් හදාරා ඇත. ඔබ අපහාස කිරීමේ චේතනාවෙන් එම පොත්වල ඇති කරුණු, ඔබේ පාපී මනසට ගැලපෙන අන්දමට විකෘති කර ඉදිරිපත් කර ඇත. ඔබේ අවසාන අරමුණ කුමක්ද? අපහාස කිරීමේ චේතනාවෙන් ඔබ කරන කටයුතු තව දුරටත් දියුණු කිරීමට කැමති ඇතිනෙ. අන්තර් ජාලයෙන් ත්‍රිපිටකය හොයාගෙන විනය පිටකය සිංහලෙන් කියවන්න. අපහාස ලිපි 100 කට වඩා ලියන්න පුළුවන්, වසර 2600 කට පෙර සිටි සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයේ හැසිරීම් වල කළු සුදු දෙපැත්තටම අදාළ සිද්ධීන් උදාහරණ උදාහරණ සහිතව තියෙනවා. එත් එකම එකක් මතක තබා ගන්න නුවර යුගයේ සිටි ගනින්නාන්සේලා පවා ඔබට වඩා උසස් අය. එතුමන්ලා සිල් නොරැක්කාට බන පොත් ටික තම පන මෙන් රැක ගත් බැවින් අද අපට කියවීමට ධර්මය තිබෙනවා. ඒ අනුව පිළිපදින සංඝයා වහන්සේලා, පන්සල්වල ආවතේව කරන අය, සහ පන්සල් ආශ්‍රිත ජන සමාජයක් තිබෙනවා.

    සමරසේකර .

  3. dayal bathee පවසයි:

    භාරතයෙන් සාසනය තුරන් වීමට හේතුව වූයේ
    අප රක්ශා කරන ලොකු පලුවයි සංස්කෘතික වැල ගෙඩියේ
    දූපතක් නිසයි මෙතුවක් කල් අප බේරී සිටියේ
    හා හා කට නොවරද්දන් සාංගීකය සිරිමලාත් මවත් පින්වතුනේ

  4. නවම් පවසයි:

    හපෝයි මෙන්න ප්‍රතිරූප ඕසෙට කුඩුකරගන්නෝ… බො.බ.සෙ මෙහෙ එන්ඩෝ………. මෙන්ඩෝ ගරහනෝ…….. එන්ඩෝ….

    චීය… අපි හිතුවෙ නෑ ඔයා මෙහෙමයි කියල. චී අනේ….

    කෝ මේ කුළුගෙඩිය..

  5. Kenji @ Japan පවසයි:

    ලොකු හමුදුරුවොද දැන් බොදුබල සේනාව මෙහෙයවන්නෙ :)?.

  6. praveena පවසයි:

    කිසිම දෙයක් නොදන්න පුංචි දරුවෙක් වෙනුවෙන් හිතේ තද ශෝකයක් ඇති කල සටහනක්!
    නවකතාවකටත් අපූරුයි.

  7. Alchemiya පවසයි:

    ඔයා මහ අමානුෂික, අන්තවාදී, මූලධර්මවාදී, අබෞද්ධ මිනිහෙක්… මෙච්චර කල් මම ඔයාගෙ ගැන හිතාගෙන හිටපු ප්‍රතිරූපය එහෙම පිටින්ම බින්දා මේ පෝස්ට් එක නිසා… අපේ ජාතිය ආගම රකින කට්ටියට මෙහෙමද කතා හදන්නෙ ඈ ?
    😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )