අමුඩයම පරිණාමයට ලක්වීමෙන් ජොකා සෑදී ඇති බව, ඉඳ හිට විකාර සමයං ලියන මේ ගුරුසිංහට හිතේ.
අමුඩය නොදන්නා කෙනෙක් ලාංකිකයන් අතර සිටියහොත් ඒ පුදුමයකි. නොදන්නා අයට අමුඩය යනු කුමක්දැයි මම මෙලෙස විස්තර කරමි. අමුඩය යනු ඉනේ බඳින ලද මහත නූලක් හෝ පටියක් හරහා දෙපරැන්දට යවා එහි ඇති වටිනා කියන අවයව ආවරණය කරන රෙදි කඩකි. බොහෝ විට එම රෙදි කඩ සවිවර තුනී රෙදි කෑල්ලකි.
විශාකා විද්‍යාලයට අළුතෙන් ආ චිත්‍රකර්ම ගුරුවරයා වේට්ටිකාරයෙකි. ඔහු සිසුවියනට කුඹුරු කොටන ගොවියෙක් අඳින්නැයි කීවේය. (අ ) වාසනාවට එකියක්වත්වත් එවැන්නෙක් දැක නැත. ටික වේලාවකින්;
” හා…. මේ මොනවද ? කලිසම් ඇඳල කුඹුරු කොටන ගොවීන් ඉන්නෙ කොහේද ? ගොවීන් අඳින්නේ අමුඩෙ.. අඳින්න අමුඩෙ ඇඳල කුඹුරු කොටන ගොවියෙක්..”
කෙල්ලන් පැන්සල් කටේ ගසා ගෙන කලපනා කරයි.
ළමා..යි අමුඩෙ කියන්නේ ගොවීන් අඳින කෙටි ඇඳුමක්.. මේ මාත් එයින් එකක් ඇඳල ඉන්නේ..” ගුරුතුමා වැඩි හොඳට වේට්ටිය මදක් උස්සා පන්තියට පෙන්වීය.
” හරි… හරී… අපි දැක්කා..” කෙල්ලන් නැවත අඳින්නට පටන් ගති.
**** ගුරුතුමා හවස ගෙදර ගොස් ඇඳුම් මාරු කරන විට තරු පෙනුනි. අමතක වීමකින් එදා ඔහු අමුඩය ඇඳ ගොස් තිබුනෙ නැත.***
Jogging යනු ශරීරය උණුසුම් කර ගැනුමට කරන සරල සැහැල්ලු ව්‍යායාම හෝ සෙමෙන් දිවීම හෝ ඉක්මණින් ඇවිදීමයි. මෙලෙස ව්‍යායාම කරන විට එල්ලෙන ශරීර අවයව ටිකක් තදින් සිරවී තිබිය යුතුය. නැතහොත් පසු කලෙක විවිධ රෝගාබාධ ඇති විය හැක. ඒ සඳහා ගැහැණු – පිරිමි විවිධ මාදිළියේ යට ඇඳුම් අඳී. Jogging වලට අඳින එම ඇඳුම් ජොග්ගු පසුව ජොක්කු වී ඇත.
මා ඉස්සෙල්ලාම ජොකෙක් ඇන්දේ අටේ පන්තියෙදී සිටියදීය. ඇති ඕනෑ කමකට නොව අනිත් උන් අඳින නිසාය.
හංවැල්ල ටවුමේ රෙදි කඩවල හා ටේලර් ෂොප් වල රෙදි වලින් මැසූ රෙදි ජොක්කු වවුලන් මෙන් එල්ලා තිබිනි.
” මට අන්න අරකක් දෙන්න ” කඩේ සේවකයාට මා කීවේ ලජ්ජාවෙනි . ඔහු ඉන් එකක් පැන්සලයක් මෙන් රෝල් කර පත්තර කෑල්ලක ඔතා මට දුනි. කීයද දන්නවද ?… 2.50 යි
මට තිබූ එකම ජොකා නොසෝදා එක දිගට දින 5 ක්ම ඇන්දේ සෝදා වැනුවොත් කවුරු හෝ දකී කියලාය. එහෙත් ඊලඟදා එය කොට්ටේ යට තිබී අම්මාට අසු විය.
” මට කිවුව නං හොඳ රෙදි කෑල්ලකින් එකක් මහල දෙනවනේ..” ඕ කීවාය.
පසු දින නංගීට ගවුමක් මසා ඉතිරි වූ රෙදි කඩකින් මට අළුත් රෙදි ජොකෙක් මසා දුන්නාය.
මේ රෙදි ජොක්කු අඳින උන්ට පන්තියේ අනික් උන් කීවෙ රෙදි පොදි කියාය. අවයව සමමිතිකව ,සමබරව නොපිහිටන නිසා රෙදි ජොක්කු ඇන්ද විට නිතරම ගොනා කාණුවේය. අනික් උන් ඇන්දේ DIS හෝ Wear wel වැනි රට ජොක්කුය.
අපේ ගමේ සිරිසේන නම් මෝඩ පහේ තරුණයෙකි. එදිනෙදා කුලියක් මලියක් කර ගෙන ඔහු ජීවත් වෙයි. එදා අම්මා ඔහුට දර ටිකක් පලා දෙන්නැයි කීවා. සිරිසේන සරම ගලවා පසෙක තබා රෙදි ජොකා පිටින් දර පලාදී ඉවර වී , අපේ ළිඳෙන්ම දිය නා පිරිසිදුවී තෙත ජොකා අපේ රෙදි වැලේම එල්ලා යන්නට ගියෙය. පසු දින අම්මා එය දැක ඒ මොකක්දැයි ඇසුවා.
නංගී… ” අම්මේ ඔය සිරිසේන දර පලන එක ” යයි කීවා.
රෙදි ජොකාට ලන්කට් එක කියාද කියයි. ගමේ ගැහැනියක්.. ” ඊයේ වැස්සට අමුණ පිරිල ලන්කට් එක කඩා ගෙන ගිහින්” යයි කීවා. ඇයට ඇනිකට් හා ලන්කට් වචන පැටලී ඇත. ඇනිකට් එක මෙන්ම ලන්කට් එකද කඩා ගෙන යාමට ඉඩ ඇති නිසා ඒ කඩා ගෙන යාමට ඇති ඉඩකඩ suspend කළ යුතුය. ලන්කට් එකට සමහරු සස්පෙන්ඩරය කියාද කියයි.
ලන්කට් එකෙන් හෝ මේ සස්පෙන්ඩරයෙන් කෙනෙන්නේ එල්ලෙන අවයව වලට ආධාරකයක් සැපයීමය. එනිසා සමහරු එයට සපෝටරය කියාත් කියයි.
කා එක්ක හරි කොක්ක දාගන්න එක අපේ හාමුදුරුවන්ගේ හැටියක්ය.
දිනක් හිමි නමක් හා කතෝලික පියනමක් දුම් රියක නිදන මැදිරියේ ගමනක යමින් සිටියා. පියතුමා පොතක් දිග හැර ගත්තා.. හාමුදුරුවන්ද පොතක් දිග ඇර ගත්තා. පියතුමා හිස කැසුවා. හාමුදුරුවන්ද හිස කැසුවා. මේ විදියට පියතුමා කරන කරන එක හාමුදුරුවොත් කළා. පියතුමාට මළ පැන්නා. පියතුමා ලෝගුව ගලවා පසෙක තැබුවා. හාමුදුරුවෝ පැරදුනා.
ඒ නිසා අටපිරිකරට කහපාට රෙදි කෑල්ලකින් මැසූ ජොකෙක්ද ඇතුළත් වූවා නම් හොඳ නේද යයි මට සිතුනි.
මේ අමුඩය හෝ , ලන්කට් එක , සපෝටර් එක හෝ සස්පෙන්ඩරයට අන්ඩර්වෙයා එකද කියා කියයි. ඒ යටට අඳින නිසා නොව අන්ඩ කෝෂ ආවරණය කරන නිසාය. අන්ඩර්වෙයා අපි අඳින්නේ සරමට හෝ කලිසමට යටින් උනාට සුපර්මෑන් එය අඳින්නේ කළිසමට උඩින්ය.
අමුඩයට සමහරුන් කියන්නේ ” අඹුඩය” කියාය. අඹු යනු බිරිඳය. අඹුඩය ඇඳීමට අවශ්‍ය කරන ඉන බඳින ලණුව සෑදීම බිරිඳක් දැන ගත යුතුය. එනිසා නිවැරදි වචනය අමුඩය නොව අඹුඩය යයි මම කියමි.
හාමුදුරැවන්ට කියපු කතාව නම් හරි නෑ
ture