වරද කොහෙද රිසානා ????????????


-රිසානා ගේ ගෙළ සිඳියි-

දිරච්ච පොල් අතු වහලය
කටු මැටි කොට බිත්ති හතර
බිමටම සමතලා කරල
ඇස්බෙස්ටස් තහඩු දාල
ඇමරිකන් පැටන් එකට හැදූ
අළුත් ගෙයක් ගැන
උඹත් හිතුව නේද රිසානා ?

අහල පහල කොල්ලො කෙල්ලො
බුරුතු පිටින් ඩුබායි ගිහින්
බෑග් හත අටක් පුරවල
කාට් අරන් එනකොට
එයාපෝට් එකෙන් එළියට
උඹත් හිතුව නේද
ඩුබායි යන්න රිසානා ?

කවමදාවත් වරදක් නොකරන
ශුද්ධවූ මිනිසුන් පමණක්ම සිටින
ශුද්ධ වූ දේශය
අපේ නීතිය කාටත් එකයි කියා
දැන් උදම් අනාවි
එහෙම නේද රිසානා ?

ලෙයට ලෙයම – මසට මසම
නියම රාත්තලම ඉල්ලන
බබාගෙ අම්මටත්
දැන් නින්ද යාවි .. රිසානා
පුළුවන් නම් එන ආත්මෙ
ඒ අම්මගෙ බඩේම
ඉපදීයන් .. රිසානා…

තමන්ගෙ පව් පිඹ හැරියට
අනුන්ගෙ පව් පිඹ හරින්ට
එහෙම බැරුව ඇති නේද.. රිසානා

අපිද උඹට යන්ට කීවෙ
අපේ උනුත් අහනව ඇති
එහෙම නේද රිසානා ?

මගේ කුලයටත් නැති
මගේ ජාතියටත් නැති
මගේ ආගමටත් නැති
මගේ වර්ගයටටත් නැති
කවදාවත් දැකලත් නැති
උඹ වෙනුවෙන් ඇයි තැවෙන්නෙ
මං හරිද රිසානා ?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to වරද කොහෙද රිසානා ????????????

  1. පවසයි:

    රට යන්නත් ඕනේ ඒ රටේ සල්ලිත් ඕනේ හැබැයි ඒ රටේ නීතියට එකඟ වෙන්න බැහැ…

    මන් ලංකාවෙන් පිට ගිහින් නැති නිසා දන්නේ නැහැ ඒත් ඕනම රටකට ඇතුල් වෙනකොට ඒ රටේ නීතියට එකඟ වෙනවා කියලා අත්සන් කරනවා කියලා අහලා තියෙනවා. එතනින් එහාට මේ ගැන කතා කරනන් දෙයක් තියෙනවනම් තියෙන්නේ මෙහෙන් මෙයාව රට යවපු ඒජන්සියට/ වයස වෙනස් කරන්න අනුබල දීපු අයට දණ්ඬුවම් කිරීම ගැන විතරයි කියලා මට නම් හිතෙන්නේ

  2. මුස්ලිම් පක්කු එපා..... හෙනම ගහපං ඕකුන්ට.... පවසයි:

    සත්වයා නැවත නැතව සසර උපදිනවා….බුදුන් ලොවට හෙලි කල දර්ශනය එයයි…අක්කේ නුඹේ නැතව භවයේ නුඹ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා…

    • Nihal පවසයි:

      ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තූතියි. මම මේකට මගේ කැකිල්ලේ තීන්දුව දෙන්න කැමතියි.

      වැරදි කාරයා වෙන කවුරුවත් නොව JRර්‍ ජයවර්ධනයි.

      මතකද ? මල් පෝච්චි වල මයියොක්කා වගා කළා. ලූණු වෙනුවට ලීක්ස් කෑවා. පරිප්පු වෙනුවට කව් පී කෑවා. ඉම්පෝටඩ් රෙදි වෙනුවට අපේ රටේම හැදූ වෙල්කා , වේටෙක්ස් , තුල්ටෙක්ස් වගේ ඒවා ඇන්දා.
      1977 ඇරල දාපු විවෘත ආර්තිකේ නිසා පුළුවන් හැම එකාම හැම දේම ඉම්පෝට් කළා. මිනිසුන් සරුව පිත්තල ලෝකෙක එරුනා. අල්ලපු ගෙදර එකා TV එකක් ගේන කොට , වොෂින් මැෂින් එකක් , ශීතකරණයක් ගේන කොට කාටද බලා ඉන්න පුළුවන්. අපේ මිනිස්සු රට යන්න පටන් ගත්තා. සමහරු හොඳ රස්සාවල් අත ඇරල දාල , ගුරුවරු , හෙදියන් පවා රස්සා වලින් නිවාඩු අර ගෙන අරාබියේ වහල් වැඩට ගියා. ආණ්ඩුවත් අවුරුදු 5 ක නෝ පේ ලීව් අනුමත කලා.

      භාෂාව, නවීන විදුලි උපකරණ භාවිතය නොදන්න කම නිසා අපේ අසරණ හවුස් මේඩ්ලා බාබලා ගෙන් ගුටි කෑවා.
      රිසානාගෙ දෙමව්පියන් හොර උප්පැන්න හදල කෙල්ලගෙ වයස වැඩි කරල පෙන්නල කෙල්ල රට පැටෙව්වා. ඒකෙ වරදක් නෑ පෘතග්ජන මිනිසුන් එහෙම තමා.

      බබාගෙ අම්ම දැන ගන්න ඕන ගෘහ සේවිකාවකගෙයි , බේබි සිටර් කෙනෙකුගෙයි වෙනස. නුපුහුනු කෙල්ලකට හැකිද අත දරුවෙකුට කිරි පොවන්න. ? මා ජීවත් වන රටේ නම් බබා ගෙ අම්මා තමයි වැරදි. කෙළින්ම හිරේ.
      අරාබි ආණ්ඩුව හරි. රිසානගෙ ඩොකියුමන්ට් අනුව ඈ බාල වයස් කාරියක් නෙවි. ඇමරිකාව , එංගලන්තය , ප්‍රංශය , චීනය , ජපානය වගේ බලවත් රටවල් මේ ගැන වචනයක්වත් කතා කළාද ? අඩු ගානේ පකිස්තානයවත් ? නෑ..
      එංගලන්තයේ පිලිප් කුමාරය විතරක් ජීවිත දානය දෙන ලෙස ඉල්ලා සිටියා.

      අපේ ආණ්ඩුවත් හරි. වෙනත් රටක අභ්‍යන්තර නීති ක්‍රමයට බලපෑම් කරන්න අපට බැහැ. අපිට උඹලගෙ තේ එපා. අපෙන් උඹලට අඩු ගානට තෙලුත් නෑ කිව්වොත් අපි සුන් නේද ?

      රිසානා වරදක් කළා. දඬුවම් කළා. ඉවරයි.මීට කලින් ශ්‍රී ලාංකික ,සිංහළ , බෞද්ධ කී දෙනෙක් හිස් ගැසුම් කෑවද ?

      අවසන් වශයෙන් , රටක නීතිය කුමක් වුනත් මෙවැනි ම්ලේච්ඡ දඬුවම් ක්‍රම අහෝසි කළ යුතුයි. මේ 21 වන සිය වසයි.

      මිනී මැරුමක් කළ කෙනෙකුට දිය යුතු හොඳම දඬුවම විය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි. ජීවිත කාලය තුලම තමා කල වරද ගැන පසු තැවෙන්නට හැරීමයි.

      හෙට වෙන කොට , ලබන සුමානෙ වෙන කොට හැමෝටම හැම දෙයක්ම අමතක වෙලා යාවි.

      • JP පවසයි:

        …ඔක්කොම කුණු බේරුවල බොක්කටද?……:)…නැත්තනම් මේක අර සැමා කියල තියෙන විදියට චන්චලාගේ න්‍යාය ද ?
        එහෙම කිව්වට මමත් ටිකක එකඟයි සමහර කරුණු එක්ක .
        1980 කාලේ මැදපෙරදිග ගිය අපේ මාම කියනවා පොඩි අපි අහගෙන හිටිය , බැල මෙහෙවරට යන අපේ ගනු ළමයි ගුවන් යානයේ දෙන නැප්කින් එක කන්න හදපු හැටි ….ප්‍රශ්නය අවුරුදු විසි ගණනක් පහු උනත් අපේ ශ්‍රම බාලකායේ ගුණාත්මක වර්ධනයක් නෑ නේද ? ඒ අයව ආරක්ෂා කරන්න අපේ රාජ්‍යයත් හයිය මදි …ඉතින් මොනවා කරන්නද …
        මේක දේශපාලන ඇහැකින් නැතුව මානුෂික විදියට මේ කෑල්ල ගැඹුරටම දැනුනා
        “ලෙයට ලෙයම – මසට මසම
        නියම රාත්තලම ඉල්ලන
        බබාගෙ අම්මටත්
        දැන් නින්ද යාවි

      • පවසයි:

        “මිනී මැරුමක් කළ කෙනෙකුට දිය යුතු හොඳම දඬුවම විය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි. ජීවිත කාලය තුලම තමා කල වරද ගැන පසු තැවෙන්නට හැරීමයි.”

        මේකට නම් මන් එකඟ නැහැ මොකද වැරදි කරපු මිනිහෙක් මහජන මුදලින් ජීවිතකාලෙම නඩත්තු කරන එක අපරාදයක්. අපේ රටේ වගේ නම් ඒ මිනිහා එළියේ ඉන්නවට වඩා සැපට හිරේ ඉඳී. ඒක නිසා අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ .

  3. Nimal(Desertfrog) පවසයි:

    උඹ හින්දා අපෙ ඇහැටත්
    කඳුලු ඉනුව රිසානා..

    නුඹ ආයෙත් ඉපදුනොතින්
    නන් මුස්ලිම් වෙයන් අනේ
    රිසානා…

    • Sudath පවසයි:

      ඉතින් රිසානා නෆීක් කියන කෙල්ල මුස්ලිම් නෙවෙයිද?
      මට ‍වැටහෙන හැටියටනම් මෙතනදි චුදිතයාගේ ආගම සැළකිල්ලට නොගෙන දඬුවම නියම කරල තියනවා. මේ කෙල්ල “සිංහල බෞද්ධ” පවුලක වුනානම් මෙලහට ඉන්ටනෙට් එක දෙදරනකන් අපේ එවුන් විරෝධය පළ කරලා!

  4. samarasekara පවසයි:

    මේ සංසාරේ නැවත ඉපදෙන්නට උනොත් මුස්ලිම් පව්ලක දරුවෙක් නම් වෙලා ඉපදෙන්න එපා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )