නයි කතාවක්.


නයා හෙවත් නාගයාට ඇත්තේ වෙනත් බඩ ගා යන සතුන්ට නැති ඉහළ තැනක්. ගෞරවයක්. සැළකිල්ලක්. බයක්. ඒ නිසාමයි ආයෙමත් නයා ගැන ලියන්න සිතුවේ. ඊට හේතු පාදක උනේ ලංකාවේ නයි නළඟනයි.

– නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.-
ප්‍රවෘත්තියක්.

ලංකාවේ පොලිස්කාරයෝ ඇයට කුණුහරුපෙන් බැන වැදී ඇයට පහර දී ඇත. තවද එම තරුණිය ඇගේ හුරතල් නයා ඉල්ලා උසාවියේ නඩුවක්ද පවරා ඇත.
නයා නැතිව ඈ බොහෝ දුක් වන බවත් , සත්තු වත්තට ගියොත් එම නයා හඳුනා ගත හැකි බවත් , ඌට කතා කළ විට ඇය සොයා එන බවත් ඈ පුවත් පතකට කියා ඇත.

අප බල්ලන්ට අඬ ගසන්නේ ජුහ්.. ජුහ්…. කියලාය.
අප පූසන්ට කතා කරන්නේ ඉස… ඉස.. කියලාය.
අප කුකුළන්ට කතා කරන්නේ බා.. බා. කියලාය.

නයෙකුට කතා කරන්නේ කොහොමද ?. ඌට ඇහෙන එකක්යැ !

අර පොලිස්කාරයන් කුමන වර්ගයේ කුණුහරප පාවිච්චි කරන්නට ඇද්දැයි පිරිමින් වන අපට හිතා ගත හැක. මා එතන හිටියා නම් මගෙන්ද එවන් කුණුහරප ගලා යනු ඇත.

ඈ රූමත්ය. උසය. සිහින්ය. ලා බාලය. ඇගේ රූපය දුටු පමණින්ම මට සිතුනේ ඈ නයින්ට නෑ කම් ඇත්තියක විය යුතු බවය.

නයින්ට ඇහෙන්නේ නැත්නම් නලාවේ හඬට ඌ නටන්නේ කොහොමද ? කන් නැතත් ඌට ඇස් ඇත. නටවන්නාට දෂ්ට කිරීමට තැත් කිරීම අප දකින්නේ රංගනයක් ලෙසය.

” සුදු පුතේ.. මෙහෙ වරෙන්. විගහට.. බලාපන් අර පොල් ගහ මුල ඉන්නෙ කවුද කියල”
ඒ අපේ අත්තම්මා ඉන්න කාලෙ. මට අවුරුදු පහක් විතර ඇති.
” දැක්කද… නයි හාමි.. ආං පෙනේ කෙරුව. පෙන ගොබේ ලස්සන. අර තියෙන්නේ “ප” යන්න.”

කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැති අත්තම්මා “ප” යන්න ඇඳින්නේ කෙසේද ? නාග ලෝකය පිහිටා ඇත්තේ පොළව යට කොයි හරියේද ?
පස්සෙ දවසක අත්තම්මා මගේ බේරෙන්නම බැරි තැන කියා සිටියේ නාග ලෝකය ඇත්තේ මහියංගණයේ පොළව යට බවය.

නා ලොව ඉන්නා නයින් , විශේෂයෙන් නාග කාන්තාවන් මිනිස් පුත්‍රයන් හා පෙමෙන් වෙළෙයි. හින්දි චිත්‍රපට දෙකක් වූ නාග චම්පා සහ නාගීනා එයට උදාහරණය.
60 , 70 දශකවල සිංහළ/දෙමළ/හින්දි චිත්‍රපට බොහොමයක නයෙකුගේ දර්ශනයක් අනිවාර්යයෙන්ම ඇතුළත් විය.

නයා එක්තරා වයසකට වර්ධනය වූ විට , පරපෝෂිතයන්ගෙන් පිරුණු උඩ හම, මේස් කකුළක් ගලවන්නාක් මෙන් ගලවා දමයි. සමහරදාක දකින, කම්බි වැටක හෝ පඳුරක පැටලී ඇති රේන්ද වියමනක් බඳු නයි හැව ස්වභාව ධර්මයේ තවත් අනගි නිර්මාණයකි. ඒ හැව ඇරිල්ලය. නයි ඇරිල්ල ඊට වෙනස්ය.

