රෝහණ බැද්දගේ සමඟ StarTrack.


ඔබේ ප්රියතම ගායකයා කවුද කියා කෙනෙක් මගෙන් ඇහුවොත් ඒකට මගෙන් ලැබෙන පිළිතුර වනුයේ
ඒ අමරදේව නොවන බවය. අමරදේවයන් අපගේ අසහාය ගායකයා , ගාන්ධර්වයා – සංගීතඥයා බව
සැබව. එහෙත් ඊට වඩා පැහැදිලි ස්වරයෙන් ගී ගයන ගායකයන් අතළොස්සෙන් රෝහණ බැද්දගෙ මුල් තැනක හිඳී.

විවිධ ජන ගී රටා ඔස්සේ පර්යේෂණ කරමින් , තමාම රචනා කොට , තනු යොදා ගයා ඇති ඔහුගේ ගායනා
ප්රමාණය එතරම් විශාල නොවේ.

මගෙ රත්තරං හෙලේනා, මාමයි – බෑණයි , නැන්ද මාම දෙන්නා – පුල්ලි ගොනා එයින් කීපයකි.

දියුණුව නැමති රකුසා විසින් ගිල ගෙන ඇති සොබා සුන්දරත්වය ගැන මා මෙන්ම ඔහුද තැවෙන්නෙකි. කුඩා කල , එහේ මෙහේ දිව යන දඟකාර වයසේදී , දිය කඩිති , මඩිති පීරමින් , ළඳු කැලෑ ඔස්සේ කරක් ගැසූ සුන්දර අතීතයක් මටද ඇත. මගේ දරුවන්ටවත් , ලංකාවේ ඉන්නා අනෙක් දරුවන්ටවත් එවන් සොබා සුන්දරත්වයක් විඳීමට නොහැකි වීම මගේ දුකට හේතුවේ. රෝහණ බැද්දගේද එසේ සිතයි.

කන්දේ – ලන්දේ….

මගේ නිවසේ සිට සැතපුම් 180 ක් දුරින් ලොස් ඇන්ජලිස් නුවරට ආසන්නයේ Pasadena හි පදිංචි මගේ මිතුරා මට පණිවඩයක් එවා තිබිණ.
“ මචං .. ලබන සෙනසුරාදා රෝහණ බැද්දගේ ගෙ ෂෝ එකක් තියෙනවා. උඹ ඉතිං සිංහළ කාරයනෙ. උඹට අල්ලල යයි. ලංකාවෙන් ගෙනා අරක්කු බෝතලේකුත් තියෙනවා. පුළුවන් නම් වරෙන් දෙන්නත් එක්කම.”

සංගීත සන්දර්ශනය නම් කර තිබුණේ “ StarTrack “ ලෙසය. Pasadena විහාරයට දාගැබක් සෑදීමට අරමුදල් රැස් කර ගැනීමට එය සංවිධානය කර තිබුනු අතර , සංදර්ශනය තිබුණේ Duarte නම් තවත් කුඩා නගරයක පිහිටි ශාලාවකය.
මගේ ඇමරිකන් ජීවිත කාලය තුලදී 15 වරක් පමණ එහි ගොස් ඇත.

මංමාවත් තැනීම, ලිං තැනීම , වැව් බැඳීම , වෙහෙර විහාර සෑදීම , අතරමග නතර නොවී කෙලින්ම චාතුර් මහා රාජිකය දක්වා ගිය හැකි කුසල කර්මයන්ය. දාගැබ බෞද්ධ සංකේතයකි. ලංකාවේ හැම පන්සලකම පාහේ ඝණ්ටාකාර හෝ බුබ්බුලාකාර හෝ වෙනත් යම් ආකාර දාගැබ් ඇත. Pasadena පන්සලේ දාගැබ සෑදිමේදී , එම ඉඩමේ කුලියට දී ඇති නිවාස දෙකක් කැඩීමට සිදුවේ. එම නිවාස දෙකෙන් පන්සලට ලැබෙන ආදායම මසකට ඩොලර් 3000 කි. දාගැබ නිසා නිසා එම ආදායම අහිමිවේ. දාගැබින් ඒ හා සමාන ආදායමක් ලැබේද ?….මිත්යාදෘෂ්ටිකයෙකු වීමට මට අවශ්ය නැත. ඩොලර් 30 ක් දී ටිකට් පතක් මිළදී ගැනීමෙන්ද , ලොතරැයියක් මිළදී ගැනීමෙන්ද , සැතපුම් 200 කට ආසන්න දුර ගෙවා පැමිණ පැය 7 ක් පමණ එක දිගට වාඩිවී එය නැරඹීමෙන්ද මා වක්රාකාරව එම පුණ්ය කර්මයට දායක වී ඇත.
ප.ව. 6.30 ට ආරම්භ වීමට නියමිත දර්ශනය සිරිත් පරිදි 7.30 ට ආරම්භ විය. එය රෝහණ බැද්දගේ ගීගයන සංදර්ශනයක් නොවන බව මා දැන ගත්තේ පසුවය. ඔහුට ගී දෙකක් ගැයීමට නියමිතව තිබුනු අතර , ලොස් ඇන්ජලීස් අවට පදිංචි ස්ටාර්ස් ලා විසින් music track වලට ගැයූ අංගයන් 30 ක් පමණ ඇතුලත් වූ එම දර්ශනය නිම වන විට පසු දින අළුයම 1.30 පමණ විය.

ශාලාවේ සේවය කරන මැදිවියේ සුදු ජාතික කාන්තාව මට හුරු පුරුදුය.
“ see this people ? Sri lankans are dirty people ” කුණු කසළ දැමීමට බඳුන් අවට ඇතත් , අවට පරිසරය අපවිත්ර කර ඇත.
“ උඹලට ගෙවන්නේ ඕව පිරිසිදු කරනවට නේද ?” මම ඇයට විහිළුවක් කළෙමි.
“ ඒක ඇත්ත… ඒත් කුණු දාන්ට තැන් තියෙද්දි ඇයි බිම ජරා කරන්නේ ?”

කොණ්ඩය හොඳටම සුදු වූ ශ්රී ලාංකික මහත්තයෙක් වැසිකිළියේදී අත පිස දැමූ කඩදාසිය එල්ලය බලා කුණු කූඩයට විසි කළේය. එල්ලය වැරදී එය බිම වැටින. ඔහු මට සිනා සී ඉවතට ගියේය. වැසිකිළියේ කුණු දැමීමට භාජන දෙකක් තිබියදී එකක් උතුරා පිටාර යයි. අනෙක හිස්වම පවතී.
“ සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ – සසඳ අප මහ පාරේ යනවා….”
ගව්වට හැතැප්ම හතරකි. සගව්ව යනු ගව් හයකි. මේ හයෙන් හා හතරෙන් හැඟවෙන්නේ දිව්ය ලෝක හය සහ අපාය හතර නොවේද ?
ලොව අනික් ජාතීන් හා සසඳ… සසඳා බලව් සකියනේ… අප පමණක් තවම මහ පාරෙ ඇයි ?

music ට්රැක් වලට ගැයූ හැම ගීයකටම නැටුමක් ද විය. මුල්ම නර්තනය වූයේ “ දන්නෝ බුදුන්ගේ “ ගීයටය.
එයට නටන්නේ කෙසේද ? එකල්හි අනුරාධ නගරයේ ඕළු , නෙළුම් , මානෙල් මලින් පිරුණු පොකුණු තිබූ බවද , අහසින් ගමන් කරන විට චණ්ඩ හිරු රශ්මිය පවා නැති කරන තරමට රහතුන් සිටි බවද කියැවෙන එම ගීය බුදු ගුණ ගීයක් හෝ භක්ති ගීයක් නොවේ. සමාරම්භක ගීයක් ලෙස එය යොදා ගන්නේ ඇයිද මට ප්රශ්නයකි. නර්තනය ඉදිරිපත් කළ කෙල්ලන් අතිශයින්ම රූමත්ය. එපමණය. ගීයේ අරුත හා අභිනය අතර කිසිම ගැලපීමක් නැත.

අවට උෂ්ණත්වය අංශක 54 කි. එහෙත් ශාලාව තුල හා එළියේ හුන් සුරඟනන් බඳු කෙල්ලෝ , “ විලි ලැජ්ජාව තියෙන්නේ මෙන්න මෙතැනයි” කියා පෙන්වීමට මෙන් උඩටත් නැති යටටත් නැති ඇඳුම් ඇඳ සිටියාහුය. මගේ දියණියන් දෙදෙනා ගැන මට සතුටුය. තැනේ හැටියට ඇඳීමට උන් දනී. උන් මිතුරු මිතුරියන් හා ක්ලබ් යයි. ඉඩ ලද හැටියට පන්සල්ද යයි.
ක්ලබ් යන ඇඳුමින් පන්සල් නොයන්නටත් , පන්සල් යන ඇඳුමින් ක්ලබ් නොයන්නටත් උන් දනී.

ඉන්දු වික්රමසිංහ නම් සංගීත ගුරුවරියක් ජන ගීයකට ඉදිරිපත් කළ නැටුමද , තවත් කුඩා කණ්ඩායමක් ඉදිරිපත් කළ “ දීකිරි දීකිරි” නැටුමද පමණක් සජීවී සංගීතයෙන් ඔප වූ අතර අනෙක් අංග 28 ම ට්රැක් ආධාරයෙන් කළ ඒවාය.ඉන් වැඩි ප්රමාණයක් හින්දි ගීතය. නැටුම් වේග රිද්මයේ ඒවාය.

ඉදිරි පෙළ අසුන් ගෙන සිටි විහාරාධිපති හාමුදුරුවෝ කණේ මයිල් කෙළින් කර ගෙන මේ විසූක දස්සන බලා සිටි අතර , අප මහා ගාන්ධර්වයා – රෝහණ බැද්දගේ “ අනේ හැබෑටම මෙහෙමත් නාටක” බැල්මෙන් ඔහේ බලා සිටියේය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to රෝහණ බැද්දගේ සමඟ StarTrack.

  1. salu පවසයි:

    ඔබ එම ෂෝ එකට ඒවි යයි මම අනුමාන කලා. අපද $30ක් ගෙවා බාගෙට ගෙදර ගියා. එහිදි සමහර විට ඔබව දකින්නත් ඇති. ෂෝ එක පිලිබඳ අපගේ අදහසද එසේමයි. මාර්තු මාසයේ අමරදේව ශුරීන් ගෙන්වීමට කටයුතු කරනවා ප්‍රනාම උලෙලකට. ඔහු නවතින්නේ අප නිවසේයි. නැවත ඔබ ලොස් ඇන්ජලස් එන්නේ කවදාද? ඔබ හා ඔබ බිරිඳ මුන ගැසෙන්න කැමතියි.

  2. Alchemiya පවසයි:

    කියලා වැඩක් නෑ….
    ඒ නිසා කියන්නෑ…..

  3. මයියා පවසයි:

    ඕනෑම දේ කාලයේ පහර කෑමට ලක් වෙනවයි කියලා කියන්නේ මේ විපර්‍යාස වල්ට නොවෙයිද? නොවෙනස් එකම දැ වෙනස් වීමද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )