පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයලු..
ජනවාරි 31 වන විට කඩ සාප්පු පිරී යනව
හදවත් හැඩේට හැදූ චොකලට් , කේක් වලින්
හදවත් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් වලින්
අවුරුද්ද පුරාම
වංචා කරල
සැමියට – පෙම්වතාට
(හැමෝම නෙවි )
මෙදාට රෝස මල් පොකුරක් යවනව
උපන්දා සිට කරපු පවු නැත
වරක් වැන්දොත් කැළණියේ කියල
පිරිමිත් එහෙම්මමයි
ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා
ඩයමන්ඩ් මුද්දක් අරන් දෙනව
( හැමෝම එහෙමයි )
සමහරදාට වත්සලා හවස එන්නෙ කෝච්චියේ
මා යනව ඈ අරගන්න දුම් රිය පොළට
ඈත තියාම මා හඳුනා ගන්න ඇය
අවුරුදු ගණනාවකින් නුදුටු හිතවතෙකුට
වගේ හිනා පානව මට
ඔය හිනා පොකුරම ඇති මට
දුසිම ඩොලර් දහයට විකිණෙන
රෝස මල් පොකුරකට වඩා
ගෙදර හිටියොත්
හැම උදෑසනකම තේ එක ළඟටම ගේනව
මම ඒක ගන්න තුරු බලා ගෙනම ඉන්නව.
” ඔයා ටිකක් බීල දෙන්න
ඔයා බීපු තැනින්ම මටත් බොන්න”
( චී .. පිරිමින්ට ඉඳුල් කරල දෙන්න හොඳ නෑ..
– කා ගෙන් ඉගෙන ගෙනද මන්ද ?…)
ඒව මේව මතක් වෙනකොට
කඳුළු උනනව ඇස් දෙකට
ඒ කඳුළු වලින් මාලයක් ගොතන්නම් ඔයාට
ඒ කඳුළු බින්දු තදයි , ඝන කමයි ,මිළයි
වඩා ඩයමන්ඩ් වලට…
වැලන්ටයින් කියන කොටම
මතක් වෙන්නෙ අනංගයා
( අන + අංග )
අංගයක් නැති එකා
කිසි අංග පුලාවකට නැති එකා
ළදරු මූණක් තියෙන
මේ හෙලිකොට්ට දන්නවද ආදරය ගැන
මේ මට වඩා….?
ගෙදර හාමිනේ කොච්චර අඬ දබර කලත් ඒක ඒ වෙලාවට විතරයි. මමත් අවුරුදු 7 මාස 3ක් ආදරෙ කරල තමයි බෑන්දෙ…දැන් අවුරුදු 25කට ඉස්සර. ස්තූතියි නිහාල්….
ඒක හරි.. ගහ මරා ගන්න හරි එකට ඉන්න ඕන. තව 25 කට නෙවේ 50 කට වඩා එකට ඉන්න ලැබේවා.
අනංගයට ඉස්සර ලස්සන ඇඟක් තිබ්බලු. අනංගය ඊශ්වර (හරියට මතක නැහැ.අර ඇස් තුනක් තියෙන දෙවියා) ගෙ බිරිඳට මොකක් දෝ ඕනි නැති විහිළුවක් කරලා ,ඊශ්වරට තරහ ගිහින් තුන්වෙනි ඇහෙන් බලපු පාර අනංගයා සුන්නද්දූවිලි වෙලා…………
අයියා… මිනිස්සු කොච්චර වයසට ගියත් ආදරේ වයසට යන්නෑ නේද…..මට කවදා කවුරු මෙහෙම කවියක් ලියය් ද?
හිඳීවි කොතනක හෝ හිමිකාරයා
මග බලා ගෙන හිඳින්
ඔහු එන තුරා….
ඕන නම් මටත් ලියන්න තිබුනා ඔයාට කවියක් , මීට වසර 20 කට විතර කලින් ඉපදුනා නම් 🙂
//ළදරු මූණක් තියෙන
මේ හෙලිකොට්ට දන්නවද ආදරය ගැන
මේ මට වඩා….?//
ඇත්තෙන්ම නෑ. ඔය ලියවිල්ලෙන්ම ඔප්පුවෙනවා ඒ බව. 🙂
දෙන්නටම සුබ ආදරවන්තයන්ගේ දවසක්!!!
ඔබ ( ලා ) ටත් එසේම වේවා !
අයි හේට් ලව් ස්ටෝරීස් නෙ 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
I hate love stories නම් මේක කියෙව්වෙ මොකටද ? 🙂 බොරු එපා. නැත ලොවේ අන් රසඳුනා – ආදරේ සේ සුව දෙනා.. ප්‍රතිචාරයට ස්තූතියි.
ස්ටේස්ට් එකකට කැල්ලක් ඉස්සුවා අවුරුදු 7 කට පස්සේ තනියම වැලන්ටයින් සමරන දවසේ බොක්කට වැදුනි
ඇත්ත සිදුවීම්/අත්දැකීම් නැති අයට මෙවැනි හිතට වැදෙන කවි සිතිවිලි පහල වෙන්නේ නැහැ නිහාල්.කෙටි වචන ටිකකින් වයසක අපට දුන්න “Valentine’s Day” තෑග්ගට ස්තුතියි!!!ඔබ සැමටත් “Happy Valentine’s Day” කියල පතනව!!!!
කෙන්ජි මට වඩා වයස වෙන්න විදියක් නෑ. කොහොම උනත් ප්‍රතිචාරයට ස්තූතියි.
හරිම අගෙයි. කියවලා ඉවර වෙන කොට ඩයමන්ඩ් කඳුළක් ඇහැට ඉනුවා.
අපිට හැම දෙයක්ම සමරන්න වෙලා තියෙන්නෙ සෙනසුරාදටයි – ඉරිදටයි නේ. ඕව ඔය කොම්පනි කාරයන්ගෙ විජ්ජා. සෙනසුරාදා උදෙන්ම මහත්තයගෙන් අහන්න කන්න මොනවද ආස කියල. ආප්ප , ඉඳි ආප්ප , පිට්ටු.. නැත්නම් කොළ කැඳ එකක් හදල දෙන්න. 365 දවසම එකිනෙකාට ආදරය කරන අපිට වෙනම දවසක් මොකටද ?
මම වැඩ කරපු තැන අයට නම් වැලන්ටයින් දවස අති විශේෂ දවසක්. මම නම් හැමදාම කිවුවේ “Everyday is a Valentine’s day for me”කියලයි. පසුවදාට හස්බන්ඩ් ගෙන් ලැබුණු තෑගි අරගෙන එනවා පෙන්නන්න. හැබැයි අනිත් දවස් 364 ම කම්ප්ලේන්ස්. ලොටෝ එකක් ඇදුනොත් මිනිහව දාලා යන බවයි පැවසෙන්නේ. මම කියන්නේ මට ඇදුනු ලොටෝ එක තමයි මගේ හස්බන්ඩ් කියලා.
කටින් නොකීවත්
අතින් නොලීවත්
සිත තුල ඇති ඒ ආදර සෙනෙහස
හදට දැනෙයි මට නිතිපතාම