කාන්තාවක් පියානෝවක් මිළට ගෙන ගෙදර ගෙනවුත් ඒ බව අසල්වැසි කාන්තාවකට දැනුම් දි ඇත්තේ මෙහෙමය.
” දන්නවාද ? ඊයේ හවස මම ටිකක් ඇල වෙල හිටිය. මට ඇහුන ලස්සන මියුසික් හඬක්. ටිං.. ටිං.. ටිටිං.. වගේ. මම බලන කොට තඩි නයෙක්.. අපේ පියනෝ එකේ කී බෝඩ් එක උඩින් යනව.”

බැරිවෙලාවත් ඌ බ්ලෙන්ඩරයට හෝ ෆුඩ් ප්‍රොසෙසර් එකට ගියා නම් නයි ජූස් බොන්ට තිබුනාය.
චීනයේ ෂැංහයි නුවර හා ගුවන්ග්ඩොන්ග් ප්‍රදේශයේ අවන්හල් වල විකිණෙන නයි මස ප්‍රනීත කෑමකි. ඉනේ බඳින හම් පටි මෙන් නයින් එක පෙළට උන්ගේ ඔළුගෙඩි වලින් එල්ලා ඇත. නයාගේ හදවත ඇති තැන කෝකියා ටක්කෙටම දනී. පාරිභෝගිකයා තෝරා දෙනා නයාගේ හදවත සිදුරු කර එහි ඇති ලේ කුඩා වීදුරුවකට ගනී. එක පහරින් හිස් කැබැල්ල වෙන් කර ඉතිරිය රබර් පටියක් මෙන් දෙපසට ඇද , මෑ කරල් මෙන් කෑලි වලට කපා , නටන තෙල් තාච්චියට දමයි. අර ලේ ස්වල්පය විස්කි හෝ බ්‍රැන්ඩි ටිකක් සමඟ ( හෝ අමුවෙන් ) ගිල දැමීමෙන් කාමෝද්දීපනය ලැබෙන බව සැලකේ.

මේවා මෙහෙම වෙතත් ; වැඩුනු නයෙක් රාත්තල් 30 ක් පමණ වේ. එතරම් බර නයෙකු ගෙල වටා ඔතා ගෙන අසීරු රංගනයක යෙදෙන්නේ අරාබි , ,මිසර , ඉන්දියානු හා මෙක්සිකානු නළඟනන්ය.


ගෑණුන් මෙතරම් නයින් අත පත ගෑමට කැමති ඇයිදැයි මම මදකට සිතුවෙමි. නොබෝදා මෙහේ කානිවල් එකකට ගෙනවුත් තිබූ දැවැන්ත පිඹුරා ඇඟේ ඔතා ගෙන ගෑණුන් ෆොටෝ ගන්නා සැටි මා බලා ගෙනය.
අහා….! මට යමක් සිහි විය.

” කසාද බඳින වයස පසු කරමින් සිටි ඔහු , මා කර වටා අත දමා ගෙන ඔහුගේ කාමරයට ගෙන ගොස් , මගේ අත ඔහුගේ අංගජාතයේ ( පිරිමි අවයවයේ ) තබා ගත්තේය. ගැරඬියෙකු ඇල්ලූ කලෙක මෙන් පිළිකුලක් ,අප්පිරියාවක් මට ඇති විය.”

මේ මට වුනු දෙයක් නොව කේ. ජයතිලකයන් විසින් රචිත මා කියවා ඇති නවකතාවක තිබූ කොටසකි.

අනන්ත නම් නාගයාට කටවල් දාහක් ඇති බව සිංහල ජන සාහිත්‍යයේ එයි.
මටත් කටවල් දාහක් තිබුනා නම් නයි ගැන මීට වඩා දේ කියන්ට තිබුණේය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

24 Responses to නයි කතාවක්.

  1. භෘංග භූෂිත පවසයි:

    – නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.-
    ප්‍රවෘත්තියක්.

    Uncle Nihal, methana oya “Nidaa siti” kiyana eken adahas kare sexual relationship ekak nam,man hithanne ethana podi weradeemak wela thiyenawa. Mokada mehe news eka giye ehema nemei.

    http://www.gossiplankanews.com/2012/08/cobra-girl-arrested-at-kollupitiya.html

    But I might be wrong 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )