නයා හෙවත් නාගයාට ඇත්තේ වෙනත් බඩ ගා යන සතුන්ට නැති ඉහළ තැනක්. ගෞරවයක්. සැළකිල්ලක්. බයක්. ඒ නිසාමයි ආයෙමත් නයා ගැන ලියන්න සිතුවේ. ඊට හේතු පාදක උනේ ලංකාවේ නයි නළඟනයි.
– නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.-
ප්‍රවෘත්තියක්.
ලංකාවේ පොලිස්කාරයෝ ඇයට කුණුහරුපෙන් බැන වැදී ඇයට පහර දී ඇත. තවද එම තරුණිය ඇගේ හුරතල් නයා ඉල්ලා උසාවියේ නඩුවක්ද පවරා ඇත.
නයා නැතිව ඈ බොහෝ දුක් වන බවත් , සත්තු වත්තට ගියොත් එම නයා හඳුනා ගත හැකි බවත් , ඌට කතා කළ විට ඇය සොයා එන බවත් ඈ පුවත් පතකට කියා ඇත.
අප බල්ලන්ට අඬ ගසන්නේ ජුහ්.. ජුහ්…. කියලාය.
අප පූසන්ට කතා කරන්නේ ඉස… ඉස.. කියලාය.
අප කුකුළන්ට කතා කරන්නේ බා.. බා. කියලාය.
නයෙකුට කතා කරන්නේ කොහොමද ?. ඌට ඇහෙන එකක්යැ !
අර පොලිස්කාරයන් කුමන වර්ගයේ කුණුහරප පාවිච්චි කරන්නට ඇද්දැයි පිරිමින් වන අපට හිතා ගත හැක. මා එතන හිටියා නම් මගෙන්ද එවන් කුණුහරප ගලා යනු ඇත.
ඈ රූමත්ය. උසය. සිහින්ය. ලා බාලය. ඇගේ රූපය දුටු පමණින්ම මට සිතුනේ ඈ නයින්ට නෑ කම් ඇත්තියක විය යුතු බවය.
නයින්ට ඇහෙන්නේ නැත්නම් නලාවේ හඬට ඌ නටන්නේ කොහොමද ? කන් නැතත් ඌට ඇස් ඇත. නටවන්නාට දෂ්ට කිරීමට තැත් කිරීම අප දකින්නේ රංගනයක් ලෙසය.
” සුදු පුතේ.. මෙහෙ වරෙන්. විගහට.. බලාපන් අර පොල් ගහ මුල ඉන්නෙ කවුද කියල”
ඒ අපේ අත්තම්මා ඉන්න කාලෙ. මට අවුරුදු පහක් විතර ඇති.
” දැක්කද… නයි හාමි.. ආං පෙනේ කෙරුව. පෙන ගොබේ ලස්සන. අර තියෙන්නේ “ප” යන්න.”
කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැති අත්තම්මා “ප” යන්න ඇඳින්නේ කෙසේද ? නාග ලෝකය පිහිටා ඇත්තේ පොළව යට කොයි හරියේද ?
පස්සෙ දවසක අත්තම්මා මගේ බේරෙන්නම බැරි තැන කියා සිටියේ නාග ලෝකය ඇත්තේ මහියංගණයේ පොළව යට බවය.
නා ලොව ඉන්නා නයින් , විශේෂයෙන් නාග කාන්තාවන් මිනිස් පුත්‍රයන් හා පෙමෙන් වෙළෙයි. හින්දි චිත්‍රපට දෙකක් වූ නාග චම්පා සහ නාගීනා එයට උදාහරණය.
60 , 70 දශකවල සිංහළ/දෙමළ/හින්දි චිත්‍රපට බොහොමයක නයෙකුගේ දර්ශනයක් අනිවාර්යයෙන්ම ඇතුළත් විය.
නයා එක්තරා වයසකට වර්ධනය වූ විට , පරපෝෂිතයන්ගෙන් පිරුණු උඩ හම, මේස් කකුළක් ගලවන්නාක් මෙන් ගලවා දමයි. සමහරදාක දකින, කම්බි වැටක හෝ පඳුරක පැටලී ඇති රේන්ද වියමනක් බඳු නයි හැව ස්වභාව ධර්මයේ තවත් අනගි නිර්මාණයකි. ඒ හැව ඇරිල්ලය. නයි ඇරිල්ල ඊට වෙනස්ය.
කාන්තාවක් පියානෝවක් මිළට ගෙන ගෙදර ගෙනවුත් ඒ බව අසල්වැසි කාන්තාවකට දැනුම් දි ඇත්තේ මෙහෙමය.
” දන්නවාද ? ඊයේ හවස මම ටිකක් ඇල වෙල හිටිය. මට ඇහුන ලස්සන මියුසික් හඬක්. ටිං.. ටිං.. ටිටිං.. වගේ. මම බලන කොට තඩි නයෙක්.. අපේ පියනෝ එකේ කී බෝඩ් එක උඩින් යනව.”
බැරිවෙලාවත් ඌ බ්ලෙන්ඩරයට හෝ ෆුඩ් ප්‍රොසෙසර් එකට ගියා නම් නයි ජූස් බොන්ට තිබුනාය.
චීනයේ ෂැංහයි නුවර හා ගුවන්ග්ඩොන්ග් ප්‍රදේශයේ අවන්හල් වල විකිණෙන නයි මස ප්‍රනීත කෑමකි. ඉනේ බඳින හම් පටි මෙන් නයින් එක පෙළට උන්ගේ ඔළුගෙඩි වලින් එල්ලා ඇත. නයාගේ හදවත ඇති තැන කෝකියා ටක්කෙටම දනී. පාරිභෝගිකයා තෝරා දෙනා නයාගේ හදවත සිදුරු කර එහි ඇති ලේ කුඩා වීදුරුවකට ගනී. එක පහරින් හිස් කැබැල්ල වෙන් කර ඉතිරිය රබර් පටියක් මෙන් දෙපසට ඇද , මෑ කරල් මෙන් කෑලි වලට කපා , නටන තෙල් තාච්චියට දමයි. අර ලේ ස්වල්පය විස්කි හෝ බ්‍රැන්ඩි ටිකක් සමඟ ( හෝ අමුවෙන් ) ගිල දැමීමෙන් කාමෝද්දීපනය ලැබෙන බව සැලකේ.
මේවා මෙහෙම වෙතත් ; වැඩුනු නයෙක් රාත්තල් 30 ක් පමණ වේ. එතරම් බර නයෙකු ගෙල වටා ඔතා ගෙන අසීරු රංගනයක යෙදෙන්නේ අරාබි , ,මිසර , ඉන්දියානු හා මෙක්සිකානු නළඟනන්ය.
ගෑණුන් මෙතරම් නයින් අත පත ගෑමට කැමති ඇයිදැයි මම මදකට සිතුවෙමි. නොබෝදා මෙහේ කානිවල් එකකට ගෙනවුත් තිබූ දැවැන්ත පිඹුරා ඇඟේ ඔතා ගෙන ගෑණුන් ෆොටෝ ගන්නා සැටි මා බලා ගෙනය.
අහා….! මට යමක් සිහි විය.
” කසාද බඳින වයස පසු කරමින් සිටි ඔහු , මා කර වටා අත දමා ගෙන ඔහුගේ කාමරයට ගෙන ගොස් , මගේ අත ඔහුගේ අංගජාතයේ ( පිරිමි අවයවයේ ) තබා ගත්තේය. ගැරඬියෙකු ඇල්ලූ කලෙක මෙන් පිළිකුලක් ,අප්පිරියාවක් මට ඇති විය.”
මේ මට වුනු දෙයක් නොව කේ. ජයතිලකයන් විසින් රචිත මා කියවා ඇති නවකතාවක තිබූ කොටසකි.
අනන්ත නම් නාගයාට කටවල් දාහක් ඇති බව සිංහල ජන සාහිත්‍යයේ එයි.
මටත් කටවල් දාහක් තිබුනා නම් නයි ගැන මීට වඩා දේ කියන්ට තිබුණේය.
– නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.-
ප්‍රවෘත්තියක්.
Uncle Nihal, methana oya “Nidaa siti” kiyana eken adahas kare sexual relationship ekak nam,man hithanne ethana podi weradeemak wela thiyenawa. Mokada mehe news eka giye ehema nemei.
http://www.gossiplankanews.com/2012/08/cobra-girl-arrested-at-kollupitiya.html
නයි නැටවීම මෙන්ම නයි ඇරීමද කලාවක් නේද ? මට නම් මතක් උනේ නාගිනා
නාගීනා බොළඳ වුනත් හරි කලාත්මක චිත්‍රපටයක්. එහි රඟ පෑ ශ්‍රී දේවි මගේ ප්‍රියතම නිළිය ඒ කාලේ.
මේකෙන් මම ප්‍රවෘති වල ඉඳලා, හැව හැලීමට හේතුව දක්වා කරුණු ගොඩක් ඉගෙන ගත්තනෙ නිහාල්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේක ටිකක් පරණ ප්‍රවෘත්තියක්. හෙන්රි ලංකාවෙ නෙවේද ඉන්නේ ?
නෑ නිහාල්, මෝල්ඩිව්ස්.
එහෙනං අපෙ ඕනයත් දන්නව ඇති. දුලිප් සිකුරාජපති.
ඕනයා ආපහු ගියානෙ නිහාල් මේ අවුරුද්දෙ මුල. දැන් ලංකාවෙ.
එතකොට කාන්තාවන් නයි අතගාන්නට ආස වෙන්නෙ නයි හරියට *යි වගේ දැනෙන නිසා කියලද කිව්වෙ…
මං හිතන්නෙ එහෙමයි. අපි කොහොමද ඕව දන්නෙ ?
නයි හුරතලයට ඇති කරන කීප දෙනෙක් ගැන මා දන්නවා.
ඒ වගේම නයි විකිනීම් සඳහා breed කරන කෙනෙක් ගැන මා දන්නවා.
නයි අරින අය ඕන තරම් ඉන්නවා.
තව ටික කාලයක් යන කොට නයි හදවත ඕන වෙයි ද දන්නේ නෑ.
කෝකටත් අර ලිපිනය ලැබෙන්න සලස්වන්න.
ඒ ලිපිනය දයාල් බතීට වඩා මටයි වැදගත්. තවම නම් ඕන නෑ. 🙂
අම්මෝ… සල්මා හයැක්ගෙ නැටුම දැක්කහම කොහොමත් නයි නටනවා… නයි ඇරිල්ල ගැන නම් අපි දන්නේ නෑ ඕං… කවදාවත් අපේ 4 ස්ටෝරි ගෙදරට නයෙක් ඇවිත් නෑ…
ඒ කියන්නෙ ත්‍රී ස්ටෝරි ගෙයක් තියෙනවා කියන එකද ? 🙂
Nayata gahala polla Sara da ganna EPA kiyala minis lokaye kathawak Etha……
MAHINDATA gahala DALE kada ganna EPA kiyala NAGA lokaye kathawak Etha…
තව තියෙනව. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කියලත් කියනව.
කටවල් දාහක් නොතිබ්බත් කියලා තියන දේවල් නම් අඩුවක් නෑ නිහාල්..
තව ගොඩාක් දේ මග ඇරුනා කියලයි මට හිතෙන්නේ. ප්‍රතිචාරයට පිං.
නයි කයිද රොස් පාං කිවුවලු….
නිහාල් අයියත් හිටපු ගමන් හොඳ නයි අරිනවා….
නයි පිටරට පැටවීමත් හොඳ දෙයක්… හරියට කළොත් හොඳආදායමක් හොයා ගන්න පුළුවනි.
ඔය රෝස් පාන් කතාව මොකක්ද? මම අර්තය නම් දන්නෙ නෑ.
මමත් දන්නෙ නෑ…. ඒ වුනාට කියනවට කියනවා නයි කයිද රොස් පාං කියලා….
මම හිතන්නෙ ශබ්ධ රසය ගැන හිතලා කියන දෙයක්…
නයින්ට ආදරේ කරන ගෑනු ඉතින් ඉතිහාසෙත් හිටියානේ. නිහාල්ට ක්ලියෝපැට්‍රා අමතක වෙලා.
හැබැයි මම නම් නයෙක් දැක්ක හැටියේ වෙව්ලනවා. බයේ නෙමේ. කැත හන්දා…. 🙂
නයි ඇරිල්ල නම් ඉතින් හී හී…:-D
මම ඒ ගැන ඉතාම ටිකක් දන්නවා. ප්‍රවීනට පුළුවන් නම් පෝස්ට් එකක් විදියට ක්ලියෝපැට්‍රා ගැන ලියන්න. ඔයා ගේ කතා ගොඩක් රසවත්.