ජේමිස් බණ්ඩා 007


bond

ක්ලින්ට් ඊස්ට්වුඩ්ලා රඟ පෑ කව් බෝයි චිත්‍රපට හැරුණු විට මා ඊ ලඟට කැමති බොන්ඩ් චිත්‍රපට වලටය. ඒ මොකද කියනවා නම් ; ඒවායේ ත්‍රාසය , භීතිය , ශෘංගාරය , හාස්‍යය.. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් suspence , thrills ,violence , comics , action , sex , nudity………………… මේ හැම දෙයක්ම අඩංගු නිසාය.

ජේම්ස් බොන්ඩ් කියන්නේ 1953 දී පමණ ඉයන් ෆ්ලේමින්ග් නිර්මාණය කළ , බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ මන:කල්පිත වීරයෙක්.ලෝකයේ ඕනෑම තැනක ඉන්නා මංකොල්ලකරුවන් , ත්‍රස්තවාදීන් තනිවම හඹා ගොස් උන් විනාශ කරන බොන්ඩ් චරිතයට මුලින්ම පණ දුන්නේ ෂෝ කොනරි නම් නළුවාය. ඒ 1962 දී ආ Dr: No චිත්‍රපටය සඳහාය. ඊට පසුව බොන්ඩ්ලා කීප දෙනෙක්ම සිටි අතර , ඒ අය අතුරින් මා වඩා කැමති රොජර් මුවර් නම් නළුවාටයි.

බොන්ඩ් චිත්‍රපට මාලාවේ හැම එකක්ම මා නරඹා ඇති බව කියන්නේ ඉතාමත් ආඩම්බරයෙන්ය. ගැටවර කාලයේ , බොන්ඩ් චිත්‍රපටයක් බලා ගෙදර ආ විගස මා මනසින් ඒ චරිතය වැලඳගෙන බොන්ඩ් කෙනෙක් වන්නේ එහි ඇති නවීන ගැජට් , සුරූපී කෙල්ලන් නිසාය. බොන්ඩ්ට ඕනෑම දෙයක් පුළුවන. රිය පැදවීම , මෝටර් බයිසිකළ් පැදීම , ගුවන් යානා , හෙලිකොප්ටර් පැදවීම , පැරෂුටයෙන් පැනීම , කඩු සටන් , අසුන් පිට යාම , පිහිනීම , දිය යට කිමිදීම , හිම මත ලිස්සා යාම , මෙකී නොකී ඕනෑම දෙයක් ඔහුට පුළුවන.

හින්දි සිනමාවේ ෂාරුක් ඛාන් , අමීර් ඛාන්ලටත් මේවා පුළුවන් නමුත් , ඛාන්ලාට පුළුවන් එහෙත් බොන්ඩ්ලාට නුපුළුවන් එකම දේ සිංදු කියමින් පෙම්වතියන් සමඟ මල් ගස් වටේ දිවීමය.

එහෙත් බොන්ඩ්ට පෙම්වතියන් ගෙන් අඩුවක් නැත.

බොන්ඩ් වේගයෙන් හිම මත ලිස්සා යයි. සතුරා වෙඩි තබමින් බොන්ඩ් ලුහු බඳී. හිටි හැටියේ බොන්ඩ් නතර වන්නේ උස් කන්දක් අග්ගිස්සේය. සතුරා ළඟ ළඟම එයි. බොන්ඩ් කන්දෙන් පහලට පනී. මොහොතකින් පිටේ ඇති පැරෂුටය දිග හැරී, බොන්ඩ් සතුරාට කෝචොක් හිනාවක්ද දා ගෙන හීන් සීරුවේ පල්ලම් බසින්නේ කඳු පාමුල මුහුද අයිනේ නැංගුරම් ලා ඇති සුඛෝපභෝගී නැව් තට්ටුව මත බිකිනියක් හැඳ අව් රැස් විඳිමින් සිටින සුරූපිනියගේ දෝතටය.
එහෙත් ඇය ඉන්නේ කාගේ පැත්තේදැයි කීමට චිත්‍රපටය අවසන් වන තුරුම නොහැකිය.

මේ හැම වීර ක්‍රියාවකටම අවශ්‍ය කරන නවීන ගැජට් හදා දෙන්නේ Mr. Q ය. බොන්ඩ් ගෙන යන පෑන සමහර විට ගුවන් යානයක් බිම දැමිය හැකි මිසයිලයකි. අත බැඳි ඔරලෝසුව මාරක අවියකි. පාවහන් යුවළ යට අහසේ පි‍යෑඹීමට හැකි කුඩා ජෙට් යන්ත්‍රයකි.
මේ හැම මෙවළකටම වඩා මා හිත ගත්තේ X-ray කැමරාවය. දොර ජනේල රෙදි වලට , තාප්ප වලට මුවා වී ඉන්නා සතුරා විනිවිද දැකීමට ඒ කැමරා කාච වලට පුළුවන. සතුරාගේ සිරුර ඇට කටු වලට යන තෙක් විනිවිද ගොස් සිරුරේ සඟවා ගෙන ඉන්නා අවි ආයුධ දැකීමට බොන්ඩ්ට පුළුවන් මේ නිසාය. එහි ඇති බොත්තමක් වැරදීමකින් කැරකීමෙන් ඇඳුම් ඇඳ ගෙන ඉන්නා ලස්සන කෙල්ලන් නිරුවත් කර බැලීමට ඉන් පුළුවන්ය. එහෙම එකක් මටත් ඇත්නම්………..

මේ ෆොටෝ ෂොප් හා ෆ්ලෑෂ් උපයෝගී කර ගෙන මා හැදූ එකක්. මවුස් එක රූපය මතට ගෙන යන්න.

ජේමිස් බණ්ඩා 007

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ජේමිස් බණ්ඩා 007 සදහා ප්‍රතිචාර 10ක් දක්වා ඇත

  1. praveena පවසයි:

    මාත් කැමති ෂෝන් කොනරිට. එයාගේ අමුතුම ලස්සනක් තියනවා… 🙂

    හපොයි ඔය හදලා තියන එක හොඳටම හොඳයි. 😀

  2. henryblogwalker පවසයි:

    ඇත්තෙන්ම අන්තිම ජේම්ස් බොන්ඩ් නලුවා ඩැනියල් ක්‍රේග් මාර ගති කියලා මට හිතෙනවා. නමුත් ජනප්‍රියම ජේම්ස් බොන්ඩ් තවමත් ෂෝන් කොනරියි. රොජර් මුවත් නරක නැ. නමුත් නිහාල් ඔය අතරෙ එක බොන්ඩෙක් හිටියා, ඌ දැක්කාම නම් සයිවර් කඩේකටෙ එක්කං ගිහින් කෑම එකක් අරන් දෙන්න හිතෙනවා.
    ප.ලි:
    හැබැයි පු‍තෝ ඔය කොයි බන්ඩාටත්, ගෑණියෙක් දැක්කාම මිෂන් එක අමතකයි. හෙනම පැණියා. ලෝක ඇඹලයා.

  3. Sajith Lab පවසයි:

    අම්මෝ මම බයයයයයය වෙලා…….!!!!!!!!!

  4. පවසයි:

    මේ ටෙස්ට් ෆ්ලැෂ් එකේ හමත් පසා කරගෙන යන්නේ නැතුව ඇඳුම් විතරක් පසා කරගෙන යන්න හැදුවනම් නියමයි 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )