පොර


සිරා පොරක්

සිරා පොරක්

සිංහළ භාෂාවට තරම් අළුත් වචන එකතු වෙන්නෙ නැතුව ඇති ලොව වෙනත් එකම භාෂාවකටවත්. මේ අලුත් වචන එන්නේ උප සංස්කෘත වලින්. විශ්ව විද්‍යාලකාරයින්ගෙන් , ප්‍රයිවට් බස් කාරයන්ගෙන් , ත්‍රී වීල් කාරයන් ගෙන්….

මේක අළුත් දෙයක් නෙවෙයි. අපේ රටේ ජන ගී , ජන කතා හැදිල තියෙන්නෙත් මේ උප සංස්කෘත හරහා. ඒ පතල්කාරයින්ගෙන් , පාරු කාරයින්ගෙන් , කරත්ත කාරයින්ගෙන්…

“පොර” ත් ඒ වගේ වචනයක්. ඒක ශිෂ්ටත් නැති , අශිෂ්ටත් නැති , තේරුමකුත් නැති වචනයක්. උස පොර , මිටි පොර , මහත පොර , ඉස්කෝලෙ පොර , උසාවියෙ පොර , පොලිසියෙ පොර , හමුදාවෙ පොර , බැංකුවෙ පොර , අපෙ අක්කගෙ පොර …….

තාත්ත කෙනෙක් උදේ වැඩට යන්න ලෑස්ති වෙලා පාසල් යන අයිය මලෝ දෙන්නත් බස්ස ගෙනම. අයියා විතරක් එළියට ආවා.
” කෝ මල්ලී ?” තාත්ත අහනව.
” පොර තාම ලෑස්ති නෑ”
මල්ලිට පොර කියනවද ? තාත්තට හිනා.
” ගිහිල්ල බලන්න පොර කනවද කියල…”

පොර කන්නෙ කුකුළෝ. පොර කන්ට උන්ට කකුළේ විශේෂ ඇඟිල්ලක් වගේ කටුවක් තියෙනව. ඒ පොර කටුව. වියට්නාමයේ , කාම්භෝජයේ සහ ලංකාවෙත් සමහර පළාත්වල කුකුළො පොර කොටවනව. මිරිස් කුඩු දිය කළ වතුර ටිකක් උන්ට විසි කළාම තවත් කුලප්පු වෙලා මැරෙන තුරුම කොටා ගන්නව. වටේට ඉන්න මිනිස්සු මුදලට ඔට්ටු අල්ලනව.

බල්ලොත් පොර කනව. ඒ කෑමට සහ සහකාරිය වෙනුවෙන්. අලි පොර , කොටි පොර , සිංහ පොරත් තියෙනව. මිනිස්සු අල්ලන්නෙ මල්ලව පොර. ලංකාවෙ ඉස්සර තිබිල තියෙනව සතුරාගෙ නිල තියෙන තැනට මාස තුනකින් මැරෙන්ට ගැරන්ට් කරල ගහන පොර ජාතියක්. ඒ අංගම් පොර.

ගොන් පොර ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාව. හැමදාම වගේ කෙනෙක් දෙන්නෙක් මැරුම් කනව කුලප්පු වූ ගොනා අතින්. ඒ මිනිසා හා ගොනා අතර පොරයක්. අපේ පාර්ලිමෙන්තුවෙත් තියෙනව සමහර දාට ගොන් පොර. හැබැයි මිනිස්සු නෑ. ඒවා තමා නියම ගොන් පොර.

වැඩි ඈතක නෙවේ.. මේ ගිය සෙනසුරාදා හවස අපි පුරුදු කට්ටිය අපේ ගෙදරට සෙට් වෙලා . කතාව. මාර සීතල. ගිනි මැලයකුත් ගහල. පොරවල් ටික බොන්න සෙට් උනා. අපේ භාර්යාවන් ඇතුළට වෙලා සිංදු කෑලි කෑලි කිය කියා අනුන්ගෙ දිග පළල හෙව්ව.
ඔන්න ළඟදි ආව අළුත් පොරකුත් අපි ළඟට කිට්ටු වුනා.
” අන්කල්ල බරට වැඩ වගේ”

මට නම් අන්කල් නෙවේ බාප්පා කිව්වත් කමක් නෑ. අපේ අනික් පොරවල් ටිකක් සිරා පොරවල්. විශේෂයෙන් මහින්දට ඇල්ලුවෙ නෑ අළුත් පොරගෙ අන්කල් කතාව.
” මේ ….මෙහෙ අන්කල්ල නෑ. නිකම් තොත්ත බබා වෙන්නෙ නැතුව විදුරුවකුත් අරන් මෙහෙන් වාඩි වෙයන්”

පොරගෙ නම මහේෂ්. 28 ක් විතර ඇති
” මෙහෙ හැමෝටම නම කියල කතා කරන්නෙ ” මම කිව්වා.
” මම එහෙනම් මිස්ටර් නිහාල් කියන්නද ? මිස්ටර් ගුරුසිංහ කියන්නද ?” අළුත් පොර බොන්න දන්න එකෙක් නෙවේ. බියර් හලා ගත්ත විදුරුවට. පෙන වලින් වීදුරුව පිරුනා.
” නෑ… නිහාල් කිව්වාම හොඳට ඇති”
” එහෙම හරි නෑනෙ.. මිස්ටර් නිහාල් කියන්නම්”

අලුත් පොර ගේ ඇතුළට ගිහින් ගෑණුන්ට පඩ ජෝක් එකක් දාල ආයෙම අපි ළඟට ආවා.

වාත පොරක්.

” මචං නිහාල්.. උඹල ඇවිල්ල කොච්චර කල්ද ?”
අන්කල් මිස්ටර් නිහාල් උනා… ඊ ළඟට මචං නිහාල් උනා.
ආයෙත් පොර ගේ ඇතුළට ගිහින් මහින්දගෙ ගෑණිගෙ ඉළේට ඇනල ආයෙම අපි ළඟට ආව.
” මචං ගුරුස්.. අපි සිංදුවක් කියමු”

ලූස් පොරක් වගේ කියල හිතුවට ඌත් පොරක්. අන්තිමට මට කතා කළේ ” ගුරුස් ” කියල.

මේ පොර කතාව නම් අවකාශයෙන් උස්සල මට ඕන විදියට විකෘති කරපු එකක්.

බිරිඳට හැමදාම පොර ඕනලු. සැමියා ටිකක් පොරට හොරයිලු. මිනිහ දොස්තර කෙනෙකුගෙන් මේකට පිළියමක් අහල.
” අද මට ගොඩක් වැඩ තියෙනව. අපි සතියේ දවස් හතෙන් ” R‍” අකුරක් තියෙන දවස් වලට විතරක් පොර අල්ලමු” බිරියට යෝජනා කළා. එයත් ඒකට කැමති උනා.

එක sunday දාක ගෑනි ටිකක් කුණු කුණු ගානවලු. මිනිහ අහනව.. ” අද මොකද?”
” අද sundray නෙ”

එයාට පොර සෝකෙ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

පොර සදහා ප්‍රතිචාර 10ක් දක්වා ඇත

  1. JP පවසයි:

    මචං ගුරුස් ..:)
    පොර කිව්වම මට මතක් උනේ හතේ පන්තියේදී ධම්මානන්ද හාමුදුරුවෝ එක්ක ධර්ම සාකච්චාවකට පටලිච්ච එකෙක් කිව්වා හැටි “මචං බුදු හාමුදුරුවෝ මාර පොරක් බං “

  2. salu පවසයි:

    එදා ඉඳන් පොරගේ දින Mondray, Tuesdray, Wednesdray කියලා වෙනස් වුනාද?
    Thursday, Friday, Saturday (3 days in a row) OK.

  3. praveena පවසයි:

    අර අන්තිමට තියන කතාව ඔය ‘පොර’ වෙනස් කලා නේද? 🙂

  4. henryblogwalker පවසයි:

    අනේ පුතේ ඔය පොර පුතත් එක්ක ඇවිත් කෑම කෑවානම්…කියලා කියපු අම්මා ගැන නිහාල් අහලා ඇතිනේ?

    ඔය අංකල් කතාව ලංකාවෙ වගේම ඉන්දියාවෙ පාකිස්තානෙත් තියෙනවා මම දන්න විදියට. ඒ අය නම කියලා කතා කරන්න බයයි, සර් කියන්න හරි කැමතියි ඕනැ හිපා‍ටුවෙකුට,

  5. kathandarakaraya පවසයි:

    මං දැන් අවුරුදු දෙකහාමරකට විතර කලින් දුටුගැමුණු-එළාර-සාලිය කතන්දර ටිකක් කියන්න ගිහිල්ලා දුටුගැමුණුට පොර කියලා හැඳින්නුවා කියලා වාත පොරවල් මගේ ඇඟට ගොඩවෙන්න ආවා. මං වහාම දුටුගැමුණු පොරක් නොවෙයි කියලා කතන්දරේ එඩිට් කළා.

    මෙන්න ඒ සීන් එකේ ඇරඹුමට ලින්ක් එක.
    http://kathandara.blogspot.com.au/2009/11/blog-post_30.html
    කැමති පොරවල් විතරක් බලන්න.

  6. කිරි සප්පයා @ අ.පේ පවසයි:

    නිහාල් අයියත් මාර පොරක් ඒ කියන්නේ …. නේ…..

  7. පොර කියන වචනෙත් නිකම් කොලිටි කියන වචනෙ වගේ කියල මට හිතෙනව. ඒ කියන්නෙ මෙහෙමයි. පොර කියන වචනෙ ඕනැ කෙනෙකුට කියන්න පුළුවන්නෙ. (හැබැයි මේක පුරුෂ ලිංග නාම පදයක්). පිස්සු පොර, වාත පොර, උස පොර, කම්මැලි පොර යනාදී වශයෙන් අපි කියනවනෙ. ඒ වගේම නිකම්ම “මිනිහ පොරක්” කියල කිව්වහම ඒකෙන් අදහස් වෙන්නෙ ඒ කියන පොර සුපර් පොරක් කියන එකයි. එහෙම නැත්තන් වාතයෙක් කම්මැලියෙක් ගඳයෙක් හාල්පාරුවෙක් නෙවෙයි කියන එකයි.
    ඒ වගේම “කොලිටි බඩුවක්” කියන්නෙත් හොඳ කොලිටියෙ බඩුවක් කියන එකයි. මං මෙතනදි බඩුව කිව්වෙ ඉංගිරිසියෙන් ගුඩ්ස් කියල කියන තේරුමෙන් මිසක් කොල්ලො ගහන බඩු ගැන නෙවෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )