ගොලු හදවත්


golu

අළුත් අවුරුද්ද පටන් ගත්තෙ බමන මතින් , රතු වූ ඇස් වලින් හා ඉදිමුණු මුහුණු වලින් එකිනෙකාට “happy new year ” කියල සුබ පතා ගෙන. ඒත් අහන්න ලැබෙන්නේම අසුබ දේවල්.

කොළඹ කොටුවෙ ගුවන් පාලමක් උඩදි පොලිස් පෙම්වතා , පොලිස් පෙම්වතීගෙ බෙල්ල කපල මරල.

අද ගොලු හදවතේ පරාජිත පෙම්වතා සුගත් – වික්‍රම බෝගොඩ මිය ගිහින්. බෝගොඩ ලංකා බැකුවේ සේවය කරන කාලෙ මම එයත් එක්ක කීප දවසක්ම කතා බහ කරල තියෙනව.

මම ඇඳේ හාන්සි වෙලා උඩ බලා ගෙන කල්පනා කළා. මේ වයසට යටලීයේ නාරිලතා  මල් පූදින්නෙත් නැති කොට ,  මම මගේ අතීතය ආවර්ජනය කළා ආයෙම සැරයක්.

ප්‍රයිවට් බස් එකේ ඉස්සරහ දොරෙන් වයසක  අම්ම කෙනෙක් ගොඩ උනා. ” අම්ම කොහාටද ?”  කොන්දා පිටි පස්සෙම ඉඳන් ඇහුව.
” බෙල්ල කපපු හන්දියට”    බස් එකේ උන්නු ගෑණු පිරිමි කවුරුවත් අර අම්ම දිහා බැලුවෙ නෑ.

ලංකාවේ ඕන තරම් තියෙනවා කොටිය පැන්න ගල , ඇතා වැටුණු වැව වගේ ගම්. බෙල්ල කපපු හන්දියත් අර තරමටම සාමාන්‍ය ව්‍යවහාරයට ගිහින් තියෙන්නෙ ඒ කාලෙ ඒ වගේ තැන් වෙන තියෙන්න නැතුව ඇති. දැන් නම් හැම හන්දියකම කාගෙ හරි බෙල්ලක් කැපිල ඇති.

ගෑණු කට්ටියක් ඇඳිවත් හිර කර ගනිමින් , කෙස් වැටි තද කරමින් ඔය දිහාවට දිව්ව. ඒ පස්සෙ කොලු රෑනකුත් දිව්ව.

ඔය අයිනෙ කෙල්ලක් මරා දාල. උදැල්ලකින් ගහල බෙල්ල කපල. මමත් ඔය පැත්තට දුවන්න ලෑස්ති උනා.
මට යන්න දුන්නෙ නෑ අපේ අම්ම.
” ඇයි අම්මේහ්… බාප්පලගෙ මල්ලිලත් ගියා…”
” මයෙ පුතා උන් වගෙ නෙවේ. රෑට හීනෙන් බයවෙයි”

මැරිල තියෙන්න රෙදි ඉස්කෝලෙ රෙදි වියන්න ගිය රූපක්කා. මරල තියෙන්නෙ එයාලගෙම ගෙවල් ගාව හිටිය සිරිසෝම. දෙන්නගෙ පොඩි  පෙම් හුට පටයක් තිබිල තියෙනව. ඒත් පස්සෙ පිට ගමක කෙනෙකුට රූපක්ක දෙන්න තීන්දු වෙලා. කළිසම් කාරයෙකුට.
සිරිසෝමල යමක් කමක් තියෙන අය. පොලිසියට ජරාව දීල , සිරිසෝම පිස්සෙක් කියල මරණ දඬුවමෙන් ගලව ගන්න එයාගෙ පවුලෙ අයට පුළුවන් උනා.
ඇත්තටම සිරිසෝම පිස්සෙක්. අමු පිස්සෙක්. මොකද මරල තියෙන්නෙ දූෂණ පාරක්වත් නොදා. දූෂණය කරලයි මරන්න තිබුනේ. දැන් කට්ටිය මට බණියි.  මහ ජරා මිනිහෙක් කියයි මට. නෑ ඒක තමයි මා දකින යතාර්තය. ආදරය කියන්නෙ විවාහය වැනි සංස්කෘතිකමය බැම්මකින් කෙළවර වන , රාගය පෙරදැරිවූ ආත්මාර්තකාමී සිතිවිල්ලක්.  සුගත්ලා ඉන්නේ නව කතා පොත් වල විතරයි. හැබෑ ලෝකයේ එහෙම පෙම්වතුන් නෑ.

” අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි. මට වෛර කරන්න එපා”  ප්‍රදීපා මට එවූ අවසන් ලිපියේ සඳහන් උනා.
රබර් වලට දාන්න ගෙනා ඇසිඩ් බෝතලය තාත්තා හැංගුවා. නංගී ළිඳේ කඹේ හැංගුවා.
” පිස්සු වැඩ කරන්න එපා අම්මෙ.. මං එච්චර මෝඩයෙක් නෙවි” මම එහෙම කිව්වට මොකද ප්‍රදීපා රැගත් මංගල රිය පෙරහැර අපේ ගෙවල් පහු කර ගෙන ගියේ මගේ පපුව උඩින් කියලයි මට දැනුනේ.

කෙල්ලො නිසා මම කොච්චර ගුටි කාල ඇද්ද ? කොච්චර ගුටි ගහ ගෙන ඇද්ද ?
මම හතර පාරක් බූට් කාල තියෙනව. ඒව සිරා ලව් නෙවි.සිරා ලව් වුනා නම් මම හතර දෙනෙකුගෙ බෙලි කපන්න එපායැ. ආදරය කියන ආත්මීය බැම්ම කැඩීමෙන් ඇතිවන වේදනාව ඒ තරම්ම දරුණුයි.

දම්මි සුගත්ගෙ ආදරය පිළිගත්තෙ නෑ. දම්මි සුගත්ගෙ ආදරය හරි හැටි වටහ ගත්තෙ නෑ. සුගත්ගෙ පැත්තෙන් බැලුවොත් ඒ , ඒක පාර්ශ්වික ආදරයක්. සුගත් ඔච්චර බොන්නෙ මොකද කියල , ඒ කාලෙ පාසල් සිසුවෙක් වුනු මට ප්‍රශ්නයක් වුනාට , අද නම් ඒක ප්‍රශ්නයක් නෙවි. ඒ ඒ කාලෙ හැටි. බෙලි කපන්න ගියේ නෑ .. ආදරයෙන් පැරදුනාම.

එක්තරා කාලයක  මගේ හදවතත් ගොළු කළ , සුගත් , වික්‍රම බෝගොඩ  , ඔබට නිවන් සුව !.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ගොලු හදවත් සදහා ප්‍රතිචාර 13ක් දක්වා ඇත

  1. Alchemiya පවසයි:

    හැබෑට මට මේක මඟහැරිල නෙ….
    මමත් කාළයක් නූල කැඩිච්ච සරුංගලයක් වගේ පාවෙලා යනකොට තමයි මේ ගහේ පැටළුනේ… හැබැයි පැටලිච්ච ගහ කප්රුකක් කියලා දැනෙන්නෙ දැං…. ඒ නිසා මම වාසනාවන්තයි….

  2. henryblogwalker පවසයි:

    මමත් ගොලු හදවත් චිත්‍රපටිය බැලුවේ පස්සෙ කාලෙක ටීවී එකේ පෙන්නනකොට. ඒක නම් මට මහා බලාපොරොත්තු කඩවීමක් වුනේ. මම පොතටයි කැමති.

    වික්‍රම බෝගොඩට නිවන් සුව පතනවා.

    • Nihal Gurusinghe පවසයි:

      අපේ නවකතා බොහොමයක් තිරයට නැගුනා. අවාසනාවට පොත කියැවීමෙන් ලැබෙන වින්දනය ඒ සිතුවම් පටෙන් ලැබෙන්නේ නැහැ. උදා: මඩොල්දූව.ඊට හේතුව චරිත වලට නළුනිළියන් තෝරා ගැනීඑමේදී සිතු වන දුබලත්වය.
      අනික ගැහැණු ළමයි. ලපටි මූනක් ඇති අජිත් ජිනදාසට බොරු කොණ්ඩයක් දාල කැම්පස් පෙනුමක්/ ඩී ආර් ඕ කෙනෙකුගෙ පෙනුමක් ලබා දෙන්න උත්සාහ කරල තියෙනව. ප්‍රතිපලය බින්දුවයි.
      ඒ අතින් ගොලු හදවත සාර්තකයි. මේ මට දැනෙන දේ.

  3. Yasiru පවසයි:

    නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

  4. praveena පවසයි:

    අද උදේ අප්පච්චි කියනවා ඇහුනා වික්‍රම බෝගොඩ මිය ගිහින් බව.

    කතාව මෑතකදී කියවලා තියෙනවා. හරිම බොලඳ, අහිංසක ආදර කතාවක්…මම නම් හිතන්නේ සුගත් වගේ පිරිමි ඉන්නවා කියලා. හිතේ ආදරය හංගගත්තු අය.

    //මොකද මරල තියෙන්නෙ දූෂණ පාරක්වත් නොදා. දූෂණය කරලයි මරන්න තිබුනේ.//

    මෙහෙම කීවාම ආදරේ ගැන අපේ හිතේ ඇතිවෙන්නේ, පිරිමින් ගැන අපේ හිතේ ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක් වෙන්ට පුලුවන්ද නිහාල්. යතාර්ථය අවබෝධ කරගන්ට ඉඩ අරිනවා මිසක්, ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්ට ඕනි නෑ. මට හිතෙන්නේ එහෙමයි.

    අහිංසක පෙම්වතකුගේ චරිතයට පණ දුන් ඔහුට නිවන් සුව…!!!

  5. දුකා පවසයි:

    මගේ හිතේ නම් ඇත්තටම වික්‍රම බෝගොඩ සුගත් විදිහට රැඳිලා හිටියේ නෑ මොකද මම කලින් බැලුවේ පොත . . ඒකේ සුගත් ගේ රූපය විදිහට මම මවාගෙන හිටියේ මාව . .

    මොනව වුනත් ඔහුට මතු ආත්මෙක නිවන් සුව අත්වේවා . .

  6. දුකා පවසයි:

    මගේ හිතේ නම් ඇත්තටම වික්‍රම බෝගොඩ සුගත් විදිහට රැඳිලා හිටියේ නෑ මොකද මම කලින් බැලුවේ පොත . . ඒකේ සුගත් ගේ රූපය විදිහට මම මවාගෙන හිටියා මාව . .
    මොනව වුනත් ඔහුට මතු ආත්මෙක නිවන් සුව අත්වේවා . .

  7. පවසයි:

    ගොළු හදවත මන් කියෙව්වේ මෑතකදි මට නම් එකේ දම්මි සුගත්ට ආදරේ කලා කියලා හිතෙන්නේ නැහැ. දම්මි කපටි ගෑනියෙක් හැටියට තමා දැනුනේ. සුගත්ව ආස්‍රේ කලේ තමන්ගේ තනිය මකා ගන්න වගේ. සුගත් ඒකට රැවටුනා කියලා මට නම් හිතෙන්නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )