මිනිස් අතේ හා කකුලේ ඇඟිලි පහ බැගින් වේ. කුඩා කළ ගණන් පාඩමේදී එකතු කරන විට අතේ ඇඟිලි නැතුවම බැරිය. අපේ තාත්තා නම වරක් චක්‍රය පහසු කළේ මේ විදියටය.
වම් අතේ එක ඇඟිල්ලක් නමා ගන්න. ඉතිරි ඇඟිලි නමයයි.
9 වරක් එක නමයයි.
වම් අතේ ඇඟිලි දෙකක් නමා ගන්න. ඉතිරි ඇඟිලි අටයි. නමා ගත් ඇඟිලි ගණනින් එකක් අඩු කර අටට ඉස්සරහින් ලියා ගන්න.
9 වරක් දෙක දහ අටයි.
වම් අතේ ඇඟිලි 3 ක් නමා ගන්න. ඉතිරි ඇඟිලි හතයි. නමා ගත් ඇඟිලි ගණනින් එකක් අඩු කර හතට ඉස්සරහින් ලියා ගන්න.
9 වරක් තුන විසි හතයි. ඔයාකාරයට දෑතේ ඇඟිලි තිබෙන තුරු වරක් ගණන් කළ හැකිය.
අත්වල හා පා වල ඇඟිලි 5 බැගින් ඇතත් ඉඳ හිට ඇඟිලි 6 බැගින් ඇති අයද දැකීමට පුළුවන.
ඇඟිලි අඩු වෙනවාට වඩා වැඩි වීම නරකය. ඒ…… අත් මේස් (ග්ලවුස් ) , පාවහන් දමන විටය. එවිට කටින් කුණුහරුප පිටවෙන නිසාය.
ඇඟිලි අඩු වීම නිවනට පාර කියන්නකි. ඇඟිලි 999 ක් තිබූ අංගුලිමාලයා 1000 සම්පූර්ණ කර ගැනීමට බුදුන් පසු පස හඹා යන්නට විය. ඒ නිසාම ඔහුට නිවන් අවබෝධ කර ගැන්මට හැකි වූ බව බෞද්ධ කතන්දර වල එයි.
අඬන්ට හිටි එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගෙ….
ඇඟිල්ලේ තරමට ඉදිමුම… මේ සිංහළ ජනවහරේ ඇඟිල්ල ගැන කියැවෙන කතාය.
නන්දා මාලිනී මා ප්‍රිය කරන ගායිකාවන් ගෙන් කෙනෙකි. ඒ ඇය ආණ්ඩුවට බනින නිසා නොව පැහැදිලි ස්වරයෙන් ගයන නිසාය.
” ටිකිරි හඬින් ඇඟිලි තුඩින් අකුරු ලියන්නී
මමයි අපේ කන්තෝරුවෙ යතුරු ලියන්නී”….
මේ මුල් වකවාණුවේ ටයිප් කොටන මිස් කෙනෙක් ගැන නන්දා මාලිනී ගැයූ ගීයකි. ටයිප් කිරීම කෘතිම දෙයකි. අතින් ලියනවා වාගේ නොවේය. එහෙයින් ඇය ” ඔයාට නම් ලියන ලියුම් අතින් ලියන්නේ ” කියාද ගයයි.
මම බ්ලොග් ලියන්නේ ඇඟිලි වලින් කී බෝඩ් එකට කෙටීමෙන්ය. බ්ලොග් එකට ඇබ්බැහි වීම නිසා ඇගේ වුවමණාවන් මග ඇරෙන බැවින් මගේ අතේ ඇඟිලි කපා දැමීමට මගේ ප්‍රිය බිරිඳ – වත්සලා – නීතියේ පිහිට ඉල්ලා සිටියාය.
ලංකාවේදී මා සමඟ සේවය කළ වජිරා නිතරම අනුන්ගේ දිග පළල හොයන්නියකි. දිනක් ඈ , අනික් කෙල්ලන් වට කර ගෙන මොකක්දෝ වල් කතාවක් කියමින් සිටියාය. මා දුටු විගස කෙල්ලෝ රොත්ත බක බක ගා සිනාසුනෝය.
” ඇත්තද නිහාල්… මම නෙමේ මේ වජිරා කියන්නේ …..අතේ ඇඟිලි වලින් සයිස් එක කියන්න පුළුවන් කියන්නේ ?”
උන් හිනා වුනේ ඒකටය.
” නිහාල්… ඔයාගෙත් ඇඟිලි කොටයි” තව එකියක් කීවාය.
මට මළ පැන්න නිසා ” මගේ ඇඟිලි වැඩිය use වෙන්නේ නෑ” පමණක් කියා නිහඬ වීමි.
කෙල්ලන් ටික එකිනෙකාගේ මුහුණු බලා කර බා ගත්තෝය.
උන් මට වඩා Rank එකෙන් අඩු උන්ය. ඇඟිල්ලේ තරමට ඉදිමුම තිබිය යුතුය. යමක් කියන විට කතා කරන්නේ කා සමඟද ? කියන්නේ මොනවාද ? කියා සිතිය යුතුය. කන් වල ඇඟිලි ගහ ගන්ට තව ටිකක් කියන්න සිතුනු’මුත් මම ඉවසා සිටියෙමි.
කෙනෙකු මිය ගිය විට කකුල් දෙකේ මහ පට ඇඟිලි එකතු කර ගැට ගසයි. කසාද බඳින විට ජෝඩුවගේ දකුණු අත්වල මහපට ඇඟිලි රන් හුයකින් ගැට ගසයි. ඔය ක්‍රියාවන් දෙකේ වැඩි වෙනසක් නැති’මුත් කසාද බඳින විට ගැට ගැසීමට මහපට ඇඟිලිම තෝරා ගන්නේ මන්දැයි මම එතරම් දිගට සිතුවේ නැත. අත් වල දිගම ඇඟිල්ල වන මැද’ඟිල්ල ඒ සඳහා ගත්තේ නම් වඩා ලේසියි නේද ? මැද ඇඟිල්ලත් , කුඩාම ඇඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල ඇහැ වැනි තැන් වල බෙහෙත් ගෑමට පාවිච්චි කරන නිසා එයට වෙද’ඟිල්ල කියා කියයි. මැද ඇඟිල්ලට මුදුව දැම්මොත් කොහොමට හිටීද කියා මා මේ කියන්න යන වල් කතා වෙන් සිතා ගත හැක.
තරුණ මනාල යුවළ මධුසමයේ රස උපරිම ලෙස විඳිමින් සිටියෝය. මනාලිය ආලයෙන් උමතු වී සිටියාය. ඇයට යම් ලෝහයක ස්පර්ශයක් දැනින.
” Is that your ring…. darling ?”
” No… its my watch…” මනාලයා එවිට කීවේය.
බටහිර රටවල කෙනෙකුට මැද ඇඟිල්ල පෙන්නීම අමු කුණු හරුපයෙන් බැණීමකි.
15 වන සියවසේ ප්‍රංශ හා ඉංග්‍රීසි හමුදා අතර නිතර සටන් ඇති විය. පිට පිට දිනුවේ ඉංග්රීසීන්ය. එයට හේතුව දුනුවායන්ය. මේ දුනු හැදුවේ ” yew” ( යූ) නම් ගසෙන් හෝ ගසේ අත්තකින්ය. දුන්නෙන් විදීම ඉංග්‍රීසින් හැඳින්වූයේ plucking yew කියාය. ඉංග්‍රීසි දුනුවායෙක් ප්‍රංශ හමුදාවට අසු වූ විට මැද ඇඟිල්ල කපා දැමුවේ මැද ඇඟිල්ල නැතුව දුනු දිය ඇදීමට නොහැකි නිසාය. එයට bow finger කියාද කියයි. එහෙත් ඊට පසුවද ඉංග්රීසිහු දිනුවෝය. ඉන්ග්රීසින් , ප්‍රංශ සොල්දාදුවන්ට මැද ඇඟිල්ල පෙන්නා , ඒක නැතුවත් ‘ we still can pluck yew ” කියා සරදම් කළහ.
” නාසය කැසීමද ,
මුව තුළ ඇඟිලි ගැසුමද ” නරක ක්‍රියාවන් බව සිරිත් මල් දම් නම් පොතේ කියැවේ. විශේෂයෙන් අනුන්ගේ දේට ඇඟිලි ගැසීම හොඳ නැත.
සුද්දන්ට සර් ජෝන් කොතලාවල වහ කදුරු වගේය. දිනක් එංගලන්තයේ හෝටලයකට ගිය සර් ජෝන් රෝස්ට් කළ කුකුළෙක් ගෙන්වා ගෙන පිහිය සහ ගෑරුප්පුව ගෙන කැපීමට සැරසින. යාබද මේසයේ සිටි සුද්දා ” තව ටිකකින් උඹ ඔය කුකුළට කරන්ට යන දේ මම උඹට කරනවා” කීවේය.
සර් ජෝන් වහාම පිහිය සහ ගෑරුප්පුව පසෙක තබා මැද ඇඟිල්ල කුකුළාගේ පස්ස පැත්තේ ගසා තම කටේ ගස සුද්දාට පෙන්වීය.
වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල දාපුවහම හිට්ස් විතරක් නෙවෙයි කමෙන්ට්සුත් වැඩියි වගේ නේද?
ඉට්ස් මයි රිස්ට් වොච් කියපුවහම මතක් වුනේ, ගැටයක් වගේ අහුවෙන්නෙ සෙම්ගෙඩියක් කියල කියපු කතාව.
ඒ සෙම්ගෙඩියේ කතාව මම අහල නෑනේ… පොඩ්ඩක් ලියමුද ඒ ගැනත්..
ඔය කතාව මම නං අහල තියෙන්නෙ සෙම් ගෙඩියක් කියල නෙවි, මෙහෙමයි …….. මධුසමය අතර තුරදි සාමාන්‍ය විදිහට ලේ චුට්ටක් ගිහිල්ල තියෙනව. ඉතිං මනමාලි ගැන කිසි විශ්වාසයක් තිබ්බ නැති මනමාල මහත්තයට මේක දැකල හරිම සතුටු හිතුනලු. ඒ ගැන සතුට ප්‍රකාශ කරන්න හදනකොටම, මනමාලි කිව්වළු පැනල “සොරි අනේ, ගණං ගන්න එපා…… කරගැටයක් කැඩිල වෙන්නැති“ කියල.
කොහොමද ඒ කතාව ?
නිහාල් අය්යේ… කසාද බඳිනකොට ගැට ගහන්නේ සුලැඟිලි දෙක නෙවෙයිද?
මටත් ෂුවර් නෑ. මිල්ටන් මල්ලවාරච්චි ගයන සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් ගීතය අහන්න.
නිහාල් මමත් fingersmith කෙනෙක් ගැන කතාවක් ( The Hitchhiker _ Roald Dahl) පරිවර්තනය කලා. තව පොල් පිති ගොන්නු හදන්න ගිහින් ඇඟිල්ලක් නැති කරගත්ත හැටිත් ලිව්වා.
මම හිතන්නෙ මම ඒක කියෙව්වා… ආයෙම සැරයක් කියවන්නම්.
හාස්‍ය රසය මනාව හඳුනන අපේ නිහාල් අයියා, ඇඟිලි කොටයි කීවිට මෙතරම් තරහ ගත්තේ ඇයිදැයි නොතේරේ..
(Y)
මාපට ඇඟිල්ල පමණක් ඔසවා අනිත් ඇඟිලි 4ම අල්ල තුලට නමා පෙන්විය හැකි පෝස්ටුවකි.
තුවාලෙ තියෙන එක්කෙනා තමා වේදනාව දන්නෙ. වත්සලා……
මනමාලි ඉදල ඉදල බැදලා තියෙන්නෙ පෝලියෝ රෝගියෙක්වනෙ.
🙂 🙂
NA ATHE KETTU BAWANEMEI EKEN KIYANNE ANITH EKE LOKU KAMA
ප්‍රොස්ටේට් චෙක් කරන්න ගිහින් ඇවිලාලාද මේ ලිපිය ලිව්වේ?
නෑ එහෙම නෙවේ. වැඩිහිටියන්ට පමණයි කියල දැම්මම හිට්ස් වැඩියි.
” No… its my watch…” 😀
විදුලට තේරුනා….. 🙂
//සර් ජෝන් වහාම පිහිය සහ ගෑරුප්පුව පසෙක තබා මැද ඇඟිල්ල කුකුළාගේ පස්ස පැත්තේ ගසා තම කටේ ගස සුද්දාට පෙන්වීය.//
මෙයා මේ වගේ මෝඩ වැඩත් කරලා තියනවලුද? 🙂
ඔව්… එහෙම…ලු
ඇයි ඒක මෝඩ වැඩක් කියන්නෙ. මට තේරුනේම නෑනේ.
niyamai neeee
ඇඟිල්ලෙහි අගය දන්නෝ ඇඟිලි නැත්තෝය…. 🙂
මෙය නොදන්නෝ විය යුතුය. 🙂