” චාරිකා ලර්නර්ස් , කොටා රෝඩ් , බොරැල්ල ” රූපවාහිනි නොතිබූ එහෙත් ගුවන් විදුලිය පමණක්
තිබූ අපේ කාලයේ වෙළඳ සේවයෙන් නිතරම ඇසුනු ලිපිනයකි , ඒ.
කොටා පාර යනු කෝට්ටේ පාරම බව පසුව මට දැන ගත හැකි විය.
අද කොටා ගැන ලියන්නේ , cotta road එකක් කැලිෆෝනියාවේ culver city නම් ප්‍රදේශයේදී හදිසියේම ඇස ගැටුනු නිසාවෙන්ය.
මගේ ගජයෙකු වූ ” ධනපාල ” කොටෙකි. ඉගෙන ගන්නා කාලයේ ඔහුගේ පෙම්වතිය ඔහුට වඩා
උසය. කොට ජීවිතය කී විට ඔහුගේ මුහුණ රතුවේ.
පසුව ” උසේ ප්‍රශ්නයක් නෑනේ.. ඇඳ තියෙන්නෙ හරහට නේ ” කියා හිත හදා ගත්තේය.
වාසනාවකට හෝ අවාසනාවකට පසුව ඔහු විවා වූයේද උසින් වැඩි අඟනක් සමඟය.
ගෙන්ජිස් කාන් , යසර් අරෆත් , යූරි ගගාරින් , පැබ්ලෝ පිකාසෝ , ව්ලඩිමීර් ලෙනින් , චාලි චැප්ලින් , රණසිංහ ප්‍රේමදාස වැනි ලෝ ප්‍රකට පුද්ගලයන් එතරම් උස ඇති අයවළුන් නොවේය. කොටුන්ය.
අපේ සාහිත්‍ය කතා වලද ” කොටුන්” ගැන කතා ඇත, කාල ගෝලයා කොටෙකි.
දෙපා නැති කොටෙකුට පෙම් කළේ රජ බිසවකි.
අම්මාට ඉඳ හිට දුරකතනයෙන් කතා කලදාට , පුද්ගලික දේවලින් පසුව ගමේ විස්තර
ඇසීමද මගේ පුරුද්දකි.
” අනේ පුතේ අහවලා මැරුණනේ” අම්මා බොහෝ වෙලාවට කියයි.මා ඇසුරු කළ අය, මගේ වයසේ අය වයසට මිය යාම අරඹා ඇත. පසුව , ” කවුද අම්මේ මැරුණේ ලඟදී?” අම්මා ගෙන් මුලින්ම අසන්නේ ඈ
හිනා ගැස්සවීමටය.
නොබෝදා කතා කල විට , ” අනේ පුතේ අර බන්දු මැරුණනේ”
” මොන බන්දුද ?”
” අර පුතාලා නමක් දාල තිබුණේ”
අපේ ගමට හා අල්ලපු ගමට හිටියේ එක ග්‍රාම සේවක කෙනෙකි. අප නිවසේ ඉදිරිපස කාමරයක්,
ඔහුට කාර්යාලයක් පවත්වා ගෙන යාමට කුලියට දී තිබුණි. අපට ඉන් මසකට රුපියල් 75 ක ආදායමක් ලැබුණි.
මගේ නංගී මට වඩා වසර දෙකකට බාල වුවද , ගැහැණුන් වඩා ඉක්මණින් උස් මහත් වන නිසා , ඇය මට වඩා පෙනුමෙන් විශාලව සිටියාය. ඇගේ යෙහෙළියන්ද වැඩි දෙනෙක් මනස් වලින් හා
ඇඟපතින් පිරුණු ඈයෝ වූහ.
දිනක් ග්‍රාමසේවක හමු වීමට අල්ලපු ගමේ කෙනෙක් ආවා. ඔහු දුටු නංගීගේ යෙහෙළියක් අතින් කට වසා ගෙන කාමරයට දිව ගියා. ඇයත් අල්ලපු ගමේ කෙල්ලක්. ටික වේලාවකින් කෙල්ලන් කැකිරි පලන හඬ කාමරයෙන් ඇහුනා.
” මොකද බං අර මිනිහ දැක්ක විතරයි හැදිච්ච කුලප්පුව?”
( දන්නෙ නැද්ද ගෑණු කතා.. )
“……….”
” කපල?….”
” නෑ බං හපල”
“ඒ කොහොමද ?”
“…….”
” ඊයා”
කෙල්ලන් ටික ගිය පසු අම්මා, ” මොකද ඔච්චර හිනා වෙන්ට කාරණේ ? අපිටත් කිව්ව නං බලන්ට”
කණට ඇසෙන දේ , කටට ආ පලියටම තැනක් නොතැනක් නොබලා එළියට දැමීම අපේ නංගීගේ හැටිය.
” අම්මෙ.. අර ආරච්චි මාම හම්බ වෙන්ට ආව මිනිහට ගමේ මිනිස්සු කියන්නෙ කෑලි බන්දු කියලලු”
” අර මොකද ?”
” මිනිහගෙ චූ එකේ තියෙන්නෙ කෑල්ලලු….මිනිහගෙ ගෑණි හපලලු”
” දුවපිය යන්ට මෙතනින්.. නැහැදිච්ච කතා නොකිය”
කෑලි බන්දුට , ඔහු නැති තැන ගම්මුන් කියන්නේ ” *යි කොටා” කියාය. මම මේ වග දැන හිටි නමුත් , 11 වන පන්තියට එන තුරුම , ඔහුගේ බිරිය එය හැපුවේ ඇයි ?…හැපුවේ කොහොමද ? හපන තුරු ඔහු බලා සිටියේද ? ඔහු එය එළියේ දා ගෙන සිටියේද ? යයි නොවිසඳුනු ප්‍රශ්න රැසක්ම විය. ඒ , ඒ කාලේ හැටිය.
කොටා බාන්නේ අපේ ආදි වාසීන් හෙවත් වැදි ජනයාය.
රාජකීය විදුහලේ සිසුන් පිරිසක් මහියන්ගනයේ වැදි ගම් බැලීමට ගොස් කැලයේ අතරමං වීය. යාන්තමට නිවසක් දකින විට පසුවදාට එළිය වැටී තිබින. හමු වූ එකම නිවසත් වැදි නිවසකි. කණ්ඩායමේ නායකයා , තමන් දන්නා වැදි බසේ වචන සේරම දමා , ගෙහිමියා ගෙන් කෑමට යමක් ඉල්ලුවේය.
” අපි සිදාදියෙන්.. කැලේ මංගච්චන කොට අතරමං පොජ්ජ උනා. බඩගින්න දරා ගන්ට බැරුවා.. කොටා බාන්ට යමක් දුන්නා නං”
” කැකුලී , ඔය පාන් ගෙඩිය අරන් වරෙන්, ජෑම් බෝතලෙත් එක්ක”
අපේ පන්තියේ හිටියේ ලව් කොටා.
වැද්දාගේ කෑල්ල මරු
“ මිට්ටයෝ කට්ටයෝ “ කියලා කියල තියෙනව නේද?
දැන් නම් හිතෙන්නේ එහෙම නෙමෙයි………හෙහ් හෙහ් උඩු රැවුල්කාරයෝ….එක්කොත් ඕනි නැහැ.
මොකක්ද ඒ රැවුල් කතාව. මම නොදන්න එකක්ද ?
“ඔය මචං අපි කොටයි නෙමෙයි. අනිත් උං උස වැඩියි,” මෙහෙම කිව්වෙ මගෙ යලුවෙක් රවි කියලා.
“ඔය කොට උනාම මෙහෙම වාසියක් තියෙනවානෙ මචං. වහින කොට උස එවුන් කලින් තෙමෙනවා. අපිට මචං හෙවනකට දුවගන්න වෙලාව තියෙනවා.” මේක කිව්වෙ කවුරු වෙන්න ඇත්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
//“ඔය කොට උනාම මෙහෙම වාසියක් තියෙනවානෙ මචං. වහින කොට උස එවුන් කලින් තෙමෙනවා. අපිට මචං හෙවනකට දුවගන්න වෙලාව තියෙනවා.” මේක කිව්වෙ කවුරු වෙන්න ඇත්ද//
ඒක මරු කතාව.
අන්තිම කතාවෙ තමයි හොඳම උපහාසය තියෙන්නෙ.
ඒ මේ කොළඹ රාජකීය එක නෙවේ හොඳේ ?
මනුස්පයා ගෙදර නැති අල්ල පනල්ලේ
කොටු පැනිල්ලෙන් බන්දුට උනු අකරතැබ්බයක් වගේ.
(ග්‍රාම සේවා වෙනුවට ලිංගික සේවා නැමති ග්‍රාම්‍ය වැඩ කරන්න ගියාම ඔහෝම වෙන්න ඉඩ තියෙනවා)
-මිම්ම-
උස යැයි මා
කියති උන්
මැන බලා
උන්ගෙ කෝදුවෙන්
මිටි යැයි මා
කියති සමහරු
මැන බලා
උන්ගෙ කෝදුවෙන්
මම ම මැන්නෙමි
මගේ උස
මගේ ම මගෙ
කෝදුවෙන්
අහසයි තිබ්බෙ
මට ඉහළින්
පොළව විතරයි
මට පහළින්
-අනුර මනතුංග, නර කෙසක් දුටු ඇසින් (2009)
මේ අනෙක් අය හා සැසඳීමේ විපාක.
දර්ශනයට අමතරව සාහිත්‍ය ගැන ඔබ සතු ඥානයට මගේ උපහාරය. මේ නිසඳැස ඔබ ලිවූ එකක් නොවූවත් ,එවන් දේ පවා අරුණි කියවන බව , ඔබ තවත් මගේ ගෞරවයට පාත්‍ර වීමට හේතුවක් වේ.
මමත් කොටෙක් තමයි… මම අනිත් අයට සාපේක්‍ෂව උසින් කොටයි… ඒ අඩුව මම සම්පූර්ණ කර ගත්තෙ උන්ට වඩා දැනුමින් උස ගිහින්…
ඒත් උන් මට තවමත් කියන්නෙ බෙට්ටා කියලා… මට මොකෝ…
කොටුන් යයි සැලකෙන්නේ සාමාන්‍ය උස ප්‍රමාණයට අඩු අයයි. මගෙ උස 5.6″ යි.
ඒත් මා ඉන්නා රටේ , ඒ කියන්නේ ඇමරිකාවේ මා කොටෙක්. වියට්නාම් ජාතික හෙන්රි ලේ හැරුනු කොට මගේ සේවාස්තානයේ , ගැහැණුන් පවා ඉතා උස අය. ඒත් ඇල්කෙමියා කිවූ පරිදි , මා උන් අබිබවා ගියේ මගේ දැනුම නිසයි. මා ලද අධ්‍යාපනය නිසයි. කැල්කියුලේටරය භාවිතා නොකර සරල ගණන් විසඳීමටත් , එදිනෙදා ජීවිතයට අවශ්‍ය සාමාන්‍ය ඥානය මගේ ගුරුවරුන්ගෙන් විශේෂයෙන් මගේ පියා ගෙන් මා ලද දේවල්.
ඇමරිකාව ගැන , ඇමරිකානුවන් නොදන්නා දේ මා දන්නේ , මා ලද අධ්‍යාපනයේ හොඳකම නිසායි.
මා මගේ තාත්තා ගැන ලියූ ලිපිය කියවන්න. එතරම උගත් කමක් නොතිබූ ඔහු මහා දැනුම් සම්භාරයක් විය.
මෙහේ ඉන්න මැටි මොල්ලු ගැන නම් කියල වැඩක් නැහැ. 25 දෙකෙන් බෙදා ගන්න එකෙකුටවත් බැහැ. ඒ වගේ මෝඩ වාහෙල නිසා තමයි ඉංගිරිසිත් බැරුව උනත් මමත් ආණ්ඩුවේ රස්සාවක් කරගෙන ඉන්නේ.
ඒ වගේමයි සාමාන්‍ය දැනීමත්.
අයියෝ නිහාල් ; හෙන්රිගේ කතාවක් කියෙව්වට පස්සේ ස්ක්‍රීන් එක පුරවල කෙලපාරක් ස්ප්‍රේ උනා.මතක් කර කර හිනාවෙන්න පුළුවන් කතාවක්.[අන්තිම කතාවට] බන්ධුගේ කතාවත් සම්පුර්ණයෙන්ම දැනගන්න තිබුනානම් කියල වැඩක් නැහැ.