( අ ) මනාප තරු.


ඉස්සර මං කොච්චර ආසද රෑට අහස දිහා බලන් ඉන්න. අහසෙ එකම වලාකුළක්වත් නෑ. ඔහොම බලන් ඉන්න ගමන් මම දකිනව තරු කැට . කඩා හැලෙන තරු කැට. දිලෙන තරු කැට. සමහර ඒවා ගමන් කරනව. මම පස්සෙ තමයි දැන ගත්තෙ ඒ තරු නොව කෘතිම චන්ද්‍රිකා කියල. තරු අපට අල්ලන්න බෑ. ඒව ගොඩාක් ඈතින් තියෙන්නෙ.

රිදී තිරේත් තියෙනවා ඔහොම තරු. වේදිකාවටත් පායනවා තරු. හිටි ගමන් මතු වෙනව. ටික කාලයක් දිදුලමින් පායල තියෙනව. හිටි ගමන් නැති වෙනව. ඒ තරුත් අපට ගොඩාරියක් ඈතින් තිබුනෙ. කාටවත් කිට්ටු වෙන්න බෑ.

ඒ තරු ගැන තොරතුරු අප දැනගන්නෙ එයාලටම වෙන් වුනු පත්තර සඟරා වලින්. සරසවිය , කලා , ෆිල්ම් ෆෙයාර් වගේ ඒවැයින්. එයාල කන බොන හැටි. පවුලේ විස්තර. රඟ පෑමට අමතරව වෙනත් රැකියාවන් කරනවා නම් ඒ විස්තර. අඹු දරුවන්ගේ විස්තර. පදිංචිය.. වගේ දේවල්….

මට මතකයි ඒ නීලා කියල චිත්‍රපටයක් හදන කාලේ. මම ගියා තව යාළුවො කට්ටියක් එක්ක ,මාතලේ අපේ ලොකු අම්මලගේ ගෙදර. එදා තමයි මුල් වරට තරුවක් හැබහින් දැක ගත්තෙ. ඒ තිස්ස විජෙසුරේන්ද්‍ර. මාතලේ තානායම ඉස්සරහදී .. අපි පාරෙ යනව. එයා ඉංග්‍රීසියෙන් කතා කළේ. මමත් ඇරියෙ නෑ.. මට අද වගේ මතකයි.. මම ඇහුව ” where is Malini ?”කියල.. තිස්ස උත්තර දුන්න “Malini went back” කියල. මට හරි ආඩම්බරයි.

පස්සෙ කාලෙක මම ජුලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගමේ වැඩකරන කාළෙ ස්වර්ණා මල්ලවාරච්චි ආව සුමිත්‍රා පීරිස් එක්ක. මට 26 යි. ස්වර්ණා මාර ලස්සනයි . මම එයාට අතට අත දුන්න. යාළුවො මට කීව ” අත හෝදන්න එපා කියල සුමානෙකට” මට එදත් ආඩම්බරයි.

ඒ තමා නියම තරු. මිනිස්සු ඉදිරියේ සජීවිව වේදිකාවල රඟපාල යම් වින්‍යාසයක් ලබා ගෙන රිදී තිරයට ආ අය.

මේ නොබෝදා යූ ටියුබ් එකේ Sri Lankan Life කියල තරඟ වැඩ සටහනක් බැලුව. ඒත් එක්කම Sirasa Super Star , Derana dream star කියන වැඩ සටහන් බලන්නත් පුරුදු උනා.

මේ හැම එකක්ම ඇමරිකාවෙ ” American Idol” අමු අමුවේම කොපි කරපුව.. කොපි කිරීමෙත් හොඳ පැත්තක් තියෙනවා. ඒ ඒවායේ සාරය උරා ගෙන අපේ රටට ගැලපෙන ආකාරයට කිරීමයි.

American Idol තරඟයේ විනිසුරුවන් තුන් දෙනෙක් ඉන්නව. රැන්ඩි.. පෝලා , හා සයිමන්.

දවසක් එක් තරඟ කාරියක් එච්චර සරු නැති ගායනයක් ඉදිරිපත් කළා. රැන්ඩි මෙහෙම අහනව.
” ඔබට සංගීත ගුරුවරයෙක් ඉන්නවද?”
තරඟකාරිය: ” ඔවු”
රැන්ඩි: “ඔබට ලෝයර් කෙනෙක් ඉන්නවද?”
තරඟකාරිය:”නැහැ”
රැන්ඩි: ” එහෙම නම් ලෝයර් කෙනෙක් හොයා ගෙන ඔබේ ගුරුවරයට එරෙහිව නඩුවක් දාපන්”
මේක තමා මම අහල තියෙන නීරසම ගායනය.. සයිමනුත් එහෙම කීව.

අපේ විනිසුරන් එහෙම කියන්නෙ නෑ කවමදාවත්.. තව ටිකක් ප්‍රැක්ටිස් කරල වැරදි හදා ගන්න.. මේ වගේ තරඟයකට සුදුසු මදි… ඒ වගේ කමෙන්ට්ස් තමා දෙන්නෙ.

මේ විනිසුරන් තුන් දෙනාට අමතරව තවත් අමතර ප්‍රසිද්ධ පුද්ගලයෙකු එනව. මේ මම කියනදා හිටියෙ උදය ශාන්ත සන්නස්ගල.. මම කැමතිම පුද්ගලයෙක්.
මිනිහ දවසක් කමෙන්ට් කරනව මෙහෙම…” සමහර තරු ක්ෂේත්‍රයට ආ හැටියෙම නිවිල යනව. සමහරු අවුරුදු දෙක තුනකින් නිවිල යනව. තවත් සමහරු අවුරුදු විස්සක් , තිහක් විතර රැඳිල ඉන්නව” කියල.

ඒ දිගු කලක් රැඳිල ඉන්නෙ උගත් විනිශ්චය මඩුල්ලක් විසින් තේරු තරු. රූපවාහිනිය නොතිබුනු අපේ කාලයේ පිබිදෙන ගායක පරපුර වගේ තරඟ වැඩ සටහන් තිබුන. ඒව මෙහෙය වූවෙ , කරුණාරත්න අබේසේකර , ජීවානන්ද වීරසිංහ වගේ අය. තරඟයෙ දිනූ අයට කෝටි ගණන් දුන්නෙ නෑ. වැඩිම උනොත් රුපියල් සීයයි. මැලිබන් බිස්කට් පැකට් එකයි. එහෙම දිනූ අය පහුවදාම කැසට් වලට සිංදු කියන්න ගියේ නෑ. ඉස්සෙල්ලම ගුවන් විදුලියට ගිහින් පරීක්ෂණ වලින් සමත් වෙලා මුලින්ම ‘C” ශ්‍රේණියේ ගායකයෙක් වෙලා , ඉන්දියාවෙ භාත්ඛන්ඩෙට ගිහින් තවත් ප්‍රගුණ කරල තමයි ක්ෂේත්‍රයට ඇවිත් නමක් හදා ගත්තෙ.

මේ SMS ක්‍රමයෙන් නිසි සුදුස්සන් තේරෙයිද ?
මේ වීඩියෝ එක බලන්න.

තුෂාර ධනන්ජය , විජය කුමාරතුංගගෙ කට හඬින් ගී ගයනව. හරිම ලස්සනයි. විජය කියන්නෙ ජනප්‍රිය , හොඳම නළුවෙක් විදිහට නමක් දිනා ගෙන පස්සෙ සිංදු කියන්නත් ආව කෙනෙක්. විජයට තියෙන්නෙ පහල ස්වර පරාසයක පමණක් ගැයිය හැකි කට හඬක්. තුෂාර ධනන්ජය දිනුවේ විජය නිසයි.
මේ අයට තරු කියන්න පුළුවන්ද ? අහසෙ තියෙන තරු වලට එයාලගෙම ආලෝකයක් තියෙනව. ඉරෙන් එළිය අරන් බැබලෙන්නේ නෑ තරු.

මේ වීඩියෝව බලන්න.

හරියටම වික්ටර් රත්නායක වගේ මයි. මෙයා ඩ්‍රීම් ස්ටාර් වුනේ නැහැ. එහෙම උනා නම් ඒ දිනුවෙ රවීන් කණිෂ්ක කියන මේ ආධුනිකය නොව වික්ටර් රත්නායකයි.

ඊ ළඟට මොහු බලන්න.

ද්‍රවිඩ තරුණයෙක්. බලන්න සිංහල හර බර වචන උච්චාරණය කරමින් ගයන අපූරුව. මේ SMS ක්‍රමය නිසා ඔහුට නිසි තැන ලැබුණේ නැහැ. මේ කාටවත් සෙතක් නැති මනාප ක්‍රමය නිසා රටට වී ඇති හානිය ඔබට නොපෙනේද ?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to ( අ ) මනාප තරු.

  1. Nihal පවසයි:

    රූ , බ්ලොග්වෝකර් , JP ඔබලාගේ ප්‍රතිචාර අදයි දැක්කෙ.
    මේ තරු පායන්නෙ එයාලගෙ දෙමාපියන්ගෙ කාලේ ජනප්‍රිය වූ ගී ගායනා කිරීමෙන්. ජෝති, මිල්ටන් ගැයූ ගී තාම අපට මතකයි. මේ ස්ටාර් තරු වලට ඊට පස්සෙ මොකද වෙන්නෙ ?

  2. JP පවසයි:

    ඇනලසිස් එක නම් මරු . සමහර සින්දු සවුන්ඩ් ට්රැක් එකක්ද කියලා හිතෙනවා .
    කොහොමද මහජන නියෝජිතයන් තේරීම , ජූරි තීරණ එහෙමත් sms වලින් කලොත්.
    ” ඔබේ මනාපය රනිල්ටනම් R හිස් තැනක් තුන යොදා ………..” 🙂

  3. henryblogwalker පවසයි:

    නිහාලුත් ඔහේ ඉඳගෙන ලංකාවෙ වැඩසටහන් බලනවා නේ?
    American Idol එකේ අපිට නම් පේන්නම බැරි බුවා අර සයිමන් ගොයියා තමයි. අපි කියන්නෙ සයිමන් කව් කියලා. කට ඇරියොත් කියන්නෙ ජරා කතාවක්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  4. රූ පවසයි:

    සමහර වෙලාවට තරු වැඩි වෙලා තරු පේන කලාවක්ද දන්නෑ මේ ලබලා තියෙන්නේ..!!

  5. praveena පවසයි:

    හමු උනේ නම් SMS වලින් නෙමේ. හැබැයි කවදා හරි වැඩේ වැරදුනොත් වැරදෙන්නේ ඒ හන්දා… 😀

  6. praveena පවසයි:

    SMS වලින් කරන මොනම දෙයක්වත් හරියන්නේ නෑ නිහාල්… 🙂
    පේන හැටියට දැන් ඉන්නේ දිදුලන තරු නෙමේ…කඩන් වැටෙන තරු …

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )