මත


හෙළ බස ලස්සන බසක් වගේම ටිකක් සංකීර්ණ බසක්. එක වචනයකට අරුත් කීපයක්ම තියෙනව. “මත” කියන කොටත් ඒ වගේමයි. මේ වගේ ලිපි සමහරුන්ට එච්චරම ප්‍රිය නෑ. අටපට්ටම වගේ කියල. ඒ එයාලගෙ මතේ. මේ මගෙ මතේ. හිතට එන දේ ලියනව. එක එක අයගෙ මත වෙනස්.

මත වැඩි උනාම තමයි මත – වරණයක් පවත්තන්න වෙන්නෙ. රජයකට නම් ජනමත විචාරනයක් තියන්න වෙනව. ඒත් හිතට දුක ඉන් වාසි ලබන්නෙ හත අට සමත් එවුන් වීමයි.

කාලෙකට ඉස්සර, මෙවර – ඡන්දයක් තියනවාද ? නැද්ද ? කියන එකට මතවරණයක් තිබුනා. ලාම්පුවද ? කළගෙඩියද ?

මෑතකදි මතට තිත තියන්නත් ලෑස්ති උනා. හැබැයි ඒකට නම් අනෙක් අයගෙ මත මොනවද කියල ඇහුවෙ නෑ. එයාගෙ තනි මතයට. එහෙම මතවරණයක් තිබ්බ නම් උඩින්ම පරදිනව. මොකද මතට තිත තියනවාට වඩා තිතට මත් වෙන්න ආසා කට්ටිය වැඩි නිසා. ඒ වෙන මතයක්.

අපේ අත්තම්ම ඉන්න කාලෙ. මං පොඩි එකා.. උන්දැගෙ වැඩේ රෑ දෙගොඩහරියෙ උනත් කමක් නෑ බුලත් විට කන එක.
” පුතේ.. උඹටත් විටක් ඕනද ?”
මං මගේ මතය කියන්න කලින් අපේ අම්ම එයාගෙ මතය ඉස්සරහට දැම්ම.
“එපා අම්මෙ ඔය පොඩි එකාට විට කන්න පුරුදු කරන්න”

” ඇයි මක් වෙනවද ? දත් පණුවො කනවට , කට ගඳ ගහනවට ඉඳල හිටල විට හැපුවට කමක් නෑ. පුවක් කෑල්ලක් හැපුවම දත් වලටත් හොඳයි” ඒ උන්දැගෙ මතේ.අත්තම්මා විට ඒදන හැටි මම දැකල තියෙනව. පුවක් ගෙඩියක් හීනියට ලියල , දුංකොළ නැට්ටක් , ඉඟුරු පියළි එහෙම දාල. මේ පදම ටිකක් එහෙ මෙහෙ උනාම මත් වෙනවා. ඒ කියන්නෙ දහදිය දාල කැරකිල්ලක් හැදෙනව. රා- අරක්කු වලින් , සූස්තියකින් ලැබෙන්නෙ නැති මාර මතයක් ඒක. ඔය විට රතු පාට වෙන්ට හුණු ඉන් බිත්තක් විතර දානව.

තරුණ කාන්තාවො රූමත් වෙන්න තොල් වල ලිප්ස්ටික් උලනව. ඒ කාලෙ ගම් වල ගෑණු අය තොල් රතු කළේ හොඳ සරු බුලත් විටක් හපල.

” බුලතේ රත දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු කළේ..”
එහෙම ඒවා දකින කොට පිරිමි මන් මත් වෙනව. ඊ ළඟට කුල්මත් වෙනව. ඒ නිසාම වල්මත් වෙනව.

බුදුන්ට වෛර කළ දේවදත්තයා , නාලාගිරි ඇතාට රා පොවා බුදුන් වඩින පෙර මඟට එව්වා. මත් වූ නාලාගිරියා හොඬවැල දෙපසට වනමින් , සිව්පාදයෙන් ධූලි අවුස්සමින් භයානක විදියට බුදුන් ඉදිරියට ආවා…. කොහොමට තියෙන්න ඇද්ද ?
පසු කළෙක , යශෝදරා දේවිය , රාහුල පුතා අමතා වීදියෙ ගමන් කරන බුදුන් පෙන්වමින් ” අර යන්නේ උඹේ පියා…” කියල කිව්ව.
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා” මත් වූ ඇතෙකු ලෙස බුදුන් ගමන් කළ බවයි ඉන් කියැවෙන්නේ.
මේ කතා දෙක පරස්පරයි නේද ?
මේ ගුරුසිංහට වැරදිලාවත්ද ? එහෙම නැත්නම් සේරම එකට පටලව ගෙනද ?

මේ මගෙ මතේ. අනෙක් අයට වෙනස් වෙනස් මත ඇති. මම හිතු මතේට වැඩ කරන කෙනෙක් නොවේ. අනෙක් අයගෙ ඕනම මත වාදයකට ගරු කරල වෙනස් වෙන්න කැමති කෙනෙක්.

” හිතු මතේට දීග ගිය දුවේ ” කෙල්ලනේ යන දාක උඹල කියල පලයල්ලා. අම්ම කෙනෙකුට කොහොම වුනත් තාත්ත කෙනෙකුට ඒක උහුල ගන්න බෑ. එහෙම කියන්නෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ගීය අහමු බලන්න. ගයන්නේ නන්දා මාලිනී.

” උඹේ දුවත් මතු දාක මෙහෙම කරයි” මත්තට වෙන දේ ගැන දැම්මම කියන්න බෑ.

මමත් දැන් මෙහෙම උනාට කොල්ල කාලෙ මහ දාංගලය , නොසණ්ඩාලයා , අලජ්ජියා.
කොල්ලොත් එක්ක බීල වැඩි වෙල ගෙදර ආ දාක ” උඹ මත්තෙ මං පණ නහ ගන්නව” කියල අම්මා පපුවට ගහගත්තා. මට මාර සවුත්තුව. ඩ්‍රොප් කරන්න ආ යාළුවන්ටත් බැන්න. මට වයස විස්සක් ඇති. මම කාමරේට
ගිහින් දොර වහ ගත්තා. රෑ කෑමට දොර ඇරියේ නෑ. පහුවදා උදෙත් ඇරියෙ නෑ. දවල් දොළහට විතර ඉබේටම දොර ඇරුනා. බීමතේ ඉවර වෙලා හාමතේට .

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to මත

  1. JP පවසයි:

    කන්න බොන්න නැතුවත් හැදෙන මත …හාමත ??

  2. හීනියට පවසයි:

    කාලෙකින් ආවේ…..කොහොමද නිහාල් අයියේ, හාමිනේ දරුවො හොඳින් නේද?
    හොයාගන්න බැරිව, සිත් ආර තමයි ඕං පාර කීවේ….

    අපූරුම කියමන තමයි, තිතට මත් වෙන එක.

    දේසපාලන රාජකාරිය කොරන උන්ට තමන්ගේ මතය මොකක්ද කියල්වත් මතක නැහැ ටික දොහක් ගියහම…..

    • Nihal පවසයි:

      අපේ විස්තර ඇහුවට බොහොම ස්තූතියි. එදා බ්ලොග් ලියූ සමහර අය දැන් නෑ. එදා කමෙන්ට් කළ අයත් දැන් නෑ. එති .. යති.. ඔහොම තමා ජීවිතේ හැටි. මම නම් තාම ලියනවා. වෙනස් වෙලා තියෙන්නෙ මගේ වයස විතරයි.
      පාර කියපු සිත් ආරටත් ස්තූතියි.

  3. dayal bathee පවසයි:

    මතවරණයය වෙනුවට දැන් තියෙන්න මැති(ඇමති ) වරණ, එය බොහෝ අයගෙ අකමැතිවරණය,

    (මේ අකමැතිවරණයෙන් පසුව පත්වෙලා එන අයගෙ වරුණෙ,
    පාර දිගේ, කටවුට්, හැම තැනම හිනාවේගෙන, අහවලාගෙ විද්‍යාලය
    ඉස්සර ඒව නම් කලේ කෘත ගුණ දත් මිනිසුන් ඒ උත්තමයන් දෙව්ලොව ගියාට පසුවයි. දෙව් ලොව ගොස් කළ හොඳ දේ ගැන බල බල සතුටු වෙන්න. දැන් ඒක වෙනස් වෙලා තිබෙන්නේ නැවත ඉපදීම පිලිගන්නෙ නැත්ද, නැත්නම් කොහේ යයිද කියල ශුවර් නැති නිසාද? )

    අමත කියල කියන්නෙ අමුර්තයෙ සිංහලයිz කරපු වචනෙ
    සමත කියන්නෙ හරි හපන කියන එකටනේ
    නිහාලුත් විසේ ඇති කාලෙ හරි හපන,.. සමත

  4. තරු අරුන්දතී පවසයි:

    අගෙයි… මට මතකයි මේ වගේ එකම වචනයට තියෙන තේරුම් ගොඩක් ඇතුලත් කරලා මහාචාර්ය ජේ. බී දිසානාය්ක මහත්මයා කොලම් එකක් ලිව්වා වගේ ඉස්සර . දිවයින පත්තරේට. කොලම් එකේ නම නම් මතක නෑ.

  5. magenama පවසයි:

    මතට තිත තියා මත නිසා ඔහේ මතයක් දැම්මොත් මතය කුමක් වේද?

  6. shermie Fernandez පවසයි:

    blog waren ban wp atha arala…

    var so = new SWFObject(‘https://sites.google.com/site/shermiefernandez/home/player.swf’,’mpl’,’300′,’20’,’9′);
    so.addParam(‘allowscriptaccess’,’always’);
    so.addParam(‘allowfullscreen’,’true’);
    so.addParam(‘flashvars’,’&duration=33&file=MMMMMMMM&title=TTTTTTTTKirana&linktarget=http://www.SSSSSSS.com’);
    so.write(‘player’);

    me player eka ikmanata load wena
    bandwidth kanne nthi hoda player eka…
    m= mp3 link eka..
    Remove all **

  7. salu පවසයි:

    ඇයි නිදි මත? රෑට ගමන් යනවිට මගේ මහත්තයාට ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නැත්තෙ එයාට නිදි මත එන නිසා. සමහර දාට එයා ඩ්‍රයිව් කරන ගමන් හීනෙන් කතා කරනවා. එවෙලාවට නිදිමතත්, වෙරි මතත් අතරේ වෙනසක් නැහැ.

  8. මයියා පවසයි:

    බුදු අම්මේ කියවල මත වගේ හැදුනා…..:)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )